කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    ලංකාවේ දේශපාලනයේ වීරයෝ නෑ.... ඒ වගේම දේශපාලන චරිත කවදාවත් රටේ හැම එකාගෙම හිත්වල වීරයෝ වෙන්නෙත් නෑ.... දේශපාලකයා කියන්නේ කොටසක් වෛර කරන, කොටසක් ආදරය කරන ජාතියක්.... ඒ වගේම අද ආදරය කරපු එකා හෙට වෛර කරන ජාතියක්.... දේශපාලුවක් වීරයොත් කළෙත් උඹලමයි.... උන් මැරුවෙත් උඹලමයි.... ඒකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයි උඹලමයි.... අද මේක ලියපු එකත් තවත් එකෙකුට කඬේ යන්න ලියපු එකක්....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    දැන් කට්ටිය මහින්දව එලෝල සතුටින් ජීවත් වෙනවලු..:lol::lol::lol::lol::lol:

    ලොකු ජොලියක් නෑ එත් ග්‍රාමසේවක මහත්තය අපිව දුකෙන් තියන්නේ නෑ
    ඉදල හිටලා පොඩි ජොලියක් දෙනවා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ දේශපාලනයේ වීරයෝ නෑ.... ඒ වගේම දේශපාලන චරිත කවදාවත් රටේ හැම එකාගෙම හිත්වල වීරයෝ වෙන්නෙත් නෑ.... දේශපාලකයා කියන්නේ කොටසක් වෛර කරන, කොටසක් ආදරය කරන ජාතියක්.... ඒ වගේම අද ආදරය කරපු එකා හෙට වෛර කරන ජාතියක්.... දේශපාලුවක් වීරයොත් කළෙත් උඹලමයි.... උන් මැරුවෙත් උඹලමයි.... ඒකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයි උඹලමයි.... අද මේක ලියපු එකත් තවත් එකෙකුට කඬේ යන්න ලියපු එකක්....

    73686d93531b50d7c1f42247aecf87be_XL.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1)විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක ,
    මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ ..


    2)අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ .

    3)ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද?
    ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්‍ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා ..
    තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,,
    25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ?? :D:D

    4) ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම.

    සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා :yes::yes:

    :rofl::rofl::rofl::rofl:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    උඹ මහින්දට ඡන්දේ දාන බව කිව්වම එකට ඉන්න අපි යාලුවො සෙට් එක උඹට මුකුත් නොකියා හිතට ආපු දේවල් හිරකරං හිටියේ යාලු ෆිට් එකට මචන්. අපි කිව්ව වචන දෙක තුනට හරි උඹේ හිත රිදුන නම් එහෙම වුනාට දහස් වාරයක් සමාවෙයන්. ඒත් මේ වචන ටික මෙහෙම හරි කියන්නේ හිතේ තියෙන හැඟීම පොඩ්ඩක් හරි නිදහස් කරගන්න නිසයි. එහෙම නැතුව උඹත් එක්ක අබමල් රේණුවක අවුලක් නිසා නෙමේ. උඹ කියන එක ඇත්ත. මිනිහෙක්ට තමා කැමති කෙනෙක්ට ඡන්දය දාන්න අයිතියක් තියෙනවා. උඹ වගේම මමත් ඒ අයිතිය ඉහළින්ම පිළිගන්නවා. ඔව් මචන්, ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය. උඹ හරි. බහුතරයක් මිනිස්සු ඡන්දේ දාද්දි වැඩියෙන්ම හිතන්නේ තමා පත් කරගන්න උත්සහ කරන හරි පත් වීමෙන් වළක්වන්න උත්සාහ කරන හරි ඒ පාලකයා පත් වුනාම/නොවුනාම ඒකෙන් පුද්ගලයෙක් විදිහට තමාගේ ජීවිතයට කොහොම බලපෑමක් වෙයිද කියන එක ගැන. ඒකනෙ මචන් ඇත්ත කතාව. ඉතින් මචන් මහින්ද පත් වුනාම උඹට ලැබෙන්නේ මොකක්ද, ඉෂ්ඨ වෙන උඹේ අරමුණ මොකක්ද කියලා මම අහන්න යන්නේ නෑ. ඒත් මචන් පොඩ්ඩක් මේක හිතහන්, මොහොතකට.

