කරුණාරත්න අබේසේකර (Karunaratne Abeysekara) නොහොත් කරු අයියා

කරුණාරත්න අබේසේකර (Karunaratne Abeysekara) නොහොත් කරු අයියා

1.jpg


1930 ජුනි මස 3 වනදා මාතර බඹරැන්ද පොසතුගොඩදී උපත ලැබූ කරුණාරත්න අබේසේකර, සහෝදර සහෝදරියන් නව දෙනෙකුගේ වැඩිමල් සොහොයුරා විය. කොළඹ නාලන්දා විදුහලින් අධ්‍යාපනය ලබා, 1950 දී ගුවන් විදුලි සේවයට සම්බන්ධ වූයේ නිවේදකයෙකු ලෙසිනි. ඔහු ඉෂානි ස්වර්ණ කුමාරිහේරත් සමඟ විවාහ විය.

4.jpg


5.jpg


Dileepa+Abeysekara.jpg
2Q==

දිලීප අබේසේකර

කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, හිටපු දේශිය වෛද්‍ය ඇමති (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , වෛද්‍ය ගුණදාස අමරසේකර අබේසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. නාලන්දාවේදී අබේසේකරයන්ගේ සිංහල ගුරුවරයා වූයේ එවකට කවියකු හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කීර්තියක් ඉසිලූ, ගුවන්විදුලියේ ළමා මණ්ඩපය මෙහෙය වූ සිරි අයියා නමින් ප‍්‍රකටව සිටි අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරායි.

Siri_Perera.jpg

සිරි පෙරේරා

උපතේ දී දෙමාපියන් ඔහුට දී තිබූ නම ‘කරුණාදාස අබේසේකර’ විය. එහෙත් එය ‘කරුණාරත්න අබේසේකර’ වූයේ අහම්බෙනි. ඔහු පාසල් යන කාලයේ පටන් ම පුවත්පත්වලට කවි හා නිර්මාණ සැපයුවේය. ඒවා වරින් වර පළ වූ අතර 1942 දී ඔහු ඉතා ආශාවෙන් ලියා යැවූ කුළුඳුල් විද්‍යා ප‍්‍රබන්ධය පළ වූයේ ‘රත්මලේ කරුණාරත්න අබේසේකර’ යන නමිනි. මුද්‍රණයේ දී සිදු වූ ඒ වරද ඔහු හදන්නට ගියේ නැත. එය දෛවය ලෙස බාර ගත්තේය. ඉන්පසු ඔහු විද්‍යා ප‍්‍රබන්ධකරණයෙහි ද යෙදුණේ නැත. එහෙත් එදා සිට ඔහු ‘කරුණාරත්න අබේසේකර’ නම් විය.
ar-13-1.jpg


ඔහුට සරසවි පිවිසුමට හා ගුවන්විදුලියේ රැකියාවට වරම් ලැබුණේ එකම දවසේ ය. එවකට අගහිඟකම් මැද සිටි පවුලක නංගිලා මල්ලිලා නව දෙනකුගේ ලොකු අයියා වූ ඔහු පවුලේ බර කරට ගැනීමට සිතා රැකියාව බාර ගත්තේය. එයින් ඔහුගේ නංගිලා මල්ලිලාට ලොකු සෙතක් සැලසුණද ඉන් වඩාත් සෙත සැලසුණේ නිර්මාණ ලෝකයට පිය නඟන්නට ගුවන් විදුලියේ බලා සිටි නංගිලා මල්ලිලාටය. ඔහුගේ සෙවණේ නවපරපුරක් බිහි වූවා පමණක් නොව අතු ශාඛා විහිදුවමින් තවමත් බිහි වන බව කිවයුතුය.


1950 දී ලාබාල විසිවන වස ඔහු රේඩියෝ සිලෝන්හි නිවේදකයකු ලෙස සේවයට බැඳුනේය. 1958 දි වැඞිදුර පුහුණුව ඔහු බ්‍රිතාන්‍ය බීබීසි ආයතනයෙන් ලබාගත්තේය. කරුණාරත්න අබේසේකර (කරු අයියා) ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය.
 
