කරනවනම් මෙන්න වැඩ.....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කරනවනම් මෙන්න වැඩ.....


    වැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි. වඩා නිවැරදිව කියන්නේ නම් වැරදි කිරීම පොදු ය. එහෙත්, දඬුවම් කිරීම හා ජනාධිපති සමාව ලබා දීම කළ යුත්තේ තෝරාගෙන ය.


    අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි.


    රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි.


    මොහු අනෙකෙකු නොව වත්මන් අභ්‍යන්තර වෙළඳ හා සමුපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමති වන ජනාධිපතිවරයා ම විසින් සම්බාධා කර ඇති බව හා නිතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය.


    මෙම සිද්ධියට සම්බන්ධ සුබා ක්‍රිෂ්නම්, කවරාසා සුබා සිංහම් හා ලින්කන් චන්ද්‍රසිවම් නැමති සැකකරුවන් නීතිපතිවරයාගේ දැනුම් දීම මත නිදහස්‌ කර මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔක්තෝබර් 01දා නියෝග කළේය.


    සිරගත කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජම්පර් ඇඳගෙන මිටි බංකුවක වාඩි වී හිර ගෙදර සම්බෝලයි බතුයි මුල් වරට කෑවේ එදා ය.


    රහස් පොලිසිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු හැර පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් ම කරන ලද පැමිණිල්ලක් අනුවයි.


    අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අය අතර දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා දැන් රටින් පිට ඊලාම් පාරජාතික පාලනයේ සම්බන්ධීකාරක ජයනන්ද මූර්තිගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඔහුගේ බෑණා වන නඩරාජසිංහම් සුභාෂ් ද වේ.


    මැලේසියාවේ සිටින රාජන් නමැත්තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.


    මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වනාහි සරත් ෆොන්සේකාට දඬුවම් කළ යුද්ධාධිකරණය හමුවේ සාක්කි දුන් අයෙකි.


    ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ මොවුන් නිදහස ලබන්නේ වැරදි කිරීම මිනිස් ගතියක් හා තමන්ට ඕනෑ අයට සමාව දීම ජනාධිපති ගතියකි නිසා ය.


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපතිට සමාව දිය හැකි ය.


    ජනාධිපති සමාව නම් කෙසේ ද යත්, සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දුට පවා ජනාධිපතිවරයා සමාව දී නිදහස් කළේ ය.


    මෙම මරණ දඬුවම සුවිශේෂ එකකි. මක් නිසා ද යත්, 2004දී විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමෙන් පසු රජය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීර‍ණයෙන් පසු අධිකරණය විසින් නියම කරන ලද පළමු මරණීය දණ්ඩනය මෙය වීමයි. මේ සමග ඇය සමග මිනීමැරම සිදු කළ තවත් තිදෙනෙකු ද ජූරියේ සාමාජිකයන් සත් දෙනාගෙන සයදෙනෙකු විසින් ම වරදකරුවන් බවට තීරණය කරනු ලැබ මරණ දඬුවමට ලක් වූ හ.


    සැමියාගේ අනියම් බිරිය ඇගේ සේවිකාව ද සමග ඝාතනය කර බන්ධනාගාර භාෂාවෙන් කියනවා නම් කොන්ඩෙම් වී යන්තම් වසර හතරකින් ගෙදර ම නැවත පදිංචි වීමේ වරම් ලද මේ සුවිශේෂ ගැහැනිය නැවත පදිංචි කිරීමේ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යනුකූල භාර්යාවයි.


    ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.


    ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.


    ජනාධිපති සමාව කියන්නේ මෙවැනි බාල හා ලාභ එකකි. හබරාදුව වප් මඟුල් උළෙලකදී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වුයේ යැයි චෝදනා ලැබ වසර දෙකක සිර දඬුවමකට නියමව සිට පසුව ජනාධිපති විශේෂ සමාවකින් නිදහස ලැබූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක් වූ එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පුර්ණ සමාව ලබා දුන්නේ දේශපාලනයට තිබුණු බාධා ඉවත් වනු පිණිස ය.


    ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.ට දුන් සමාව හා නිදහස කෙතරම් ද යත් රජීව් ගාන්ධි ඝාතනය ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි ඉන්දියාවට පවා දැන් ප්‍රශ්නය අමතක වී තිබේ.


    දළදා මාළිගාවට බෝම්බ ලොරි එවූ, අරන්තලාවේදී භික්ෂූන් හා කාතන්තුඩ් පල්ලියේදී යාඥා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් බුරුතු පිටින් ඝාතනය කරවූ බවට මීට පෙර රජය විසින් ම චෝදනා කරන ලද කරුණා අම්මාන්ට නීතියේ හුළං පොදක්වත් වදින්නට නො දී ජනාධිපතිතුමා ඔහු ආරක්ෂා කළේ ය. එපමණකින් නො නැවතී පදවි තානාන්තරවලින් ද පිදුවේ ය.


    මෙවැනි සමාව දීම් කිසිවකු කර තිබේ ද? බුදුන් පවා තමන් හිසට ගල් පෙරළූ දේව්දතුන් පොළෝ පළාගෙන අපාගත වද්දී කිසිවක් කළේ නැත.


    එහෙව් එකේ සරත් ෆොන්සේකාට සමාව දෙන්නට ඔහු සමාව ඉල්ලා සිටිය යුතු ද? නැත.


    සමාව ඉල්ලන්නට තමන්ට හේතුවක් නැති බව ෆොන්සේකා කියයි. සමාව දෙන්නට ජනාධිපතිට හේතු ඕනෑ නැත. නැතිනම් ලංකාවට කුඩු ගෙනැවිත් අසු වී මරණ දඬුවමට ලක් වී සිටි, සමාව නෙ ඉල්ලූ විදේශික ගැහැනුන් නිදහස් කර ආපසු ගෙදර යවන්නේ නැත.


    මොකද කියන්නෙ ?
     

    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    දැහැමි ආඩම්බරකාර තාත්තලා ඔහොම තමයි යාළුවා.ආසියාවේ අස්ච්ර්ය කරා යන ගම්නට් ඒ වගේ දක්ෂයන් ඕන නිසා තමයි නිදහස් කරන්නේ ....බල්ලන හෙටත් ඔය වගේම දක්ෂයන් ටිකක එලියට එවි....:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත කතාව යාලුවා:yes::cool:
    එත් ඔවා කතා කරන්න ගිහින් රෙප් කපා ගනන් වෙන්නෙ:lol:
    rep+ ජයවෙවා
    11.gif