එහෙනම් ඇයි බුදුරජුන් ගිරිමානන්ද භික්ශුවට අනිච්ච සඥ්ඥාව වඩන්න කියලා උපදෙස් දුන්නේ..
කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනිච්චසඤ්ඤා.
‘‘කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා cts
’’ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ’මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.
’’ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.