Depends.
අපි හදන සොෆ්වෙයා වල නං
- security architecture එක වෙනම කරලා රිවීවු කරනවා
- implementation/code review stage එකේදි සාමාන්‍ය code review එකට අමතරව security experts ලා කෝඩ් එක රිවීවු කරනවා
- automated test කරනවා
- manual test කරනවා
- threat analysis වෙනම කරනවා, threat modeling කරනවා
- රිලීස් කරද්දි සෙකියුරිටි ටීම් එක කන්ෆර්ම් කරන්න ඕන මේ රිලීස් එක රිලීස් කරන්න පුලුවන් තරමට secure කියලා
ඊට අමතරව bounty program එහෙම තියනවා එතකොට සමහර වෙලාවට පිට අය බග් එක හොයලා දෙනවා bounty එක ගන්න. කම්පැනිය ඇතුලෙ අය එහෙමත් ෆන් එකට එහෙම බග්ස් හොයනවා සමහරු ඉන්නවා වෙන ටීම් වල ඉඳන් security side එක ෆන් එකට කරලා බග්ස් එහෙම හොයලා දෙන.
ගොඩක් වැඩ වලට අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕන ස්ටෙප් තියනවා ඒව චෙක් ලිස්ට් හදලා තියෙන්නෙ ඒ ලිස්ට් වෙන වෙනම වෙරිෆයි කරනවා එකින් එක ගිහින්,
උදාහරනයක් විදියට production server එකක් සෙටප් කරන විදියට චෙක් ලිස්ට් එකක් තියනවා, ඒක සෙටප් කරන කෙනා මුලින් ඒ චෙක් ලිස්ට් එකේ විදියට සෙටප් කරනවා, ඊට පස්සෙ security team වල අය ඒ චෙක් ලිස්ට් එක එක අයිටම් එකෙන් අයිටම් එක ගිහින් වෙරිෆයි කරනවා
අපි යූස් කරන සිස්ටම් වල නං ඉතින් ගොඩක් වෙලාවට world class company වලින් ගන්න සොෆ්ට්වෙයා යූස් කරන්නෙ, ගොඩක් වෙලාවට industry standard software. ඒව ගන්න කලින් සහ ගත්තට පස්සෙ manual/automated ටෙස්ට් කරලා බලනවා
firewall සහ network සයිඩ් එක, ඒව ගැන expertiese එකක් තියන කම්පැනියකට දීලා තියෙන්නෙ, ඒවයෙ සෙකියුරිටි එක මේන්ටේන් වෙන්න ඕන විදිය ගැන කම්පැනි දෙක අතර කන්ට්‍රැක් එකක් තියනවා
තව යූස් කරන අතරතුරේදි regular scan කරනවා
ප්‍රධාන ඒව ටිකක් කිවුවෙ. ප්‍රැක්ටිකලි මීට වඩා ගොඩක් දේවල් කරනවා
උදාහරනයක් විදියට source code එහෙම automated scan නිතරම රන් වෙනවා සමහර වෙලාවට කවුරු හරි credential එකක් හරි unsecure code එකක් හරි commit කරොත් ඒවා flag වෙනවා. තව මේ වගේ ගොඩාක් දේවල් තියනවා