කරාපිටියේ හෘද සැත්කම් නවතී 💔

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Heart surgeries suspended in Karapitiya

    ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වැනිදායින් පසු නිමා වීමත් සමඟ දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

    දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

    කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.

    රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති. රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්සූ.එම්. රංග මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය නාකියා මැරුණොත් මාර කේස් එකක් නේ

    කුලෙන් පිට උන්ට මේවා ඉගෙනගන්න තහනම් ද?

    මේවට විසදුම් නැද්ද? @emoji diaries
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    ඔය නාකියා මැරුණොත් මාර කේස් එකක් නේ

    කුලෙන් පිට උන්ට මේවා ඉගෙනගන්න තහනම් ද?

    මේවට විසදුම් නැද්ද? @emoji diaries
    කුලෙන් පිට උන්ට ඉගෙන ගන්න පුළුවන්. එත් උන්ට මොළෙත් තියෙන්න ඕනි. නැත්නම් දොස්තරල ඔච්චර ඉදල විශේෂඥ නිර්වින්දන දොස්තරල නැති වෙන්න බැනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,081
    34,619
    113
    අනුරයියා මෝදි සෑර්ට කියලා දොස්තරලව ඉන්දියාවෙන් ගෙන්වලා හරි දෙයි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,564
    1
    3,587
    113
    Earth
    දැන් ඉන්න හුගක් Doctorsලා Try කරන්නේ ලංකාවෙන් යන්න. එහෙම වාතාවරනයක් තියෙන නිසා මේක වෙන්න පුලුවන්.

    විසදුම ඉතිං යන එක නවත්තගන්න එක. හැබැයි ඕක පිලිවලකට කරන්න ඕන.
     
    • Like
    Reactions: eksudda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ඉන්න හුගක් Doctorsලා Try කරන්නේ ලංකාවෙන් යන්න. එහෙම වාතාවරනයක් තියෙන නිසා මේක වෙන්න පුලුවන්.

    විසදුම ඉතිං යන එක නවත්තගන්න එක. හැබැයි ඕක පිලිවලකට කරන්න ඕන.

    එහෙනම් කරන්න ඕන පෞද්ගලික පීඨ දාලා පිරිස වැඩි කරගන්න එක නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේවට විසදුම් නැද්ද? @emoji diaries
    ඔය ප්‍රශ්න වලට හේතු හා පිලිතුරු ඉතින් මමම ලියලා ඇති මේවැයි. කොලේජ් මට්ටමින් පුලුවන් දේවලුත් කරනවා.
    ලංකාවේ MD ඉදිරි අධ්‍යාපනයට වැයකරන කාලය, තියන ප්‍රශ්න රැසයි. අලුතින් එන ළමයි පවා ඔලුව හදන් එන්නේ අමුතු විදිහට. අනික සාධාරණ වැටුප් ඉල්ලුවාම එලියේ එවුන් කියන ගොං කතා ඇහුවාම තවත් ඇයි අල්ලං ඉන්නේ කියලා ළමයි ඔලුව හදන් එන්නේ. ඉතින් උන් වැඩිම ප්‍රතිලාභ තියන ඒවා තොරගන්නවා මිසක් සෙසු පැතිවලට යන්නේ නැ.

    මිනිහෙක් ජිවිතේම ඉගෙන ගන්න කියලාද? ජිවිතයක් නැද්ද? ඉතින් ඒ කැපකිරිමට පෙරලා ගෙවන්න ඕනා.
    ඊනියා අහිංසක ජනතාවට ඕවා කමට උන් දන්නේ එහෙනම් නොකර ඉදහං කියන ගොං තකතිරු කතාව කියන්න තමයි. දැන් ප්‍රතිඵල එන්නේ ඒවායේ තමයි. දැන් නැනේ. හරිනේ.

    රජය පැත්තකින් මෝටිවේෂන් එකක් නැ, ජනතාව නම් ඊනියා අහිංසකයොනේ. උන් ප්‍රශ්නය වත් දන්නැතුව විසදුම් හොයනවා.

    ජනතාව ඉතින් කියයි ප්‍රයිවට් දාපන් කියලා. ප්‍රයිවට් දැම්මට මේ ප්‍රශ්න විසදෙන්නේ නැ. මුලික උපාධිධාරින්ගේ මදියක් නැ. ඔය රටිනුත් එන ගනන් වලින් ඒවා පිරෙයි. උන්ව හදලා පොලිශ් කරන්න උඩ එක පන්තියක්ම නැ. ඒකට දැන් තියන පිළිවෙළ ගැලපෙන්නේ නැ.

    දැන්වත් ජනතාව හා රජයක් වශයෙන් කැත්තට පොල්ල වගේ ⁣පඩි ටොක් නොදි පේන්ව අනතුර ගැන හිතන ඕනා. නැත්තම් රැල්ලට කැගහන එවුන්ටමයි රිදෙන්නේ.

    එහෙනම් කරන්න ඕන පෞද්ගලික පීඨ දාලා පිරිස වැඩි කරගන්න එක නේ.
    ප්‍රශ්නය නොදැන පිලිතුරු සෙවිම
    ------ Post added on May 30, 2025 at 5:08 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙනම් කරන්න ඕන පෞද්ගලික පීඨ දාලා පිරිස වැඩි කරගන්න එක නේ.
    පෞද්ගලික දාලා හදන අය ලංකාවේ අනික් උන්ට කලින් යනවා. එකක් උන්ට ඉංග්‍රීසි පුලුවන් සාපේක්ශව, අනික උන්ට සල්ලි තියෙන නිසා AMC , PLAB වගේ exam කරලා රට යනවා ඉක්මනට. මගේ ලංකාවේ කන්සල්ටන්ට් ට්‍රේනින් අවුරුදු 4 ඇතුලේ මා එක්ක Intern විදියට වැඩ කරපු SAITAM ඩොක්ටර්ස්ලා 3 ක් හිටියා තුනෙන් එක්කෙනෙක් Ausi, අනිකා NZ. 😅

    උඹලා දන්න ලබ්බ 😅
     
    🤩 උන්ට ඒකියන්නේ ලෝකෙ හෙන පිලිගැනීමක් තියනවා. මෙහේ උන් කොලිටි නෑ කියලා කෙඳිරිගෑවට.
     
    • Like
    Reactions: NaOH and AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පෞද්ගලික දාලා හදන අය ලංකාවේ අනික් උන්ට කලින් යනවා. එකක් උන්ට ඉංග්‍රීසි පුලුවන් සාපේක්ශව, අනික උන්ට සල්ලි තියෙන නිසා AMC , PLAB වගේ exam කරලා රට යනවා ඉක්මනට. මගේ ලංකාවේ කන්සල්ටන්ට් ට්‍රේනින් අවුරුදු 4 ඇතුලේ මා එක්ක Intern විදියට වැඩ කරපු SAITAM ඩොක්ටර්ස්ලා 3 ක් හිටියා තුනෙන් එක්කෙනෙක් Ausi, අනිකා NZ. 😅

    උඹලා දන්න ලබ්බ 😅
    ප්‍රයිවට් කතාව මුන් වැඩිපුර කියන්නේ යුනියන් ඇරියස් එකට ඒවා කැ⁣ඩෙයි කියන සිහිනයට නේ.
    මුන් දන්නැ මං හිතන්නේ ප්‍රයිවට්, රට ලමයින් මුලින්ම බැදෙනවා කියලා. සයිටම් ලමයි කියලා නොබැදි හිටියැයි 😄
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    🤩 උන්ට ඒකියන්නේ ලෝකෙ හෙන පිලිගැනීමක් තියනවා. මෙහේ උන් කොලිටි නෑ කියලා කෙඳිරිගෑවට.
    උන්ට ලෝකෙ පිලිගැනීමේ මගුලක් නෙමෙයි. ඕනේ රටක ඕනේ MBBS එකක් තියෙන එකෙක් AMC, PLAB , USMLE වගේ ඒ රටේ Medical council එකේ එක්සෑම් එක කරල පාස් උනොත් ඌට ඒ රටට ගිහින් ඒ රටේ වැඩ කරන්න පුලුවන්. 😅 දන්න සොෆ්ට්වෙයා කෑල්ලක් ගහගෙන හිටපන් බං නොදන්න ලබ්බවල් කියවන්නේ නැතිව.
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සවුබාගේ දැක්ම පෙන්නලා හිටපු උන් ටික රටින් යවාගත්තනේ.

    SAITAM ඩොක්ටර්ස්ලා 3 ක් හිටියා තුනෙන් එක්කෙනෙක් Ausi, අනිකා NZ. 😅

    ඒ මොකක්ද බන් ඒ කතාව තේරුණේ නෑ.

    PS : හරි තේරුණා.
    ------ Post added on May 30, 2025 at 5:23 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ප්‍රයිවට් කතාව මුන් වැඩිපුර කියන්නේ යුනියන් ඇරියස් එකට ඒවා කැ⁣ඩෙයි කියන සිහිනයට නේ.
    මුන් දන්නැ මං හිතන්නේ ප්‍රයිවට්, රට ලමයින් මුලින්ම බැදෙනවා කියලා. සයිටම් ලමයි කියලා නොබැදි හිටියැයි 😄
    එක BH හොස්පිටල් එකක GMOA සෙකට්‍රි මගේ යටතේ හිටපු අනික් SAITAM එකෙන් ආව HO බං. මුන් හිතන් ඉන්නේ Private & Gov දෙපැත්ත බෙදිලා ඇර ගනී කියලා. ඒ උනාට ඔක්කොම එකතුවෙලා මුන්ට අරින්නේ කියලා මුන් දන්නෙ නෑ 😅

    සවුබාගේ දැක්ම පෙන්නලා හිටපු උන් ටික රටින් යවාගත්තනේ.

    ඒ මොකක්ද බන් ඒ කතාව තේරුණේ නෑ
    ------ Post added on May 30, 2025 at 5:23 PM
    මම registrar විදියට වැඩ කරපු අවුරුදු 3 ඇතුලේ මගේ යටතේ හිටපු SAITAM එකෙන් MBBS ගත්තූ HO ලා තුනෙන් දෙකක් NZ සහ Australia වල RMO ලා දැන්. අනික් එකා Base Hospital එකක GMOA secretary 😅 SR කාලේ බොසාගේ යාලුවොන්ගේ කියලා 4-5 ක් ආවා ෆොරින් ගැජුවේට් එවුන් කේසස් ට්‍රේන් කරන්න. ඒකෙනුත් දෙන්නෙක් AMC පාස් වෙලා ජොබ් හොයනවා දැන්. 😅 මුන් මේ ගෙදරට වෙලා ඩොකාලව හදන හැටි ගැන මේකේ ටෝක්ස් දෙනවා 😅

    පව් ඉතින් කියලා තමා කියන්න වෙන්නේ 😅
    ------ Post added on May 30, 2025 at 5:25 PM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උන්ට ලෝකෙ පිලිගැනීමේ මගුලක් නෙමෙයි. ඕනේ රටක ඕනේ MBBS එකක් තියෙන එකෙක් AMC, PLAB , USMLE වගේ ඒ රටේ Medical council එකේ එක්සෑම් එක කරල පාස් උනොත් ඌට ඒ රටට ගිහින් ඒ රටේ වැඩ කරන්න පුලුවන්. 😅 දන්න සොෆ්ට්වෙයා කෑල්ලක් ගහගෙන හිටපන් බං නොදන්න ලබ්බවල් කියවන්නේ නැතිව.

    ඉතින් හොඳ නැද්ද බලපං.
    මෙහේ o/l a/l ෆේල් වෙච්ච උන්, උබලට වඩා ඉංග්‍රීසිත් ඉගෙන ඒ රටවල් වල සැපේ දොස්තරලා වෙලා ඉන්න එකට.
    ඔය අයිතිය අවස්ථාව ළමයින්ට නැති කරන්නෙ අපරාධයක් නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉතින් හොඳ නැද්ද බලපං.
    මෙහේ o/l a/l ෆේල් වෙච්ච උන්, උබලට වඩා ඉංග්‍රීසිත් ඉගෙන ඒ රටවල් වල සැපේ දොස්තරලා වෙලා ඉන්න එකට.
    ඔය අයිතිය අවස්ථාව ළමයින්ට නැති කරන්නෙ අපරාධයක් නේ.
    ඊට හොඳ නැද්ද බලපං මං එතකොට. කොළඹ medical faculty එකෙන් graduation එකත් අරගෙන, ලංකාවෙන් මගේ වයසේ මුල්ම VOG ලා කීපදෙනා අතරටත් ඇවිත්. Australia ත් ඇවිල්ලා උන්ට වඩා උඩ job position එකක වැඩි salary එකකට වැඩ කරන එක. 😅

    හැබැයි එකක්. පෞද්ගලික වෛද්‍යය විද්‍යාල වලට මගේ අකමැත්තක් නැහැ. 😅 උනුත් ඉන්න ඕනේ. ඇවිත් දෙගොල්ලො සෙට් වෙලා එකට strike කරලා උඹලට අරින්න ඕනේ.😅
     
    • Love
    Reactions: gnilukshi

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,564
    1
    3,587
    113
    Earth
    එහෙනම් කරන්න ඕන පෞද්ගලික පීඨ දාලා පිරිස වැඩි කරගන්න එක නේ.
    මේක කරා කියලා එයාලා රැදෙන්නෙ නෑ. කරන්න ඕන දේවල් ඉතිං.

    1. සාධාරන හොද වැටුපක් ගෙවන්න ඕන (Performance Based යන්න ඕන කියලා තමා මගේ මතය.)
    2. දොස්තර වරුත් මනුෂයයෝය - එයාල හරි විදියට නිවාඩු යවන්න ඕන. (ආන්ඩුවෙ එකෙන් නිවාඩු අරන් Private වැඩ කරන්න බැරි වෙන්න ඔන. සල්ලි පස්සෙ විතරක් ගියාම මානසික නිදහස නෑ. ඊටපස්සෙ ඉතිං ප්‍රස්න. )
    3. ඉන්න Resources හරියටම කලමනා කාරීව වැඩට ගන්න ඕන.
    a. සමහර ලොකු දොස්තරලා පොඩි දොස්තරලා මරව මරව වැඩ ගන්නවා (වැඩට එන්නෙ නෑ. නැත්නම් පැය ගාන ඉන්නෙ නෑ).
    b. Overtime Limit එකකට විතරයි ගෙවන්නෙ.
    c. ඉතුරු කාර්යය මන්ඩලයත් හරියට වැඩ කරන්න ඕන. සුලු සේවකයො සමහර අය එයාලගේ වැඩ.
    4. Income Generate කරන්න ගෙවන වාට්ටු සාධාරන මුදලකට ප්‍රධාන නගර හැම එකකම ස්ථාපනය කරන්න ඕන.

    මං කියන සමහර එවගේ අඩුපාඩු ඇති. සමහර දේවල් මං දැකපු දේවල්. සමහර දේවල් අදාල අංශවල වැඩ කරන අය කියපු දේවල්.
     
    • Like
    Reactions: gnilukshi