කරදරයක්

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ

    අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා

    පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක

    පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා
    ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ

    අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු

    දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා

    මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි

    මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ

    දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න




    මචං, මොකද උනේ මේ කේස් එක? සේරම ලියලා දාන්න මිනිස්සුන්ට අත්දැකීම් එකතු වෙනවා ඒකෙන්, මොකක්ද කරන්න පුළුවන් කියලා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113




    මචං, මොකද උනේ මේ කේස් එක? සේරම ලියලා දාන්න මිනිස්සුන්ට අත්දැකීම් එකතු වෙනවා ඒකෙන්, මොකක්ද කරන්න පුළුවන් කියලා.


    අනිවා බන් . මේ නූලට මම කොමෙන්ට් දාන්නෙත් ඒකයි . නැත්තම් මතක් වෙන වාරයක් ගානේ අපරාදේ කියලා හිතෙනවා . උසාවි ගියාම තමයි තේරෙන්නේ අපි වගේම අසරණ වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද කියලා . සමහර මිනිස්සුන්ගේ රුපියල් කෝටි ගණන් . ඒවගේ දීලා තියෙන ගේම් ඇහුවම පිස්සු හැදෙනවා . තනිකර ෆිල්ම් වගේ .
    උඹලත් පරිස්සම් වෙයන් .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mewage dewal karana unta hena gahala ayetha gahanna ona kaalakanni..:growl:


    වැඩක් නෑ බන් කතා කරලා . උඹ කියන්නේ සමහර මිනිස්සු දන්නේ නැතුව ගෙවල් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙලා . බැංකුවෙන් ණයත් දීලා . අවුරුදු ගාණක් පැනපු ඒවා අය්ති වෙන්නේ දැන් ගේ හදාගෙන ඉන්න එකාටලු . අනික් එක ඒවගේ සීන් වලදී උසාවියේදී කියනවලු අපි පාරට යන්නද ඉතින් හදාගත්ත ගෙදර දාලා කියලා . ඇයි ගෙදර උගේ ඉඩම තව එකෙක්ගේ . ඉඩම් නඩු ඉතින් මැරෙනකන් කිය කිය ඉන්න පුළුවන් . ලොයර්ලට තමා වාසි .
    අපේ හොඳ වෙලාවට වැඩේ කලින් පත්තු උනේ . නැත්තම් අපිත් ගෙයක් හදලා .
    බලපන් ඉඩමේ ඔප්පුවේ අය්ති කාරයාගේ පින්තූරයක් අලවලා තිබ්බනම් මේ මුකුත් ප්‍රශ්ණ නෑනේ . නැත්තම් database එකක අය්ති කාරයාගේ හරි විස්තර පින්තූරයක් තිබ්බනම් තව ලේසියි .
    මේ හොර ඔප්පු හදන්නේ ඉඩම් දෙපාර්තමේන්තුව අතුලෙන්මලු . වැටත් නියරත් ගොයම් කා නම් තව කවර කතාද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    නැත්තම් database එකක අය්ති කාරයාගේ හරි විස්තර


    Dan nam ehema thamai karanne Bimsaviya kiyala program ekak


    Thiyena idamuth aye manala database ekakata damma


    Thaama karanawada danne na eka habai MR ge program ekak ne :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙම ඉඩම මිල දී ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
    විරෝධතා හෝ අයිතිවාසිකම් ඇති අය වහාම මේ දුරකථන අංකයට දන්වන්න කියල ඉඩම මැද බෝඩ් එකක් ගහන්න තමයි වෙන්නේ..... :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    <b>
    මෙම ඉඩම මිල දී ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
    විරෝධතා හෝ අයිතිවාසිකම් ඇති අය වහාම මේ දුරකථන අංකයට දන්වන්න කියල ඉඩම මැද බෝඩ් එකක් ගහන්න තමයි වෙන්නේ..... :(
    </b>


    Bank ekak haraha gaththoth moko. Ethakota bank eken check karaine.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මේකයි බන් අපේ නෑදෑ වෙන කෙනාට මේ ලඟදි පෝරියල් එක සෙට් උනා . පොඩි පොඩි ජල්තර වගේකට සුමාන දෙකක් ඇතුලෙත් හිටියා .කළකම් පල දුන්නා .
    අපේ දුර නෑදෑයෙක් නිසා අපි තරම දැනන් හිටියෙත් නෑ . විශ්වාසය නිසා තමා කෙළ උනේ .

    හැබැයි උඹ කියනවා වගේ මේකේ අය්තිකාරයා ගේමේ ඉන්නවා .අය්ති එකාට විරුද්දව උසාවියේ පොලිසියේ කිසිම දෙයක් නෑ . ඌ නම් කිව්වේ හොරා ඇවිල්ලා ෆොටෝකොපි අරන් ගියා ඒවගෙන් වෙන්න ඇති හොර ඔප්පු හදන්නේ කියලා . අපිට පොලිසියෙන්මයි කිව්වේ මේ හොර ඔප්පු හදන්නේ land registry එකෙන්මලු . තව මොන කතාද බන් ඉතින් . මම මේ thread එක දැම්මෙත් මට උදව්වක් එයි හරි අඩුම ගානේ මේක කියවන එකෙක් හරි දෙයක් ඉගෙන ගනී කියලා .
    පුළුවන් නම් loan එකක් දාලා ඉඩමක් ගනින් අතේ සල්ලි තිබ්බත් මොකද උන් හොයනවා ඔක්කොම ආරේ ඉදන් පූරට. අපේ සිද්දියේදී තාත්තටවත් මටවත් loan දාන්න පුළුවන් කමක් තිබ්බේ නෑ .




