සිල්වත් ස්වාමින් වහන්සේලා ඔබ නිවසට පැමිණෙත් නම් ඔබට
කරුණු පහකින් බොහෝ පින් රැස් කර ගත හැකිය.
1.යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු සිත් පහදවා ගනිත් ද එසමයෙහි ඒ දායක නිවස ස්වර්ගය පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
2.යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිත් ද, සකසා වඳිත් ද, අසුනෙන් පවරත් ද, එසමයෙහි ඒ දායක නිවස උසස් කුලයෙහි ඉපදීම පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
3.යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු මසුරු මල බැහැර කරත් ද එසමයෙහි ඒ දායක නිවස මහේශාක්‍ය බව පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
4.යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු ශක්ති පමණින් තිබෙන පමණින් දන් පැන් පූජා කරගනිත් ද, එසමයෙහි ඒ දායක නිවස මහා භෝග සම්පත් පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
5.යම් කලක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු දහම් කරුණු විමසත් ද, යළි යළි විමසත් ද, බණ අසත් ද, එසමයෙහි ඒ දායක නිවස මහා ප්‍රඥාව පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.
(අංගුත්තර නිකාය-පඤ්චක නිපතයේ -කුල සූත්‍රය ඇසුරින්)
-------------------------------------------------------------------
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.