කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
එතකොට අනිච්ච නිසා දුක ඇතුවෙන්නැත්තන් එහෙම හිතමු.අනිච්ච කියන්නේ මොකක්ද?

මාර්ග සත්‍යයේ කොතනද ඒක තියෙන්නේ

මාර්ග සත්‍යයෙ තියෙන්නෙ ප්‍රධානවම කරුනු 8 යි.
ඒවනම් සම්මා දිඨ්ඨිට ඉඳන් සම්මා සමාධිය වෙනකන් කරුණු 8ක්.

ඒකත් ආර්ය සත්‍යක්. වෙනස් කල නොහැක්කක්. කවුරු කොහොම නිවනට ගියත් යන්නෙ ඔය ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගයේමයි.

ඔතන එන සම්මා සති, කියන අංගයෙ, සරලව කිව්වොත් යහපත් සිහි පැවැත්ම, ඒ කියන්නෙ යෝනිසො මනසිකාරය. ඒ සඳහා උදව් වෙන සිහිය පවත්වන උපක්‍රමයක් විදිහට ඕක ගන්න පුලුවන්.

බුදුදහමට අනුව තන්හාවට පාදක වෙන්නෙ නාම රූප. ඒ නිස අවබෝධ කල යුත්තෙ නාම රූප ධර්මයන්.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    මචන් ප්‍රශ්නදෙකට පිලිතුරු මට පැහැදිලි මදි.

    අනිච්ච කියන්නේ මොකක්ද ( ඒනිසා දුක හටගන්නේත් නෑ)

    මාර්ග සත්‍යයේ අනිච්ච තියෙන්නේ සම්මා සතියේ කියලද කියන්නේ..එහෙනම් ඒක එහෙමයිකියලා කියන්නේ කොහොමද.

    පොඩ්ඩක් කරුණු සහිතව පැහැදිලි කරන්න.

    ඔබගේ පිලිතුරෙන් නැගුනු තවත් ගැටලුවක් තියනවා.මුලින් ඔබ පැහැදිලිකලානේ තන්හාව අවබෝධ කලයුතුයි කියලා.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හේතුවයි, එලයි දෙකම එකක්. හේතුවක් නිසා එලයක් හටගන්නවා කියලනේ ඔක්කොම කියන්නේ.
    එලයි හේතුවයි කියල දෙකක් නැහැ මට හිතෙන විදිහට. කිසිම හේතුවක් නැතුව කිසිමදෙයක් වෙන්නේ නැහැ. එලයක් නැති ගොඩක් දේවල් තියෙනවා, එල හටගන්නේ නැති හේතු ගොඩයි. ඒ වගේම හේතුවක් නැතුව තියෙන දේවලුත් ගොඩක් තියෙනවා, කල්පනා කරලා බලන්න.
    කර්මය කියන්නේ හේතුවයි, එලයයි දෙකම එකට තියෙන එක.
    අපි ලොම් නැති වානරයෝ, ලොම් තියෙන වානරයෝ තමයි වඳුරෝ. එතකොට ලොම් නැති අපි වන්දුරෝන්ට වඩා පොඩ්ඩක් වැඩියෙන් හිතනවා, මොකද ලොම් නැති අයට සීතල, උණු හුම හොඳට දැනෙන නිසා. එහෙම වුනාම. සීතල වහගන්න, ඇඳුමක් අඳින්න වුනා. රස්නේ වහගන්න ගෙයක් හදන්න වුණා. ඔන්න වැඩිපුර හිතන්න ගත්ත. ක්‍රමක් අනිකට වඩා ඉදිරියෙන් ඉන්න පෙළඹුන. එතකොට හේතුවයි, එලයයි දෙකම එකක් වෙලා.
    දැන් ලොම් නැති වඳුරෝ ලොකොම ජය අරන්. හැබැයි තවම එදා වගේම මොකක්ද, මොකටද, ඇයි ඔන්න ඕව හිතනවා. ජන්මය.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    අනිත්‍ය කියන්නෙ ගෙදර තියන හාල් පොල් සීනි කිරි පිටි ඉවර උනාම අයෙ කඩේට දුවන්න එපායැ ඔය යන අතරෙ වාහනේකට ඇක්සිඩන්ට් උනොත් මොකද කරන්නෙ? ඕක තමයි . උඹ මැරුනහම ඒකත් අනිත්‍යයි. එතකොට අනාත්ම කියන්නෙ ආයෙ උපදින හින්දා එතකොට අලුත් ප්‍රෝෆයිල් එකක් තියෙන්නෙ කාටවත් පහුගිය අත්මේ කියන්න බෑනෙ. දුකයි කියන්නෙ ජාති ජරා ඇතුලු දුක් 13 .

    උබ සිල්ලර කඩේකද වැඩකරන්නේ.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බුදු දහමේ කර්ම සංකල්පය

    කර්මය පිළිබඳව හැ`දින්වීමේ දී බොහෝ පුද්ගලයන් හිතන්නේ පුද්ගලික ජීවිතයේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ කර්මයට අනුව බවයි. නමුත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළ එවැනි දහමක් නොමැත. බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව නියාම ධර්ම පහක් පෙන්නුම් කරයි. ඒවානම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාමයි. මේ නියාම ධර්ම අතර එක් නියාම ධර්මයක් පමණයි කම්ම නියාමය. සියල්ල කර්මයට අනූව සිදුවෙනවායයි බුදුරජාණන්වහන්සේ කිසිදු විටෙක දේශනාකර නොමැත. සියල්ල කර්මයට අනුව සිදුවෙනවායයි බලා සිටීමවත්, එසේ කර්මයෙන් සියල්ල සිදුවෙනවායයි යන ඉගැන්වීමක් බුදුදහම තුළ නොමැත. නමුත් බුදුහාමුදුරුවෝ පිළිබඳ අවබෝධයක්, වැටහීමක් නැති පුද්ගලයන් තම ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම කර්මයට අනුව සිදුවන ක‍්‍රියාවලියක් වශයෙන් දකිනවා. නමුත් එසේ සිතීම, එසේ කටයුතු කිරීමත් අනවබෝධයේ ලක්‍ෂණයකි. එය අඥානයේ ස්වාභාවයයි. බුදුරජාණන්වහන්සේ භාරතයේ පහළ වීමට පෙර සමහර ශාස්තෘවරුන් සියල්ල කර්මයට භාර දී තිබුණා. උදාහරණයක් වශයෙන් නිගණ්ඨනාථ පුත්ත කර්මය ප‍්‍රධාන වශයෙන් තුන් ආකාරයෙන් විග‍්‍රහකරයි. ඒ කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය ආදී ලෙසයි. මේ කර්ම තුනෙන් වඩාත් බලවත් කර්මය ලෙස දක්වන්නේ කාය කර්මයයි. කයෙන් සිදුවන සියල්ල ප‍්‍රබල කර්ම ලෙස දක්වයි. බුදුන්වහන්සේ කර්මය ප‍්‍රබල වශයෙන් තුන් ආකාරයෙන් දක්වයි. කාය කර්ම, වචී කර්මය, මනෝ කර්මය ආදී සියලූම කර්ම අතර බලවත් කර්මය මනෝ කර්මයයි. ‘‘චේතනං භික්ඛවේ කම්මං වදාමි’’ ‘‘මහණෙනි මම කර්ම අතර වඩාත් බලවත් කර්මය වශයෙන් දේශනා කරන්නේ චේතනාව. මේ සියල්ලටම මූලික වන්නේ මනසයි. එනම් චේතනාවයි. තමන් පිරිසිදු චේතනාවෙන් හෝ අපිරිසිදු චේතනාවෙන් යමක් කියයි, කරයිද එය තමා අත නොහැර
    එන සෙවනැල්ල ලෙස තම සම`ග පැමිණේ.

    ‘‘මනෝ පුබ්බ`ධ්ගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන
    භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කංච වහතෝ පදං’’

    වේදනා, සංඥා, සංස්කාර යන ධර්මයෝ සිත පෙරටුකොට උපදින්නේය. ලෝභ ගති ඇත්තා වූ , මුසාවාද කියන්නා ව,ූ ප‍්‍රාණඝාත කරන්නා ව,ූ නරක සිතුවිලි ඇති පුද්ගලයා ගැල අදින්නාවූ ගොනාගේ පාද අනුව ගමන් කරන්නා වූ රථ රෝදය මෙන් ඒ අකුසල කර්මයේ විපාකය වන දුක ඔහු පසු පස ගමන් කරන්නේ ය.

