කර්මය, වාසනාව විශ්වාස කරනවද

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    9,169
    3,943
    113
    හැමිනේශන්
    එහෙම සීන් එකක් තියෙනව කියල දැනිල තියෙනව අත් දැකපු දේවල් වලින්,
    මං දන්න කොල්ලෙක් ඉන්නව, මට වඩා වැඩිමල් ඩයල් එකක්, උ ඉගෙනගත්තෙත් නෑ හරියට, හැබැයි හිත හොද කොල්ලෙක්, දැකපු තැන ලගට ඇවිත් කතා බහ කරල යනව, ඌත් එක්ක හිටපු අනිත් උන් හොදට ඉගෙන ගත්තා, එකෙක් දොස්තර, අනිත් එකා බැංකුවේ, තව එකෙක් කුවේට් ගියා චෙෆ් සීන් එකකට, ඔක්කොම උන් හොද හොද ජොබ් වලට ගියා, මුට ගෙදරිනුත් වැඩි සැලකිල්ලක් තිබ්බෙ නෑ ඉගෙන ගන්න කාලෙ එහෙම, තාත්ත එහෙම පට්ට ලෝබයා, කොල්ලට පංති යන්න එහෙම සල්ලි දුන්නෙම නෑ, පොලී කරපු එක කරේ, මූ අවුරුදු 27 විතර වෙනකම් එකේක වැඩ කර කර හිටියෙ ටුවරිසම් සයිඩ් එකේ, සුද්දොන්ගෙ කාමර පිරිසිදු කරන වගේ පොඩි පොඩි වැඩ කරේ ගෙදරිනුත් මූව හලපු සීන් එකේ හිටපු නිසා, පොරට හොදට surf කරන්න පුලුවන්, surfingවලට ලංකාවට ආපු සුද්දියෙක් මූට කැමති වෙලා මූව බැදල කෙල්ලගෙ රටට එක්කන් ගියා, ඒකිට එහේ කැරි සල්ලියක් තියෙන්නෙ, fbඑකේ එහෙම මූව tag කරල දෙන්න එක්ක photos දානව පට්ටම ලක්සිරි ලයිෆ් එකක් ගෙනියන්නෙ දැන්, කොල්ලත් ලංකාවට එන්නෙම නැති තරම්. ගෙදර උන් මූව අයින් කරල තිබ්බ වගේ මූත් දැන් සුද්දි එක්ක ලස්සනට ජීවත් වෙනව. දැන් ඒකි pregnant, දෙන්නා මාරම ලස්සනට ජීවත් වෙනවා, මූත් එක්ක පොඩි කාලෙ ඉදන් එකට ඉදල හොදට ඉගෙන ගත්ත හැමෝටම වඩා මූ පට්ට කෝටිපතිය දැන් :yes::love: ඔය වගේ දේවල් වලින්
    තමයි මමත් කර්මයද දෛවයද වාසනාවද මන්දා එහෙම සීන් එකක් තියෙනව කියල විශ්වාස කරන්නෙ, ඔය වගේ දේවල් ගොඩක් මං දැකල තියෙනව බන්, අද උබ මම ඉන්න තත්වෙන් නෙමෙයි බන් හෙට ඉන්නෙ, ජීවිතේ සම්පූර්නෙම්ම උඩු යටිකුරු ගැහෙන්න පුලුවන්. එක රැයෙන් කෝටි පති සීන් එකට වෙනස් වෙන්න පුලුවන් මනුස්සයෙක්ගෙ ජීවිතේ. අද උබ ගාව තියෙන සල්ලි හෙට මං ගාව තියෙන්න පුලුවන් වාසනාව කියන දේ මොන වෙලේ කැරකෙයිද දන්නෙ නෑ.. හැබැයි වාසනාව උදා වෙනකම් ඇද උදට වෙලා බලන් හිටියට හරි යන්නෙත් නෑ..
     
    Last edited:
  • Mar 15, 2012
    1,312
    608
    113
    SL
    වාසනාව කෙසේවෙතත් කර්මය ගැන නම් හොදටම විස්වාස කරනවා, හොදින්ම අත්දැකලා තියෙනවා.
     

    vj3661

    Member
    Dec 28, 2008
    4
    1
    3
    පොඩි කාලේ ඉඳල හිග මග කරපු නෑයෝ සෙට් එකක් හිටියා මහගෙදර. උන් දුන්නෙම පුදුම වද. JVP කාලේ අපිට උදේ පාන්දරම මහගෙදරින් යන්න කිව. උන්ට වාහන තිබ්බ එත් තාත්තට වාහන තිබ්බේ නැහැ . තිබ්බේ bicycle එකක්. ඔකේ තිබ්බ ඔක්කොම pack කරගෙන පාන්දර ගිය පයින් quarters වලට.අන්තිමට කාටවත් මහගෙදර ඉන්න උනේ නැහැ. එක පාලුවට ගියා.

    අපිට දුප්පත් හින්ද උන්ගේ වාහන වල දාගෙන ගියේ නැහැ. උන් එකෙකුටවත් මගේ දැන් තියෙන වාහන තරම් ඒවා ගන්න බැරි උනා.

    කර්මේ අපහු එනවා ගොඩක් වෙලාවලට . කොච්චර සල්ලි තිබ්බත් නිහතමානි වෙන්න..

    .
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,299
    326
    83
    යටිපතුල් උඩ 👣
    පොඩි කාලේ ඉඳල හිග මග කරපු නෑයෝ සෙට් එකක් හිටියා මහගෙදර. උන් දුන්නෙම පුදුම වද. JVP කාලේ අපිට උදේ පාන්දරම මහගෙදරින් යන්න කිව. උන්ට වාහන තිබ්බ එත් තාත්තට වාහන තිබ්බේ නැහැ . තිබ්බේ bicycle එකක්. ඔකේ තිබ්බ ඔක්කොම pack කරගෙන පාන්දර ගිය පයින් quarters වලට.අන්තිමට කාටවත් මහගෙදර ඉන්න උනේ නැහැ. එක පාලුවට ගියා.

    අපිට දුප්පත් හින්ද උන්ගේ වාහන වල දාගෙන ගියේ නැහැ. උන් එකෙකුටවත් මගේ දැන් තියෙන වාහන තරම් ඒවා ගන්න බැරි උනා.

    කර්මේ අපහු එනවා ගොඩක් වෙලාවලට . කොච්චර සල්ලි තිබ්බත් නිහතමානි වෙන්න..

    .
    Mokadda wahane bn!
     
  • Mar 15, 2012
    1,312
    608
    113
    SL
    කියපන් එහෙනම් අත්දැකීමක්
    කීයක් කියල කියන්නද බං. මගෙ වයස දැන් 35යි. මේ කාලෙ ඇතුලත හුගක් දේවල් උනා.
    එකක් දෙකක් කියන්නම් කෙටියෙන්. අපි පොඩි කාලෙ වෙනස්කම් කරපු නෑයො ඔක්කොම දැන් හාන්සියි. සමහර වෙලාවට උවමනාවකට ඇවිත් සල්ලි එහෙමත් ඉල්ලගෙන යනවා. කියනවනම් පරණ දේවල් මතක් කර කර දෙන්න පුලුවන්. වැඩක් නැති නිසා පුලුවන් උදව්වක් කරලා ( කරේ දාගන්නෙ නෑ ) යවනවා.
     
    • Like
    Reactions: vj3661