මෙහෙමයි වැඩේ වෙන්න ඕනි,
දවසේ කුලියට ලේබර්ස් ලා දෙන්නෙක් ගනින්.
කණු හිටවන්නේ කණුවේ සයිස් එකට අලවන්ගුවෙන් ඇනලා පොල් කට්ටෙන් පස් අයින් කරලා, අවුරුදු 60 ගෑනුන්ගේ වගේ හිල් කපන්නේ නෑ, කබොක් පස් නම් සිමෙන්ති අවශ්‍යම නෑ. මොන කණුව දැම්මත් කණුවේ මහතට කිටි කිටියේ පොලවට අඩියක් එකහාමාරක් යටට යනකම් තමයි බස්සන්නේ. බැස්සුවට පස්සේ කණුව හෙල්ලෙනවා නම් කෙලින් කරලා හිලට හයිය ගල් කෑලි දාන්න ඕන එතකොට අම්බානකට හිර වෙනවා.
ඕකට අවශ්‍ය කණු වර්ග තුනක් තියෙනවා, පලවෙනි එක මුල් කණු, ඒවා ටිකක් මහතායි, දෙපැත්තටම හිල් කරලා තියෙනවා කම්බි අදින්න ලේසි වෙන්න, මුල් කණු උසට අරන් ගැඹුරට දාන තරමට තමයි හයිය වැඩි. ඒ වගේම මේවා වටේට කොන්ක්‍රීට් ටිකක් දැම්මා නම් වටිනවා.
දෙවෙනි කණුව මුල් කණුවේ කට්ටේකට හේත්තු කරලා ඇල කරලා සපෝට් එකට තියෙන අඩි 6ක වගේ කණුවක් මේ කණුවේ තොප්පිය ඇදේට කපලා තියෙන්නේ මුල් කණුවේ කට්ටේට හිර වෙන්න්න. පලවෙනි කණුව හිටෝලා කම්බි අදින පැත්තේ ඉඳල කණුවට විරුද්ද දිශාවට සපෝට් වෙන්න ඇලකරලා දානන ඕනි,
තුන්වෙනි කණුව තමයි මැදට දාන සාමාන්‍ය කම්බි කණු, ඔය සබ්ජෙක්ට් එකේ මැද කණු වලට සිමෙන්ති හෝ කොන්ක්‍රීට් දාන එක බෙරේ වැවට කඩල දානවා වගේ වැඩක් ඉතින් තේරුමක් නෑ.
කම්බි අදින්නේ හයි කරලා දවස් 4කට වගේ පස්සේ, ඕවට දාන කොකු වර්ගයක් තියේ, කම්බි ඇදිල්ල නම් තනියම කරගන්න උනත් පුළුවන් ලොකු වැඩක් නෑ ඔකේ, මොනා හරි විස්තර ඕනි නම් මැසේජ් එකක් දාපන්
හැම සිමෙන්ති වැඩ පොලේම කණු හයිය නෑ, මැදට හීනි කම්බි තුනක් දාලා ත්‍රිකොනාකාරව සිරප් බැඳලා තියෙන්න ඕනි හරි එකක නම්, හොදම දේ කල් වෙලා ඇතුව හොදට කණු ටිකක් ඉඩමේම හදාගන්න එක, මොකද කඩේ ඒවාගේ වැලි ගෑවිලා වත් නෑ, 99%ක් ගල් කුඩු විස්කම්. සිමෙන්ති අහලක නෑ. හොද කණුවක් හදාගන්න 600ක් වගේ වියදම් වෙයි එකකට.
කම්බි කල් පවතින්න නම් හයි කරලා ඉවර උනාම ඇන්ටි කොරෝසිවූ ටිකක් උලාගෙන යන්න, කණු වලට ලස්සනට පෙන්න සුදු හුණු ටිකක් ගාන්න,
හොරු ගලවාගෙන යන්නේ නැති වෙන්න නම් අර දාන කොකු වලට වෑල්ඩින් ඩොට් ටිකක් තියන්න, කම්බි පේන්ට් නොකර ඉන්න.