කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් මිනිස්සු ඔය දේවල් වලින් බහුතරයක් දැන් කරලා ඉවරයි. මොකද උඹ ඔය කියල තියෙන දේවල් අලුතින් පටන් ගන්න මෙච්චර කලක් අපි ගෙවුවේ පොඩි බිලක් නෙමෙයිනේ. මිනිස්සු මේ වෙනකොට අඩු කරන්න පුළුවන් හැම දේම කරලා ඉවරයි. උඹ පැය 2ක් ෆ්‍රිජ් වහන්න කතා කරනවා. මම දන්නා සමහැර ගෙවල් තියෙනවා මුළු රෑම ශීතකරණය වහල තියෙන (අනුමත නොකරමි).

    මේ ආණ්ඩුව කරන්නේ පැදුරේ ඉන්න මිනිහ වලක් හාරලා තවත් පොලොව යටට දාන එක. මේවගේ ගොන් හරක් වැඩ වල දීර්ගකාලීන ප්‍රතිපල අන්තිම දරුණුයි.


    හැබැයි උඹේ උත්සාහය ගොඩක් හොඳයි. හැබැයි බොහොම ටික දෙනාටයි ඕක ප්‍රයෝජනවත් වෙන්නේ.



    ේ දවස්වල හැම තැනම ලයිට් බිල් වැඩිවන එක ගැන කතාය. ජනතාවට කරන්ට් වද්දන්න යන බව සමහරු කියනවා. තවත් අය කියන්ේ ජනතාව විදුලි පුටුේ තබන්නට යන බවය.

    නමුත් අපට අපිම කරන්ට් වද්දාගන්න තැනුත් නැත්ේ නෑ!! ඒවායෙන් රෙවන්න අපට බැරිද????

    මීටර් හැක් කරලා නීතී විරෝධී වැඩ කරන්න ගිහින් ආණ්ඩුවේ බෝඩිමේ කූරු ගණිනවට වඩා හොදයි නේද තමන්ගෙ ගෙදර විදුලි පරිභෝජනය ගැන සුලු අධ්‍යයනයක් කරලා වැඩිපුර විදුලිය බාවිතා වෙන්නෙ මොන උපකරන වලටද? කොපමණ නාස්ති වෙනවද කියන දේවල් සොයා ගෙන ඊට සරළ පිළියම් මෙදීමෙන් ගෙදර විදුලි බිල සැළකිය යුතු ප්‍රමාණෙකින් පහළ දාගන්න පුලුවන්.
    අපේ කම්මැළිකම සහ නොසැළකිල්ල නිසාම අපටම මාසේ අන්තිමට තරු පෙන්නගන්නේ බොහෝවිට අපිමයි. පහතින් සදහන් දේවල් ගැන ඔබේ අවධානය යොමු කලොත් අනිවාර්යයෙන් ඔබේ විදුලිබිල අඩුවෙනවා ඒකාන්තයි. අම්මපල්ලා මේ අත්දැකීමෙන් කියන්නෙ.

    අපේ ගෙදර භාවිතාවෙන විදුලිය මෙහෙමෙයි.

    1.ඔක්කොම CFL බල්බ් +230V LED 15යි. එයින් නිතර භාවිතා වෙන්නේ 6යි. එයිනුත් 2ක් රෑ එළිවෙනකම් .
    2. කුස්සිය, පැන්ට්‍රිය, කෑමකාමරය, සාළය සහ මිදුල Solar Powered (12V) LED වලින් දුවන්නෙ.
    3. ශීතකරණ 2 යි.
    4.නානකාමර උණුවතුර හීටරය පොඩි එකාගේ දිනපතා භාවිතය.
    5. දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    6. තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    7. රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    8. LCD TV එක දවසට පැය 3-5 දක්වා භාවිතය.
    9. රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.
    10. රෙදි මැදීම දින දෙකකට වරක්.
    11. Desktop computer +LCD monitor දිනකට පැය 1-2ක් පමණයි.

    ඒත් බිළ මාසෙට රු.1600 ක් වගේ 2000ට නම් ‍අඩුයි.

    ඒ කොහොමද????????????????????????????

