කරණීය මෙත්ත සූත්‍රය.. පිරිතක් පමණක් නො වේ ..
කරණීය මෙත්ත සූත්‍රයෙන් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලද ප්‍රයෝජන විස්තර කැරෙන ලිපියකි.
දිනපතා ම විවිධ මෝස්තර හා විවිධ රටා ඔස්සේ භාණ්ඩ ඉදිරිපත් කිරීම වෙළෙන්දන්ගේ සිරිත යි. අපගේ සිත් ඒ වෙත ඇදී යෑම පුදුමයක් නො වේ. ඒ හේතුවෙන් ඇතැම් විට තවත් බොහෝ කලක් පාවිච්චි කළ හැකි බඩු- බාහිරාදිය ඉවත දමා, වෙනත් ඒවා මිලට ගන්නට තරම් ඇතැම් අය පෙලැඹෙති. සැබැවින් ම එය තමන්ගේ සිත රවටාගැනීමකි; නැති නම් අසල් වැසියන්ට තමන්ගේ වත්-පොහොසත්කම පෙන්වන්නට කරන මෝඩ වැඩකි; එසේ ම මුදල් නාස්තියකි.
මෙවැනි අදූරදර්ශී ක්‍රියාවලින් බොහෝ විට අමාරුවේ වැටෙන්නේ මුදල් නැතිකමින් මිරිකී සිටින, ආදායම් අඩු පවුල්වල අය යි. විශේෂයෙන් අපේ පුංචි දරුවන් කුඩා වයසේ පටන් තමන්ට ලැබෙන දෙයකින් සෑහීමට පත් වන්නට පුරුදු නොවූවොත්, දෙමවුපියන් අපහසුතාවට පත් වනවා පමණක් නො ව, ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු තම ආදායමට සරි ලන විධියට ජීවන රටාව හැඩගස්වාගන්නට ඔවුන්ට අපහසු වේ. එවැනි අය තම ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා සමාජ ද්‍රෝහී ක්‍රියාවලට වුව ද පෙලැඹෙන්නට ඉඩ තිබේ. ලද දෙයින් සෑහීමට පත් වීම ලොකු-කුඩා සැමට ම වැදගත් වන්නේ ඒ නිසා ය.
අපට මේ ජීවිතයේ ලැබෙන සැප-සම්පත් ප්‍රමාණය කර්මය මඟින් ද යම් තරමකට පාලනය කරන බව සිතීමට පිළිවන. දෙවියන්ගේ කැමැත්ත, දෛවයේ හැටි, මේ මගේ කරුමේ හැටි යනාදි වචන ඇතැමුන් කියන්නේ ඒ අදහස ඇති ව යි. එහෙත් ඒ අදහස් කෙනකු දියුණු වන්නට දරන වෑයමට බාධාවක් කරගන්නට වුවමනා නැත. වීර්යය හා නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමෙන් කර්මය වෙනස් කළ හැකි ය.
ලාභ-අලාභ ආදි වශයෙන් දැක්වෙන අටලෝ දහමට මුහුණ දෙන්නට අප සැමට සිදු වේ. අප පි‍්‍රය කරන දේ නොලැබෙන්නට පිළිවන; අපි‍්‍රය දේ ලැබෙන්නට පිළිවන. එය දරුණු සිත් වේදනාවලට හේතුවකි. එයින් මිදෙන්නට නම්, පි‍්‍රය-අපි‍්‍රය සෑම දෙයක් ගැන ම සම ව සිතන්නට අප පුරුදු විය යුතු ය. එය කළ හැක්කේ ‘සන්තුස්සක’ ගුණය පුරුදු කළොත් පමණි.
‘සුභරතා’ යනු දියුණුව බලාපොරොත්තු වන්නකු විසින් ඇති කරගත යුතු තවත් ගුණයකි. පහසුවෙන් ජීවිතය පවත්වාගෙන යෑමට හුරු වීම යනු එහි සරල තේරුම යි. අපේ සමාජයේ බොහෝ දෙනා තමන්ට ලැබෙන ආදායමේ ප්‍රමාණය ගැන හිතාබලා එයට ගැළැපෙන පරිදි ජීවිතය හැඩගස්වාගන්නට කල්පනා කරන්නේ නැත. රසවත් කෑම-බීමවලට, සුව-පහසු යහනාවලට හුරු-පුරුදු වූ අයට සුභරතා ගුණය ඉතා අවශ්‍ය යි. ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නට භාවනා කරන අයකුට පමණක් නො ව, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනකුට ද එය වැදගත් ය. සැප-පහසුකම් සොයා වැලැපෙන අයට දියුණුව සඳහා ප්‍රයෝජනවත් දෙයක් කරගන්නට අමාරු ය.
ඉගැනීමේ යෙදෙන දරුවකු නම්, නැති-බැරි කම් ගැන මැසිවිලි නඟන්නේ නැති ව ජීවිතය ජය ගන්නට වෑයම් කළ යුතු ය; ජීවිතයේ ප්‍රධාන අරමුණු කරා ළඟා වීමට අධිෂ්ඨාන කරගත යුතු ය. ඕනෑ ම පරිසරයක තමන්ටත්, අනුන්ටත් බරක් නැති ව ජීවත් වන්නට හැකි තැනැත්තා සුභරතා ගුණයෙන් යුක්ත කෙනෙකි.