    මනෝ පුබ්බ`ධ්ගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන
    භාසති වා කරෝති වා
    තතෝ නං සුඛමන්වේති
    ඡුායාව අනපායිනී

    සිතුවිලි සිත පෙරටු කොට ඇත්තාහ. සිත උතුම් කොට ඇත. පැහැදුණු සිතින් කියයිද, කරයිද සිතයිද ඒ හේතු කොට ගෙන කය අත්නොහැර ගමන් කරන සෙවනැල්ල මෙන් කුසල හෙවත් සැපය ඔහු අත්නොහැර ලූහුබඳියි.

    පූජ්‍ය ඕවිටිගමුවේ සංඝසීල හිමි

    උපුටාගැනීම : https://www.facebook.com/methmagamagazine

    Image already added
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචන් ප්‍රශ්නදෙකට පිලිතුරු මට පැහැදිලි මදි.

    අනිච්ච කියන්නේ මොකක්ද ( ඒනිසා දුක හටගන්නේත් නෑ)

    මාර්ග සත්‍යයේ අනිච්ච තියෙන්නේ සම්මා සතියේ කියලද කියන්නේ..එහෙනම් ඒක එහෙමයිකියලා කියන්නේ කොහොමද.

    පොඩ්ඩක් කරුණු සහිතව පැහැදිලි කරන්න.

    ඔබගේ පිලිතුරෙන් නැගුනු තවත් ගැටලුවක් තියනවා.මුලින් ඔබ පැහැදිලිකලානේ තන්හාව අවබෝධ කලයුතුයි කියලා.
    හරි ඔය අනිච්ච, අනිච්ච කියන එක මම දන්න විදිහට කියන්නම්.

    ඕක පස්සෙම උඹ එලවන නිසා මම අදහසක් දෙන්නම්.

    අනිත්‍ය කියන්නෙ 'අස්ථිර' තාවය. මෙතන පොඩි අවුලක් තියනව. අනිත්‍ය කියන සංකල්පය 'කාලය' ත් එක්ක තමා විසඳන්න ඕනෙ. අනිත්‍ය කාලය ඔසෙ විස්තර කරොත් ඒක බුදුදහමට ගැලපෙන්නෙ නෑ. මොකද බුදුදහමේ 'කාලය' කියන්නෙ සත්වයා වගේ නිකම් සංකල්පයක් විතරයි. ඒක ටිකක් ගැඹුරු තැනක් අවබෝධ කරගන්න. අනිච්ච කියල උඹ අරගත්තෙ 'තමන්ට රිසි සේ නොපැවතීම' කියන එකනම්, ඒක අනිත්‍යටත් වඩා ගැඹුරු තැනක්. ඔය ලක්ෂනය හරියටම අවොබෝධ කරගත්තොත් 'මානය' කියන සංයෝජනය නැති වෙලා රහත් වෙනව. හැබැයි අපිට සම්ම දිඨ්ඨියවත් නැතුව, චතුරාර්‍ය සත්‍ය ගැන දන්නෙ නැතුවො අනිච්ච, අනිත්‍ය හොයන්න ගියොත්නම් ඉතින් සර්පය වැරදියට ඇල්ලුව වගේ තමා වෙන්නෙ....
     
    ඉතින් උබ අන්න එහෙම මම කියපුදේ පිලිගත්ත එක හොදයි, අනිච්ච නිසා නිවන් යන්න පුලුවන් කියලා.මම මුලින් නිවනට අනිච්ච ඔනේ කියද්දී , උබ කිව්වා අනිච්ච දැනගත්තට නිවන්දකින්න බෑ කියලා.දැන් මෙතන කියනවා අනිච්ච අවබෝධකරගන පුලුවන් රහත්වෙන කියලා.එතකොට බැලු බැල්මට උබගේ දේට විරුද්ධවම උබ මත ප්‍රකාශකරලා.

