කරුණාරත්න අබේසේකර (Karunaratne Abeysekara) නොහොත් කරු අයියා
1930 ජුනි මස 3 වනදා මාතර බඹරැන්ද පොසතුගොඩදී උපත ලැබූ කරුණාරත්න අබේසේකර, සහෝදර සහෝදරියන් නව දෙනෙකුගේ වැඩිමල් සොහොයුරා විය. කොළඹ නාලන්දා විදුහලින් අධ්‍යාපනය ලබා, 1950 දී ගුවන් විදුලි සේවයට සම්බන්ධ වූයේ නිවේදකයෙකු ලෙසිනි. ඔහු ඉෂානි ස්වර්ණ කුමාරිහේරත් සමඟ විවාහ විය.
දිලීප අබේසේකර
කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, හිටපු දේශිය වෛද්‍ය ඇමති (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , වෛද්‍ය ගුණදාස අමරසේකර අබේසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. නාලන්දාවේදී අබේසේකරයන්ගේ සිංහල ගුරුවරයා වූයේ එවකට කවියකු හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කීර්තියක් ඉසිලූ, ගුවන්විදුලියේ ළමා මණ්ඩපය මෙහෙය වූ සිරි අයියා නමින් ප්රකටව සිටි අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරායි.
සිරි පෙරේරා
උපතේ දී දෙමාපියන් ඔහුට දී තිබූ නම ‘කරුණාදාස අබේසේකර’ විය. එහෙත් එය ‘කරුණාරත්න අබේසේකර’ වූයේ අහම්බෙනි. ඔහු පාසල් යන කාලයේ පටන් ම පුවත්පත්වලට කවි හා නිර්මාණ සැපයුවේය. ඒවා වරින් වර පළ වූ අතර 1942 දී ඔහු ඉතා ආශාවෙන් ලියා යැවූ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධය පළ වූයේ ‘රත්මලේ කරුණාරත්න අබේසේකර’ යන නමිනි. මුද්‍රණයේ දී සිදු වූ ඒ වරද ඔහු හදන්නට ගියේ නැත. එය දෛවය ලෙස බාර ගත්තේය. ඉන්පසු ඔහු විද්‍යා ප්රබන්ධකරණයෙහි ද යෙදුණේ නැත. එහෙත් එදා සිට ඔහු ‘කරුණාරත්න අබේසේකර’ නම් විය.
ඔහුට සරසවි පිවිසුමට හා ගුවන්විදුලියේ රැකියාවට වරම් ලැබුණේ එකම දවසේ ය. එවකට අගහිඟකම් මැද සිටි පවුලක නංගිලා මල්ලිලා නව දෙනකුගේ ලොකු අයියා වූ ඔහු පවුලේ බර කරට ගැනීමට සිතා රැකියාව බාර ගත්තේය. එයින් ඔහුගේ නංගිලා මල්ලිලාට ලොකු සෙතක් සැලසුණද ඉන් වඩාත් සෙත සැලසුණේ නිර්මාණ ලෝකයට පිය නඟන්නට ගුවන් විදුලියේ බලා සිටි නංගිලා මල්ලිලාටය. ඔහුගේ සෙවණේ නවපරපුරක් බිහි වූවා පමණක් නොව අතු ශාඛා විහිදුවමින් තවමත් බිහි වන බව කිවයුතුය.
1950 දී ලාබාල විසිවන වස ඔහු රේඩියෝ සිලෝන්හි නිවේදකයකු ලෙස සේවයට බැඳුනේය. 1958 දි වැඞිදුර පුහුණුව ඔහු බ්‍රිතාන්‍ය බීබීසි ආයතනයෙන් ලබාගත්තේය. කරුණාරත්න අබේසේකර (කරු අයියා) ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය.