කර්මය කියන එක ඇත්තක්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කර්මය කියන එක ඇත්තක්ද?

    මේ ලඟදි මම අඳුරන මල්ලි කෙනෙක් මැරුණා ඩෙංගු හැදිලා. වයස 18. හැමෝම කිව්වේ ගෙනාපු ආයුෂ ඉවරයි කියලා. පෙර සංසාරේ කරපු කර්මයක් පල දීල මේ ආත්මේ අඩු වයසෙන් මැරෙන්න වුනා කියලා. මේ ආත්මේ එයා ගොඩක් හොඳින් හැමෝම එක්ක හිටපු කෙනෙක්. ඒත් අඩු වයසකින් මැරෙන්න වුනා. එයාගේ වයසේම අනිත් ළමයි හොඳින් ඉද්දි ඒ මල්ලි විතරක් මේ රෝගයට ගොදුරු වෙලා මැරෙන්න වුනේ එයාගේ පෙර කර්මය නිසා කියලා තමයි බෞද්ධ අපේ පිළිගැනීම.

    මට මෙහෙම දෙයක් හිතෙනවා. නිකමට හිතන්නකෝ අපි කාල විසි කරන අඹ ගෙඩියක අඹ ඇටේ පැලවෙලා අඹ පැලයක් හැදුනා කියලා. ඔය අඹ පැලේ ලොකු ගහක් දක්වා වර්දනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි කාලෙදිම මැරෙන්නත් පුළුවන්. එක්කෝ කවුරු හරි කපලා දාල. එහෙම නැත්නම් දිලීර ආසාදනයක්. ඒ ඕනෙම දෙයක් වෙලා මේ අඹ පැලේ මැරෙන්න පුළුවන්. අනිත් අඹ පැල හොඳින් තියෙද්දී ඒ අඹ පැලේ විතරක් මැරෙන එක කොහොමද විස්තර කරන්න පුළුවන්? ඒ විදියටම අපිට ඒ මල්ලිගේ මරණයත් විස්තර කරන්න බැරිද?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    :oo:
    The five Niyamas are:

    Utu Niyama (“time, season”) seasonal changes and climate, law of non-living matter

    Utu Niyama is the physical inorganic order, is the natural law of non-living matter. This natural law orders the change of seasons and phenomena related to climate and the weather. It explains the nature of heat and fire, soil and gasses, water and wind. Most natural disasters such as floods and earthquakes would be governed by Utu Niyama.

    Put into modern terms, Utu Niyama would correlate with what we think of as physics, chemistry, geology, and several sciences of inorganic phenomena. The most important point to understand about Utu Niyama is that the matter it governs is not part of the law of karma and is not overridden by karma. So, from a Buddhist perspective, natural disasters such as earthquakes are not caused by karma.

    Bija Niyama (“seed”) laws of heredity, “the constraint of the seasons”

    Bija Niyama is the physical organic order, the law of living matter, what we would think of as biology. The Pali word bija means “seed,” and so Bija Niyama governs the nature of germs and seeds and the attributes of sprouts, leaves, flowers, fruits, and plant life generally.

    The scientific theory of cells and genes and the physical similarity of twins may be ascribed to this order. Some modern scholars suggest that laws of genetics that apply to all life, plant and animal, would come under the heading of Bija Niyama.

    Kamma Niyama (“action”) consequences of one’s actions, “the constraint of kamma”

    Kamma, or karma in Sanskrit, is the law of moral causation. All of our volitional thoughts, words and deeds create an energy that brings about effects, and that process is called karma.

    The important point is that Kamma Niyama is a kind of natural law, like gravity, that operates without having to be directed by a divine intelligence. In Buddhism, karma is not a cosmic criminal justice system, and no supernatural force or God is directing it to reward the good and punish the wicked.

    Karma is, rather, a natural tendency for skillful (kushala) actions to create beneficial effects, and unskillful (akushala) actions to create harmful or painful effects. This constraint is said to be epitomised by Dhammapada, verse 127, which explains that the consequences of actions are inescapable.

    Dhamma Niyama (“law”) nature’s tendency to perfect, “the constraint of dhammas”

    The Pali word dhamma, or dharma in Sanskrit, has several meanings. It often is used to refer to the teachings of the Buddha. But it also is used to mean something like “manifestation of reality” or the nature of existence.

    One way to think of Dhamma Niyama is as natural spiritual law. The doctrines of anatta (no self) and shunyata (emptiness) and the marks of existence, for example, would be part of Dhamma Niyama.

    Citta Niyama (“mind”) will of mind, “the constraint of mind”

    Citta, sometimes spelled chitta, means “mind,” “heart,” or “state of consciousness.” Citta Niyama is the law of mental activity — something like psychology. It concerns consciousness, thoughts, and perceptions.

    We tend to think of our minds as “us,” or as the pilot directing us through our lives. But in Buddhism, mental activities are phenomena that arise from causes and conditions, like other phenomena.

    In the teachings of the Five Skandhas, mind is a kind of sense organ, and thoughts are sense objects, in the same way the nose is a sense organ and smells are its objects.
     
    අඹ පැලෙටත් කම්ම නියාම බලපානවද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Beeja niyama

    ඒ විදියම වෙන්න බැරිද බන් ඒ මල්ලිටත්? කර්ම නියාමය කියලා දෙයක් අඹ පැලේ මැරෙන්න බලපෑ නෑනේ. ඒ වගේම ඒ මල්ලිගේ මරණයත් කර්ම නියාමයකින් තොරව අනිත් හේතු සාදක මත පමණක් වුනා වෙන්න බැරිද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ විදියම වෙන්න බැරිද බන් ඒ මල්ලිටත්? කර්ම නියාමය කියලා දෙයක් අඹ පැලේ මැරෙන්න බලපෑ නෑනේ. ඒ වගේම ඒ මල්ලිගේ මරණයත් කර්ම නියාමයකින් තොරව අනිත් හේතු සාදක මත පමණක් වුනා වෙන්න බැරිද?

    උබ විශ්වාස කරන දේ විශ්වාස කරපන්,
    නැත්නම් මේ දේ ගැන ගැබුරින් හොයලා බලපන්
    :yes:
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    නියාම ධර්ම

    කර්මය පිළිබද ඉගැන්වීම බුදුදහමට පමණක් සීමා වූවක් නොවේ. ජෛන, හින්දු වැනි වෙනත් ආගම් වලද කර්ම සංකල්පය පැහැදිලි කර දී තිබේ. ජෛන ආගමේ කර්මය යනු ආත්මය හා බැදී පවතින ද්‍රව්‍යමය අංශු විශේෂයක් වන බව සදහන් කරන නමුත් බුදු දහමේ ආත්මය ලෙස ගත හැකි කිසිදු දෙයක් පුද්ගලයා තුළ නැතැයි සදහන් කරන අතර ආත්මයක් සමග බැදුනකි යන අදහස සම්පූර්නයෙන්ම බැහැර කරනු ලබයි.

    බෞද්ධ කර්ම සංකල්පයට අනුව කයින් සිදුවන දෙයකට වුවද මනසේ සම්බන්ධයක් නොමැතිව එය කර්මයක් ලෙස පිළිගත නොහැකිය. කර්මය ලෙස හැදින්වෙන්නේ සිතින් සිතා කයින්. මනසින්, වචනයෙන් කරන බැවින් “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි” යි බුදුරජාණන් වහන්සේ සදහන් කර තිබේ. සම්පූර්ණ කර්මයක් සිදුවීමට චේතනාව පමණක් ප්‍රමාණවත් නොවේ. නමුත් ප්‍රධාන වන්නේ චේතනාව බැවින් එය කර්මය ලෙස හදුන්වනු ලබයි.

    පුද්ගල ජීවිතය හා බැදුනු සෑම සිද්ධියක්ම පෙර භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යැයි නොයිගැන්වීම බෞද්ධ කර්ම ධර්මයේ විශේෂත්වයක් වන අතර පුබ්බේකථ හේතුවාදය ලෙස හදුන්වනු ලබන්නේ සියල්ල පෙර කරන ලද කර්යන්ට අනුව සිදුවේ යන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ එම දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක් බව දේශනා කර වදාළ සේක. ඇතැම් ඒවා පෙර කරන ලද කර්මයන්ට අනුව සිදුවන බව සදහන් කර ඇති අතර ඇතැම් ඒවා කාලගුණ විපර්යාස, ආර්ථිකය, සමාජීය බලපෑම් ආදී වූ දේ නිසා විය හැකිය.

    බුදු දහමේ නියාම ධර්ම පහක් දක්වා ඇත. එනම්,

    1. උතු නියාම
    2. බීජ නියාම
    3. ධම්ම නියාම
    4. කර්ම නියාම
    5. චිත්ත නියාම

    උතු නියාමය ලෙස හදුන්වනු ලබන්නේ කාලගුණික විපර්යාසයන් හෙවත් වෙනස්වීම්ය. දැඩි නියගයකදී ජලය හිගවීම, ගොවිතැන් කටයුතු පාළුවීම, ආහාරපාන දුර්වල වීම, බෝවන රෝග ආදී වූ බොහෝ දේ නිසා පුද්ගලයාට විවිධ කරදර බාධක සිදුවේ. වර්ෂාපතනය නිසි ආකාරයට ලැබෙන කාල වලදී මේ ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණු දීමට සිදු නොවේ. මෙයට හේතුව පුද්ගලයා පෙර කරන ලද කර්මයන් නොවේ දේශගුණික, කාලගුණික වෙනස්වීම්ය.

    අඹ ඇටයක් පැළ කළහොත් එයින් හටගන්නේ අඹ පැළයකි. එයින් වෙනත් වර්ගයේ පැළයක් හට නොගනී. එය සිදුවන්නේ බීජ නියාමයට අනුවයි. දරුවන් දෙමාපියන්ගේ හැඩරුව ගැනීමද බජ නියාමයට අනුව සිදුවන අතර කටහඩ, ගමන් විලාසය ආදිය ද බීජ උරුමයට අනුව සිදු විය හැකිය. ඉතා සුරූපී යහපත් ගතිපැවතුම් ඇති දෙමාපියන්ට විරූපී දරුවන් ලැබීම බීජ නියාමයට අනුව සිදු නොවන්නක් වන අතර එහිදී කර්මයක් ක්‍රියාත්මක වීම දැකිය හැකිය.

    කාලයත් සමග ස්වාභාවිකවම පුද්ගයන් වයස්ගත වීම, කොන්ඩය සුදු වීම, ඇග රැලි වැටීම, දත් ආදිය හැලීම ධම්ම නියාමය පැහැදිලි කිරීමට නිදසුන්ය. එය අතීතයේ කරන ලද කර්මයක් හේතුවෙන් සිදු වන බව පැවසිය නොහැකිය.

    සිතුවිල්ලක් ඇතිවීම නැතිවීම කෂණිකව සිදුවන්නකි. ඉතා දීර්ඝ දුරක් ඉතාමත් වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් සිතට ඇත. එක මොහොතක සිත් දෙකක් ඇතිවිය නොහැකිය. එක් අවස්ථාවකදී ඇති වන්නේ එක් සිතක් පමණක් වන අතර ඒ ඒ අවස්ථාවලදී ඊට අනුරූපව ක්‍රියා කරනු ලබයි. මෙය චිත්ත නියාමය ලෙස හදුන්වනු ලබයි.

    කර්මයක් සිදු කළ විට විපාක දීමේ ශක්තියක්ද එහිම අන්තර්ගත වී ඇත. සුදුසු අවස්ථාවක් ලැබුණු වහාම එය ක්‍රියාත්මක වේ. ඇතැම් කර්ම මේ ආත්ම භවයේදීම විපාක දෙනු ලබන අතර ඇතැම් ඒවා ඊලග ආත්මභාවයේදී විපාක දීම සිදුවේ. එසේත් නොමැතිනම් සසරේ කවර හෝ ආත්මයක විපාද දෙනු ලබන අතර අහෝසි වී යන කර්මයන්ද ඇත. මේ ස්වාභාවය කර්ම නියාමය ලෙස හදුන්වනු ලබයි.

    මේවාට අමතරව ගති සම්පත්, උපධි සම්පත්, කාල සම්පත් හා විපත් නිසාද කර්මය විපාක දීමේ වෙනස්කම් සිදු විය හැකි බව බෞද්ධ ඉගැන්වීමයි.

    ගති සම්පත් - තමා කරන ලද අකුසල කර්මයන් විපාක දීමට අවස්ථාවක් නොලැබේ.(යහපත් පවුල උපන්අයෙකුට)
    ගති විපත්තිය - කරන ලද බලවත් අකුසලයක් හේතුවෙන් තමා කරන ලද කුසල කර්මයන් විපාක දීමට අවස්ථාවක් නොලැබේ. (අයහපත් පවුලක, තිරිසන් ආත්මයක උපත ලැබීම)

    උපධි සම්පත් - දුප්පත් පවුලක උපන් අයෙකු ඉතා ලස්සනව දැකුම් කළුව සිටීම
    උපධි විපත්තිය - සැපවත් පවුලක උපන් අයෙකු අංගොපාංගවල අඩුපාඩු ඇතිව. අවලස්සනව සිටීම

    කාල සම්පත් - රටේ සමෘද්ධිමත් කාලවලදී සමහර අකුසල කර්මවලට ඉඩක් නොලැබේ
    කාල විපත්තිය - රටේ ආර්ථික දුෂ්කරතාවන් පවතින කාලවලදී කරන ලද කුසල විපාක දීමට අවස්ථාවක් නොලැබීම
     
    • Like
    Reactions: janith.lakmina

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඒ විදියම වෙන්න බැරිද බන් ඒ මල්ලිටත්? කර්ම නියාමය කියලා දෙයක් අඹ පැලේ මැරෙන්න බලපෑ නෑනේ. ඒ වගේම ඒ මල්ලිගේ මරණයත් කර්ම නියාමයකින් තොරව අනිත් හේතු සාදක මත පමණක් වුනා වෙන්න බැරිද?

    ane manda dan inna godak aya mokak hari una gaman kiyanne giya athme karapu pawak kiyala.hamduruwoth ehema kiyanawa.man dekka ara sidu teledrama eketh oya wage kiyanawa.okoma pera athme paw.danna ekenek ewilla explain karai.will c
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    ඒ විදියම වෙන්න බැරිද බන් ඒ මල්ලිටත්? කර්ම නියාමය කියලා දෙයක් අඹ පැලේ මැරෙන්න බලපෑ නෑනේ. ඒ වගේම ඒ මල්ලිගේ මරණයත් කර්ම නියාමයකින් තොරව අනිත් හේතු සාදක මත පමණක් වුනා වෙන්න බැරිද?

    Aniwa. Ehema wennath puluwan. Karmaya kiyanne ekak witharai.
    Wenath agam wala aya deviyange kamaththata baara karala hitha hadagannawa.
    Samahara baudhdha minissu hama dema karmayata bara karanawa.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ විශ්වාස කරන දේ විශ්වාස කරපන්,
    නැත්නම් මේ දේ ගැන ගැබුරින් හොයලා බලපන්
    :yes:

    මම බෞද්ධ. ඒත් මෙහෙම වෙන්නත් පුළුවන් නේද? අපි අදහන ආගම තමයි නිවැරදි ආගම කියලා ලෝකයේ හැමෝම හිතන් ඉන්නේ. ඉතින් අපිත් ඒ මිත්‍යාව මතම ඉන්නවද කියලත් සැකයක් තියෙනවා. ඒත් ලෝකයේ තියෙන අනිත් ආගම් එක්ක සංසන්දනය කරද්දී වඩාත්ම තර්කානුකුල ආගම බෞද්ධ දර්ශනය තමයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම බෞද්ධ. ඒත් මෙහෙම වෙන්නත් පුළුවන් නේද? අපි අදහන ආගම තමයි නිවැරදි ආගම කියලා ලෝකයේ හැමෝම හිතන් ඉන්නේ. ඉතින් අපිත් ඒ මිත්‍යාව මතම ඉන්නවද කියලත් සැකයක් තියෙනවා. ඒත් ලෝකයේ තියෙන අනිත් ආගම් එක්ක සංසන්දනය කරද්දී වඩාත්ම තර්කානුකුල ආගම බෞද්ධ දර්ශනය තමයි.
    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ විදියම වෙන්න බැරිද බන් ඒ මල්ලිටත්? කර්ම නියාමය කියලා දෙයක් අඹ පැලේ මැරෙන්න බලපෑ නෑනේ. ඒ වගේම ඒ මල්ලිගේ මරණයත් කර්ම නියාමයකින් තොරව අනිත් හේතු සාදක මත පමණක් වුනා වෙන්න බැරිද?

    හැමදේටම කර්මය බලපානව කියල හිතාගෙන තමයි උබ ඔය ප්‍රශ්න අහන්නෙ..
    හැම දේකටම කර්මය බලපාන්නෙ නෑ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හැමදේටම කර්මය බලපානව කියල හිතාගෙන තමයි උබ ඔය ප්‍රශ්න අහන්නෙ..
    හැම දේකටම කර්මය බලපාන්නෙ නෑ..

    මම කියන්නේ කර්මය කියලා දෙයක් ඇත්තෙම නෑ. මේ වෙන හැම දෙයක්ම කර්මය නොවන වෙනත් සාදක නිසා සිදුවෙනවා කියලා. (එහෙම වෙන්න බැරිද?)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම කියන්නේ කර්මය කියලා දෙයක් ඇත්තෙම නෑ. මේ වෙන හැම දෙයක්ම කර්මය නොවන වෙනත් සාදක නිසා සිදුවෙනවා කියලා. (එහෙම වෙන්න බැරිද?)

    අන්න එකයි මං කිව්වේ එක්කෝ උබ විශ්වාස කරන දේ විශ්වාස කරන්න ඕනා,
    නැත්නම් ඔය ගැන ගැබුරින් හොයන්න ඕනා,
    එතකොට හැබැයි උබ දැන් විශ්වාස කරන දේට මොනවා වෙයිද දන්නේ නෑ
    :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කියන්නේ කර්මය කියලා දෙයක් ඇත්තෙම නෑ. මේ වෙන හැම දෙයක්ම කර්මය නොවන වෙනත් සාදක නිසා සිදුවෙනවා කියලා. (එහෙම වෙන්න බැරිද?)

    1.
    එයාගේ වයසේම අනිත් ළමයි හොඳින් ඉද්දි ඒ මල්ලි විතරක් මේ රෝගයට ගොදුරු වෙලා මැරෙන්න වුනේ එයාගේ පෙර කර්මය නිසා කියලා තමයි බෞද්ධ අපේ පිළිගැනීම.

    බෞද්ධ අපේ පිළිගැනීම නම් ඒක නෙවේ..
    ඕක නොදැනුවත් කම

    2

    ලෝකයෙහි සියල්ල සිදුවන්නේ කර්මයෙන් නොවේ.
    මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නියාම ධර්ම පහක් පෙන්වා වදාළහ. කරන්නකු හෝ කරවන්නකු නොමැතිව ඉබේම සිදුවන්නා වූ ස්වභාවික පරිසරයේ විවිධ වෙනස්වීම්
    උතු නියාමයට අනුවය. එපරැදි කිසිවකුගේ සම්බන්ධයක් නොමැතිව ඇටයකින් එම පැළය ලැබීම මවුපිය ලක්‍ෂණ දරුවනට ලැබීම
    ආදී කරුණු සිදු වන්නේ බීජ නියාමයට අනුවය.
    සත්වයින් විසින් කරන ලද පින්පව් පරිදි කිසිවකුගේ සම්බන්ධතාවයක් නැතිව හොඳ නරක විපාක ගෙනදීම කර්ම නියාමයට අනුව ය.
    එසේම කරවන්නකු හෝ කරන්නෙකු නොමැතිව ජලය පහත් භූමිය කරා බැස යාම, ඉපදීම ඇති තැන මරණය වීම, ගසකින් ගිලිහෙන කොළය පොළොවට පතිත වීම ආදිය
    ධම්ම නියාමයට අනුවය.
    එසේම කිසිවකුගේ පිළියෙළ කිරීමක් නොමැතිව සිත් පහළ වීම, සිත් නැතිවීම ආදී සිත පිළිබඳ ස්වභාවික පැවැත්ම චිත්ත නියාමයට අනුව ය.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    1.

    බෞද්ධ අපේ පිළිගැනීම නම් ඒක නෙවේ..
    ඕක නොදැනුවත් කම

    2

    නියාම ධර්ම ගැන මම දන්නවා මචන්. මාත් හොඳට ධර්මය දන්නා එකෙක්. :)

    මම කියන්නේ අඹ පැලෙට හේතු වෙච්ච දේවල්ම ඒ මල්ලිටත් ඒ විදියටම ආදේශ කරන්න බැරිද? කර්ම නියාමය අමතක කරලා දාල. අඹ පැලෙට කර්ම නියාමය කොයි වෙලාවකවත් අදාළ වෙන්නේ නෑනේ. ඒත් අඹ ගහත් පන තියෙන දෙයක්. ඒකත් මැරෙනවා.

    ඒ වගේම හිතපන්කෝ ඒ මැරිච්ච මල්ලි ගැනත්. අඹ ඇටේ යුක්තානුව කියලා ගනින්. උතු නියාම බීජ නියාම ධම්ම නියාම චිත්ත නියාම ඔක්කොම අදාළ කර ගනින්. ඒත් කම්ම නියාම නැතුව. අඹ පැලේ උදාහරණෙට අරන්.

    මම කියන දේ උඹට තේරුනාද මන්ද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    නියාම ධර්ම ගැන මම දන්නවා මචන්. මාත් හොඳට ධර්මය දන්නා එකෙක්. :)

    මම කියන්නේ අඹ පැලෙට හේතු වෙච්ච දේවල්ම ඒ මල්ලිටත් ඒ විදියටම ආදේශ කරන්න බැරිද? කර්ම නියාමය අමතක කරලා දාල. අඹ පැලෙට කර්ම නියාමය කොයි වෙලාවකවත් අදාළ වෙන්නේ නෑනේ. ඒත් අඹ ගහත් පන තියෙන දෙයක්. ඒකත් මැරෙනවා.

    ඒ වගේම හිතපන්කෝ ඒ මැරිච්ච මල්ලි ගැනත්. අඹ ඇටේ යුක්තානුව කියලා ගනින්. උතු නියාම බීජ නියාම ධම්ම නියාම චිත්ත නියාම ඔක්කොම අදාළ කර ගනින්. ඒත් කම්ම නියාම නැතුව. අඹ පැලේ උදාහරණෙට අරන්.

    මම කියන දේ උඹට තේරුනාද මන්ද.

    උබ ධර්මය දන්නව නම් සියලු දේ වෙන්නෙ කර්මයෙන් කියල thread එකේ කිව්වෙ ඇයි ?

    උබ කියන දේ නම් අපිට තේරෙනව..
    අපි කියන දේ උබට තේරෙන්නෙ නැති එක තමයි මෙතන අවුල..
    ගස් අවිඤ්ඤාණ ගණයට වැටෙන්නෙ විඤ්ඤාණයක් නෑ..

    සත්තු සවිඤ්ඤාණක..
    ඒ දෙක compare කරන්න බැහැ කොහොමටවත්..