කාලය අප සැමට ම ඉතා වැදගත් ය. අනවශ්‍ය ලෙස නොයෙක් වැඩකටයුතු යොමු වී ඒ සඳහා වටිනා කාලය යොදවන පුද්ගලයෝ අප අතර සිටිති. නිතර දෙවේලේ පිරිස් එකතු වී, කතා-බහෙන්, විහිළු-තහළුවෙන් අනුන්ගේ ඕපාදූප කියමින් හා අසමින් කාලය ගත කරන පුද්ගලයා කාලකණ්ණියෙකි. ඒ හේතුවෙන් ඔහු ගුණදහමින් හා සම්පත්වලින් පිරිහෙනවා පමණක් නොව, එදිනෙදා කටයුතු ද අතපසු කරගනියි. රාජකථා, චෝරකථා ආදි නිසරු බස්වලින් මිදෙන ලෙස බුදුහාමුදුරුවන් උපදෙස් දී තිබෙන්නේ එබැවිනි.
ජීවිතයේ කුමන හෝ අරමුණක් ඉටු කරගන්නට අදහස් කරන අය බාහිර වැඩකටයුතුවලින් හැකි තරම් නිදහස් ව ඒ අරමුණ වෙනුවෙන් කැප විය යුතු ය. තමන්ගෙන් ඉටු විය යුතු සමාජ යුතුකම් අත්හැරිය යුතු යැ යි එය වරදවා තේරුම් නොගත යුතු ය. පවුලේ යුතුකම් ඉටු කිරීම හා සමාජ සේවය පුද්ගලයකු සතු වැඩකටයුතුවලින් කොටසකි. එහෙත් ඒවා තමාගේ දියුණුවට බාධාවක් කරගන්නට වුවමනා නැත.
කරණීය මෙත්ත සූත්‍රයෙහි දියුණුවට අදාළ කරුණු අතර ‘අප්පකිච්චෝ’ යනුවෙන් සඳහන් වන්නේ, බාහිර වැඩකටයුතුවලට මැදි වී කාර්ය බහුල පුද්ගලයකු බවට පත් ව තමන්ගේ දියුණුවට බාධා පමුණුවා නොගත යුතු ය යන්න යි. සන්තුස්සක ගුණය (සෑහීමකට පත් වීම) හා සුභරතා ගුණය (පහසුවෙන් යැපීමට හැකි වීම) අතර සමීප අදහසක් ඇත. ‘සල්ලහුකවුත්ති’ යන ගුණය ද බොහෝ දුරට ඒවාට සම්බන්ධ ය. චාම් සැහැල්ලු දිවිපෙවෙතකට හුරු වීම යනු එහි තේරුම යි. සැහැල්ලු දිවි පෙවෙතකට හුරු වූවොත් එදිනෙදා ජීවිතයේ මතු වන ගැටලු ඉවසා-දරාගෙන සතුටෙන් ජීවත් වන්නට අපට පිළිවන.
චාම් ජීවිතයක් ගත කරන කෙනකුට කායික හා මානසික වශයෙන් විශාල සැහැල්ලුවක් දැනේ. නැති-බැරිකම් ගැන මැසිවිලි නඟන්නට ඔහුට වුවමනා වන්නේ නැත. බඩු-බාහිරාදිය ගොඩ-ගසාගත් විට ඒ හැම එකක් ම නඩත්තු කරන්නට හා ආරක්ෂා කරන්නට අනිවාර්යයෙන් ම සිදු වේ. භාණ්ඩ සියයක් ඇති තැනැත්තාට ඒ හැම එකක් ම ප්රශ්නයකි. අප විසින් සපයාගත යුත්තේ තමන්ගේ පරිහරණයට වුවමනා වැදගත් දේවල් පමණි.
භාණ්ඩ එක්රැස් කර අසල්වැසියන්ට පෙනෙන්නට නිවෙස්වල තබාගැනීමෙන් වැදගත් සමාජ පිළිගැනීමක් ඇති වේ යැ යි සිතීම මෝඩකමකි. පුහු ආටෝපයක් සමාජයට පෙන්වන අයට සලකන ඇතැමුන් අප අතර සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ට පෙනෙන්නට ණය-තුරුස් වෙමින් බඩු බාහිරාදිය ගැනීමේ තේරුම කුමක් ද?
වස්තුව දේපොළ ඇති අය වුව ද චාම් ජීවිතයකට හුරු විය යුතු ය. එය ලෝභකම ලෙස වරදවා සිතිය යුතු නැත. පුද්ගලයකුගේ වටිනාකම මතු වන්නේ ඔහු සතු වස්තුව පදනම් කරගෙන නො වේ; ගුණදහමෙන් පොහොසත් වූ තරමට ය. ඒ නිසා අපේ සිරිත්-විරිත් කතා-බහ සිත් ගන්නාසුලු විය යුතු ය; අඳින-පලඳින, පරිහරණය කරන දේ සරල හා පිරිසිදු විය යුතු ය.
