කර්‍මය ගැඹුරු ධර්‍මයෙකි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්‍මය ගැඹුරු ධර්‍මයෙකි. එබැවින් එය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටිති. බුදුසමයෙහි ප්‍ර‍ධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලු ම බෞද්ධයන් විසින් ඇති කර ගත යුතු ය. කර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කර ගත හැකි වීමට අභිධර්මය පිළිබඳ තරමකවත් දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය හරිහැටි තේරුම් ගැනීම අපහසු ය. බොහෝ භික්ෂූන් වහන්සේලාට පවා කර්මය ගැන හරි දැනුමක් නැත්තේ අභිධර්මය නො දැනීමේ පාඩුව නිසා ය.
    සාමාන්‍ය ලෝකයා විසින් ක්‍රියාවට හා කරනු ලබන දෙයටත් ‘කර්මය’ යි කියනු ලැබේ. බුදු සස්නෙහි කුශලාකුශල කථාවෙහි “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කරන මානසික බලවේගයටත් ඇතැම් මානසික ක්‍රියාවලටත් කර්මය” යි කියනු ලැබේ. කර්මය යනු කුමක් ද? යන මේ ප්‍ර‍ශ්නයට බුදුසස්නෙහි කුශලාකුශල කථාව අනුව පිළිතුරු දෙත හොත් “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදුකරන මානසික බලවේගයත් පාප විරමණාදි ඇතැම් මානසික ක්‍රියාත් කර්‍ම නම් වේය” යි කිය යුතු ය.
    දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදුකරන බලවේගයට බුදු සස්නෙහි ව්‍යවහාර වන නාමය චේතනා යනුයි. එය දෙපනස් චෛතසික ධර්මයන් අතුරෙන් එක් චෛතසික ධර්මයෙකි. සිතය යන අර්ථය කියවෙන ‘චේත’ ශබ්දයක් ද පාලියෙහි ඇත්තේ ය. ඇතමුන් “චේත, චේතනා” යන මේ වචන දෙක අවුල් කර ගෙන, “සිතීම ම කර්මය” යි වරදවා තේරුම් ගෙන සිටිති. සිත කර්මය නො වන බව විශේෂයෙන් මතක තබා ගත යුතු ය.
    “චෙතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනු බෞද්ධයන් අතර ප්‍ර‍සිද්ධ ධර්ම පාඨයෙකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නො දන්නා බොහෝ දෙනා ඉහත කී දේශනා පාඨය බලාගෙන හැම තැනක දී ම චේතනාව පමණක් කර්මය වශයෙන් දක්වති. එයත් මහත් වරදෙකි. චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම එක් විස්සක් ඇත්තේ ය. බෝධ්‍යංග සතය, මාර්ගාංග අටය, අභිජ්ඣා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි යන කර්ම තුනය, අනභිද්‍යා - අව්‍යාපාද - සම්‍යග්දෘෂ්ටි යන තුනය යන මේ එක් විස්ස කර්ම වශයෙන් ගණන් ගන්නා ධර්මයෝ ය. චේතනාවත් සමග කර්මය සැටියට ගණන් ගන්නා ධර්ම දෙ විස්සක් ඇත්තේ ය. සැම තැන දී ම මේ දෙ විස්ස ම කර්ම වන්නේ නො වේ. ඒ ඒ ධර්මය කර්මය වන තැන් වෙ වෙන ම කිය යුතු ය.
    චේතනාව තවත් ක්‍ර‍මයකින් තේරුම් කරත හොත් “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහ චේතනාවය” යි කිය යුතු ය. අකුශල කර්මපථ දශයෙන් පාණාතිපාත, අදින්නාදාන, කාමෙසු මිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුෂාවාච, සම්ඵප්පලාප යන කර්මපථ සත සිදු කරන්නේ චේතනාවෙනි. එබැවින් ඒවායේ කර්මය වශයෙන් චේතනාව ගනු ලැබේ. අභිද්‍යා අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත ලෝභ චෛතසිකය ය. ව්‍යාපාද අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත ද්වේෂ චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්‍ම පථයෙහි කර්‍මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත දෘෂ්ටි චෛතසිකය ය.
    දශ කුශල කර්ම පථයන් අතුරෙන් පාණාතිපාත විරති අදින්නාදානවිරති කාමෙසුමිච්ඡාචාරවිරති යන කර්මපථ තුනෙහි අවස්ථාවල සැටියට චේතනාවත් කර්මය වේ. සම්මා කම්මන්ත චෛතසිකයත් කර්මය වේ. සමහර අවස්ථාවක දී සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.
    මුසාවාදවිරති පිසුණාවාචාවිරති ඵරුසවාචාවිරති සම්ඵප්පලාප-විරති යන කුශල කර්මපථ සතරෙහි අවස්ථානුරූපව චේතනාවත් සම්මාවාචා චෛතසිකයත් සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.
    අනභිද්‍යා කුශලයෙහි කර්මය වන්නේ අලෝභ චෛතසිකය ය. අව්‍යාපාද කුශලයෙහි කර්මය වන්නේ මෛත්‍රී චෛතසිකය ය. සම්‍යග්දෘෂ්ටි කුශලයෙහි කර්මය වන්නේ ප්‍ර‍ඥා චෛතසිකය ය.
    දානමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. ශීලමය කුශලයෙහි ප්‍ර‍ධාන වශයෙන් කර්මය වන්නේ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසික තුන ය. එහි චේතනාවත් අප්‍ර‍ධාන වශයෙන් කර්මය ලෙස ගණන් ගනු ලැබේ.
    සාමාන්‍ය භාවනාමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. භාවනාව දියුණු කළ යෝගාවචරයන් ගේ භාවනාමය කුශලයෙහි චේතනාව හා බෝධ්‍යංග සතත් මාර්ගාංග අටත් කර්මය වශයෙන් සලකනු ලැබේ.
    “කිං පනෙතං කම්මං නාම? චෙතනා චෙව එකච්චෙ ච චෙතනා සම්පයුත්තකා ධම්මා, - පෙ- එවං ඉමෙ ඛො බොජ්ඣංග මග්ගංග පභෙදතො පණ්ණරස ධම්මා කම්මචතුක්කෙන දීපිතා, අභිජ්ඣා ව්‍යාපාදෙ මිච්ඡාදිට්ඨි අනභිජ්ඣා අව්‍යාපාදො සම්මා දිට්ඨි ති ඉමෙහි පන ඡහි සද්ධිං එකවීසති චෙතනා සම්පයුත්තකා ධම්මා වෙදිතබ්බා.”
    (අත්ථසාලිනී ද්වාරකථා)
    අත්ථසාලිනියේ ද්වාරකථාව කියවුවහොත් කර්මය පිළිබඳ බොහෝ කරුණු උගත හැකි ය.
    මිනිසකු විසින් අතින් ගසා කුඩා සතකු මරත හොත් ඒ මිනිසා ගේ සන්තානයෙහි සතා මැරීමේ උත්සාහය වූ අකුශල චේතනාව පහළ වේ. ඒ චේතනාව සමග ම ඒ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක් ද, තවත් එයට වුවමනා චෛතසික ධර්‍ම සමූහයක් ද පහළ වේ. ඒ සියල්ල ම පහළ වන්නේ චේතනාව හා බැඳී එක ම ධර්මයක් සේ ය. ඒ ධර්ම සමූහයෙහි සිතත් එක් ප්‍ර‍ධාන ධර්මයෙකි. චේතනාවත් ප්‍ර‍ධාන ධර්මයෙකි. ප්‍ර‍දීපයක් දල්වනවාත් සමග එයින් ආලෝකයක් ඇති වන්නාක් මෙන් ඉහත කී චේතනාදි ධර්ම පිණ්ඩය ඇති වෙනවාත් සමග ම අත ඔසවා ගෙන ගොස් සත්ත්වයා ගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්තවන වායුවක් ඇති වේ. ඒ වායු වේගයෙන් අත එසවී සත්ත්වයා ගේ ශරීරය කරා තදින් යන්නේ ය. අත වේගයෙන් හැපීමෙන් සත්ත්වයා ගේ ශරීරය පොඩි වේ. එයින් සත්ත්වයා ගේ මරණය සිදු වේ. සත්ත්වයා ගේ මරණය වූයේ ශරීරය පොඩිවීම නිසා ය. ශරීරය පොඩි වූයේ අත හැපීම නිසා ය. අත සත්ත්ව ශරීරය කරා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගය නිසා ය. ඒ වායුව හට ගත්තේ මිනිසා ගේ සන්තානයෙහි හටගත් සතා මැරීමේ උත්සාහය වූ වධක චේතනා සම්ප්‍ර‍යුක්ත චිත්තය නිසා ය. වධක චේතනා සහිත චිත්තය ඇති නුවූයේ නම් අත ගෙන යන වායු වේගය ඇති නො වේ. වායු වේගය ඇති නො වූයේ නම් අත සතා ගේ ශරීරය කරා නො යන්නේ ය. අත ශරීරය කරා නො ගියේ නම් සතා ගේ ශරීරය නො තැළෙන්නේ ය. ශරීරය නො තැළුනා නම් සතා නො මැරෙන්නේ ය. මේ කාරණයෙහි සතා ගේ ශරීරය තැළීම අත ශරීරය කරා යාම වායු වේගයෙන් අත තල්ලුකර හැරීම යන මේවා අප්‍ර‍ධාන කරුණු ය. එබැවින් ඒ එකකුදු කර්මය නො වේ. චේතනාව ඇති නොවී අත ගෙන යන වායුව ද ඇති නො වේ. අත ද සතා කරා නො යේ. සතා ගේ ශරීරය ද නො තැළේ. මරණය ද සිදු නො වේ. සියල්ල ම වූයේ චේතනාව නිසා ය. එහි චේතනාව ම ප්‍ර‍ධාන ය. ‘චේතනාව කර්මය’ යි කියන්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යි වදාළේ චේතනාව ප්‍ර‍ධාන වන බැවිනි. පහර ලැබූ සත්ත්වයා ගේ සන්තානයෙහි වූ මරණය පහර දුන් මිනිසා ගේ සන්තානය හා සම්බන්ධ වූවක් නො වන නිසා මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි විපාකයක් ඇති කිරීමට ඒ මරණය සමත් නො වේ. වධක චේතනාව මිනිසා ගේ ම සන්තානයෙහි ඇති වූ බැවින් එය ඒ මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි අනිෂ්ට විපාකයක් අනාගතයෙහි ඇති කිරීමට සමත් වේ.
    ප්‍රාණඝාතය කළ හැකි ක්‍ර‍ම බොහෝ ඇත්තේ ය. සැම ක්‍ර‍මයකින් ම ප්‍රාණඝාතය සිදු කෙරෙන්නේ චේතනාවෙන් ම ය. නොයෙක් ක්‍ර‍මවලින් කෙරෙන ප්‍රාණඝාත කර්ම ගැන විස්තරයක් කරන්නට යතහොත් ඉතා දීර්ඝ ලිපියක් ලියන්නට සිදු වන බැවින් එය නො කළ හැකි ය. මෙහි විස්තර කළ ප්‍රාණඝාත කර්මය අනුව අනික් ක්‍ර‍මවලින් කරන ප්‍රාණඝාතය කර්මයන් හි ද චේතනා ප්‍ර‍ධාන භාවය තේරුම් ගත යුතු ය. අදත්තාදානාදි කර්ම සිදු වන සැටිත් ඒවායේ චේතනා ප්‍ර‍ධානත්වයත් කියන ලද කරුණු අනුව තේරුම් ගත යුතු ය.
    අභිජ්ඣා යනු අනුන් ගේ සම්පත් තමාට වේවා යි පවත්නා ලෝභය ය. මනඃකර්මයෙකි. අභිජ්ඣාව ඇති වන්නේ චේතනාවත් සමගම ය. එහෙත් අභිද්‍යා අකුශල කර්මයේ දී චේතනාව අප්‍ර‍ධාන වේ. එබැවින් එහි කර්මය වශයෙන් ගැනෙන්නේ ලෝභ චෛතසිකය ම ය. ව්‍යාපාදය යනු අන්හු නැසෙත්වා යි උපදිනා ද්වේෂය ය. එයත් උපදිනුයේ චේතනාවත් සමග ය. එහි ද චේතනාව අප්‍ර‍ධාන ය. එහි කර්මය වශයෙන් ගැනෙන්නේ ද ද්වේෂ චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මය යනු වරදවා දක්වා වූ දෘෂ්ටි චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයෙහි ද චේතනාව අප්‍ර‍ධාන බැවින් දෘෂ්ටි චෛතසිකය ම කර්ම වශයෙන් ගනු ලැබේ. ඉහත කර්මය කොටින් දැක්වීමේ දී “ඇතැම් මානසික ක්‍රියාය” යි කියන ලදුයේ කර්ම වන ලෝභ ද්වේෂාදි චෛතසිකයන් ගැන ය. කුශල පක්‍ෂයේ දී විරති ආදි චෛතසික ධර්ම කර්ම වන සැටි කියන ලද කරුණු අනුව සිතා ගත යුතු ය.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචෝ ප්‍රශ්නයක්.!
    අපි මී පාසානම් තිබ්බම කාලා ගෙයි පේන්න මැරිලා ඉන්න මීයො ටික දැක්ක ගමන් අපි දන්නවා බඩු තමයි කියලා.කෙලින්ම ප්‍රාණඝාත. :(
    හැබැයි කාලා ගිහින් වෙන කොහේ හරි මැරිලා උන්නොත් කොහොමද කවුන්ට් වෙන්නේ ඒ අයට කර්මය.?
     
    • Like
    Reactions: B.Chat

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචෝ ප්‍රශ්නයක්.!
    අපි මී පාසානම් තිබ්බම කාලා ගෙයි පේන්න මැරිලා ඉන්න මීයො ටික දැක්ක ගමන් අපි දන්නවා බඩු තමයි කියලා.කෙලින්ම ප්‍රාණඝාත. :(
    හැබැයි කාලා ගිහින් වෙන කොහේ හරි මැරිලා උන්නොත් කොහොමද කවුන්ට් වෙන්නේ ඒ අයට කර්මය.?
    කමක් නැද්ද තේරුම් කලාට?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මචෝ ප්‍රශ්නයක්.!
    අපි මී පාසානම් තිබ්බම කාලා ගෙයි පේන්න මැරිලා ඉන්න මීයො ටික දැක්ක ගමන් අපි දන්නවා බඩු තමයි කියලා.කෙලින්ම ප්‍රාණඝාත. :(
    හැබැයි කාලා ගිහින් වෙන කොහේ හරි මැරිලා උන්නොත් කොහොමද කවුන්ට් වෙන්නේ ඒ අයට කර්මය.?
    චේතනාව මරණ එක නේ. ඔයා මැරෙනවා දැක්කත් නැතත් නරක චේතනාවෙන් කරන දෙයක ප්‍රතිඵල හින්දා තව කෙනෙක් /සතෙක්ට හිංසාවක් වෙනවා නම් ඒ හිංසාවට අනුරූප කර්මයක් ඔයාට සකස් වෙනවා. ඔය වගේම තමයි අපි කරන හොඳ දෙයක් හින්දා තවත් කෙනෙක්ට හොඳක් වෙනවා නම් ඒ දේවල් දැක්කත් නැතත් අපිට කුසල් රැස් වෙනවා. එකයි ඔයා සමහර පින්කම් වලට දිවා රෑ කුසල් රැස් වෙනවා කියන්නෙත්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    චේතනාව මරණ එක නේ. ඔයා මැරෙනවා දැක්කත් නැතත් නරක චේතනාවෙන් කරන දෙයක ප්‍රතිඵල හින්දා තව කෙනෙක් /සතෙක්ට හිංසාවක් වෙනවා නම් ඒ හිංසාවට අනුරූප කර්මයක් ඔයාට සකස් වෙනවා. ඔය වගේම තමයි අපි කරන හොඳ දෙයක් හින්දා තවත් කෙනෙක්ට හොඳක් වෙනවා නම් ඒ දේවල් දැක්කත් නැතත් අපිට කුසල් රැස් වෙනවා. එකයි ඔයා සමහර පින්කම් වලට දිවා රෑ කුසල් රැස් වෙනවා කියන්නෙත්.
    ස්තූතියි සහෝ උත්තරේට..
    හැබැයි නොදැක එකතු වෙනවා කියන්නේ යම්කිසි අදෘෂමාන බලවේගයක් ඒ අපෙන් වෙන දේවල් ටික COUNT කරනවා වගේ දෙයක් නේද.?
    කරලා අපේ ACCOUNT එකට හර හෝ බැර කරනවා වගේ දෙයක් නේද.?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ස්තූතියි සහෝ උත්තරේට..
    හැබැයි නොදැක එකතු වෙනවා කියන්නේ යම්කිසි අදෘෂමාන බලවේගයක් ඒ අපෙන් වෙන දේවල් ටික COUNT කරනවා වගේ දෙයක් නේද.?
    කරලා අපේ ACCOUNT එකට හර හෝ බැර කරනවා වගේ දෙයක් නේද.?
    matath oya prashnema thiyenawa machan..
    උබ අදෘශ්‍යමාන කියන බලවේගය ස්වාබදර්මය වෙන්න බැරිද :oo::nerd:
     
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    matath oya prashnema thiyenawa machan..
    උබ අදෘශ්‍යමාන කියන බලවේගය ස්වාබදර්මය වෙන්න බැරිද :oo::nerd:
    ඔව්..
    අවුල තියෙන්නේ මචන් අනිත් ආගම් වල මේ කියන පාට් එක කරන්න දෙවියන් වහන්සේ කෙනෙක් දම්මල තියෙන්නේ ඒ මැද්දට.එතකොට අපේ කර්මය සහ දෙවියන් වහන්සේ කතාව එකටම යන සංකල්ප දෙකක් වෙනවා
    හැබැයි මම ගොඩාක් පොත් වල දැක්ක හැටියට නම් බුද්ධඝෝෂ ලොක්කා කරපු පරිවර්තන නිසා මේක උනා කියලා තමයි සැලකෙන්නේ.ඒ කියන්නේ ජෛන ආගනේ කර්ම ඵල එක්ක බුදුහාමුදුරුවෝ හොයාගත්ත හේතුඵල කලවන් කරා වගේ සීන් එකක්.කර්මය තියෙන්නේ ජෛන ආගමේ

    https://en.wikipedia.org/wiki/Karma_in_Jainism