කරු අයියා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘අපේ අම්මා කොළඹ ගිහිල්ලා’, ‘දැන් නිවාඩු කාගෙ හින්ද නෑ ඉස්කෝලේ’,‘අපෙ ඇඟිලි අතේ - එක වගේ නැතේ’, ‘පුංචි මමයි අම්මෙ ඔබේ රත්තරන් පුතා’, ‘සුරතල් පොඩි හාවා මහ රෑටත්’, ‘සුරතල් අපේ පෙනීලා - වන මල් කැලේ පිපීලා’ ආදී ගීත සිය ගණනක් කරු අයියාගේ අතින් එසැණ ලියැවුණේ එදා ළමා මණ්ඩපයට ගොඩ වැදුණු දරුදැරියන්ගේ කුසලතා ඔප් නැංවීමටය. එදා තරාතිරම නොබලා දක්ෂතා අනුව, අවස්ථාවෝචිත භාවය හා විවිධත්වය අනුව පමණක් සලකා ලියූ ඒ ගී එදා එසැණ ගායනා කළ නංගිලා මල්ලිලා අද ගායන ක්ෂේත‍්‍රයේ දිදුලන තරු බවට පත් සිටිති. නන්දා මාලිනී, මාලනී බුලත්සිංහල, ඇන්ජලීන් ගුණතිලක, අමිතා වැදිසිංහ, එස්. ලියනගේ, චන්ද්‍රානි ගුණවර්ධන, මල්කාන්ති නන්දසිරි, චන්ද්‍රානි මානෙල් කල්දේරා, නාරද දිසාසේකර, විජිතකුසුම් ලියනගේ, රූපා ඉන්දුමතී, ඉන්ද්‍රලතා ජයසිංහ, දමයන්ති ජයසූරිය ඉන් කීපදෙනෙකි.
2Q==
malani-bulathsinghala.jpg


අබේසේකරයන් මුලින්ම ගීත ප්‍රබන්ධ කළේ “අශෝකා“ චිත්‍රපටියටයි. එය තිරගත වීමට පෙර ඔහු ගීත 8 ක් පමණ පබැඳු ‘‘වරද කාගෙද“ චිත්‍රපටය තිරගත විය.මෙහිදී ප්‍රේමනාත් මොරායස්, ඩොමී ජයවර්ධන වැන්නෝ අනුග්‍රහ දැක්වූහ. ටයිටස් තොටවත්තගේ “චණ්ඩියා“ , අබේසේකර - මුත්තුසාමි දෙපළ හා එක්වී හොඳ ගීත කිහිපයක් එක්කල චිත්‍රපටයකි.
mohan1.jpg

මුත්තුසාමි මාස්ටර්

කරුණාරත්න අබේසේකර දශක දෙකකට අධික කාලයක් අප රටේ ළමා හා යොවුන් පරපුර කෙරෙහි අතිශය ඵලදායී බලපෑමක් ඇතිකළ අයෙකි. ලංකා ගුවන් විදුලියේ ළමා වැඩසටහන් මගින් ඔහු දුන් අදහස්, දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික ළමා පරපුරේ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයන ක්‍ෂේත්‍රයන් හිදී ඔවුන්ගේ අනාගතය හැඩ ගස්වා ගැනීමට ඉවහල් විය.
වැඩි ගණනක් ගීත ලියූ ඔහු තරම් ජනප්‍රිය, පොදු ජනයාගේ සිත්දිනූ ගීත නිබන්ධකයෙකු නොමැති තරම්ය.