    උඹට මතකද මචන් අපි යුද්ධේ.. සොරි මහින්ද යුද්ධේ දින්න වෙලේ අපි කතා වුන දේ. එදා රෑ අපි සුපුරුදු විදිහට සෙට් වුන වෙලේ එළිවෙනකල් මහින්දගේ ගුණ වැයුවා උඹට මතකද? විශිෂ්ඨ නායකයෙක් විදිහට ඉතිහාසගත වෙන්න ඕන කරන ගමනක අතිශය දුෂ්කර දැවැන්ත පළවෙනි පියවරක් ඔහු තිබ්බ එක ගැන අපි ආසාවෙන් කතා කලා මතකද? යුද්ධය නිමා කරපු අපේ ඒ නායකයා ඒ ගමන යන හැටි ගැන අහිංසක හීන මැව්ව හැටි මතකද? අපි බලාපොරොත්තු වුන ඔහුගේ ඒ ගමනට දිගටම සහය වෙන්නත් අපේ ඒ දවස්වල තිබ්බ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියල ඒ යන ගමනට දිගටම අපේ වචනයකින් හරි, එක ඡන්දයකින් හරි මහින්ද එක්ක ඉන්නවා කියලා අපි සෙට් එක කතාවුන හැටි මතකද මචන්? දැන් යුද්ධේ ඉවර වෙලා අවුරුදු කීයක් ගත වෙලාද මචන්? අපේ එදා දැක්ක ඒ අහිංසක හීනය පේන තෙක් මානයකවත් තියෙනවද? උඹට ඒක පේනවද බන්? උඹ ඒකට යන පාර පේනවද? අපේ රට, අපේ අහිංසක මිනිස්සු බලාපොරොත්තු වුන ඒ හීනය.. ! අපි ඒ බලපොරොත්තු වුන, ඉතිහාසගත වෙයි කියල ප්‍රාර්ථන කරපු ඒ විශිෂ්ඨ නායකයා..!.. උඹට පේනවද? මට නම් පේන්නේ අපි දැක්ක ඒ සුන්දර හීනයට යන පාරක් නෙමේ මචන්. විනාශය කරා, පිරිහීම කරා, ආගාධය කරා යන පාරක්.. මම ඒ පාරේ දකින්නේ අපි එදා බලාපොරොත්තු වුන, හීන මැව්ව දේවල් නෙමේ. අපි දැක්ක ඒ සුන්දර හීනය හීනයක්ම වෙද්දි, යථාර්තයක් වෙච්චි බියකරු හීනයක්. අපි හිතපු ඒ සුන්දර හීනයට යන පාරේ අපි දකින්න බලාපොරොත්තු වුන දේවල් වෙනුවට අපි අද දකින්නේ මොනවද? යුද්ධේ ඉවර වෙලා ගතවුන අවුරුදු ගාන ඇතුලත උඹ දැක්කේ මොනවද?

    බොන්න වතුර පොදක් ඉල්ලූ වරදට අකිල දිනේෂ් කියල අවුරුදු 16ක කොල්ලෙක් වෙඩිකනවා උඹ දැක්කද මචන්? හලාවතදි ඇන්ටනි කියල ධීවරයෙක් වෙඩි කෑවා උඹට මතකද? කටුනායකදී වෙඩි කාපු රොෂේන් චානකව මතකද? තංගල්ලේ තරුණියන් ප්‍රාදේශීය සභා සභාපතිකෙනෙක් ගෙන් දූෂණයට ලක් වෙච්ච හැටි අහන්න ලැබුනේ නැද්ද මචන්? දකින්න ලැබුනේ නැද්ද? ඒ අහිංසකයින්ගේ වේදනාව උන්ගේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ, සහෝදරයින්ගේ විලාපය උඹට ඇහුනේ නැද්ද? එහෙම ඇහුනේ නැත්තේ ඒ වෙඩිකෑවේ උඹේ තාත්තා, සහෝදරයා.. දූෂණය වුනේ උඹ යාලුවෙලා ඉන්න කෙල්ල, විවාහ වෙලා ඉන්න බිරිඳ, එක කුසේ උපන් සහෝදරිය නොවුන නිසාද? උඹට ඒ වේදනාව දැනෙන්නේ උඹේ තාත්තා, සහෝදරයා වෙඩිකාපු දවසටද? උඹට ඒ විලාපය ඇහෙන්නේ උඹ යාලුවෙලා ඉන්න කෙල්ල, උඹේ සහෝදරිය දූෂණය වුන දවසටද? කාටවත් බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුලුවන් සමාජයක් ගැන අපි හීන දැක්කා මතකද? පොඩ්ඩක් ඇස් ඇරලා බලලා කියහන්. දැන් අපි දෙන්නා ජීවත් වෙන්නේ එහෙම සමාජයකද මචන්?

