ක්‍රීමි සැමන් පාස්තා

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    ක්‍රීමි සැමන් පාස්තා



    අවශ්‍ය ද්‍රව්‍ය :

    චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්
    පොඩියට කැබැලි කර ගත් සැමන්
    ග්‍රෑම් 200ක්
    පාස්තා ග්‍රෑම් 500ක්
    ලුණු
    ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්
    ග්‍රේට් කරගත් චෙඩාර්
    චීස් ටිකක්
    ගම්මිරිස් කුඩු

    සාදන ක්‍රමය :

    ලුණු සහ තෙල් ස්වල්පයක් දමා පාස්තා තම්බා පෙරා ගන්න. පෑන් එකට තෙල් ස්වල්පයක් එක් කර සැමන් කෑලි බැඳ ගන්න. පෑන් එකෙන් සැමන් ඉවත් කර සුදු ලූනූ බැදෙන විට ෆ්‍රෙෂ් ක්‍රීම් සහ චීස් එකතු කරගන්න. දැන් එයට පැස්තා එක් කර අන්තිමට බැඳගත් සැමන් ටික දාගන්න. රස අනුව ගම්මිරිස් ඉස ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    අපිනං චෙඩා තියා නිකං චීස් කොත්තුවක්වත් කාල නෑ
    මාත් එහෙම තමයි බන්. මාත් කොත්තු කන්න සල්ලි නැති නිසා ගෙදර රොටි හදලා කෑලි කෑලි කපලා මිරිස් හොදි හදල අනල ඇස් පියන් කනවා කොත්තු කනවා කියල හිතින් මවාගෙන. :love2:
     
    • Haha
    Reactions: Asmodeus