ඔයා හොඳ නරක දෙකම අහල තිබුන නිසයි මේ ලිව්වේ මට දැනුන විදියට. පලවෙනි පද පෙලි ටික නම් ගොඩක්ම ලස්සනයි
[/SIZE]
හිතක් නැතුවද පොතක් නැතුවද
කට්ටි පැන්නේ පාසලෙන්
කහට උගුරයි හකුරු බැයයි
වෙර වදිනවද ජිවිතේ
මේකේ අන්තිම පද පේළියේ අවසාන කරන විදියෙන් උඩ ඉඳන් කියවන් තියෙන තාලය බිඳෙනවා මල්ලි. එහෙම උනාම කවියේ ගලා යාමට සහ රසයට අවහිරයක් වෙනවා. මුළු කවිය පුරා එකම තාලයක් රඳවා ගන්න උත්සහ කරන්න නිතරම. මුලින් ලියන පද දෙකේ අදහස තවත් තීව්ර කරන විදියට දෙවෙනි පද දෙක ලියන්න. මෙතනදී ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ.
මුහුදු හුළගට සැලෙන්නේ රැලි
කරපු පවටද පුරුවේ
ඔටුනු පැළදුව ඔබත් කුමරෙකි
ඇදුම් වැරහැලි රැදී ගතේ
මේ කවියේ පලවෙනි පද දෙකේ උපමාව ගොඩක්ම සාර්ථක නැහැ වගේ මට දැනුනේ. මුහුදු සුළං වලට මුහුදේ රැලි නැගෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. එකෙන් ඔයාට ඕනේ ශෝකාත්මක රසය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ වගේම අන්තිම පද දෙකේ ඔයාට කියන්න ඕනේ මේ දරුවා වැරහිලි ඇඳුම් ඇන්දත් ඔටුන්නක් පලන්දපු රාජ කුමාරයෙක් වගේ කියන එකද ? මට ඒ තරම් අදහස පැහැදිලි නැහැ. මට දැනෙන විදියට ඒ වගේ විග්‍රහයක් කරන්න ඕනේ දුක් කරදර මැද්දේ ජිවිතේ දිනාගත්තු කෙනෙක් ගැන. ඔටුන්නෙන් අදහස් කරන්නේ ජය ලැබීමක්. මේ දරුවා ජයක් ලබල නැහැ. මම හිතන්නේ ඔයාට කියන්න ඕනේ වෙන්න ඇත්තේ "රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ" වගේ දෙයක් නේද? එහෙම නම් "ඔටුනු පැළදුව" කියන එකෙන් ඒ දේ සාර්ථකව ප්‍රකාශ වෙන්නේ නැහැ.
පිලි පුසුබට මැස්සෝ එනවද
වහන්නට නුබේ ජිවිතේ
විදින දුක්ගිනි මැකීයනවද
පොල් මලේ සුවදට මිවිතේ
මේ වචන ටික සාර්ථකයි. එත් අන්තිම පදේ තාලය ටිකක් බිඳිලා තියනවා. තව උත්සාහ කරා නම් තවත් මේකේ දුක වැඩි කරන්න තිබුනා.
ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියනවා. ලියද්දි ඔයාට ඕනේ දේම ලියන්න උත්සාහ කරන්න එපා. ඒ දේ වෙනස් කරලා නිර්මාණයට ගැඹුරු අදහසක් දෙන්න හොඳ වෙනත් විදියක් හිතට එනවා නම් ඒක ලියන්න. ලිව්වට පස්සේ නැවත නැවත කපල කොටලා පුළුවන් තරම් දැනෙන විදියට නිර්මාණයේ තාලයයි ගලාගෙන යාමයි දෙකම රඳවාගෙන ආයිමත් වෙනස් කරලා හොඳම version එකට යන්න.
මලේ කරගැට ගනින්නේ නුබ
පැලේ කරවල වාඩියේ
රෑට සිහිනෙන් සිනාවෙන්නේ
අම්ම දැකලද දෙව්ලොවේ...
හිතක් නැතුවද පොතක් නැතුවද
කට්ටි පැන්නේ පාසැලේ
පිට කවර නැති ජිවිතේ පිටු
දිරාපත් වෙයි කරදියේ...
පිළී පුසුඹට ඇදෙන මැස්සන්
තනි රකිනකොට ජිවිතේ
කඳුළු දිය කර රහ බලනවද
මලින් පෙරෙනා මිවිතේ...
මාළුවන්ගෙන් කාසි අයදින
අව්වෙ රස්නෙට යාලුවේ
පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
නුඹ කරපු පව් පුරුවේ...
බොහොම සතුති. මන් මේක ලිවුවේ ලෙන්චිනා මගේ නංගියේ ගියේ සින්දුවේ තාලෙට ගැලපෙන්න. ඔය කිවුවට පස්සසේ මට ගොඩක් වැරදි ත්රුනා
තාලය ගලපන්නේ නැතුව අපිට ඕනි විදියට ඔහේ ලියාගෙන ගියෝත් එක ගැලපෙන්නේ නැහැ වගේද?
( එළිසමය , කියන එක අතාරලා)
කහට උගුරයි හකුරු බැයයි
වෙර වදිනවද ජිවිතේ
වෙර වදිනවද කියල අහලා තියෙන්නේ වෙර වීර්ය දෙනවද කියලා.
මුහුදු හුළගට සැලෙන්නේ රැලි
කරපු පවටද පුරුවේ
ඔටුනු පැළදුව ඔබත් කුමරෙකි
ඇදුම් වැරහැලි රැදී ගතේ
මුහුදු හුළගට සැලෙන රැලි කියන්නේ ඒ ළමයාගේ ජීවිතය. මුදු රැල්ල එවරවෙන්නේ නැහැ වගේ වැඩ කරලා එවර වෙන්නේ නැහැ කියලා හිතාගෙන ලිවුව්ව්. එක පුරුවේ කරපු පවක් නිසා.
වැරහැලි ඇදුම් ඇන්දත් ඔබත් කුමාරයෙක් වෙන්න පුළුවන්
එක හරියට තේරෙන්න ලියවිලා නැහැ කියල හිතෙන්නේ ඔය කිවුවට පස්සේ
පිලි පුසුබට මැස්සෝ එනවද
වහන්නට නුබේ ජිවිතේ
විදින දුක්ගිනි මැකීයනවද
පොල් මලේ සුවදට මිවිතේ
මුහුද ප්රදෙහ්ස පොල් රා තියන නිසා පොල් මලේ කියලා ලිවුවේ
දුක් වෙන්නේ ම නැතුව ජිවිතේ දුක් කරදර මැද්දේ සාමාන්‍ය විදියට තමාගේ ලැබීම කියලා හිතාගන ඉන්නේ මිවිතෙන්ද
ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියනවා. ලියද්දි ඔයාට ඕනේ දේම ලියන්න උත්සාහ කරන්න එපා. ඒ දේ වෙනස් කරලා නිර්මාණයට ගැඹුරු අදහසක් දෙන්න හොඳ වෙනත් විදියක් හිතට එනවා නම් ඒක ලියන්න. ලිව්වට පස්සේ නැවත නැවත කපල කොටලා පුළුවන් තරම් දැනෙන විදියට නිර්මාණයේ තාලයයි ගලාගෙන යාමයි දෙකම රඳවාගෙන ආයිමත් වෙනස් කරලා හොඳම version එකට යන්න.
මට ඔනිදේම ලියන්න එපා කියල කියන එක ත්රුනේ නැහැ. අන්තිම එකයි මුල් එකයි මම කල්පිටියේ ගිය දවසක කරවල වෙරළේ කරවල තියන් ඉන්න ළමයි දෙන්නෙක් ඉන්න ගමන් මොනාද බොනවා දැකල නිකම් පොන් එකේ ටෙක්ස්ට් එකක් විදියට ටයිප් කලේ. පොල රා කියලා දැම්මේ මම මොන බිවුවද දන්නේ නැහැ ඒ ළමයි දෙන්නා
මලේ කරගැට ගනින්නේ නුබ
පැලේ කරවල වාඩියේ
රෑට සිහිනෙන් සිනාවෙන්නේ
අම්ම දැකලද දෙව්ලොවේ...
හිතක් නැතුවද පොතක් නැතුවද
කට්ටි පැන්නේ පාසැලේ
පිට කවර නැති ජිවිතේ පිටු
දිරාපත් වෙයි කරදියේ...
පිළී පුසුඹට ඇදෙන මැස්සන්
තනි රකිනකොට ජිවිතේ
කඳුළු දිය කර රහ බලනවද
මලින් පෙරෙනා මිවිතේ...
මාළුවන්ගෙන් කාසි අයදින
අව්වෙ රස්නෙට යාලුවේ
පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
නුඹ කරපු පව් පුරුවේ..
මේක ගොඩක් ලස්සනයි මන් ලියපු එකටත් වැඩ.
බොහොම සතුයි. මේ ගැන මට කියල දුන්න්ට
Last edited:


