කරුමේ වෙනස් කල හැකිද?

කම්ම සහ කම්ම-පතය අතර වෙනස මොකක්ද?

  • කම්ම වෙනස් කල හැකියි කම්ම-පතය බැහැ

    Votes: 2 28.6%
  • කම්ම වෙනස් කල නොහැකියි කම්ම-පතය වෙනස් කල හැකියි

    Votes: 0 0.0%
  • මොන කරුමයක් වත් වෙනස් කරන්න බැහැ

    Votes: 5 71.4%

  • Total voters
    7

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මාඝදී - කම්ම
    සංස්කෘත - කර්ම
    සිංහල - කරුමේ

    කම්ම සහ කම්ම-පතය වෙනයි.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    අහෝසි කර්ම කියන්නේ මොනවාද?

    සෙවණැල්ල උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පද තියෙනවා. පහන් සිතින් තමන් කරන කතා හා ක්‍රියාවල විපාකය තමා පසු පසම එනවාය කියලා කියන කාරණය පැහැදිලි කිරීමට සෙවණැල්ල උපමා වශයෙන් යොදාගෙන තිබෙනවා. තමාගේම පසු පස එන සෙවණැල්ල නිසා තමන්ට අලාභයක් හෝ අවාසියක් හෝ සිදුවන්නේ නැහැ. ඒ වගේම තමා පසු පසම එන සෙවණැල්ල නවතා දැමීමට ක්‍රමයක්වත් තමන්ට නැහැ. ඔබ කැමති වුණත් අකමැති වුණත් සෙවණැල්ල තමන්ගේ පසු පසම එනවා. එහෙම වුණත් එයින් තමන්ට අයහපතක් හෝ පලප්‍රයෝජනයක් හෝ ලැබෙන්නේ නැහැ.
    කර්මය සචේතනික අචේතනික කියලා කොටස් තියෙනවාද?

    සම්පූර්ණ ලිපිය - ලංකාදීප

    SLD_20160612_B0121.jpg
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    කම්ම විෂය සංකීර්ණයි, අචින්තයි. මෙතන මගේ අතින් අඩුපාඩු විය හැකි නිසා අවසාන නිගමන සදහා මේ විෂය ගැන තවත් සොයා බැලීමට අවශ්‍ය වේ.

    එතකොට, නිගන්ටයෝ කියනවා කරුමේ වෙනස් කරන්න බැහැ කියලා - නමුත් තමන්ට උරුම වෙලා තියෙන කරුම (ආන්නතරිය ඒවා හැරෙන්න), කම්ම පතයක් සකස් වෙලා නැතිනම් ඒවායේ විපාක අහෝසි හෝ අවම කර ගත හැකියි.

    "රාගඛ්යෝ, ද්වෙෂ්කයෝ, මෝහඛ්යෝ නිබ්බානං" - බුදුන් වහන්සේ මෙතන "නිවන" කියන්නේ මොන වගේ අවස්තාවක්ද යැයි පෙන්වා දෙනවා.

    නිවන -> රාගය, මෝහය සහ ද්වේශය සම්පුර්ණයෙන් කපා උදුරා දැමු මොහොතට සදහට සියලු දුක් වලින් මිදෙනවා.

    රාගය, මෝහය සහ ද්වේශය කියන්නේ එකතු කරගෙන තියෙන කරුමේ. මෙහෙම එකතු වෙලා තියෙන කරුමේ අහෝසි කරන්න, වෙනස් කරන්න බැරිනම්, නිවන් දකින්න බැරි වෙනවා. නමුත් එක කල හැකියි.

    බුදු දහම කියන්නේ මාර්ගයක්. මාර්ගයක ආරම්භයක් සහ අවසානයක්. තියෙනවා. බුදුන්ගේ කාලයේ මේ මාර්ගයේ ගමන් කල බුද්ද ශ්‍රාවකයෝ අද කොහෙවත් හොයා ගන්න නැහැ. ඒ අය ගමන අවසන් කරලා. 2009 දී යුද්දය නිමාවීමත් සමග මේ මාර්ගය වසර 1800 පසු යලි විවුර්ත වුනා.

    එතකොට, අද විවුර්ත වෙලා තියෙන මාර්ගය තවත් වසර 400 පමණ (ජිවිත කාල 4ක්) විවුර්ත වෙලා තියෙයි. එතකොට, මේ ජීවිතයේදී ආරම්භයක් ගන්න එක්කෙනා මේ ජීවිතයේදී හෝ ඊට පසු කාලය තුල වුනත් නිවන් අවබෝද කර ගන්න හැකියාවක් ලැබෙනවා.

    මුල ධර්මය

    එතකොට, නිවන කියන්නේ යම් කිසි ගැටලුවකට විසඳුමක්. මොකක්ද මේ ගැටලුව?

    විශ්වය පාලනය කරන්නේ නියාම ධර්ම වලින්. කම්ම නියාමයට යටත් වුනොත්, විශ්වය තුල නොයෙක් තැන්වල නොයෙක් ආකාරයට ගැවසෙන්න අවස්තාව ලැබෙනවා. විශ්වයේ ගැවසෙන්න ආයුෂ අවශ්‍යයි. කම්ම නියාමයට අහුවෙන එක්කෙනා කම්ම බිජ සකස් කරලා ආයුෂ නිර්මාණ කරනවා.

    කම්ම නියාමයට අවශ්‍ය කම්ම බිජ සකස් කරන්න පමණයි. ඒ සදහා සත්වයාවට කවදාවත් අවසාන වශයෙන් තෘප්තියක් නොදෙන ආස්වාදයක් පෙන්වලා සත්වයාගේ ක්‍රියා කාරිත්වය තුල ඉදිරි ගමන සදහා බිජ සකස් කරන්න පොළඹවනවා. "මායාව" තියෙන්නේ මෙතන.

    එතකොට, ඔබේ මුත්තා ජිවත් වුනා මිට වසර 100 පමණ පෙර. එයත් මේ වගේ මායාවට අහු වෙන්න ඇති. එයාගේ නමවත් කවුරුවත් දැන් දන්නේ නැහැ. මේ වගේ ඔබත් ජිවත් වෙලා මිය යනවා කිසිම තේරුමක් නැතිව. එමනිසා මනුස්සයෙක් වුන එකේ එකම ප්‍රයෝජනය නිවන් අවබෝදය.
     
    Last edited: