කර්මය හා කර්ම ඵලය
කර්මය පිළිබඳව සාකච්ඡා කොට ඇති බොහෝ ලියවිලිවල සඳහන් වන දෙයක් නම් කර්මය හා එහි ඵලය අතර, එනම් ක්‍රියාව හා එහි ප්‍රතිඵලය අතර, සෘජු වූ නොවෙනස්ව ක්‍රියාත්මක වන්නා වූ නියාමයක් ඇති බවයි. මෙසේ අවධාරණය කරනු ලැබීම ගැන කිසිදු ගැටලුවක් නොමැති වුවද, කර්මය ක්‍රියාත්මක වන ආකාරයේ තවත් පැත්තක් ඇත. එය බොහෝ විට අවධානයට ලක් නොවන, එහෙත් ඉතා වැදගත් පැත්තකි.
එනම්, කර්මයෙහි වෙනස්වීමට ඇති ඉඩකඩය. පැහැදිලිව දක්වනවා නම්, කර්මයෙහි ප්‍රතිඵල ගෙන දෙන නියාමය යන්ත්රානුසාරී අනම්යතාවෙන් ක්‍රියාත්මක නොවන අතර, කර්ම ඵලය මුහුකුරා යන ක්‍රියාවලිය තුළදී සෑහෙන පුළුල් පරාසයක විපර්යාසයන්ට භාජන වීමට ඉඩ ඇති බවයි.
කර්ම විපාකය සෑම විටම ඒකාකාරී ප්‍රබලතාවෙන් ක්‍රියාත්මක වන අතර, කර්ම ඵලය වෙනසකට භාජන වීමක් හෝ අහෝසි වී යාමක් සිදු නොවන්නේ නම් සංසාර චක්‍රයෙන් ගොඩ ඒමට මිනිසාට හැකි වන්නේ නැත. කුමක් නිසා ද යත්, පරතෙරක් නොමැති අතීතය විසින් නොකඩවා ම අකුසල කර්මයන්හි ඵලවිපාක වශයෙන්, විටන්විට නිවන් මග අවුරා පැන නැගෙනු ඇති බැවිනි. බුදුරදුන් මෙසේ පවසා ඇත්තේ එබැවිනි.
“පුද්ගලයෙකු කර්මයක් කරන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම ඔහුට එහි ඵල විපාක ලැබෙනු ඇතැයි කිසිවෙකු කියන්නේ නම්, ඒ අනුව (කර්ම ඵලය නැති කර ගැනීම සඳහා වූ) දැහැමි පිළිවෙත් පිරීමකට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දුක සහමුලින්ම උපුටා දැමීමේ ඉඩක්ද නොලැබේ.
එහෙත් පුද්ගලයෙකු විසින් වෙනස් වෙනස් ආකාරයෙන් වින්ද හැකි වූ ප්‍රතිඵල සහිත කර්මයක් කරන්නේ එහි විපාක ඔහු ඒ ආකාරයෙන් විඳිනු ඇතැයි යමෙකු කියන්නේ නම් එවිට දැහැමි පිළිවෙත් පිරීමකට හා දුක සහමුලින්ම සිඳ දැමීමට අවස්ථාවක් ද තිබෙනු ඇත.”
(අංගුත්තර නිකාය 3:110)
ඕනෑම ශාරීරික ක්‍රියාවක් මෙන්ම කර්මමය ක්‍රියාවකට ඇතුළත් මානසික ක්‍රියාදාමය ද කිසිදු විටෙක ඒකීයව, තනිව පවත්නේ නොව, තවත් සාධක රැසක් ඇති ක්ෂේත්රයක් තුළ පවතී. එවිට ප්‍රතිඵලයක් ජනිත කිරීමට ඊට ඇති ශක්තිය රඳා පවත්නේ එයටම අයත් බලය මත පමණක් නොවේ. ඒ ශක්තිය අවට ඇති ෂචල්ය සාධක මත ද රඳා පවතින හෙයින්, ඒවාට එම ප්‍රතිඵලය වෙනස්කම්වලට භාජන කිරීමට පුළුවන.
උදාහරණ වශයෙන් යහපත් හෝ අයහපත් කිසියම් කර්මයක් එහි ප්‍රතිඵලය ඊට සහාය වන තවත් කර්ම නිසා ශක්තිමත් වන්නට හෝ විරෝධක කර්ම නිසා දුර්වල වන්නට හෝ ඉඩ ඇති බව දනිමු. එසේම විනාශක කර්ම නිසා එය අහෝසි වී යන්නට ද පුළුවන. කර්ම ඵලය ඇති වීම එය පරිපාකයට පත්කිරීම සඳහා අවශ්‍ය බාහිර සාධකයන් එක් තැන් වීම ප්‍රමාද වුවහොත්, කල්පසු වන්නට ද ඉඩ ඇත. එම ප්‍රමාදය හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කර්මයන්ට හෝ අහෝසිකාරක කර්මයන්ට ක්‍රියාත්මක වන්නට අවකාශයක් සලසා දෙනු ඇත.
