කරවිල මාලුව පුදුම රසයි!!!
මේන්න හදන විදිහ. අපිනම් හැදුවේ පොල්වතුරෙන් තම්බලා.
කරවිල මාලුව ගොඩක් අය කන්න අකමැතියිනේ!
ඒකට පොල්වතුරෙන් තම්බල ගන්න.
පොඩ්ඩක්වත් තිත්ත එන්නෑ.
අද බත්එක කෑවෙම කරවිල එක්ක. 
මුලින්ම කරවිල ටික කෑලි කපලා ලුනු, ගොරකා දාලා තම්බ ගන්න ඕනෙ... තිත්ත රසට කැමති අය වතුරෙනුත්... තිත්ත අඩුවට කැමති අය පොල් වතුරෙනුත් තම්බා ගන්න...
බාජනයක් ලිපේ තියලා..තෙල් ටිකක් දාලා රත් වුනාම ඒකට සිහින්ව කපා ගත් සුදු ලූනු, රතු ලූනු, අමුමිරිස් රම්පෙ, කරපින්චා දාලා ටිකක් බැදෙන්න හරින්න..
ඒකටම මිරිස් කුඩු ටිකකුත් දාලා බැදෙන්න හරින්න..
දැන් තම්බා ගත් කරවිල ටික දමා, බැදපු තුනපහ කුඩු , කහ කුඩු, රස ඇති පමන ලුණු දමා තෙලෙන් තැම්බෙන්න තබන්න..
තක්කලි කෑලි ටිකක් එකතු කරන්න..
ටිකකින් මිටිකිරි ටිකක් එකතු කරන්න....

තව මොනවද? දැන් ඉතිං කාපන්!