කරාපිටිය දැරිය

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
කරාපිටිය දැරිය

කරාපිටිය රෝහලේ දැරියගේ මරණය
සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක ඖෂධය භාවිතය තාවකාලිකව නවත්වයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී දැරියකට ලබාදුන් ප්‍රතිජීවක නික්ෂේපණය විස වී මරණයට පත්වීමෙන් අනතුරුව එම කාණ්ඩයට අයත් ප්‍රතිජීවක නික්ෂේපණ රට පුරා රෝහල්වල භාවිතයෙන් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෙෆ්ට්‍රිඇක්සෝන් (Ceftriaxone) නමැති මේ ප්‍රතිජීවක ඖෂධය බැක්ටීරියා නාශකයක් ලෙස භාවිතා කෙරේ. දැරිය මරණයට පත්වීමත් සමඟ මේ නික්ෂේපණය භාවිතා කළ කරාපිටිය, කුරුණෑගල, හම්බන්තොට රෝහල්වල භාවිතය තාවකාලිකව නතර කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ ආයතනය මඟින් මේ ප්‍රතිජීවක නික්ෂේපණය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කිරීමෙන් අනතුරුව එම වාර්තා ලැබීමෙන් පසුව එම නික්ෂේපණය නැවත රෝහල්වල භාවිතය පිළිබඳ තීරණය කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

දැරිය මරණයට පත්වූයේ දැරියගේ අසාත්මිකතාවක් නිසා ද, නික්ෂේප‍ණයේ වැරැද්දක් නිසාද යන්න පරීක්ෂණවලින් පසුව ලැබෙන වාර්තා අනුව තහවුරු කෙරේ.

මේ නික්ෂේපණය ප්‍රාදේශීය මිලදී ගැනීමක් ලෙස ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධයක් බව වාර්තා වේ