වස්තුව-දේපොළ එක්රැස් කර තබාගැනීම එක් අතකින් අසාධාරණයකි. තවත් පිරිසකගේ ප්‍රයෝජනයට බෙදී යා යුතු දේ පුද්ගලයකු යටතට පත් වන හෙයිනි. බුදුහාමුදුරුවන් සැහැල්ලු දිවිපෙවෙත හෙවත් සල්ලහුකවුත්ති ගුණය අගය කර තිබෙන්නේ මේ හේතු නිසා ය.
‘සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච’ යනු පුද්ගලයකු තුළ ඇති කරගත යුතු යැ යි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් තවත් ගුණ දෙකකි. සන්තින්ද්‍රියෝ යනු ඉඳුරන් සංවර කරගත් තැනැත්තා යි. ඇස්-කන්-නාසාදි ඉඳුරන්ට හිතුවක්කාර ලෙස හැසිරෙන්නට ඉඩ දීමෙන් සිදු වන්නේ ඒවා ඇවිස්සීම යි. සිත පිනවන දේවල් පසුපස හඹා යෑම ඉඳුරන්ගේ ස්වභාවය යි. ඇස පිනවන රූප, කන පිනවන ශබ්ද, නාසය පිනවන සුවඳ ආදි වශයෙන් ඉඳුරන් ආශා කරන දේවල් සොයමින් අප දිවා රෑ වෙහෙසෙන විට, අපේ යුතුකම්, ඉගැනීම, රැකියාව ආදි දියුණුවට අදාළ කටයුතු සියල්ල අතපසු වෙයි. මේ අනතුරෙන් මිදෙන්නට ඉන්ද්රිය සංවරය වුව මනා ය. හදිසි කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි මානසික ආවේගයන් වළක්වාගන්නට හැකි වන්නේ එවිට ය.
ඉඳුරන් සංවර කරගත හැකි මානසික පරිසරයක් ගොඩනඟාගැනීම විශේෂයෙන් වුවමනා කරන්නේ තරුණ වයසේ සිටින අයට ය. දැඩි තීරණ ගැනීම, අන් අයගේ උපදෙස් නොපිළිපැදීම ආදි හිතුවක්කාරකම් මැඬපවත්වාගන්නට ඉන්ද්රිය සංවරය වුවමනා කැරේ. කරණීය මෙත්ත සූත්‍රය පමණක් නො ව, ඉන්ද්රිය සංවරයේ අගය පෙන්වා දෙන බුද්ධ දේශනා රාශියක් ත්‍රිපිටකය පුරා පැතිර තිබේ.
මිනිසා සතුන් අතරින් වෙන් ව කැපී පෙනෙන්නේ ඔහු සතු බුද්ධිය නිසා ය. කරණීය මෙත්ත සූත්‍රයේ ‘නිපක’ යන වචනය යොදා තිබෙන්නේ හොඳ නරක තෝරා-බේරාගෙන කටයුතු කළ හැකි ප්‍රඥාවන්තයා හැඳින්වීමට යි. පුද්ගලයකුට විවිධ විෂයයන් පිළිබඳ දැනුම හා උපාධි සහතික තිබුණු පමණින් ඔහු ප්‍රඥාවන්තයෙක් යැ යි කියන්නට නොපිළිවන. කෙනකුගේ ප්‍රඥාවන්තකම මතු වී පෙනෙන්නේ ඔහු කරන-කියන කටයුතුවලනි; හෙවත් කායික හා මානසික හැසිරීම අනුව ය. පුද්ගලයකුගේත්, සමාජයේත් දියුණුව සඳහා නිපක ගුණය අවශ්‍ය වේ.
‘නැහැදිච්චකම’ යැ යි අපේ ගම්වල භාවිතා කරන වචනයක් තිබේ. පොත්-පත්වල නොසරුප්කම, ප්‍රගල්භය යන වචන යොදා ඇත්තේ ඒ තේරුම දීමට යි. අනුන්ට හිරිහැරයක් වන පරිදි අශීලාචාර ලෙස හැසිරීම නැහැදිච්චකමකි. එය පාලි භාෂාවෙන් පගබ්භ යන වචනයෙනි. ‘අප්පගබ්භෝ’ යන වචනයෙන් අදහස් කැරෙන්නේ හැදිච්චකම හෙවත් ශීලාචාරකම යි.
පොදු වාහන, දේපොළ ආදියට හානි කරන්නේ, පොදු තැන්වල හැසිරෙන විට, පාරේ තොටේ යන එන විට අසභ්‍ය වචන ලියන්නේ කියන්නේ, නැහැදිච්ච අය යි. අනුන්ට කරදරයක් වන ලෙස විහිළු-තහළු කිරීම, කෙනකුට කරදරයක් වන ලෙස මාර්ගයේ කෙසෙල් ලෙලි දැමීම ආදිය වුවත් නැහැදිච්චකමේ ලකුණු ය. කරණීය මෙත්ත සූත්‍රයේ ‘අප්පගබ්භ’ යන වචනය යොදා ඇත්තේ ඉහත කී අන්දමේ නොසරුප් හැසිරීම් රටාවෙන් මිදුණු, ශීලාචාර පුද්ගලයා හැඳින්වීමට යි. දියුණුව කැමැති පුද්ගලයා සමාජයට හිතැති එබඳු ශීලාචාර කෙනකු බවට පත් විය යුතු ය.
‘කුලේසු අනනුගිද්ධෝ’ යනුවෙන් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ, දියුණුව කැමැති පුද්ගලයා තමන්ගේත්, ඇසුරු කරන පවුල්වලත් ගෞරවයට හානි වන අන්දමට ඒවා සමඟ ඇලී-ගැලී කටයුතු කිරීමෙන් වැළැකිය යුතු බව යි. අප විසින් හිතමිතුරුකම් පැවැත්විය යුත්තේ කිසිවකුට කරදර හිරිහැර නොවන අයුරිනි; එසේ ම කාගේත් ආත්ම ගෞරවය ආරක්ෂා වන ආකාරයට යි. එහෙත් සමහරු තමන් ඇසුරු කරන අයට හිරිහැර සිදු වන අයුරින් හැසිරෙති; සමහර විට හිතමිතුරන්ගේ පවුල් ජීවිත පවා අවුල් වන අන්දමට කටයුතු කරති. වේලාව අවේලාව නොබලා ඔවුන්ගේ නිවෙස්වලට යෑමත්, ඕපාදූප කථා කරමින් නිකරුණේ කාලය නාස්ති කිරීමත් මිතුරන්ට කරන අයහපතකි. එයින් හිතවත්කම් පලුදු වන්නට ද ඉඩ තිබේ.
පැවිදි ජීවිතයක් ගත කරන උතුමකුගේ චරිතයට විශේෂයෙන් බලපාන කාරණයක් නම්, සීමාව ඉක්මවා දායක පවුල් සමඟ හිතවත්කම් පැවැත්වීම යි. එවැනි උතුමකුගේ කාර්යය විය යුත්තේ දායකයන්ගෙන් යැපෙමින්, ධර්මානුකූල ව ඔවුන්ට යහමග පෙන්වාදීමත්, තම ගුණ-නුවණ දියුණුවට කටයුතු කරගැනීමත් ය. පැවිදි උතුමන් දායක නිවෙස්වලට නිතර යමින්-එමින්, දායකයන් සමඟ තමන්ට නොගැළැපෙන අන්දමේ සම්බන්ධකම් පැවැත්වූවොත්, එය දෙපිරිසගේ ම ගරුත්වයට කැළැලකි.
අප කවුරුත් කැමැති අන් අයගෙන් හිරිහැරයක් කරදරයක් නැති ව ජීවත් වන්නට යි. සමාජයේ අනෙක් අයගේ බලාපොරොත්තුවත් එය යි. වැරැදි අඩුපාඩුකම් නැති මිනිසුන් අපට කිසි දාක හමු නො වේ. අප තුළත් අපමණ වැරැදි තිබේ. අප නිතර ම වෙහෙසිය යුත්තේ අපේ වැරැදි අවම කරගෙන ජීවත් වන්නට යි.
අප කරන, කියන, හිතන හැම දෙයක් ම හිතා-බලා කරන්නට පුරුදු වීම වැරැදි අඩු කරගන්නට තිබෙන හොඳ ම මාර්ගය යි. තමන්ට හෝ අනුන්ට හෝ හිංසාවක් පීඩාවක් සිදු නොවන ලෙස හැසිරෙන්නා නිවැරැදි ව ජීවත් වන්නෙකි. දිළිඳුකමින් පීඩා වින්දත් නිවැරැදි ජීවිතයක් ගත කරන්නකුට පුදුමාකාර මානසික සතුටක් දැනේ. බාහිර සම්පත්වලින් පිරී-ඉතිරී ගියත් වැරැදි වැඩවල යෙදෙන්නාට එබඳු මානසික සතුටක් නැත. ‘න ච ඛුද්දං සමාචරේ’.
කොපමණ අකටයුතුවලින් මුදල් ඉපැයූවත්, වැරැදි වැඩ කළත් ඇතැමුන් කිසි කරදරයක් නැති ව සතුටින් ඉන්නේ කෙසේ ද? අප දැහැමි ව සිටිතත් මේ තරම් දුක් කරදරවලට මුහුණ දෙන්නේ ඇයි දැ? යි බොහෝ දෙන ප්‍රශ්න කරති.
අප කවුරුත් සසර ජීවිතවල සිදු කළ කුසල – අකුසල කර්මවල කෙළවරක් නැත. පෙර ජීවිතවල සිදු කළ කුසල හෝ අකුසල කර්මයක් බලවත් නම්, මේ ජීවිතයේදී එයට මුල් තැන ලැබෙන්නට පිළිවන. ඒ නිසා වැරැදි කරන අය හොඳින් ජීවත් වන බවක් දක්නට ලැබේ. එහෙත් බාහිර ව පෙනෙන සතුට සැබැවින් ම ඔවුන්ගේ හදවත් තුළත් තිබේ ද? යන්න සැක සහිත ය.
කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් පරිදි, අත්ථකුසල පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග යළිත් නම් වශයෙන් දැක්වූවොත් මෙසේ ය: 1. දක්ෂකම, 2. අවංකකම, 3. කීකරුකම, 4. මුදුමොළොක් බව, 5. නිහතමානිකම, 6. සෑහීමට පත් වීම, 7. පහසුවෙන් යැපීම, 8. කාර්ය බහුල නොවීම, 9. සරල ජීවිතය, 10. ඉන්ද්රිය දමනය 11. නුවණැති බව, 12. ශීලාචාරකම, 13. පවුල් සමඟ මනා සබඳකම්, 14. සුළු වරදක් වත් නොකිරීම.
දියුණුව අපේක්ෂා කරන අත්ථකුසල පුද්ගලයාගේ කායික, වාචසික හා මානසික හැසිරීම කෙබඳු විය යුතු ද? යන්න එක්තැන් කරමින් බුදුහාමුදුරුවන් ඒ ගුණාංග සියල්ල කෙටියෙන් සඳහන් කර ඇත. එය දැක්වෙන්නේ “න ච ඛුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං” යනුවෙනි. නුවණැති අය දොස් නඟන ඉතා සුළු වරදක් වත් නොකළ යුතු ය යනු එහි සරල අදහස යි.
අපේ වැරැදිවලට දොස් නඟන නුවණැත්තන් ලෙස මෙහිදී අදහස් කරන්නේ දෙමවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, හිතමිතුරන් හා පැවිදි උතුමන් ය. ඒ අය එසේ කරන්නේ අප කෙරෙහි කරුණාවෙනි; අප යහමගට ගැනීමේ අරමුණිනි. මෝඩයන් හා විරුද්ධකාරයන් නඟන නින්දා අපහාස ගැන අප කලබල විය යුතු නැත. ඔවුන්ගෙන් ගැලැවෙන්නට අප කාට වත් නුපුළුවන. නුවණැත්තන් දෙන අවවාද හා උවදෙස් පිළිගෙන ඒ අනුව ජීවිතයේ දියුණුව ඇති කරගන්නට අපි වෙහෙසෙමු.
ධර්මය ගැඹුරු නිසාත්, ත්‍රිපිටකය කියවන්නට නොදන්නා නිසාත් බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නට අමාරු යැ යි සිතිය යුතු නැත. බුදුදහම ගැන පුළුල් දැනුමක් නැතත්, කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ගුණාංග අනුව ජීවිතය හැඩගස්සවාගන්නේ නම් බුදුදහමෙන් ලබන ඒ ප්‍රයෝජනය ද ඉතා වැදගත් ය. ආචාරශීලී ගුණගරුක පුද්ගලයකු බවට පත් වන්නට වුවමනා පදනම එහි තිබේ.
සියලු සත්ත්වයෝ ලෙඩ-දුක් නැති වීමෙන් කායික සුව ලබත්වා! භය තැති ගැනීම් ආදි උවදුරු නැති වීමෙන් මානසික සුවය ලබත්වා! සැපවත් ජීවිත ගත කරත්වා! යනුවෙන් ඇරැඹෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ දෙවන කොටස යි. ලොව සියලු සතුන් වෙත මෙත් සිත් පතුරු-වන අයුරු එහි කෙටියෙන් දැක්වේ. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! යන පිළිවෙළට එය වඩා සරල ලෙස යොදාගත හැකි ය. “සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යනුවෙන් පාලි වාක්‍යය ද ඒ සඳහා භාවිත කළ හැකි ය.
මිතුරා යන වචනය අප පාවිච්චි කරන්නේ අපට අවංක ව ම හිතවත් ව කටයුතු කරන පුද්ගලයාට යි. ඔහුගේ ගුණය මෛත්‍රිය යි; හෙවත් මිතුරුකම යි. මිතුරකුගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් ඇත. පළමු වැන්න තම හිතවතා ඇති-නැති හැම තැනකදී ම ඔහුගේ යහපත සඳහා කටයුතු කිරීම යි. දෙවැන්න නම් උවදුරුවලින් තම හිතවතා බේරාගැනීම යි. මෛත්‍රී භාවනාව කරන පුද්ගලයා තුළ ද මේ ගුණාංග දෙක ඇත.
මෛත්‍රී භාවනාව කරන්නාගේ මිතුරුකම එක් අයකුට හෝ පිරිසකට සීමා වූවක් නො ව, ලෝ වැසි සියලු දෙනා වෙත පැතුරුණු එකකි. සත්ත්ව යන වචනයෙන් මිනිසුන් ඇතුළු සියලු ප්‍රාණීහු අදහස් කෙරෙති. ලෝකයේ විවිධාකාර සත්ත්වයෝ සිටිති. සිරුරේ හැඩය, හැසිරීම, මනසේ ක්‍රියාකාරිත්වය සහ ජීවත් වන පරිසරය අනුව ඔවුන් වර්ග කළ හැකි ය. ඒ අනුව සියලු සත්ත්වයන් වෙන් වශයෙන් හඳුනාගැනීම මෛත්‍රී භාවනාව වැඩීමේදී ඉතා ප්‍රයෝජනවත් ය. එවිට කිසි ම සත්ත්වයකු අත්නොහැර, හැමදෙනා කෙරෙහි ම මෙත් සිත පැතිරැවිය හැකි වන බැවිනි. මෛත්‍රී භාවනාව වැඩීමේදී ලොව සියලු සතුන් වෙන් වශයෙන් හඳුනාගැනීම ධර්මයෙහි හැඳින්වෙන්නේ සත්ත්වාරම්මණය පරීක්ෂා කිරීම යනුවෙනි.
කරණීය මෙත්ත සූත්‍රයේ “යේ කේචි පාණ භූතත්ථි...” යනාදි වාක්‍යයෙන් සිදු කැරෙන්නේ සත්ත්ව වර්ග වෙන් කර දැක්වීම යි. අපේ ඉඳුරන්ට හසු නොවන බොහෝ දේවල් ලෝකයේ ඇත. අප අවට ලෝකයේ ඇසට නොපෙනෙන විවිධාකාර සත්ත්වයෝ සිටිති.
“තසා වා ‘ථාවරා’ අනවසේසා...” මෙහි ‘තසා’ යනු බියෙන් තැති ගත් සත්තු ය. ‘තස’ යනු කෙලෙස් සහිත සත්ත්වයෝ ය. ඔවුහු බියෙන් පෙළෙති. ථාවරා යනු කෙලෙස් බිය නැති කළ රහත් උතුමෝ ය. ‘දීඝා’ පිඹුරන් ආදි දිග සත්තු ය. ‘මහන්තා’ අලි ආදි මහත සත්තු ය. ‘මජ්ක්‍ධිමා’ ගවයන් වැනි මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ඇති සත්තු ය. ‘රස්සකා’ වැඩි උස හා දිග නැති සත්තු ය. ‘අණුකා’ ඇසට නොපෙනෙන තරම් සියුම් සිරුරු ඇති ජලයේ, පොළොවේ හා වාතයේ සිටින සත්තු ය. ‘ථූලා’ ඉබ්බන් වැනි මහත සත්තු ය.
“දිට්ඨා වා යේව අද්දිට්ඨා...” - අප දුටු හා නුදුටු සත්තු ය. “යේ ච දූරේ වසන්ති අවිදූරේ...” - අපෙන් ඈත හා අප ළඟ ජීවත් වන සත්තු ය. “භූතා වා සම්භවේසී වා...” - මෙහි ‘භූතා’ යනු උපත ලද සත්තු ය. “සම්භවේසී” – ඉපදීමට බලාපොරොත්තුවෙන් සිටින සත්තු ය.
මේ අයුරින් සියලු සතුන් වෙන් වශයෙන් සිහිපත් කරමින් කිසි ම කොටසක් හෝ අත් නොහැර සියල්ලන් ම මෛත්‍රී භාවනාවට අරමුණු කරගත යුතු ය. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා...” සියලු සත්තවයෝ සුවපත් වෙත්වා! යනුවෙන් භාවනා කළ යුතු ය. මිනිසුන්ගේ හා සතුන්ගේ ජීවිත සමාන වටිනාකමකින් සලකා කටයුතු කරන්නට බුදුහාමුදුරුවන් අපට උගන්වා ඇත. මෙය බුදුදහමේ විශේෂ ලක්ෂණයකි.
මෙහිදී ඉතා වැදගත් වන්නේ සියලු සතුන් කෙරෙහි සමාන සිතක් ඇති කරගැනීම යි. අපට හිතවත් මෙන් ම, අහිතවත් අය කෙරෙහි ද සමාන සිතක් ඇති කරගෙන ඒ සියලු දෙනා ම නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! යන සිතිවිලි හිතේ තහවුරු කරගන්නට හැකි නම්, අප තුළ මෛත්‍රිය පවතියි.
සතුරකුට මෛත්‍රිය දැක්වීම පහසු දෙයක් නො වේ. සතුරා සිහිපත් වන විට සිතේ මතු වන්නේ ද්වේෂය යි. එහෙත් විශේෂයෙන් මෛත්‍රීය දැක්විය යුත්තේ සතුරා කෙරෙහි ය. සතුරකු අපට දිගට ම හිරිහැර කරද්දීත් නිහඬ ව සිටීම ඇතැමුන් හඳුන්වන්නේ නෝන්ජල්කමක් වශයෙනි. එහෙත් සතුරකුට එරෙහි ව සතුරුකම් කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත.
යම් කිසිවකුගෙන් අපට සිදු වන කායික හෝ මානසික හිරිහැරයට වඩා අපේ අවධානය යොමු විය යුත්තේ, එයට එරෙහි ව හිංසා පීඩා කිරීමෙන් අපට සසර දිගු කලක් විඳින්නට සිදු වන දුක් ගැහැට කෙරෙහි ය.
කරණීය මෙත්ත සූත්‍රයේ මෙසේ සඳහන් කර තිබෙන්නේ මෛත්‍රිය වඩන්නාගේ සිතේ ඇති වන සිතිවිලි පිළිබඳ ව යි. කිසිවෙක් කිසිවකුට නින්දා, අපහාස, රැවටීම්, හෙළාදැකීම් නොකෙරේවා යනු “නපරෝ පරං නිකුබ්බේථ නාතිමඤ්ඥේථ කතථචි නං කඤ්චි...” වාක්‍යයෙහි අදහස යි.