    අස්තිරතාවය කියන එකේ අවුලක් තියනවානම්, හරි දේ මොකක්ද කියලා කියපන්කෝ බුදුදහමට ගැලපෙන විදියට.උබ කියනවනේ ඒක අව.මොකද බුදුරජානන්වහන්සේත් අනිච්ච වදාරලා තියනවානේ.

    උබ කියනවා, ඒක අවබෝධ කරගන්න ටිකක ගැබුරුතැනක් කියලා.එහෙම කියන්නේ උබට ගැබුරින් අවබෝදවෙලා නිසාද.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?

    එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?

    හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.

    අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්........

    .............

    මෙතන කියනවා හේතුඵල දහම අවබෝධනොකර , අනිච්ච භාවනා කරලා නිවන් දකින්න බෑ කියලා.

    දැන් උඩ කියනවා, අනිච්ච අවබෝධකරගන ( සම්මා දිට්ටියට පත්වෙලා), නිවන් දකින්න පුලුවන් කියලා.
    ඒකියන්නේ උබ පිලිගන්නාව අනිච්ච භාවනාව නිවනට අවශ්‍යයි කියලා.

    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Me kohewat mama mage kiyala deyak natnam ay karmayata witarak eka adala wenne. Me hita wisin karana deval ay mage wenne. Hita kiyanne mamat nevei maget nevei neda
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Me kohewat mama mage kiyala deyak natnam ay karmayata witarak eka adala wenne. Me hita wisin karana deval ay mage wenne. Hita kiyanne mamat nevei maget nevei neda

    Karmaya paladenne mama mage kiyalaa deyak ethinisaawath nethinisaawath padanam karagana newei.Eya , eka ekkenaage kriyaawaliyen( eka ekkenaagei ssansaara gamana) nipadawana prathipalayak nisa eka eka ekkenaata bAdheepawathinawaa. Esei bedee sitimin vipaakadhenawaa.Ekai mata hithenne.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    copyright : myschool.lk/ලිපි/නියාම-ධර්ම

    බුදු දහමේ නියාම ධර්ම පහක් දක්වා ඇත. එනම්,

    1. උතු නියාම
    2. බීජ නියාම
    3. ධම්ම නියාම
    4. කර්ම නියාම
    5. චිත්ත නියාම

    උතු නියාමය ලෙස හදුන්වනු ලබන්නේ කාලගුණික විපර්යාසයන් හෙවත් වෙනස්වීම්ය. දැඩි නියගයකදී ජලය හිගවීම, ගොවිතැන් කටයුතු පාළුවීම, ආහාරපාන දුර්වල වීම, බෝවන රෝග ආදී වූ බොහෝ දේ නිසා පුද්ගලයාට විවිධ කරදර බාධක සිදුවේ. වර්ෂාපතනය නිසි ආකාරයට ලැබෙන කාල වලදී මේ ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණු දීමට සිදු නොවේ. මෙයට හේතුව පුද්ගලයා පෙර කරන ලද කර්මයන් නොවේ දේශගුණික, කාලගුණික වෙනස්වීම්ය.

    අඹ ඇටයක් පැළ කළහොත් එයින් හටගන්නේ අඹ පැළයකි. එයින් වෙනත් වර්ගයේ පැළයක් හට නොගනී. එය සිදුවන්නේ බීජ නියාමයට අනුවයි. දරුවන් දෙමාපියන්ගේ හැඩරුව ගැනීමද බජ නියාමයට අනුව සිදුවන අතර කටහඩ, ගමන් විලාසය ආදිය ද බීජ උරුමයට අනුව සිදු විය හැකිය. ඉතා සුරූපී යහපත් ගතිපැවතුම් ඇති දෙමාපියන්ට විරූපී දරුවන් ලැබීම බීජ නියාමයට අනුව සිදු නොවන්නක් වන අතර එහිදී කර්මයක් ක්‍රියාත්මක වීම දැකිය හැකිය.

    කාලයත් සමග ස්වාභාවිකවම පුද්ගයන් වයස්ගත වීම, කොන්ඩය සුදු වීම, ඇග රැලි වැටීම, දත් ආදිය හැලීම ධම්ම නියාමය පැහැදිලි කිරීමට නිදසුන්ය. එය අතීතයේ කරන ලද කර්මයක් හේතුවෙන් සිදු වන බව පැවසිය නොහැකිය.

    සිතුවිල්ලක් ඇතිවීම නැතිවීම කෂණිකව සිදුවන්නකි. ඉතා දීර්ඝ දුරක් ඉතාමත් වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් සිතට ඇත. එක මොහොතක සිත් දෙකක් ඇතිවිය නොහැකිය. එක් අවස්ථාවකදී ඇති වන්නේ එක් සිතක් පමණක් වන අතර ඒ ඒ අවස්ථාවලදී ඊට අනුරූපව ක්‍රියා කරනු ලබයි. මෙය චිත්ත නියාමය ලෙස හදුන්වනු ලබයි.

    කර්මයක් සිදු කළ විට විපාක දීමේ ශක්තියක්ද එහිම අන්තර්ගත වී ඇත. සුදුසු අවස්ථාවක් ලැබුණු වහාම එය ක්‍රියාත්මක වේ. ඇතැම් කර්ම මේ ආත්ම භවයේදීම විපාක දෙනු ලබන අතර ඇතැම් ඒවා ඊලග ආත්මභාවයේදී විපාක දීම සිදුවේ. එසේත් නොමැතිනම් සසරේ කවර හෝ ආත්මයක විපාද දෙනු ලබන අතර අහෝසි වී යන කර්මයන්ද ඇත. මේ ස්වාභාවය කර්ම නියාමය ලෙස හදුන්වනු ලබයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මෙතන කියනවා හේතුඵල දහම අවබෝධනොකර , අනිච්ච භාවනා කරලා නිවන් දකින්න බෑ කියලා.

    දැන් උඩ කියනවා, අනිච්ච අවබෝධකරගන ( සම්මා දිට්ටියට පත්වෙලා), නිවන් දකින්න පුලුවන් කියලා.
    ඒකියන්නේ උබ පිලිගන්නාව අනිච්ච භාවනාව නිවනට අවශ්‍යයි කියලා.

    නිවන් දකිනව කියන්නෙ එක step එකක් නෙමේ. ඒකයි එහෙම කිව්වෙ. අනිත්‍ය අවබෝධ කරන එකේ තේරුමක් නැත්තන් බුදුහාමුදුරුවො ඒක දේශනා කරන්නෙ නෑනෙ.

    සෝවාන් වෙන්න උවමනා වෙන්නෙ චතුරාර්ය සත්‍ය හා හේත්ඵල දහම සර්වප්‍රකාරයෙන් අවබෝද කිරීම.

    සෝවාන් උනාට තව සන්යෝජන 7ක් ඉතුරු වෙනව. කාමරාග, පටිඝ, මාන, උද්දච්ච.. වගේ..

    ඒ සන්යෝජන නැති කටන්න තමයි අනිත්‍ය, ගැන අවබෝධය වැදගත් වෙන්නෙ.

    මාන, උද්දච්ච, අවිජ්ජා.. කියන බැඳීම් අනාගාමී කෙනාටත් තියනව. ඒව කඩන්න " කැමති ලෙස නොපැවතීම" ගන්න පුලුවන්. මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් ඒක තියන නිසා ..

    හැබැයි චතුරාර්ය සත්‍ය නොදැන හේතුඵල දහම අවබෝද කරන්න බෑ. ඒ වගේම හේතුඵල දහම නොදැන අනිත්‍ය, අනිච්ච අවබෝද කරන්නත් බෑ.

    ඒ නිසා බුදුහාමුදුරුවො කිව්ව විදිහට පිලිවෙලට ආර්ය අශ්ඨාංගික මාර්ගයෙයි යන්න ඕනෙ.

    එහෙම නැතුව ගැඹුරුම දේට මුලින්න පැනල මේක කටන්න බෑ...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    copyright : myschool.lk/ලිපි/නියාම-ධර්ම

    බුදු දහමේ නියාම ධර්ම පහක් දක්වා ඇත. එනම්,

    1. උතු නියාම
    2. බීජ නියාම
    3. ධම්ම නියාම
    4. කර්ම නියාම
    5. චිත්ත නියාම

    උතු නියාමය ලෙස හදුන්වනු ලබන්නේ කාලගුණික විපර්යාසයන් හෙවත් වෙනස්වීම්ය. දැඩි නියගයකදී ජලය හිගවීම, ගොවිතැන් කටයුතු පාළුවීම, ආහාරපාන දුර්වල වීම, බෝවන රෝග ආදී වූ බොහෝ දේ නිසා පුද්ගලයාට විවිධ කරදර බාධක සිදුවේ. වර්ෂාපතනය නිසි ආකාරයට ලැබෙන කාල වලදී මේ ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණු දීමට සිදු නොවේ. මෙයට හේතුව පුද්ගලයා පෙර කරන ලද කර්මයන් නොවේ දේශගුණික, කාලගුණික වෙනස්වීම්ය.

    හරි. මෙහෙම තමයි අපිට ඉස්කෝලෙදි ඉගැන්නුවෙ. මේකෙ වැරැද්දක් නෑ.

    හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරයක් පුලුවන්නම් දෙන්න.

    දේශගුණික, කාලගුනික විපර්යාස ඇතිවෙන්නෙ ඉබේමද, නැත්තන් මොකකරි හේතුවකින්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    හරි. මෙහෙම තමයි අපිට ඉස්කෝලෙදි ඉගැන්නුවෙ. මේකෙ වැරැද්දක් නෑ.

    හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරයක් පුලුවන්නම් දෙන්න.

    දේශගුණික, කාලගුනික විපර්යාස ඇතිවෙන්නෙ ඉබේමද, නැත්තන් මොකකරි හේතුවකින්ද?

    ඉබේම

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    ඉබේම

    කවුද එහෙම කිව්වෙ? කාලගුණික/ දේශගුනික විපර්යාස ඉබේටම ඇති වෙනව කිව්වෙ කවුද? උබ ඔය post කරපු article එකේවත් එහෙම ඔය නියාම ධර්ම ඉබේ ඇතිවෙනව කියල නෑනෙ.

    කර්ම නියාමය ඇතිවෙන්නෙ හේතුවක් ඇතුව. ඒක හොඳටම තේරෙනවනෙ.. ඉතුරු ඒව එතකොට හේතු රහිතවද ඇතිවෙන්නෙ?
    ඒක හේතුඵල වාදයට පටහැනි නැද්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    නිවන් දකිනව කියන්නෙ එක step එකක් නෙමේ. ඒකයි එහෙම කිව්වෙ. අනිත්‍ය අවබෝධ කරන එකේ තේරුමක් නැත්තන් බුදුහාමුදුරුවො ඒක දේශනා කරන්නෙ නෑනෙ.

    සෝවාන් වෙන්න උවමනා වෙන්නෙ චතුරාර්ය සත්‍ය හා හේත්ඵල දහම සර්වප්‍රකාරයෙන් අවබෝද කිරීම.

    සෝවාන් උනාට තව සන්යෝජන 7ක් ඉතුරු වෙනව. කාමරාග, පටිඝ, මාන, උද්දච්ච.. වගේ..

    ඒ සන්යෝජන නැති කටන්න තමයි අනිත්‍ය, ගැන අවබෝධය වැදගත් වෙන්නෙ.

    මාන, උද්දච්ච, අවිජ්ජා.. කියන බැඳීම් අනාගාමී කෙනාටත් තියනව. ඒව කඩන්න " කැමති ලෙස නොපැවතීම" ගන්න පුලුවන්. මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් ඒක තියන නිසා ..

    හැබැයි චතුරාර්ය සත්‍ය නොදැන හේතුඵල දහම අවබෝද කරන්න බෑ. ඒ වගේම හේතුඵල දහම නොදැන අනිත්‍ය, අනිච්ච අවබෝද කරන්නත් බෑ.

    ඒ නිසා බුදුහාමුදුරුවො කිව්ව විදිහට පිලිවෙලට ආර්ය අශ්ඨාංගික මාර්ගයෙයි යන්න ඕනෙ.

    එහෙම නැතුව ගැඹුරුම දේට මුලින්න පැනල මේක කටන්න බෑ...

    එහෙනම් ඇයි බුදුරජුන් ගිරිමානන්ද භික්ශුවට අනිච්ච සඥ්ඥාව වඩන්න කියලා උපදෙස් දුන්නේ..

    කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනිච්චසඤ්ඤා.

