කම්මැලිකම නැති කරගන්න...........

Emios

Well-known member
  • Dec 10, 2009
    75,381
    67,718
    113
    Apita nan depression awe 30 lan wenakota dan podi unta awurudu 20 idan depression.30 weddi monawa karaganiyda danne ne
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    කවුරු හරි හදලා දුන්නොත් හිටවන්න නම් පුලුවන් ..
    ඒත් එදාට විතරයි වතුර දාන්නෙ ......:sorry:
    ornamental පැළයක් හරි හිටවලා බලන්න.තමන් හිටවපු පැළයක් දිහා බලන් ඉන්න කොට පුදුම සතුටක් දැනෙන්නේ:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දරා ගන්න බැරුවනෙ ඉතිං මැරෙන්නෙ පිස්සු තමා

    බූරු පැටියො. මරණය කියන්නෙ ස්වභාවිකව හැමෝටම වෙන දෙයක්. උඹත් පණ්ඩිත කං කියෙව්වට කෝච්චියකට තල්ලු කරල බලන්න ඕනෙ මැරෙන්නැද්ද කියල. තව ටිකක් කල් ගිහිං පපුව රිදෙන්න ගනිදිද්දි මැරෙන්නෙ පිස්සො කියල බේරෙන්න හදපං බේරෙයි :lol:
     
    ornamental පැළයක් හරි හිටවලා බලන්න.තමන් හිටවපු පැළයක් දිහා බලන් ඉන්න කොට පුදුම සතුටක් දැනෙන්නේ:yes:

    එහෙම එකක් නම් තියනවා බලන්න ඕනෙ ට්‍රයි එකක් දීලා ආයිම සැරයක්
     
    බූරු පැටියො. මරණය කියන්නෙ ස්වභාවිකව හැමෝටම වෙන දෙයක්. උඹත් පණ්ඩිත කං කියෙව්වට කෝච්චියකට තල්ලු කරල බලන්න ඕනෙ මැරෙන්නැද්ද කියල. තව ටිකක් කල් ගිහිං පපුව රිදෙන්න ගනිදිද්දි මැරෙන්නෙ පිස්සො කියල බේරෙන්න හදපං බේරෙයි :lol:

    මම අමරණිය වෙන්න බෙහෙත හදනකම් ඉන්නෙ ඉස්සර විදුසරක ද කොහෙද තිබ්බා දැන් පරීක්ෂන මට්ටමේ මීයන් යොදාගෙන කරනවා මේයොන්ට අවුරුදු 8වගේ ජීවත් වෙන්න පුලුවන් වෙලා තියනවා කියලා (මීයෝ කිවුවට හැම්ස්ටස් ලා)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොහොමද ගොඩගියේ
    බෙහෙත් ගත්තද ? ගන්නවද?

    මුලින් බෙහේත් අරන් අඩු උනා ඊටපස්සේ කෙල්ලෙක් නිසා අයෙත් වැඩි උනා... :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,381
    67,718
    113
    මුලින් බෙහේත් අරන් අඩු උනා ඊටපස්සේ කෙල්ලෙක් නිසා අයෙත් වැඩි උනා... :dull:

    Women is the main cause of depression
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ ගෙවලයෙක්ද? තත්ත්වෙ නොදැන හරියටම මේක කරපන් කියන්ඩ බෑ උඹට ඕක 100% නැති කරගන්න පටන් ගන්න. කැමතිනම් මේක කරපන්. බැරිනම් නිකා හිටපන්.

    උදේම ඇහැරෙනවද? 6ට කලින්වත් අඩු ගානෙ? නැගිට්ට ගමන් කට හෝදලා හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බීපන් බඩ පිරෙන්න. ඉන් පස්සෙ ගිහින් දත් මැදලා මූණ හෝදලා ෆුටාර් එකක් තියෙනව නම් ඒකෙ පැදගෙන යමන් කිලෝමීටර් 2ක් විතර. නැත්තම් කිලෝමීටරයක් විතර ඇවිදපන්. ඉන් පස්සෙ ආයෙ ගෙදරට පැදපන් කිලෝමීටර් දෙකක්. නැත්තම් කිලෝමීටරයක් ඇවිදපන්. ඒ යද්දි බලපන් වටපිට. මිනිස්සු උදේ පාන්දර නැගිටල, ගෙවල් වල වැඩ ළමයින්ගෙ වැඩ ගෙදර මිනිහගෙ ගෑණිගෙ වැඩපල කරලා බත් එකක් බැඳගෙන උඹ 6ට නැගිටලා යද්දිත් වැඩට යන්ඩ ඇවිත්. පුළුවන් නම් 4:30ට 5ට ගිහින් බලපන් සතියෙ දවසක මිනිස්සු උදේ ඉඳලා කන කට්ට. මිනිස්සු ගෑණු එහෙම කට්ට කාල සල්ලි හොයද්දි තෝ අත පය හතර හොඳට තියන් නිකන් ගෙදෙට්ට වෙලා කම්මැලී මට බෑ අරක මේක කියල කාලකන්නි වෙන එක ගැන හිතපන්. කොල්ලෙක් නේද? කාලකන්නියෙක් නොවී, දෙමාපියන්ට, සමාජෙට, තෝ තොටම බරක් නොවී සැලැස්මක් ඇතිව වැඩක් කරල දියුණු වෙයන්.