පුද්ගලයකුට හිරිහැර හිංසා සිදු කරන අන්දම විවිධාකාර ය. රවා බැලීම අත් ඔසවා තර්ජනය කිරීම, පහරදීම ආදි ක්‍රියාවලින් කෙනකු බිය ගැන්වීම සිදු වෙයි. ඇතැම් විට බැණවැදීම් ද කැරේ. රැකියාව හා නවාතැන අහිමි කරන්නට පිළිවන. ‘බ්‍යාරෝසනා’ යනු කයින් හෝ වචනයෙන් හෝ කෙනකුට එවැනි අයහපතක් කිරීම යි. ඉහතින් පැහැදිලි කර තිබෙන්නේ කිසිවෙක් හිංසා නොකෙරේවා යන මෙත් සිත පෙරදැරි කරගත් පැතුමකි. ‘පටිඝසඤ්ඤා’ යනු සිත කිලිටි කරන සිතිවිල්ලකි. එහි තේරුම කෙනකු වැනැසේවා! යැ යි සිතීම යි. මෛත්‍රී භාවනා කරන්නා අනුන්ට දුක් කරදර සිදු වනවාට කැමැති නැත. “නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය...” යන්නෙන් කියැවෙන්නේ එය යි.
අපේ සිත්වල මෛත්‍රිය දියුණු කරගත යුත්තේ කුමන ආකාරයට ද යන්න පැහැදිලි කරදීමට බුදුහාමුදුරුවන් යොදාගෙන තිබෙන්නේ ඉතා උසස් උපමාවකි. ඒ මවු සෙනෙහස යි. මවකගේ දරු සෙනෙහස ලොව සෑම කෙනකුට ම තේරුම් ගත හැකි ය. “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවං පි සබ්බ භූතස්මිං මානසම්භාවයේ අපරිමාණං...” මවක් ඇයගේ එක ම දරුවා අසීමිත මෛත්රියකින් සිය දිවි තිබෙන තුරු රැකබලාගන්නේ යම් සේ ද, සියලු ප්‍රාණීන් කෙරෙහි එවැනි මෛත්‍රියක් සිතෙහි ඇති කරගන්න යනු එහි අදහස යි. “මෙත්තං ච සබ්බ ලෝකස්මිං මානසම්භාවයේ අපරිමාණං...” මුළු ලෝකය පුරා ම එක සමාන ව පැතිර යන මෛත්‍රියක් සිතෙහි ඇති කරගත යුතු ය.
“උද්ධං අධෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං” යනුවෙන් උඩ-යට හාත්පස වෙසෙන සියලු සතුන් කෙරෙහි කිසි ම තරහක් හෝ හිංසාවක් හිතේ ඇති කරනොගැනීමට කරණීය මෙත්ත සූත්‍රයෙන් උපදෙස් ලැබෙයි. සියලු සතුන්ට සැපතක් ම වේවා යන මෙත් සිතිවිල්ල කිසිදු බාධාවකින් තොර ව නිරතුරු ව සිතේ පවත්වා-ගන්නට අපට හැකි නම්, එයින් පෙනෙන්නේ මෛත්‍රී භාවනාව දියුණු තත්ත්වයකට පත් ව ඇති බව යි.
“තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අධිට්ඨෙය්‍ය...” මෛත්‍රී භාවනාව කරන්නට විශේෂ ඉරියවුවක් වුවමනා කරන්නේ නැත. එක තැනක සිටගෙන හෝ ඇවිදිමින් හෝ හිඳගෙන හෝ වැතිරගෙන හෝ මෛත්‍රී භාවනාව වැඩීමට පිළිවන. එයින් පෙනෙන්නේ ඒ සඳහා විශේෂ සූදානමක් වුවමනා නැති බව යි. ඒ අනුව මෛත්‍රී භාවනාව අප සැමට ම එදිනෙදා ජීවිතයේ වෙනත් කටයුතු කරන අතරේ පහසුවෙන් කළ හැකි භාවනාවකි. ඒ සඳහා වුවමනා වන්නේ ‘විගතමිද්ධෝ’ යනුවෙන් උගන්වා ඇති ආකාරයට සිත කය දෙකෙහි උදාසීන බව නැති කරගැනීම පමණි.
බ්‍රහ්ම යනු දෙවියන්ටත් වඩා උසස් සත්ත්ව කොට්ඨාසයකි. පෙර ජීවිතවල මෛත්‍රී භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු ඒ උසස් තත්ත්වයට පත් ව සිටිති. මෛත්‍රිය සිත තුළ දියුණු කරගත හැකි නම් පුද්ගලයකුට මේ අත්බවේදී ම බ්‍රහ්මයකුට සමාන උසස් මානසික තත්ත්වයකින් ජීවිතය ගත කළ හැකි ය.
“බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු...” යන වැකියෙන් කියැවෙන්නේ ඒ බව ය.