    athe salli tibat bank loan dala idam ganna kiyala tamai kiyanne kattiya :confused::confused:

     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Dan nam ehema thamai karanne Bimsaviya kiyala program ekak


    Thiyena idamuth aye manala database ekakata damma


    Thaama karanawada danne na eka habai MR ge program ekak ne :lol:


    අනේ හොඳයි බන් . ලොකුම දෙයක් ඒකනම් . මම නම් කියන්නේ අපිට වෙච්ච දේ කිසිම මිනිහෙක්ට වෙන්න එපා කියලා . මම මේකේ දැම්මේ නැති උනාට අපි වංචා විමර්ශනේට ගිහිල්ලා සෑහෙන්න රස්තියාදු උනා . ඒ වගේම අපේ නෑදෑයා ඉන්න තැන පෙන්නන්න පොලිස් වාහන වල ත්‍රිවීල් වල යන්න උනා . ඒ දවස්වල හරියට කෑමක් බීමක් නෑ .
    උඹලා දන්නවනේ පොලිසියටත් සල්ලි විසි කරන්න පුළුවන් නම් උන් එකෙන්ම හොයනවා . නැත්තම් ඉතින් ඔහේ ඉන්නවා .
    මම කිව්වම හොරා ගියේ අහවල් වීල් පාක් එකේ රතු පාට එකක කියල පොලිසියෙන් කියනවා අපිට ගිහිල්ලා වීල් කාරයන්ගෙන් විස්තර අහන්න එන්න කියලා . යකෝ අපිට ඕවා කරන්න පුළුවන් නම් පොලිසියක් මොකටද ? අපි ඇහුවට වීල් කාරයෝ හරියට මුකුත් කිව්වේ නෑ . හැබැයි පොලිසිය ඇහුවොත් කතාව වෙනස්නේ .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    <b>
    මෙම ඉඩම මිල දී ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
    විරෝධතා හෝ අයිතිවාසිකම් ඇති අය වහාම මේ දුරකථන අංකයට දන්වන්න කියල ඉඩම මැද බෝඩ් එකක් ගහන්න තමයි වෙන්නේ..... :(
    </b>


    සිරාවට බන්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Meke aluth update eka mokada machan,,
    Salli hamba unada? Nadu demmada?


    නඩුවක් තියෙනවා මචන් . ඒවුනාට හොරා අල්ලලා නැති නිසා නඩුව ඉස්සරහට ගෙනියන්න විදියක් නෑ. උඹ බැලුවද දන්නේ නෑ අර අඩෝ කියලා නාට්‍යකත් ඉඩම් කේස් එකක් පෙන්නුවා. අපේ වගේ පොඩි ඒවාට නෙමේ කෝටි ගණන් වටිනා ඉඩම් වලට දේශපාලුවොත් සම්බන්දයි. ඒකයි පොලිසියෙන් උනත් හොයන්න උනන්දු නැත්තේ.
    උඹත් පරිස්සම් වෙයන් ඉඩම ගනිද්දී. බැංකු ලෝන් එකක් දාලා ගත්තනම් ගොඩ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මර සින් එකක් එකක් නේ බන්. මගේ වාහනයක් තැනකට රෙන්ට් එකට දුන්නා මාස 6කට වගේ. කම්පැනි එකෙන් ඩ්‍රයිවර් එවලා තිබ්බේ . මම අයි ඩි කොපි ලයිෂන් එකේ කොපි අරගෙන මිනිහගෙන් ලෙටර් එකකුත් ගත්තා වාහනේ බාරගත්ත කියලා .. කෝකටත් කියලා හොරෙන් Photos දෙක තුනක් ගත්ත පැහැදිලිවම මුණ පේන. හදිස්ස්යේ හරි මු මාරු උනොත් අර ලියකියවිලි බොරු නම් ආයේ හොයනවා බොරුනේ. photo එකක් තිබ්බා නම් මොනවහරි ගේමක් ගහගන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: aneasarayana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    උඹ හරි මචන්.අපි නෑදෑය විශ්වාස කරපු නිසා වැඩේ කෙල උනේ .
    නෑයා ට අරු කොහෙන්ද හම්බෙලා තිනන්නේ. මචන් ඔහොම සීන එකක් උනාම උසාවි නියෝගයක් දෙන්නේ නැද්ද අර වැඩ නැති නම්බර් එකේ විස්තර එකේ කලින් ගත්තට කෝල්ස් ගැන එහෙම. ලේසියෙන් හොයන්න පුළුවන්. එත් ලාංකවනේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.

    :yes::yes::yes:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    aneasarayana බැලුවා බන් said:
    ඉතින් උඹ Lawyer ගෙන් ඇහැව්වේ නැද්ද ඇයි හරියට චෙක් කරලා නැතුව ඔක්කොම හරි කිව්වේ මොකද කියලා. එක්කෝ lawyer ගේ professional negligence එක. නැත්නම් ඌත් මේ වංචාවට සම්බන්ධයි.

    පැමිණිල්ලක් දානවා නම් Lawyer වත් විත්තිකාරයෙක් කරලා දාපන්.