    “සීවකය, පිත නිසා හටගන්නා වූ (පිත්ත සමුට්ඨාන) සෙමනිසා, (සෙම්හ සමුට්ඨාන), වාතය නිසා (වාත සමුට්ඨාන), සන්නිපාතය නිසා (සන්නිපාත සමුට්ඨාන),
    සෘතු විපර්යාස නිසා (උතු පරිනාමජා), හටගන්නා වූ ඇතැම් වේදනාවක් තියෙනවා.

    ඒ හේතු නිසා වේදනාව උපදිනවා නම් ඒ බව තමන් දැනගත යුතුයි.
    ලෝකයා අතරත් එය සම්මතයෙන් පිළිගැනෙයි.
    ඉතින් මෙසේ පැහැදිලිව පෙනෙද්දීත් මේ සෑම විඳීමක් ම පෙර කළ කර්මයෙන් ම වෙනවා යැයි කියනවා නම් ඒවා ඒ
    ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ මිථ්‍යා ප්‍රබන්ධ කියලයි මා කියන්නේ.

    තවත් හේතු සඳහන් වෙනවා.
    විෂම පරිහරණය හා පැවැත්ම (විසමපාරිහාරජා) නිසා හටගන්නා වූ වේදනා තියෙනවා.
    බාහිර දේවල් පමණක් නොව තමාගේ සිරුරත් වැරැදි ලෙස පරිහරණය කළොත් එයින් නරක දුක් විපාක ලැබෙයි.
    උපක්‍රම නිසා (ඕපක්කමිකා) හටගන්නා වූ වේදනා ද ඇත.
    අඳුරෙහි එළිමහනේ ගමන් කිරීමේ දී සර්පයින් දෂ්ට කිරීම නිසා දුක් විපාක ලැබෙයි.
    නුසුදුසු තැන්වලට යාමෙන් අනතුරු සිදුවිය හැකියි.
    ගඟක් අසළ මුහුදු වෙරළක් අසළ නිවසක් තනා වාසය කරන්නන්ට ජල ගැලීම් මගින්
    අනතුරු විය හැකියි.
    නොසැලකිල්ලෙන් රථයක් පැදවීම නිසා එය තුළ සියල්ලන්ටම අනතුරු විය හැකි යි. අටවැනි කාරණය වශයෙන් කර්මය විපාක නිසා උපදින්නා වූ (කර්ම විපාකජ)
    වේදනාවන් ද තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

    මල්ලිට උන දේ කර්මය නිසා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
    දැන් සුනාමිය වෙලාවෙ සේරම ටික එක පාර මැරිල ගියෙ කර්මය නිසාද ?
     
    Last edited:

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?

    නියාම ධර්ම ගැන මම දන්නවා මචන්. මාත් හොඳට ධර්මය දන්නා එකෙක්. :)

    මම කියන්නේ අඹ පැලෙට හේතු වෙච්ච දේවල්ම ඒ මල්ලිටත් ඒ විදියටම ආදේශ කරන්න බැරිද? කර්ම නියාමය අමතක කරලා දාල. අඹ පැලෙට කර්ම නියාමය කොයි වෙලාවකවත් අදාළ වෙන්නේ නෑනේ. ඒත් අඹ ගහත් පන තියෙන දෙයක්. ඒකත් මැරෙනවා.

    ඒ වගේම හිතපන්කෝ ඒ මැරිච්ච මල්ලි ගැනත්. අඹ ඇටේ යුක්තානුව කියලා ගනින්. උතු නියාම බීජ නියාම ධම්ම නියාම චිත්ත නියාම ඔක්කොම අදාළ කර ගනින්. ඒත් කම්ම නියාම නැතුව. අඹ පැලේ උදාහරණෙට අරන්.

    මම කියන දේ උඹට තේරුනාද මන්ද.

    මචන් ජීවී දේකුයි අජීවී දෙකුයි කොහොමද බන් සංසන්දනය කරන්නේ?