    1. සියලුම 230V බල්බ් සදහා CFL සහ LED බල්බ භාවිතා කිරීම.
    2. සෑම බල්බයක්ම සිවිලිමට හෝ බිත්තිය ආසන්යේ සවි කිරීමෙන් පරාවර්තනය වැඩිකර අඩු වොට් ගණනක බල්බ හාවිතා කිරීම.
    3.ලෑම්ප් ෂෙඩ් සියල්ල ඉවත් කිරීම.
    4. හැකි සෑම බල්බයක්ම ස්ථාන දෙකක් Share කරන්න පුලුවන් සේ සවි කිරීම.
    5. මහදවල් අව්ව වැටුනා වගේ එළිය තියන ලයිට් නැතිව හැකි තරම් ඩිම් වයිට භාවිතා කරන්න පුලුවන් තැන් වලට ඒවා දැමීම.
    6.ගේ ඇතුලත තැනින් තැනට යන විට අනවශ්‍ය ස්ථානයේ ලයිට් නිවා යෑමට පුරුදු වීම.
    7. දවල්ටත් කරුවල ගෙදර සමහර තැන් වලට (උදා- ගබඩා කාමරය) වහල‍ට වීදුරු හෝ ෆයිබර් තහඩු කෑල්ලක් සවි කිරීම. හෝ පිටතින් පරාවර්තක කණ්නාඩියක් හෝ තහඩුවක් දැමීම.
    8. වරින් වර තේ බීමට හෝ උණුවතුර අවශ්‍යතාවය සදහා ලොකු උණුවතුර (උඩින් මිරිකා වතුර ගත හැකි) බෝතලයක් භාවිතය.
    9. විදුලි පංකා අවශ්‍යතාවය සදහා හැම විටම සිවිලින් ෆෑන් නැතිව අඩු වොට් ටේබල් ෆෑන් භාවිතය.
    10. ශීත කරණය වරකට පැය බැගින් දිනකට පැය 2ක් වත් off කර තැබීම. මෙය එය වැඩිපුර විවෘත නොකරන කාලසීමාවේ කරන්නේ නම් වඩා හොදය.
    11. Standby තියන ටීවී රේඩියෝ ආදිය හැම විටම බිත්තියේ ප්ලග් එකෙන්ම නිවා දමන්න.
    12. මුලු ගෙදරම රෙදි එකවර මැදගන්න. දිනපතා නොමැද සතියටම මදින්න පුලුවන් දේවල් එකවර මදින්න.
    13.CRT TV හෝ Monitor භාවිතයෙන් ඉවත් කළ හැකිනම් LCD හෝ LED වලට මාරුවෙන්න.
    14. පාඩම් කිරීමට කාමරයේ බල්බයට වඩා අඩු වොට් ටේබල් ලෑම්ප් එකක් භාවිතා කරන්න.

    තව කලහැකි දේ ‍බොහෝයි!!! ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත. අපේ හැම ගෙදරම වාගේ ලයිට් බිලෙන් 40%ක් පමණ අපි ගෙවන්නේ අපේ කම්මැළිකම සහ නොසැලකිල්ල නිසා වන නාස්තියටය.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මිනිස්සු ඔය දේවල් වලින් බහුතරයක් දැන් කරලා ඉවරයි. මොකද උඹ ඔය කියල තියෙන දේවල් අලුතින් පටන් ගන්න මෙච්චර කලක් අපි ගෙවුවේ පොඩි බිලක් නෙමෙයිනේ. මිනිස්සු මේ වෙනකොට අඩු කරන්න පුළුවන් හැම දේම කරලා ඉවරයි. උඹ පැය 2ක් ෆ්‍රිජ් වහන්න කතා කරනවා. මම දන්නා සමහැර ගෙවල් තියෙනවා මුළු රෑම ශීතකරණය වහල තියෙන (අනුමත නොකරමි).

    මේ ආණ්ඩුව කරන්නේ පැදුරේ ඉන්න මිනිහ වලක් හාරලා තවත් පොලොව යටට දාන එක. මේවගේ ගොන් හරක් වැඩ වල දීර්ගකාලීන ප්‍රතිපල අන්තිම දරුණුයි.


    හැබැයි උඹේ උත්සාහය ගොඩක් හොඳයි. හැබැයි බොහොම ටික දෙනාටයි ඕක ප්‍රයෝජනවත් වෙන්නේ.

    :yes: :yes: