කරාටේ_ධම්මික

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පතාල නායක කරාටේ ධම්මික පැහැර ගෙන ගිහින්


    Pathala-dammika.gif


    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකුගේ ඝාතන සිද්ධියෙන් පසු කොළඹින් පලා ගොස් සැඟවී සිටි පාතාල කල්ලි නායක කරාටේ ධම්මික නමැත්තා, රඹුක්‌කන වල්පොල ප්‍රදේශයේදී නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (22 ) අලුයම පැහැරගෙන ගොස්‌ ඇති අතර මේ වන විටත් ඔහු ගැන තොරතුරක්‌ ලැබී නොතිබිණි.

    කරාටේ ධම්මික නමැත්තා කුලී මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණුම ගණයේ අපරාධවල යෙදෙමින් මුළු රටම භීතියට පත්කරගෙන සිටි පුද්ගලයෙකි. මොහු දැනට පාතාල ලෝකයේ සිටින ප්‍රසිද්ධම නමගිය පාතාල කල්ලි ප්‍රධානියා ලෙස සැලකේ.

    කරාටේ සුමිත් නම් අයෙක්‌ තමාගේ නිවසේ නතර වී සිටි බවත් පෙරේදා (22 ) සිට ඔහු ආගිය අතක්‌ නැති බවත් කරාටේ ධම්මික නතර වී සිටි නිවසේ අයිතිකරු රඹුක්‌කන පොලිසියට පැමිණිලි කර ඇත.

    කරාටේ ධම්මිකගේ යෑයි සැක කෙරෙන පැජරෝ රථයක්‌ ද පැමිණිලිකරුගේ නිවසේ තිබුණු බවට තොරතුරු වාර්තා වී තිබේ.

    පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරග කළ තම සමීපතම ඥති සොහොයුරා දිනවීමට මොහු කොළඹ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමග එක්‌වී කටයුතු කළේය.

    කරාටේ ධම්මික මෙම දේශපාලනඥයා සමග එක්‌වී තම සමීපතම ඥති සොහොයුරා දිනවීමට කටයුතු කරද්දී මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් මියගිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා එම ප්‍රාදේශීය සභාවට තරග කළ සෝලංගආරච්චි මහතා දිනවීමට සහයෝගය ලබාදෙමින් කටයුතු කළේය.

    මෙම දේශපාලනඥයන් දෙදෙනා අතර විරසකභාවයට මෙම සිද්ධිය ද මුල්විය.

    පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණ දිනයේදී මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තබා ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය අතහැර පළාගොස්‌ කෑගල්ල, රඹුක්‌කන, පොල්ගහවෙල යන ප්‍රදේශවල මොහු සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබිණි.

    මුල්ලේරියාවේ වෙඩි තබාගැනීමේ සිද්ධියෙන් පසු කොළඹින් පළාගොස්‌ සිටි කරාටේ ධම්මික කෑගල්ල ප්‍රදේශයේ ඔහුගේ මිතුරකුගේ නිවසේ සිටියදී නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ තිබේ.

    පාතාල ලෝකයේ කෙරුම්කාරයකුව සිටි කඩුවෙල වසන්ත ඇතුළු හත්දෙනකු වෙසක්‌ පොහොය දිනයක වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ කඩුවෙල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරාටේ ධම්මිකට චෝදනා එල්ල විය.

    විවිධ දේශපාලනඥයන්ගේ රැකවරණය ලබමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මොහු පාතාලයේ ප්‍රධානියා ලෙස වැජඹෙමින් සිටි බවද අනාවරණය වී ඇත.


    SLM