හින්දි සිනමාවේ එහෙමත් නැත්නම් බොලිවුඩ් සිහින පුරයේ සුරූපිණියන්ගේ උත්සාහය හැකිතාක් ඉඟසුඟ සිහින්වත් ඡවි කල්‍යාණය යහපත්වත් තබා ගැනීම.
අතිශය සුන්දර සිරුරක් හිමි නිළියකගේ උදරය හදිසියේම මහත් වුණොත්.....?
මේ ආරංචිය බෙබෝගේ ගැන. බොලිවුඩයේ සුරතල් නාමය බෙබෝ වුණාට ඇය කරීනා කපූර්.
පසුගිය දා ඇය මුම්බායි ගුවන් තොටුපළින් නික්මුණේ බොහොම වෙහෙසකර ඉරියව්වකින්.
තරමක් විශාල ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය කැමරාවෙන් සැඟවෙන්නට උත්සාහ කළා. ඒ සැම විටම ඇය සිය උදර ප්‍රදේශය සඟවා ගන්නට වෑයම් කළා.
නමුත් බොලිවුඩයේ පැපරාසි කැමරාවලින් ඒ වෑයම හෙළිදරව් කෙරුණා.
කොහොම වුණත් ඇය සහ සායිෆ්ගේ විවාහය ඉතාම ආසන්න බවයි බොලිවුඩයේ කතාබහ.
මේ දිනවල මේ දෙදෙනාම බොහොම කාර්ය බහුල වෙලා.
කරීනා හින්දි සිනමාවේ යුගයක් එළි කළ නළුවෙකු වු රාජ් කපූර්ගේ මිණිපිරියක සේම බබීතා සහ රන්ධීර් කපූර්ගේ දෙවන දියණියද වනවා.
සිනමා ජීවිතයේදී බොහෝ නළුවන්ට පෙම්වතියක් වුණත් සැබෑ ජීවිතයේදී ඇය ප්‍රසිද්ධියේ පිලිගත් ප්‍රථම ප්‍රේම සම්බන්ධතාව ෂාහිඩ් කපූර් සමගයි.
අනතුරුව සායිෆ් අලිඛාන් ඇගේ වර්තමාන පෙම්වතා වී සිටිනවා.
සම්මාන රැසකට හිමකම් කියමින් බොලිවුඩයේ ඉහළ ස්ථානයක රැඳි සිටින කරීනා ප්‍රබල නළුවන්ට නැතුවම බැරි පෙම්වතියක්.
උපුටා ගත්තේ :-
Code:
[SIZE="4"]Katussa - [URL="http://www.katussa.com/paparazzi/699-2012-02-09-10-01-19"]http://www.katussa.com/paparazzi/699-2012-02-09-10-01-19[/SIZE][/URL]

