කරන්දෙණියේ සුද්දා ඩුබායිහිදී කුඩුත් එක්ක අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    collage.jpg


    දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලියක නායකයකු ලෙස සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන සෝඛන හන්දිජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා නමැත්තා ඩුබායි රාජ්‍යයේ ඕමල් ක්වීන්ස් නගරයේ දී මත්ද්‍රව්‍ය සමග ඩුබායි රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබ ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.


    කරන්දෙණියේ සුද්දා නමැත්තා සමග ඔහුගේ ගෝලයෝ දෙදෙනෙක්ද එරට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඩුබායි රහස් පොලිස් කණ්ඩායමක් මාසයකට ආසන්න කාලයක් තිස්සේ විමසිල්ලෙන් පසු වී මීට දින පහකට පමණ ඉහතදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

    ඩුබායි රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද කරන්දෙණියේ සුද්දා නමැත්තා එරටේ රූපලාවණ්‍යාගාරයක් සහ සුපිරි ආපනශාලාවක් පවත්වාගෙන යන බව ද මාර්ගවලින් තිබේ. ඩුබායි රටෙන් ලැබෙන ආරංචි දැනගැනීමට කරන්දෙණියේ සුද්දා නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මෙම රූපලාවණ්‍යාගාරයේ ශ්‍රී ලාංකික සුරූපි රූපලාවණ්‍ය ශිල්පිනියන් කිහිප දෙනකුම සේවය කරන බවද පැවසේ.

    කරන්දෙණිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාව සිටි කරන්දෙණියේ හිත හොඳ දොස්තර ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි වෛද්‍ය විජේසිංහ මහතා 2012 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරන්දෙණියේ සුද්දා නමැත්තා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ කාලයක් රිමාන් භාරයේ පසුවූ අයෙකි. අධිකරණයෙන් ඇප ලබා පැමිණීමෙන් පසු මොහු දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 15කට ආසන්න සංඛ්‍යාවකට අවශ්‍යව සිටින අයකු පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (16) පැවසීය.තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයකට පොලිස් අත්අඩංගුවට පත්වූ මොහු මනුෂ්‍ය ඝාතනවලින් පසු හොර රහසේ ඩුබායි රටට පලාගොස් එම රටේ සිට සිය ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සිදුකරන අයකු යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.



    මෙරටින් පලා ගොස් විදේශයන්හි සැඟවී සිටින පාතාල නායකයන් හතළිස්තූන් දෙනකුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති අතර එම නිවේදන කර ඇති ලැයිස්තුවේ කරන්දෙණියේ සුද්දා නමැත්තාද සිටින බව පොලිසිය කියයි.කරන්දෙණියේ සුද්දා නමැත්තා යුද හමුදා සෙබළකු ලෙස රාජකාරි කරමින් සිටි වකවානුවේ කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මොහුගේ සොහොයුරකු වන රාජු නමැත්තාද යුද හමුදාවේ සේවය කළ සෙබළකු වන අතර ඔහුද මේ වනවිට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින බව පාතාල මර්දන කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැවසුහ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ කුඩු නෙවෙයි. පාන්පිටි. එතුමා රොටි කන්න ආසයි. :yes:
    අපේ පොහොට්ටුවෙ සුද්දා සෑර් වහා නිදහස් කරනු. මෙතුවා ජනාදිපති උපදේශක තනතුරකට පත්කරනු.
     
    • Like
    Reactions: Naughtykolla48

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    එහෙන් අල්ලන එව්න් මෙහෙට ගෙනවා, ඇප දෙනවා, ආයෙම පනිනවා :-D

    cute-hand-drawn-recycling-arrow-doodle-sketch-style-funny-circle-arrow-with-scribble-outline_649043-1911.jpg