කයන්න වියන්න

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
කයන්න වියන්න අලුත් කලාපය නිකුත් කිරිම හා වෙනස් වෙමු මීළග අදියර පිළීබදව දැණුවත් කිරිම සදහාය.

කවි වලට කැමති අලුත් හැඩයේ සංවාදයකට ඔබත් එන්න

w987l4.png

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
චන්ද්‍ර කුමාර වික්‍රමරත්නයන්ගේ කවි පළ කිරිමට බලාපොරොත්තු වෙමු.

01

රාත‍්‍රියේ නීතිය

බොහෝ කලකට පසුව
සිහිනයෙන් මා දුටුව
කළුපාට ගාලූ කොටු පවුර මත
අම්මා සිටියාය
වසංගතයෙන් පෙළෙන
මුළු ගාලූ නගරයම
දෑසේ කදුළකට කොටු කොට රැගෙන

කලූ පාට බොර කදුළු රළ නගන
සදුන් සුවදැති කසළ මෝඩ ඇළ
සෙමින් නිහඩව පෙර පරිද්දෙන්
පාසි පෙණ බුබුළු උතුරමින්
පුරවරේ සංකේතය වෙමින්
ගලයි හැව්ලොක් ටවුම අයිනෙන්

නගරය විසින් බෝ කළ
හොරි දද කුෂ්ඨ සාපය
මා මුවට රන් පාට කිරි පෙවූ
ඇගේ සියොළග ගිලගෙන තිබුණි
පාපතර දෙනගම සනුහරේ
කාසි නෑයකු ඉවත විසිකළ
ඇය පැළදි දුඹුරු මල් දූවිලි සාරිය
කොටු පවුර මත නැගූ
රතු පාට ධජයක්ව
සුළග හා දොඩයි අභිමානයෙන

ඈ මිත‍්‍ර කුලී රථ රියැදුරෝ
තුෂ්නිම්භූත වී ගල් ගැහී
පවුර මත ආශ්චර්යය දකිත්
ඇගෙන් පසු නගරයේ
බලය ඇල්ලූ ලියෝ
වැල් වැවුණු පවුර පාමුල රැදී
ඈ කියන කථා අසමින් සිටී

සුළං කෝඩය කපා ඉරාගෙන
ඇගේ හඩ ගලයි නගරය පුරා රැව් දිදී

ඇය මෙසේ කීවාය....

පෙර දවස
නගරයේ රෝම ලන්දේසි නීතිය
මා රැගෙන ගොස් කූඩු කොට
දඩ ගසා දඩුවම් පමුණුවා
අනාචාරේ ගියයි කළ මහත් චෝදනා
සැබෑවකි සත්‍යයකි

දරු පැටව්
බඩ සයින් කෑ ගසන හඩ මිසෙක
නො ඇසුණේය
රෝම ලන්දේසි නීතියෙහි
ගොර බිරම් හඩ...
එකල මට...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
02

පළමු පාඩම

අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ
පෙද පාසි බැදුණු හිරිගල් තලේ
බෙල්ලන්ද සිප්පිකටු අහුලමින්
රැුල්ලේ පෙගි පෙගී සිනාසී දැගලූවෙමු
මේ කියන කාල ආසන්නයේ

හරියටම ඒ දවස්වලමයි
පුංචි මාළුන් රගන ගල්පරේ
දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට
ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක්
සෝකයෙන් භීතියෙන් අපි බලා හිදිද්දිම
එහි පුංචි මාළුවන් ගොදුරු ලෙස ගිල්ලේ

හරියටම ඒ දවස්වලමයි
නිවාඩු ලැබී අපෙ හෝඩියට
ඇදිරිනීතිය දහවලේ වැටුණේ
ජීප්වල නැගුණු භීතිය ඔබ මොබ දිව්වේ

අපේ ගේ ඉදිරිපිට මහපාර පාලූවී
කඩමණ්ඩිය වැසී
අවි දැරූ බොහෝ සෙබළුන් රංචු
අපේ ගමටත් කඩා පැන්නේ

නිශ්චල වුණා මහ සමුදුරත්
පෙරළි කෙරුවේ නෑ දිය රැුළිත්
එරබදු මුදුන් වල මල් පෙතිත්
ඔක්කෝම පරවෙවී වැටුණා

රෑ දවල් දෙකේ වෙඩි පිපිරුණා
කොවුලන්ද බියෙන් දෝ ඈතටම ඉගිලූණා

අපේ ගේ තිබුණේ කන්ද උඩ
බිත්ති පුපුරා වහල දිරලා
අනතුරුදායකයි වාසයට නුසුදුසුයි
ඒත් අපි එහිම ලැග උන්නා
ඒ වගේ බොහෝ පැල් ගමේ තව තිබුණා

තුන් වේලට විස්කෝතු කා
ගේ පැලේ රෑ පහන් නොදල්වා
එළිවෙන තුරා කන් දුනිමු අපි
වටපිටාවෙන් නැගෙන වෙඩි හඩට
යකඩ පාවහන්වල ගොර හඩට
අවසාන විලාපෙක කෙදිරියට

හරියට ඒ දවස්වලමයි
සමුදුරේ තැනින් තැන
රතුපාට ලේ තට්ටු පාවුණේ
මාළුන්ගෙ බොකුවලින් ඇගිලි ඇට හමුවුණේ
මෝරුන්ගෙ මහ උදරයන්ගෙන්
ලැබුණාලූ සමහරුන් වෙත
ඔරලෝසුත්, මුදුත්
කිව්වෙ උන් එය මහා ප‍්‍රීතියෙන්

නිසල සමුදුර සිතිජ මායිම අගින් රූටන
රතුම රතු පැහැ හිරු ගෙඩිය දෙස නෙත් යොමාගෙන
ඉරේ පාටින් බිත්ති රතුවුණු පිලේ ඉදගෙන
බලා සිටියෙමි හැගීමෙන් තොර හදේ සුසුමින

අපේ ගෙයි සුදු පාට අළුහුණු බිත්තියේ
තැවැරුණු රතුම රතු හිරු කිරණ
මගෙ හිතෙත් බිංදුවක් තවරමින්
අදට දහසය වසක් ඉක්මී ගිහින්

1987 අපේ‍්‍රල් 05


 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
03
උරගයා ඇවිදින්ය

ඒ දවස්වල හැම උදෑසනකම
පුවත්පත් පිටු පෙරළා
රසවත් පුවත් අහුලන ඇස්වලට
කොයි තරම් නොවැදගත් වූයේද
යුද්ධ ගැන වූ කතන්දර පුවත්
පුළුන් වගේ පාවී
ඒ සියලූ කතන්දර
කොයි තරම් ඉක්මනින් ගිලිහුණිද
අපගේ මතකයෙන්

ඊශ‍්‍රායෙල් මිනීමරුවන්
පලස්තීන අනාථයින්
මිනීමරු බෝතා
කුහක සුදු පාලනය
අප‍්‍රිකානු භූමියේ
සුද්දන්ගේ යදම්
මර්දනය පීඩනය
කල්ලන්ගේ සටන්
ඇත්තටම කොයිතරම්
නොවැදගත් ප‍්‍රවෘත්තිද?

ඇමරිකන් දත්වලට හිරවූ
වියට්නාමය
වින්ද වද වේදනා
නිදහස
මාතෘ භූමිවල නිදහස් සටන්

කියුබාවේ උතුරු කොරියාවේ
නිකරගුවාවේ ලතින් ඇමරිකාවේ
සාරවත් බිම්වලට බඩ ගෑ
ඇමරිකන් සර්පයා එළවන්න
ගරිල්ලා සටන් බිහිසුණු යුද්ධ
මහා ලේ ගංගා
මිනිස් ඝාතන
ජීවිත පරිත්‍යාගයන්
කොයිතරම් ඉක්මනින්
අමතක කළෙද අප