    කම්මැලී, අද බෑ, දැන් බෑ, වෙන කෙනෙක් කරයිනෙ, මේ ඇති, මහන්සී අරකයි මේකයි රෙද්දවල් දියුණු වෙන මිනිස්සු ගෑණු ලඟ නෑ. උඹ කම්මැලි වෙලා පොන්නය වගේ කොන් වෙලා ඉන්න අතර අනික් මිනිස්සු ගෑණු දවල් රෑ නොබලා මහන්සි නොබලා වැඩ කරනවා. මොලෙන් ගේම ගහනවා. උන් දියුණු වෙනවා. උඹට වෙන්නෙ උන් දිහා බලලා හූල්ල හූල්ල ඉන්න කවදහරි. රස්සාවකට ගියාම හොරි බැල්ලිට වැට මායිමෙන් මෙහාටවත් එන්ඩ දෙන්නෙ නැතුව ගහල එලවගන්නව වගේ උඹවත් ජොබ් එකක් තියා ආයතනයක් පලාතටවත් ගන්න එකක් නෑ. දැන් උඹ මොන මට්ටමක ඉන්නවද මොනව කරනවද වැඩක් නෑ මට. කිව්ව දේ තේරුම් අරන් හැදියන් හැදෙනව නම්. නැත්තම් ඔහොමම ඉඳල බලපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Women is the main cause of depression

    එකනේ බන්... :sorry:

    නිකන් එන depression එක දරාගන්න පුළුවන්,,, ගැනු නිසා එන එක දරාගන්න පට්ට අමාරුයි.. :dull:
     
    උඹ ගෙවලයෙක්ද? තත්ත්වෙ නොදැන හරියටම මේක කරපන් කියන්ඩ බෑ උඹට ඕක 100% නැති කරගන්න පටන් ගන්න. කැමතිනම් මේක කරපන්. බැරිනම් නිකා හිටපන්.

    උදේම ඇහැරෙනවද? 6ට කලින්වත් අඩු ගානෙ? නැගිට්ට ගමන් කට හෝදලා හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බීපන් බඩ පිරෙන්න. ඉන් පස්සෙ ගිහින් දත් මැදලා මූණ හෝදලා ෆුටාර් එකක් තියෙනව නම් ඒකෙ පැදගෙන යමන් කිලෝමීටර් 2ක් විතර. නැත්තම් කිලෝමීටරයක් විතර ඇවිදපන්. ඉන් පස්සෙ ආයෙ ගෙදරට පැදපන් කිලෝමීටර් දෙකක්. නැත්තම් කිලෝමීටරයක් ඇවිදපන්. ඒ යද්දි බලපන් වටපිට. මිනිස්සු උදේ පාන්දර නැගිටල, ගෙවල් වල වැඩ ළමයින්ගෙ වැඩ ගෙදර මිනිහගෙ ගෑණිගෙ වැඩපල කරලා බත් එකක් බැඳගෙන උඹ 6ට නැගිටලා යද්දිත් වැඩට යන්ඩ ඇවිත්. පුළුවන් නම් 4:30ට 5ට ගිහින් බලපන් සතියෙ දවසක මිනිස්සු උදේ ඉඳලා කන කට්ට. මිනිස්සු ගෑණු එහෙම කට්ට කාල සල්ලි හොයද්දි තෝ අත පය හතර හොඳට තියන් නිකන් ගෙදෙට්ට වෙලා කම්මැලී මට බෑ අරක මේක කියල කාලකන්නි වෙන එක ගැන හිතපන්. කොල්ලෙක් නේද? කාලකන්නියෙක් නොවී, දෙමාපියන්ට, සමාජෙට, තෝ තොටම බරක් නොවී සැලැස්මක් ඇතිව වැඩක් කරල දියුණු වෙයන්.

    කම්මැලී, අද බෑ, දැන් බෑ, වෙන කෙනෙක් කරයිනෙ, මේ ඇති, මහන්සී අරකයි මේකයි රෙද්දවල් දියුණු වෙන මිනිස්සු ගෑණු ලඟ නෑ. උඹ කම්මැලි වෙලා පොන්නය වගේ කොන් වෙලා ඉන්න අතර අනික් මිනිස්සු ගෑණු දවල් රෑ නොබලා මහන්සි නොබලා වැඩ කරනවා. මොලෙන් ගේම ගහනවා. උන් දියුණු වෙනවා. උඹට වෙන්නෙ උන් දිහා බලලා හූල්ල හූල්ල ඉන්න කවදහරි. රස්සාවකට ගියාම හොරි බැල්ලිට වැට මායිමෙන් මෙහාටවත් එන්ඩ දෙන්නෙ නැතුව ගහල එලවගන්නව වගේ උඹවත් ජොබ් එකක් තියා ආයතනයක් පලාතටවත් ගන්න එකක් නෑ. දැන් උඹ මොන මට්ටමක ඉන්නවද මොනව කරනවද වැඩක් නෑ මට. කිව්ව දේ තේරුම් අරන් හැදියන් හැදෙනව නම්. නැත්තම් ඔහොමම ඉඳල බලපන්.

    යකඩෝ මං සල්ලි හොයනවා. සල්ලිම නෙමේ ජීවිතේ. උබට මේක තේරෙන්නෙ නෑ. මේක ගැන හිතන්න එපා ............:sorry: