කර්නල් කරිල්ලෝ [TV Series වල පට්ට චරිත - හත]

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    එක දිගටම කරපු ත්‍රෙඩ් ටිකකින් පස්සෙ ඊලග එකට ටිකක් කල් ගත්තා.
    කරිල්ලෝ කියන්නේ ඇත්ත කතාවකට දාපු කල්පිත චරිතයක්.
    නාකෝස් සීසන් එකේ අපි දකින දෙයක් තමයි එස්කොබා වත් මිනිහා වටේ ඉන්න අනිත් අයවත් පොලීසියට බය නෑ කොහෙත්ම.ඒත් එක අවන්ක නිලධාරියෙක් නිසා ඒ හැම දෙයක්ම වෙනස් වෙනව.ඒ තමයි කර්නල් කරිල්ලෝ.ඒජන්ට් මර්ෆි කතාව කියාගෙන යද්දී එයා විස්තර කරනව කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය නිවාරන ඒකකයක් ගැන.හරියට නිකන් ඇමරිකාවට DEA වගේ කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය නිවාරන ඒකකය තමයි Search Block කියන්නේ.ඒත් ඇමරිකන් DEA එක වගේ නෙමෙයි සර්ච් බ්ලොක් එක ඇත්තටම දූශිත ආයතනයක්.ඉහල නිලදාරීන්ට නිතරම ලැබෙන කප්පන් නොසා කොකෙන් ජාවාරමට එරෙහිව කවුරුත් පියවරක් ගන්නේ නෑ.මේ වගේ කාලෙක තමයි කරිල්ලෝ කරලියට එන්නේ.කර්නල් කරිල්ලෝ තමන්ට නියමිත රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන කෙනෙක්.මුලදී එස්කොබා කරිල්ලෝ ව ඝාතනය කරන්න කීප වතාවක්ම උත්සහ කරනව.නමුත් මේ හැම එකකින්ම කරිල්ලෝ බේරෙන්නේ පුදුම සහගත විදිහට.මෙන්න මේකත් එක්ක තමයි කරිල්ලො තීරනය කරන්නේ කොකේන් කාරයන් ව දඩයම් කරන්න.
    එස්කොබා ගේ දකුනු අත වගේම කල්‍යාණ මිත්‍රයා වෙච්ච ගුස්ටාව් ව පැහැරගෙන ගිහින් මරාදැමීමත් එක්ක එස්කොබා ගේ පවුලේ අය පවා භයෙන් සලිත වෙන්න පටන් ගන්නවා.ගුස්ටාව් ඝාතනය කියන්නෙම එස්කොබා ගේ නරක කාලය පටන් ගත්තා කියන එකට ඉගියක්.
    එතනින් නොනැවතී සර්ච් බ්ලොක් එක ඇමරිකන් DEA එකේ උදව් ඇතිව බරපතල ඝනයේ වැටලීම් කරන්න පටන් ගන්නව.ගොඩක් දරුනු මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට කෙල වෙනවා.
    මේ කාලෙදී තමයි එස්කොබා සමාජයේ වැදගත් පවුල්වල අයව ප්‍රාන ඇපයට අරන් කප්පන් ගන්න පටන් ගන්නේ.එවකට අභිනවයෙන් පත් වෙච්ච සිසාරෝ ගැවීරියා රජය දිගින් දිගටම අපොහොසත් වෙනව ඒකට ප්‍රතිචාරයක් දක්වන්න.මේකේ උච්චතම අවස්තාව එලබෙන්නේ හිටපු ජනාධිපතිවරයා ගේ දියණිය ඩයනා ටර්බී මුදවාගැනීමේ මෙහෙයුමකදී මරණයට පත්වීමෙන්.රජයට සිද්ද වෙනව එස්කොබා එක්ක එකගතාවය කට ඇවිත් සර්ච් බ්ලොක් එක විසුරුවා හරින්න. කරිලෝව ස්පාඤ්ඤ තානාපති කාර්‍යාලය වෙත මාරු කරලා අරින්න.සීසන් වන් එක ඉවර වෙද්දී කරිල්ලෝ ඉන්නේ ස්පාඤ්ඤයේ.
    එස්කොබා එයාටම වෙන් වෙච්ච හිරගෙය ඇතුලෙදී ෆර්නෑන්ඩෝ ගරීනෝ සහ ජරාඩෝ මොකන්ඩාව නිරපරාදේ ඝාතනය කිරීමත් එක්ක එස්කොබා ට රජයත් එක්ක තිබ්බ ගිවිසුම් සියල්ල නැති වෙනව.ගැවීරියා රජය සමාවක් දෙන්න කැමති වෙන්නෙම නෑ.කරිල්ලෝ නැවත කොලොම්බියාව ට ගෙන්නනවා.කර්නල් කරිල්ලෝ ගේ නැවත පැමිනීම කියන්නෙම ටිකක් අමුතුම විදිහේ ආගමනයක්.ජනාධිපතිවරයා කතා කරපු නිසාත් එස්කොබා මඩින්න ඉන්න එකම කෙනා තමාය කියන අධිතක්සේරුව සහ මාන්‍ය ඔහුව වෙලා ගන්නව.තමන් තමන් කෙරෙහිම වීරත්වයක් ගොඩනගා ගන්නව.කරිල්ලෝ තමන් ආවය කියල එස්කොබා ට පෙන්නන්න මෙඩන් වල එස්කොබා ගේ සිතුවමට මුත්‍රා කරල තමයි ඉස් ඉස්සෙලාම වැඩ පටන් ගන්නේ.
    එස්කොබා තමන්ට අවශ්‍ය කරන තොරතුරු ගෙන්වගන්න පාරවල් වල හිටපු පොඩි පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාවිච්චී කරනව.ඇතටම කීවොත් අවිදධිමත් හමුදාවක්.මේ වැඩේ කරපු පොඩි උන්ව අල්ලලා මේ හමුදාව කඩාකප්පල් කරන්න කරිල්ලො ඉක්මනින්ම පියවර ගන්නව.ඒ අහුවෙච්ව කොල්ලෙක් ගෙන් ප්‍රශ්න කරද්දී කරිල්ලෝ කිසිම අනුකම්පාවකින් තොරව එක කොල්ලෙක් ව ඔලුවට වෙඩි තියලා මරලා දානවා.එක අතකින් කරිල්ලෝ තමන්ගේ සීමාව අභිබවා යන්න පටන් ගන්නවා.අල්ල ගත්තූ කාටලයේ කොල්ලෝ නිකන් හෙලිකොප්ටර් එකෙන් තලු කරල මැරෙන්න අරිනව.එන්න එන්නම වියරු වැටෙන්න ගන්නව.
    මේ වගේ වෙලාවකදී හිතපු නැති විදිහේ ආරන්චියක් එනවා DEA එකට.ඒ තමයි එස්කොබා ඉන්න තැන.ඒත් DEA එකේ ප්‍රධානියා මර්ෆි සහ පෙන්‍යා ට යන්න දෙන්නේ නෑ වැටලීමට.මේක ලිමොන් කියන එස්කොබා ගේ ඩ්‍රයිවර් අටවපු උගුලක්.එස්කොබා ට තව ලන් වෙන්න.
    කරිල්ලෝ එස්කොබා වටලන්න හිතාගෙන ගියත් ඒකට අවස්තාව ලැබෙන්නේ නෑ. හිතපු නැති විදිහට සර්ච් බ්ලොක් එක වටලා පහර දෙන්න ගන්නවා.තමන් කෙරෙහී අසීමිත ව වීරත්වයක් ආරූඪ කරගැනීම නිසාම කරිල්ලෝට වෙඩි කාල මැරෙන්න සිද්ද වෙනවා.
     
    • Like
    Reactions: Kn Shaggy

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    300


    1NYNx4rT_400x400.jpg


    7f4ae59194712de2ab1e81b57e122eb7629da46f.gifv
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කරිල්ලෝ නෙමෙයි බං උච්චාරණය කරෙයියෝ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    Hugo Martínez


    Hugo Martínez (1941 – 23 March 2020) was a Colombian police general. He was assigned the new commander of the Search Bloc, a unit of the National Police of Colombia assembled by President César Gaviria in 1986; and tasked with the sole objective of the apprehension of drug lord Pablo Escobar and his associates.

    Martínez retired to the city of Bogotá.[1] On 23 March 2020, Martínez died, suffering a heart attack while hospitalized.[2]

    copyright: wikipedia
    ..................................................................

    published in 2016

    The real leader of the Search Bloc, Hugo Martinez, is still alive today. "Colonels Carrillo and Pinzon are both based on Colonel Hugo Martinez," Newman has explained. "In reality, Martinez and his son catch Escobar, but we liked the idea of killing Carrillo [Maurice Compte]. Carrillo's death, in episode four, is my favorite, I hope it really surprised people."

    https://www.hollywoodreporter.com/l...3/item/carrillos-death-narcos-season-2-929034