පත්තරේ අන්තිම පිටුවේ
චිත‍්‍ර කතාවෙන්
එහෙමත් නැත්නම්
අපේ රටේ
නළුවකුගේ නිළියකගේ
රසවත් ඔපාදූපයකින්
පැහැරගත්තේද අපේ හිත්

ඒත් අද රෑ
ඇමෙරිකාවේත්
එංගලන්තයේත්
වියට්නාමයේ කියුබාවේ
නිකරගුවාවේ
ලෝකයේ බොහෝ රටවල
අඩු තරමින්
තීරු කොළමකවත්
පළවෙනවා ඇති
අපේ මව්බිම ගැනත්
එදා අපට වගේම
අද ඔවුන්ටත්
ඉක්මනින්ම
අමතකව යනවා ඇති
මේ නොවැදගත් පුවත්

එදා අපට
නොවැදගත් හැමදේම
අද අපේ
කූඩුවේ දොරටුවට
නැවතත් පැමිණ ඇත
කොයිතරම්
මවිතකර විදිහටද
උරගයා
අපේ ගෙයි මිදුලටත් ඇවිදින්
ගැලවුම්කාරයෙක් වගෙයි
දත් විළිස්සන්නේ

හදවතේ හැම අංශුවකම
ඇවිල යන ගිනිදැලක් වගේ
ඉතා කම්පනයක්ය දැනෙන්නේ
නිජ භූමිය අහිමිවීමේ
ඉතාමත් ගැඹුරුවූ
භයානක ගැටලූවට තෙරපී
මහා වේදනාවකි
අද අපට දැනෙන්නේ

හෙට උපදින අනාගතයට
අතීතය කොයිතරම් වැදගත්ද
අපට විතරක් නොවෙයි
ලෝකයේ හැමෝටම
අතීතය කොයිතරම්
වැදගත්ද?

ගුවන් තලාවේ ගීතය

අලූත් තෘණ ගොබ මතට
පිණි කදුළු පොද වැටෙන
තද සීත ඝණදුරේ
අළුයමේ මල් පිපෙන
තුන් පරෙවි තටු බිදී
රුධිර දහරා සැලිණ
නිදිබරිත මිහිමඩල
කම්පිතව සසල විණි

ශත වර්ෂ ගණනක් මුළුල්ලේ
කෝටි ගණනක් හදවත් ගැඹුරේ
වේදනා බිජුවටින්
උපන්නේ වී ඔවුන්
කැපවීමෙන් පරිත්‍යාගයෙන්
උතුම් මව්බිමේ නිදහස පතා

ගෙවෙන හැම දවසක්ම දුක්බරය
දවසකට ඉවසන්න බැරි තරම් සීතලය
දවසකට මහා ගිනි උණුසුම්ය
පදුරු දමමින් වැඩෙන අසත්‍යය
දේශයම රෝගී දුක් බවින් පුරවාය
හැමදාම මේ දුක ඉවසන්න බැරිවාය

නිසල වා ගැබ දෙබෑ කරගෙන
උණ්ඩ ඉගිලූණ අළුයමේ
සත්‍යයේ රතු පරෙවි පැටවුන්
මිහිතලය මත වැතිරුණි
මියැදුණේ උන් දරුවනේ
මව්බිමේ නිදහස වෙනුවෙනි
ඒ ලෙයින් සුපිපෙනා හිරු හෙට
නුඹලාගේමය සැබැවිණ්

කදුළු හුරු නැති රුදු කුලී හිත්
නිකුත් කළ ඒ කුරිරු අණටා
පොකුරු වෙඩි තැබූ ගුවන් මිතුරනි
අපේ සිත්වල නැතේ විරසා
ඉකුත් රැුය ඝණ අදුරු නම් හෙට
අරුණ රන්වන් රැසින් දිලෙනා
පරෙවියන් අද වැතිරුණත් බිම
දහස් ගණනින් නැවත ඉපදී
රණබිමේ පෙරමුණට එන්නා
(1987 වසරේදී ආත්මාරක්ෂාව සදහා වුවද ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකොට කටුනායක කදවුරේදී දිවි දුන් වීරවරයින් තිදෙනා වෙනුවෙනි.)