කරුණානන්දගෙ වරුණ ජපන් පෙල පොත්වල........
කරුණානන්දගෙ වරුණ ජපන් පෙල පොත්වල
මිනිස් අධිෂ්ඨානයේ මහිමය පිිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු නමින් රණතුංග කරුණානන්දය.
වසර 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයෙකු වූ ඔහු පිළිබඳ ඔලිම්පික් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණි. තව නොබෝ දිනකින් එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට ප්‍රථම ඒ අසාහය ශ්‍රී ලංකිකයා පිළිබඳ මදක් සටහන් කර තැබීමට කැමැත්තෙමු. ඒ ආර් කරුණාන්ද ක්‍රීඩකයාට කෘත ගුණ දැක්වීමක් දැක්වීමක් වශයෙනි. එමෙන්ම අතීතය ආදර්ශයට ගෙන වර්තමානය මනාව පෙළගස්වා ගමු යන වර්මන් ක්රී්රිඩකයින්ට කෙරෙන ඇරයුමත් සමගය.
ජයග්‍රහණ පමණක් බලාපොරොත්තු පොදි බැඳගෙන තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට එකී ක්‍රීඩකයාගේ කතාව සැබෑම ආදර්ශයක් වනු නොඅනුමානය. ජත්‍යන්තර වශයෙන් ක්‍රීඩකයින් සුරැුකීමට විවිධ වූ සංගම් බිහිවන සමයක ලංකේය ක්‍රීඩකයින් වර්තමානයේ් මුහුණ පා සිටින තත්ත්වය සැබැවින්ම ශෝකජනකය. කරුණානන්දට අත්වුයේද එවැනිම ඉරණමකි. ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයා ගැන සඳහනක් නොමැති වී ඇත්තේද එනිසාය. ඒ අපේම ශ්‍රී ලංකික ක්‍රීඩකයකු වූ ඔහු පිළිබඳ දන්නේ කීයෙන් කීදෙනාද? අපි අපෙගෙන්ම ප්‍රශ්න කරගනිමින්ම ඔහුගේ කතාව වෙත යොමු වෙමු.
ඒ 1964 වසරයි. ටෝකියෝ නුවර 18 වැනි ඔලිම්පික් උළෙලේ මීටර් 10000 ඉසව්ව සඳහා සියල්ල සූදානම්ය. මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙලූණද කරුනාන්ද තරගයට සහභාගිවීමේ අදහස අත්හැරියේ නැත. ඔහු මීටර් 10,000 තරගය සඳහා සහභාගි වන්නේ අයහපත් ශරීර සෞඛ්‍යකින් යුතුව වුවද ඔහු තරගය සඳහා අවතීර්ණ විය. තරගය ආරම්භ කිරීම සඳහා වූ විධානය නිකුත් විය. තරගකරුවන් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙති. සෙසු ක්‍රීඩකයින් විදුලි වේගයෙන් දිවයද්දී කරුණානන්ද තවමත් පිටුපසිනි. පළමු වට දහය පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණ. 20 වන වටය අරඹන විට කරුණානන්ද අන්තිමයාය. ඒ වන විටත් ඇමරිකානු ක්‍රීඩක බිලී මිල්ස් තම ජයග්‍රහනය සනිටුහන් කොට අවසානය. ප්‍රථම දෙවන හා තෙවන තරගකරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. දැනට ඉතිරිව ඇත්තේ කරුණාන්ද පමණි. එහෙත් කරුණානන්ද දිගින් දිගටම ධාවනයේ යෙදුණිි.
කරුණානන්දට තවත් වට 4ක් ඉතිරිව තිබේ. තරග සංවිධායකයෝ ඊළග තරගයට සූදානම් වීමට මග බලා හිඳිති.
තරග නරඹන්නන් විශ්මයට පත් විය. 60,000ක් පමණ වූ පේ්රක්ෂකයන්ගේ හූ හඩ ඔහුට වගක්වත් නැත. සමච්චල් ගැරහුම්, උසුලූ විසුලූ මැද වුව කරුණාන්ද තවමත් තරගය අවසන් කිරීම සඳහා වූ සටනේය.
එක් වටයක් නිමා විය. දෙවැනි වටය අවසානයේ නරඹන්නන් නිහඩ විය. තෙවන වටය අවසන් වීමත් සමග හූ හඩ නැගුණු අතරින් පතර කරුණානන්ද වෙනුවෙන් අත්පෙළසන් හඩ රැුව් දුණි. ප්‍රීති ඝෝශා නැගුණි. කරුණානන්ද තරගය නිමා කරන විට සියලූම නරඹන්නන් තම අසුන් වලින් නැගිට ආචාර කළේ්ය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය. මුලූ ක්රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය.
ඒ කමෝන් සිලෝන්...........කමෝන් සිලෝන්...........ලෙසය.
කරුණානන්ද තම තරග ඉසව්වේ අවසන් මීටර 400 නිමා කරන්නේ ඉතා වේගයෙනි. කරුණානන්ද ඉතිහාසගත වන්නේ එම අවසන් වට 4නි. ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස නම්බු නාම ලබමින් ඔහු තම ඉසව්ව අවසන් කළේය.
එම තරගය ජයග්‍රහනය කළ බිලී මිල්ස් පවසා තිබුණේ මෙම තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි. කෙසේවුවත් තරගය නිම වී දින ගණනක් ගත වුවද කරුණානන්ද ජපන් ජනතාවගෙන් ත්‍යාග රාශියක් ලැබුණි. ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැුකියාවක්ද ප්රදානය කලද ඔහු ජපානය බලා පිටත් වීමට දින කීපයකට පෙර අභිරහස් ලෙස මරණයට පත් වී තිබුණි. ඔහුගේ මියයාම සම්බන්ධව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල විය. පසුව කරුණානන්ද ගේ අකල් වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිදගේ සිහි විකල් විය. පසුකාලීනව ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් පත් විය. ශ්‍රී ලංකේය ක්‍රීඩකයාගේ ඛේදනීය සැබෑ තත්ත්වය එයයි.
source
re post nam sry

" Ita passe hiroshimawata bomba praharayak ella uni.inpasuwa mulu japanayama arthikayen kada watuni.eheth ewakata hitapu japan janadipathi mokadda dannawada kiuwe.api atharinna honda na.hondama udaharanaya obata mathakada R.karunarathne in celon.ohu thama tharangaya nawaththuwe na.wata 4k thibbath ohu nawaththuwe siyalla awasankaralai.api eka udaharanayata ganna oni kiyalai."