මෛත්‍රී භාවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන බණ පොත්වල නිතර සඳහන් වෙයි. මෙත්තානිසංස අපට ලැබෙන ප්‍රයෝජන ගැන බණපොත්වල නිතර සඳහන් වෙයි. මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් කාරණා මෙහිදී අපට විමසා බලන්නට පුළුවන. පහත දැක්වෙන්නේ එම අනුසස් ය.
නිතර මෙත් සිතිවිල්ලෙන් කල් ගෙවන්නා සුව සේ නිදයි; සුව සේ අවදි වෙයි; මිනිසුන්ට පි‍්‍රය වෙයි; අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි; දෙවියෝ ඔහුට රැකවරණය සලසති; ගින්දරෙන් වස-විසවලින් හා ආයුධවලින් ඔහුට සිදු වන උවදුරු වළකියි. ඔහු වහා සිත එකඟ කරගනී. ඔහුගේ මුහුණ පැහැපත් ය. මනා සිහි නුවණින් යුතු ව අවසන් හුස්ම හෙළයි. මෙලොවදී රහත් බව නොලැබුවොත්, මතු බඹ ලොව උපදියි.
අවසානයේ සඳහන් කරුණ හැරුණු විට ඉතිරි ආනිසංස මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල වශයෙන් අපට මෙලොවදීම ළඟා කරගත හැකි ඒවා ය. මෛත්‍රිය යනු මිතුරකුගේ ස්වභාවය යි. හොඳ මිතුරකුට සමාජයෙන් ලැබෙන යහපත් ප්‍රතිචාරය ගැන විස්තරයක් ත්‍රිපිටකයේ ඇතුළත් මිත්තානිසංස සූත්‍රයේ තිබේ. මෛත්‍රී භාවනා කරන පුද්ගලයා ද සමාජයේ මිතුරකු නිසා ඔහුට එම ආනිසංස හිමි වෙයි.
සමාජයේ සියලු දෙනා කෙරෙහි ම මිත්‍රශීලි හැඟීමෙන් කටයුතු කරන පුද්ගලයා යන එන හැම තැනකදී ම සංග්‍රහ ලබන බව මිත්තානිසංස සූත්‍රයේ දැක්වෙයි. ඔහුගේ ඇසුරේ සිටින අයට ද ජීවත් වීමට මග සැලැසෙයි. ඔහු සෑම තැනකදී ම ගරු-බුහුමන් ලබයි. සොර–සතුරන්ගෙන් ඔහුට උවදුරු ඇති නො වේ. රජවරු ඔහුට හිරිහැර නො කරති. සිනා මුසු මුහුණින් නිවෙසින් පිට වන මෛත්‍රී භාවනා කරන්නා ආපසු නිවෙසට එන්නේත් සිනා මුසු මුහුණින් යුතු ව ය; නෑදෑයන් අතර කැපී පෙනෙයි. ඔහුගේ ගුණ-යහපත්කම් ගැන උත්සව සභාවල කථා කරන අතර, කීර්තිය සිව්දිග පැතිර යයි. මිත්‍රශීලී පුද්ගලයාට යස-ඉසුරු හා පිරිවර සම්පත්වලින් අඩුවක් නැත. දෙවියකු මෙන් බබළන ඔහු වෙත සිරිකත ළඟා වෙයි. ඔහු කරන රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. ඔහුට හොඳ දරුවන් ලැබෙන අතර, වගා කරන ගස්වැල්වල හොඳින් පල දරන අත්ගුණයක් ඇත. හදිසි අනතුරුවලින් පුදුම සහගත ලෙස ඔහු බේරෙයි. හොඳින් මුල් බැසගත් නුග ගසක් සුළඟට නො වැටෙයි. එසේ ම සමාජයේ මුල්බැසගත් අවංක මිතුරකු වනසන්නට සතුරන්ට නොහැකි ය.
මහපිරිත් පොතේ ඇතුළත් ඛන්ධ පරිත්තයෙහි මෛත්‍රී භාවනාවේ යෙදෙන්නට අනුබල දෙන වැදගත් සිද්ධියක් සඳහන් වේ. සර්පයකු දෂ්ඨ කිරීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ පුවත ඇසූ බුදු හාමුදුරුවන් වදාරා තිබෙන්නේ, එම භික්ෂුව මෛත්‍රී භාවනාව වැඩුවා නම්, එබඳු ඇබැද්දියකට මුහුණ නොපාන බව යි. එසේ ම මෛත්‍රිය සත්‍යක්‍රියාවක් වශයෙන් යොදාගත හැකි බව ඛන්ධ පරිත්තයෙන් පැහැදිලි වේ. මෛත්‍රී භාවනාවේ අනුසස් ඇසීමෙන් කෙනකුට ඇති වන්නේ හැඟීම් පමණි. අප ප්‍රායෝගික ව එහි නිරත වී ජීවමාන අත්දැකීම් වශයෙන් මෛත්‍රී භාවනාවේ අනුසස් භුක්ති විඳින විට සිතට දැනෙන සතුට වචනයෙන් කිව නොහැකි ය.
............................................... ....................................................