    ‘‘කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා cts ( ගිරිමානන්ද සුත්‍රය pitaka.lk )

    ’’ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ’මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.

    ’’ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    එහෙනම් ඇයි බුදුරජුන් ගිරිමානන්ද භික්ශුවට අනිච්ච සඥ්ඥාව වඩන්න කියලා උපදෙස් දුන්නේ..

    කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනිච්චසඤ්ඤා.

    ‘‘කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා cts

    ’’ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ’මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.

    ’’ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.

    සමහර විට ඒ භික්ශුවට හොඳ ඥානයක් තිබ්බ වෙන්න පුලුවන් අපිට වඩා. අනේ මන්ද උබට හිතෙනවනම් චතුරාර්‍ය සත්‍ය, හේතුඵල දහම පැත්තකින් තියල අනිත්‍ය භාවනාම විතරක් කරල නිවන් දකින්න පුලුවන් කියල, එහෙනම් try කරල බලපන්..

    මමනම් සෑහෙන කාලයක් ඔය අනිත්‍ය භාවනාව කරා. ඒත් ඊට වඩා ප්‍රතිඵල තියෙනව ආර්‍ය අෂඨාංගික මාර්ගයේ ගිහින් නාම-රූප අවබෝධ කරන්න උත්සාහ කරන එක.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සමහර විට ඒ භික්ශුවට හොඳ ඥානයක් තිබ්බ වෙන්න පුලුවන් අපිට වඩා. අනේ මන්ද උබට හිතෙනවනම් චතුරාර්‍ය සත්‍ය, හේතුඵල දහම පැත්තකින් තියල අනිත්‍ය භාවනාම විතරක් කරල නිවන් දකින්න පුලුවන් කියල, එහෙනම් try කරල බලපන්..

    මමනම් සෑහෙන කාලයක් ඔය අනිත්‍ය භාවනාව කරා. ඒත් ඊට වඩා ප්‍රතිඵල තියෙනව ආර්‍ය අෂඨාංගික මාර්ගයේ ගිහින් නාම-රූප අවබෝධ කරන්න උත්සාහ කරන එක.

    උඩ බුදුවදනේ කියනවානේ ම අරඥ්ඥ, රුක්ඛමූල ගතවෙලා අනිච්ච වඩන්න ( රූපන් අනිච්චා ) කියලා. උබේ දේශනාවට අනුව එසේ අරඥ්ඥගත වෙන්න ඔනේ සේවාන් අය. මොකද උබට අනුව ඉතුරු සන්යෝජන කඩන්න නේ අනිච්ච ඔනේ.හැබැයි බුදුහාමුදුරුවෝනම් එහෙමදෙයක් මේසුත්‍රවල කියල නෙ.එතකොට ඒවා නිවැරදිවෙන්න ඔනේද.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සමහර විට ඒ භික්ශුවට හොඳ ඥානයක් තිබ්බ වෙන්න පුලුවන් අපිට වඩා. අනේ මන්ද උබට හිතෙනවනම් චතුරාර්‍ය සත්‍ය, හේතුඵල දහම පැත්තකින් තියල අනිත්‍ය භාවනාම විතරක් කරල නිවන් දකින්න පුලුවන් කියල, එහෙනම් try කරල බලපන්..

    මමනම් සෑහෙන කාලයක් ඔය අනිත්‍ය භාවනාව කරා. ඒත් ඊට වඩා ප්‍රතිඵල තියෙනව ආර්‍ය අෂඨාංගික මාර්ගයේ ගිහින් නාම-රූප අවබෝධ කරන්න උත්සාහ කරන එක.

    ඒ භික්ශුවට විතරක් නෙවේ පොදුවේ කියනවා .

    කතමා චානන්ද, ආනාපානස්සති? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතොව පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති. දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති. රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති. රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති. ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති . අභිප්පමොදයං චිත්තං...පෙ.... සමාදහං චිත්තං...පෙ.... විමොචයං චිත්තං...පෙ...විමොචයං චිත්තං...පෙ.... අනිච්චානුපස්සී...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. අයං වුච්චතානන්ද, ආනාපානස්සති.

    ආනන්‍දය, ආනාපාන සතිය කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
    ’’ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.’’

    Last edited: