02
පළමු පාඩම
අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ
පෙද පාසි බැදුණු හිරිගල් තලේ
බෙල්ලන්ද සිප්පිකටු අහුලමින්
රැුල්ලේ පෙගි පෙගී සිනාසී දැගලූවෙමු
මේ කියන කාල ආසන්නයේ
හරියටම ඒ දවස්වලමයි
පුංචි මාළුන් රගන ගල්පරේ
දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට
ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක්
සෝකයෙන් භීතියෙන් අපි බලා හිදිද්දිම
එහි පුංචි මාළුවන් ගොදුරු ලෙස ගිල්ලේ
හරියටම ඒ දවස්වලමයි
නිවාඩු ලැබී අපෙ හෝඩියට
ඇදිරිනීතිය දහවලේ වැටුණේ
ජීප්වල නැගුණු භීතිය ඔබ මොබ දිව්වේ
අපේ ගේ ඉදිරිපිට මහපාර පාලූවී
කඩමණ්ඩිය වැසී
අවි දැරූ බොහෝ සෙබළුන් රංචු
අපේ ගමටත් කඩා පැන්නේ
නිශ්චල වුණා මහ සමුදුරත්
පෙරළි කෙරුවේ නෑ දිය රැුළිත්
එරබදු මුදුන් වල මල් පෙතිත්
ඔක්කෝම පරවෙවී වැටුණා
රෑ දවල් දෙකේ වෙඩි පිපිරුණා
කොවුලන්ද බියෙන් දෝ ඈතටම ඉගිලූණා
අපේ ගේ තිබුණේ කන්ද උඩ
බිත්ති පුපුරා වහල දිරලා
අනතුරුදායකයි වාසයට නුසුදුසුයි
ඒත් අපි එහිම ලැග උන්නා
ඒ වගේ බොහෝ පැල් ගමේ තව තිබුණා
තුන් වේලට විස්කෝතු කා
ගේ පැලේ රෑ පහන් නොදල්වා
එළිවෙන තුරා කන් දුනිමු අපි
වටපිටාවෙන් නැගෙන වෙඩි හඩට
යකඩ පාවහන්වල ගොර හඩට
අවසාන විලාපෙක කෙදිරියට
හරියට ඒ දවස්වලමයි
සමුදුරේ තැනින් තැන
රතුපාට ලේ තට්ටු පාවුණේ
මාළුන්ගෙ බොකුවලින් ඇගිලි ඇට හමුවුණේ
මෝරුන්ගෙ මහ උදරයන්ගෙන්
ලැබුණාලූ සමහරුන් වෙත
ඔරලෝසුත්, මුදුත්
කිව්වෙ උන් එය මහා ප‍්‍රීතියෙන්
නිසල සමුදුර සිතිජ මායිම අගින් රූටන
රතුම රතු පැහැ හිරු ගෙඩිය දෙස නෙත් යොමාගෙන
ඉරේ පාටින් බිත්ති රතුවුණු පිලේ ඉදගෙන
බලා සිටියෙමි හැගීමෙන් තොර හදේ සුසුමින
අපේ ගෙයි සුදු පාට අළුහුණු බිත්තියේ
තැවැරුණු රතුම රතු හිරු කිරණ
මගෙ හිතෙත් බිංදුවක් තවරමින්
අදට දහසය වසක් ඉක්මී ගිහින්
1987 අපේ‍්‍රල් 05