    අපේ රටේ මිනිස්සු දහස් ගණනක් මළකඳන් බවට පත් කරපු, අහිංසක මිනිස්සු, ළමයින් වගේම යුධ සෙබළුන්ව දහස් ගණනින් මළමිණි ගොඩගහන්න වගකිවයුතු එල්.ටී.ටී.ඊ නායකයින් අපේ හමුදාවේම ආරක්ෂාව ලබාගෙන රජය තුලම ඉඳගෙන සුරසැප විඳිනවා උඹට පේනවද? ශ්‍රීලාංකික පුරවැසියන්ගේ ලේ හලපු, මිනි කඳන් ගොඩගහපු අමනුෂ්‍යන් එහෙම සැලකුම් ලබද්දි රටේ පුරවැසි-සිවිල් ජනතාවට තම අයිතීන් වෙනුවෙන් පාරට බැස්ස ගමන් ලැබෙන්නේ බැටන් පොලු පාරවල් කියල, වෙඩි උණ්ඩ කියල උඹට පේනවද? අපේම මිනිස්සු බල්ලු බළල්ලු වගේ පාරවල් වල වෙඩිකාල මැරෙනවා උඹට පේනවද? අමනුෂ්‍යයෝ රජගෙදර සැප විඳිද්දි එල්.ටී.ටී.ඊ ය සහමුලින්ම මුළිනුපුටා දාන්න මූලිකත්වය ගත්ත ජෙනරල් සරත් ෆොන්සේකා දේශපාලනයට පැමිණීමේ වරදට හිර ගෙදර හිරබත් කනවා දැක්කේ නැද්ද උඹ? අගවිනිසුරුවරියන් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙනවා දැක්කේ නැද්ද උඹ? මාධ්‍යවේදීන් අතුරුදහන් වෙනවා දැක්කේ නැද්ද උඹ? සුදු වෑන් ගැන අහලවත් නැද්ද මචන්?

    කෝ බන් අපි දැකපු ඒ හීනෙට යන පාර.. මේකද ඒ හීනේ? මේ සැබෑ වෙමින් තියෙන්නේ ඒ හීනෙද?
    යුද්ධය අවසන් වුන රටේ මිනිස්සුන්ට කොච්චර සහනයක් ලැබෙයිද කියලා අපි හිතුව හැටි මතකද? එහෙම යාන්තං වත් සහනයක් ලැබුනද මචන්? පොඩ්ඩක් වටපිට බලහන්. නැව් එන්නේ නැති වරායක් තියෙනවා පේනවද? ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලක් තියෙනවා පේනවද? රටේ සංවර්ධනයට යොදගන්න පුළුවන්කම තියෙද්දි ජනතාවගේ සල්ලි කෝටි ගනනින් නාස්ති වෙනවා දකින්නේ නැද්ද උඹ? පාරවල් හදනවා කියල ප්‍රකෝටි ගනන් ජනතා මුදල් වංචා කරනවා දකින්නේ නැද්ද ? නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හීන දැකපු රටක කුඩු කන්ටේනර් ගනන් ගේන අගමැතිලව උඹ දැක්කේ නැද්ද මචන් ?

    කෝ බන් අපි බලාපොරොත්තු වුන, ඉතිහාස ගත වෙයි කියල හිතපු ඒ විශිෂ්ඨ නායකයා? කෝ එදා ඒ අපි දැක්ක වීරයා? ඒ වෙනුවට ඉන්නේ කව්ද කියල උඹට පේන්නේ නැද්ද මචන්? අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක් කැඳවන්න තරම් මිත්‍යාදෘෂ්ඨිකයෙන් නෙමේද? අපි බලාපොරොත්තු වුන පෞරෂය ඇති නායකයා වෙනුවට ඉන්නේ මහත ඇඟකුයි, ඩයි කරපු කොන්ඩෙකුයි, සාටකයකුයි දාගත්ත 'මාතෲ භූමිය' ගගා කෑහන, පොඩි ළමයි වඩාගන්න නළුවෙක් නෙමේද? තමාගේ රටේ ජනතාව ණය බරින් මිරිකිලා ඉද්දි, එදා වේල කන්න සල්ලි නැතුව ඉද්දි තමාගේ පුත්තුන්ට රේස් පදින්න කොළඹ පාරවල් වහපු නායකයෙක් නෙමේද? කෝ ඒ අපි පතපු උදාර නායකයා? ඒ වෙනුවට ඉන්නේ පාරක් පාරක් ගානේ, තාප්පයක් තාප්පයක් ගානේ ජනතාවගේ මෝඩකම් වලට අවනවෙන් සිනාසෙන කටවුට් නායකයෙක් නෙමේද මචන් ?

    මතකද උඹ අන්තිමට ඇහැව්වා 'මොකද බන්.. මම ඡන්දේ දාන්නේ මහින්දට තමා.. මොකද උඹලා.. බය වෙලාද?' කියලා. ඇත්තටම ඔව් බන්. බය වෙලා. ඇත්තටම බයයි. බයයි මචන්. ඇත්තටම බයයි.. !නීතිය වල් වැදිල අවනීතිය රජකරන රටක, මහා පරිමානයෙන් දූෂණ වංචා ඇස් පනාපිට ප්‍රසිද්ධියේ සිදුවෙන රටක, දිනෙන් දින ණය බරෙන් ගිලා බහින රටක, මාධ්‍ය නිදහස අහුරපු රටක, ඒකාධිපති පවුල් පාලනයකට තිත තියන්න රටේ පුරවැසියන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් මැතිවරණයක් අපේ ඉදිරියේ තියෙද්දි රටේ තියෙන වර්තමාන තත්වය අනුමත කරන උඹ වගේ කෙනෙක්ගේ අදහස් ගැන උඹේ බොක්කේ ෆිට් සෙට් එක වුන අපි මොහොතකට ෂොක් වුන එක ගැන අවුලක් ගන්න එපා මචන්..
    උඹ කියන එක ඇත්ත. මහින්දට ඡන්දය දාන එක උඹේ අයිතිය බව ඉස්මුදුනුන් පිළිගන්නවා.
    කමක් නෑ මචන්, උඹ ගිහින් මහින්දට ඡන්දේ දාහන්.."

    Ubage katawa atta machan den owa kata karala wedak ne... Me rata 1948 nidahasin passe goda danna awastawak awe Mahinda ta 2009 di namuth mahinda eka kisa gankata ganne netiwa Pissu keliya.. mama hitanne ne aya a wage awastawak me rate wenath nayekayekuta ei kiyala... 2009 LTTE iwara kalata passe minissu onama kepa kirimak karanna sudanam wela hitiye awankawama me rata diunu karanwanm.. Jathika pretipatti hadala - nitiya semata eka wage wela - meka me jara walen goda danna BUT MAHINDA ME rata WINASA KARANNA ADITAHLAMA DEMMA.. den mewa kata karalawedak ne.. anna eka nisatama mamnam mahindata akmeti,, Mokada me rata hadanna tibuna SUwarnamaya awastawa neti karala dala den aya balaya illala meka hadanna komath be.... godak duaki ape rate angate gena..