එදා සිනමා ගීත රචනය ස්‌වාධීනව නිර්මාණය කිරීමට නොලැබුණේ බොහෝ ගීතයන් හින්දි හෝ ද්‍රවිඩ තනු අනුව ලිවීමට සිදුවූ නිසා බව රහසක්‌ නොවේ. නමුත් අනුකරණයට හෝ වේවා ඉඳහිට ස්‌වාධීනව නිර්මාණය කිරීමට ලැබුණු ගීතයකට හෝ වේවා ඔහු යෙදූ පදමාලාවන් රසික හදවතට කාවදින අයුරින් යෙදීමට සමත් විය. ඒවා තවමත් අප මතකයේ රැඳී ඇත්තේද එබැවිනි.

ඔහු විසින් ලියන ලද දහසක්‌ ගීත අතරින් පෙම් ගීත, විකට ගීත වැනි ගීත අමතක කර එදා සමාජයට පමණක්‌ නොව අද සමාජයටද ගත හැකි අරුතක්‌ ඉතිරි කර තබන්නට සමත් වූ ගීත කිහිපයක්‌ විවිධ වූ මාතෘකා ඔස්‌සේ ගෙන මෙසේ සටහන් කර තබන්නේ ඔහුගේ හදවත තුළින් පැන නැඟි අදහස්‌ අදටත් වලංගු වී ඇති බැවිනි. ඔහු මියගියත් තවමත් අප හදවත් තුළ සදාතනිකවම ජීවත්වනවාය යනුවෙන් අප පවසන්නේ එබැවිනි. මතුවටත් එසේම වේවා යෑයිද පතමි.

පසුව ඔහු විසින් ලියන ලද මෙම දේශාභිමානී ගීත කිහිපය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් කිසිදා හදවතින් මෑකී නොයන බව සහතිකය.

පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා

ජනිතවු සැම මෙම පොළොවේ
නිති ආඩම්බර විය යුතුවේ
නෑ කුල භේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
පිබිදී රකිමු අපේ ලංකා

නැගී සිටිය හැක එක්‌සත් වී
බෙදීගියොත් රට යයි සුන් වී
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
අපගේ විකුම බලේ
රට ජාතියෙහි බලේ

- ඩිංගිරි මැණිකා

1956.05.11 දින තිරගත වූ එම චිත්‍රපටය සඳහා ගැයුණු එම ගීතය වසර 50 ක්‌ ගතවුණු අද දිනටත් වලංගුය. මෙම ගීතයෙන්ද ඔහු පතන්නේ අප අතර ඇති භේද ඉවතලා සමගිය උදාවේවා කියාය.




මෙවන් අරුත්බර පදමාලාවන් අප සවනටත් හදවතටත් ඇතුළු කළ කරුණාරත්න අබේසේකරයන් අපගෙන් වෙන්වූ අප්‍රියෙල් මාසය පුරාවට ගුවන්විදුලිය, රූපවාහිනිය මගින් පමණක්‌ නොව අවුරුදු මිතුරු සාදයකදී පවා 1964.04.10 දින තිරගත වූ "ධීවරයෝ" චිත්‍රපටයේ ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා" ගීතයත් 2550 බුද්ධ ජයන්තිය එළඹෙන මැයි මාසය පුරාවට වෙහෙර විහාරස්‌ථානවල පවත්වන උත්සවවලදීත් තොරණ දන්සැල් පවත්වනු ලබන ස්‌ථානවලදී 1963 වසරේදී තිරගතවූ "අංගුලිමාල" චිත්‍රපටයේ "ඔබෙ රා ගී මන කැළඹේදෝ' ගීතයත් නිබඳවම ගැයෙනු ඇසෙනු නොඅනුමානය. වසර 40 කටත් වැඩි කාලයක්‌ පුරාවට සමාජයේ ස්‌ථාවරවී ඇති මෙම ගීතයන් දෙක පමණක්‌ ඔහුගේ ජනප්‍රියත්වයට සහතිකයක්‌ නොවන්නේද?

එසේ නම් අද ඇසෙන හරසුන් පදමාලාවන් පිළිබඳව වාද විවාද කරමින් සිටිනවාට වඩා මෙම ගීතයන් අද පරපුරට අසන්නට සලස්‌වමින් එම පරපුර යහමගට යෑවීමට කටයුතු කිරීමට පාලකයන් උත්සාහ ගන්නවා නම් එය ඔහුට කළ හැකි මහඟුම උපහාරය වනු ඇත.




නැලවිලි ගීයක්‌ වුවද මෙම ගීතයම පමණක්‌ සමාජය සුමඟට යොමු කිරීමට ප්‍රමාණවත් නොවේද?

"ඔංචිල්ලා තොටිලි කොයින්දෝ
රන්සලු පිළි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ

රුසිරෙන් සරු මල්සර පළඳා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසකු වීලා

සිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා


සලකනු පර පණ තම පණසේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුනු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නමට නොමැරෙයි
හිටියොත් හොඳට හැදී
දෙවියොත් නම වඳී

- සූර චෞරයා




මීට අවුරුදු ගණනකට ඉස්සර දිවංගත කරුණාරත්න අබේසේකර අයියා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩසටහනට එසැණ ලියූ මේ ගීය ළමයින් වෙනුවෙන් ගී ලිවීමට ඔහු තුළ වූ ඒ හැකියාව මනාව ප‍්‍රකට කරන්නකි.

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි කියාලා
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් කියාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා
වතුරට ටිකක් පොවාලා
උකුළ උඩින් තියාලා

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි තිබෙන්නේ
මට දෝතක් ගෙනෙන්නේ

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

කරු අයියාගේ ළමා ගී අතර ගුවන්විදුලියේ ඇසුණු දා සිට මේ දක්වා අපේ දෙසවනින් ඉවත්ව නොගිය ළමා ගීයක් ලෙස ‘අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..’ නම් මේ ගීය සැලකිය හැකියි. වජිරා බාලසූරිය එදා මෙය ගැයූ හඬ අදත් එසේ ම වදන් සිහිපත් කළ සැණෙන් අප දෙසවන්හි රැව් දෙයි. කරු අයියා ලියූ මවුගුණ ගී අතර ඉහළ ම තැනක වැජඹෙන මේ ගීතයට එදා එසැණ තනුව යෙදුවේ එම්. ඩබ්ලිව්. පීරිස්ය. ගායනා කළේ වජිරා බාලසූරියයි.

 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොඩ පොස්ට් එකක් මච්න්
    කරුනරත්න අබෙසෙකර කියන්න් ගුවන් විදුලිය හා බදුනු අමරනිය නාමයක්.
    එ මහතා කරපු සෙවය මිල කරන්න බැහැ

    රෙප් ++
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙවැනි සාරගර්භ තොරතුරැ බෙදා ගැනීම වෙනුවෙන් තුති....!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොන්ත කොකටු ත්‍රෙඩ් අතර මෙවැනි ත්‍රෙඩ් ඉදහිට හෝ දැකීම එළකිරියට ඇති බැදීම ලිහී නොයාමට කරුණු කාරණා වන්නේමය........
     
    හොඩ පොස්ට් එකක් මච්න්
    කරුනරත්න අබෙසෙකර කියන්න් ගුවන් විදුලිය හා බදුනු අමරනිය නාමයක්.
    එ මහතා කරපු සෙවය මිල කරන්න බැහැ

    රෙප් ++

    elaaa kollo!!!!

    මෙවැනි සාරගර්භ තොරතුරැ බෙදා ගැනීම වෙනුවෙන් තුති....!!

    ලොන්ත කොකටු ත්‍රෙඩ් අතර මෙවැනි ත්‍රෙඩ් ඉදහිට හෝ දැකීම එළකිරියට ඇති බැදීම ලිහී නොයාමට කරුණු කාරණා වන්නේමය........


    Good thread machan keep it up Rep added

    Good Post Saho :yes::yes:

    කාලෙකට පස්සෙ වැටිච්ච හොඳ ත්‍රෙඩ් එකක්.

    කිරි පුතා;17882058 said:
    good post ref++

    ස්තුතියි රිප්ලයි වලට, පට්ටය, ඈඩෙනවාය.:love::love:
    රෙප් වලටත් ස්තූතී