කරදරකාරී Call වලට ගේමක් දෙමුද?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කරදරකාරී Call වලට ගේමක් දෙමුද?


    article-2167683-0C6EFE84000005DC-962_468x286.jpg

    හරි අපි වැඩෙට බහිමු...

    ඔයලට එහෙම කරදරකාරී පුද්ගලයන්ගෙන් දුරකතන ඇමතුම් එනව නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා. ගන්න ඔබේ ජංගම දුරකතනය අතට. මං මේ පහත කියන විදිහට සෙට්ං සකස් කරන්න.

    Menu --> Settings --> Call settings --> Call divert --> Divert if not answered --> Activate --> To other number -->********(මෙතනට ඔයලගෙ වැඩ කරන්නෙ නැති ඔන නොම්බර් 1කක් දන්න) --> OK -->20 seconds තෝරන්න..




    ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔන්න කරදර කාරයා ගන්නවා කෝල් එකක්. ඔයා කෝල් එකට ආන්සර් කරන්න එපා. 20 seconds ගතවුනාම කෝල් එක කට් වී එයාට මෙන්න මෙහෙම ඇහෙනවා. " ඔබ ඇමතූ දුරකතන අංකය වෙනස්කර ඇත" එතකොට එයා හිතනවා මෙන්න මෙහෙම "නම්බර් එක වෙනස් කරලනේ" දැන් ඉතින් වැඩක් නෑ කියල එයා වැඩේ අල්ලදාල නිකම් ඉන්නවා. එයාගෙන් ආයිත් කරදර නෑ ඔන්න.




    දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ අම්ම තාත්තා එහෙම නැත්නම් ඔයාගේ හිතයත් යාලුවෝ කෝල් කළාමත් එහෙම වෙනවද? ඔව්, එහෙම වෙනවා. ඒක නිසා තප්පර 20ක් ගිහින් කෝල් එක කට් වෙන්න කලින් ඔයා කෝල් එකට ආන්සර් කරන්න ඕනා. එහෙම නොවුන හොත් ඒගොල්ලොත් හිතයි ඔයා නම්බර් එක වෙනස් කරලා කියල.ඒ වගේම කෝල් එකක් ඇවිදිල්ලා කට් වුනාම ඒක මිස් කෝල් එකක් විදිහට සටහන් වෙනවා. ඒක නිසා කවුද ඔයාට කතා කරල තියෙන්නේ කියල බලාගන්නත් ඔයාට පුළුවන්.ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙන්න ඕනා මේ වැඩේ සිදුවෙන්න නම්. නමුත් මේ සඳහා සතයක්වත් කැපෙන්නේ නෑ.

    stop-calls-sign.gif

    ටික දිනක් ගියාට පස්සේ මේ ක්‍රියාව නවත්වන්න ඔයාට ඕනා නේද. ඒ කියන්නේ ෆෝන එක කලින් තිබුන තත්ත්වයට පත්කරගන්න ඕනනේ. ඒ සඳහා පහත සඳහන් විදිහට සෙටිං සකසන්න.

    Menu --> Settings --> Call settings --> Call divert -->Cancel all diverts
    කරන්න.




    ඔයාට වෙනස් කරපු ඕනෑම අංකයක් මේ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම භාවිතයේ නැති අංකයක් යොදාගත්තොත් "ඔබ ඇමතූ දුරකතන අංකය භාවිතයේ නැත" කියල කියාවි. නිතර නිතර අසභ්‍ය දේවල් වලින් ඔයාට බනිනවා නම් කව්රු හරි, පොලීසියේ දුරකතන අංකය ඒ සඳහා යොදාගන්න. හැබැයි එහෙම කරනවා නම් ඔයාට එන කෝල් ගැන දැඩි සෝදිසියෙන් ඉන්න ඕනා. සතුරගේ කෝල් එක විතරක් පොලීසියට යන්න ඉඩ දෙන්න. අනෙත් කෝල් වලට ආන්සර් කරන්න. එහෙම නැත්නම් කට් කරන්න. ඉබේ කට් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් පොලීසියට තමයි කෝල් එක යන්නේ...........හිහිහිහිහිහිහි

    උපුටා ගැනීම

    http://pchomelk.blogspot.com/2012/04/blog-post_10.html
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ape gedara kattiyata thamai ban ooka karanna oone, wena kauruth karadara karanne na.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    දැට් ඊස් විශ්මිත අයිඩියා මචන් කෝල් එක කට් වෙලා යනකොට පොලිසියට යන්නෙ එතකොට බඩුම තමා :P
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Oka hariyanne na ban Divert wenawata apen kapenawa, eetawada hodayi phone eke settings wala thiyenawa Block Number eka dammanam block wenawa, calls enne na