මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.
හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?
උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න