වෙනස් කිරීම් සිදු කළ හැක්කේ එම බාහිර සාධකයන් විසින් පමණක් නොවේ. පරිපාකයට පත්වීමේ ක්‍රියාවලිය තුළ කර්මයෙහි “අභ්‍යන්තර ක්ෂේත්රය” ද පිළිබිඹු වී තිබේ. අභ්‍යන්තර සාධක ලෙස සැලකිය යුතු එයට ඇතුළත් වන ක්‍රියාව පැන නගින මනසේ සමස්ත ගුණාත්මක සැලැස්මය. සදාචාරාත්මක හෝ ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පිරිපුන් අයෙකුට එක් තනි වරදකින් පැමිණෙන විපාක එබඳු ආරක්ෂක ගුණාත්මක භාවයෙන් සන්නද්ධ නොවූ අයෙකු වෙත පැමිණෙන විපාක තරම් බරපතල නොවනු ඇත. තවද මේ හා සමාන්තරව මනුෂ්‍යයන් අතර භාවිත නීති සම්ප්‍රදායයන්ට අනුව, පළමුවරට වරදක් කරන්නාට ලැබෙන දඬුවම නැවත නැවත එම වරද කරන්නාට ලැබෙන දඬුවමට වඩා අඩු වනු ඇති බව දනිමු.
එසේ වෙනසට භාජන වූ ප්‍රතික්‍රියා පිළිබඳව බුදුරදුහු අප ඉහත උපුටා දැක්වූ සූත්රයේම මෙසේ වදාරති:
“සුළු වැරදි ක්‍රියාවක් කළ පුද්ගලයෙකු අපාගත වූවා යැයි සිතමු. එම වැරදි ක්‍රියාවම කළ තවත් පුද්ගලයෙකු එහි විපාකය මේ ජීවිත කාලය තුළදීම අත්විඳින කල්හි එම කර්මයෙහි කිසිම ශේෂයක් අනාගතය සඳහා ඉතුරු නොවන අතර බරපතළ විපාකයක් ගැන සඳහන් කිරීම අනවශ්‍යය. ඉතින් සුළු වරදක් නිසා අපාගතවන්නේ කවර පුද්ගලයෙක් ද? ඒ වනාහි ශාරීරික සංයමයක් ප්‍රගුණ නොකළා වූ ද යහගුණ හා යහපත් සිතිවිලි නොවැඩුවා වූ ද හේ කිසිදු ප්‍රඥාවක් ප්‍රගුණ නොකළ පටු කල්පනා ඇති පහත් චරිතයක් ඇත්තේ සුළු දේ නිසා පවා දුකට පැමිණෙයි. කුඩා වරදකට වුවද අපාගත වන්නේ එබඳු පුද්ගලයාය.”
“එම වරදේ ම ඵල විපාක මෙම ජීවිත කාලය තුළදී ම විඳින්නට සිදුවන අතර අනාගතය සඳහා එකී කිසිම ශේෂයක් ඉතුරු නොවන්නා වූ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහි ශාරීරික සංයමය ප්‍රගුණ කළා වූ ද යහගුණ හා යහපත් සිතිවිලි වැඩුවා වූ ද ප්‍රඥාව ප්‍රගුණ කළා වූ ද හේ දුශ්චරිතයන්ට කොටු වූයේ නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි; අයහපත් දෙයින් නොබැඳී ඔහු වාසය කරයි. යටකී සුළු වරදෙහි ඵල විපාකය අනාගතයට කිසිදු ශේෂයක් ඉතිරි නොකොට මේ අත්බවෙහිදීම විඳින්නේ එබඳු පුද්ගලයාය. “ඉතින් කිසියම් කෙනෙක් ලුණු අහුරක් කුඩා වතුර බඳුනකට දැම්මොත් මහණෙනි, ඔබ සිතන්නේ කුමක් වනු ඇති කියා ද? එම ලුණු අහුර නිසා බඳුනේ ඇති වතුර ටික ලුණු සහිත වී බොන්නට බැරි තත්ත්වයට පත් වෙනවා නේද?” “එසේ වෙනවා වහන්ස”
“ඒ ඇයි? – “බඳුනේ ඇති ජලය ඉතා ටිකක් නිසා ලුණු අහුර එය බොන්නට බැරි තරම් ලුණු ගතියට හරවන නිසා” –
source - dinamina