කලණ_මිතුරු_ඇසුරට

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කලණ_මිතුරු_ඇසුරට

    කලණ මිතුරු ඇසුරට නැඹුරු වූ කෙනෙක් වෙමු


    භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, කල්‍යාණ මිත්‍ර ඇසුර අපිට ලැබෙනවානම්, කල්‍යාණ මිත්‍රයා මුණගැහෙනවානම්, ඒක හරියට අරුණෝදය ලැබුන වගේ කියල.

    අරුණ උදාවුනහ ම නියත වශයෙන් ම සිද්ධවෙන්නෙ මොකක්ද? ඉර පායනව කියන එක නියත වශයෙන් ම සිද්ධවෙනව. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, යම් කෙනෙකුට කල්‍යාණ මිත්‍රයා මුණගැහුනා නම්, නියත වශයෙන් ම එයා නිවන අවබෝධකරනව කියල. ඒ විදිහට කල්‍යණ මිත්‍රයා ජීවිතයට බද්ධ වුනාද කියන එක තේරෙන්නෙ කොහොමද? කල්‍යාණ මිත්‍රයාගේ අවවාද, අනුශාසනා මුණගැහෙන කොට, ඇහෙන කොට, හිතනකොට එයාට මහත් වූ සතුටක් ඇතිවෙනව, ප්‍රමාණ රහිත වූ සතුටක් උපදිනව.

    එයාට සිහිවෙනව, "මේ කල්‍යාණ මිත්‍රයන් මා කෙරෙහි අනුකම්පාව තියෙන අය, මේ කල්‍යණ මිත්‍රයන් මගේ දියුණුව කැමති අය. ඒ නිසයි මේ කල්‍යාණ මිත්‍රයන් මට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ" කියල එයාට තේරෙනව, පිළිගන්නව. එයා සිහිකරනව, "මෙබඳූ කල්‍යාණ මිත්‍රයන් ලැබීම මට ඒකාන්තයෙන්ම ලැබීමක්, මනා වූ ලැබීමක්" කියල.

    මනා වූ ලැබීමක් කියල කියන්නෙ, පරිපූර්ණ වශයෙන් යහපත ඇතිකරන්නා වූ ලැබීමක් කියන එකයි. ඒ විදිහට එයාට සිහිවෙනවනම්, සිහිකරන්ට පුළුවන්නම් එයා සිහිකරනව නම්, කල්‍යාණ මිත්‍ර අවවාදය එයා බැහැර කරයිද? නෑ. එතකොට එයා සිහිකරන්නෙ කොහොමද? "මේ කල්‍යණ මිත්‍රයෝ මට අනුකම්පා ඇති අය, මගේ දියුණුව කැමති අය, මට අවවාද කරන අය, මට අනුශාසනා කරන අය. මෙබඳූ කල්‍යාණ මිත්‍රයන් ලැබීම මට ලාභයක්, මනා ලාභයක්, යහපත් ලැබීමක්" කියල එයා සිහිකරනව.

    එහෙම සිහිකරන්ටනම් එයාට කල්‍යණ මිත්‍රයාගෙන් ලැබෙන දේ ප්‍රණීත දෙයක් වියයුතුමයි නේද? ප්‍රණීත දෙයක් නොවෙනවනම්, එයාට එහෙම සිහිවෙයිද? නෑ. එහෙනම් "ඒ කල්‍යාණ මිත්‍රයාගෙන් මට යහපත කෙරෙනව, යහපතක් ලැබෙනවා කියල" වැටහීමක් එයාට තියෙන්ට ඕනැ. අන්න එබඳූ වැටහීමක් තිබ්බොත් එයා කල්‍යාණ මිත්‍රයාගේ ගුණ සිහිකරනව.

    එහෙම සිහිකරන්ට කරන්ට එයාගේ හිතේ ලාමක අකුසල් බැහැරවෙනව, කල්‍යණ මිත්‍රයාගේ අවවාදය ම එයා පිළිපදිනව, ඒ අවවාදයට අනුව කටයුතු කරනව. එතකොට එයා ධර්මය කරා ම යන කෙනෙක් බවට පත්වෙනව. ඒකයි කල්‍යාණ මිත්‍ර ඇසුර ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය.
    එනිසා කල්‍යාණ මිත්‍රයින්ගෙන් අපිට ලැබෙන මහත් වූ ලාභයන් ගැන තේරුම් අරගෙන, අපි කෙරෙහි අනුකම්පාවෙන්, අපේ දියුණුව කැමැත්තෙන් නේද අපිට මේ මගපෙන්වන්නේ කියල සිහිකරන්න, කල්පනා කරන්න,
    තේරුම්ගන්න. අන්න එතකොට කල්‍යණ මිත්‍ර අසුර අපේ ජීවිතයට බද්ධවෙනව. ඒ අවවාද, අනුශාසනා පරිදි කටයුතු කරන්ට හිත නැවෙනව. එහෙම හිත නැවෙනකොට, ඒ අවවාද අහනකොට සතුට උපදිනව. ඒ අවවාද ගැන හිතනකොට සතුට උපදිනව. පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසයකරන්ට ඒ කල්‍යණ මිත්‍රයා ගැන සිහිකිරීම එයාට උදව්වෙනව.


    කල්‍යාණ මිත්‍රයා ගැන සිහිකරන කොට සතුට උපදිනව. පිනා ගිය හිතින්, නැවුම් සිතින්, අන්න ඒ විදිහට යම් කෙනෙක්ගේ හිත කල්‍යාණ මිත්‍රයා කෙරෙහි නැමිල තිබෙනවනම්, ඒකට කියනව කල්‍යණ මිත්‍රයා කෙරෙහි නැඹුරු වූ සිතින් වාසයකරනවා කියල. ඒ විදිහට කල්‍යාණ මිත්‍රයා කෙරෙහි නැඹුරු වූ සිතින් ඉන්න කෙනා නිතර කල්‍යාණ මිත්‍රයාගේ ගුණ සිහිකරනව. සුදුසු වෙලාවෙදි ඒ ගුණ කතාකරනව. කල්‍යාණ මිත්‍රයා කෙරෙහි පැහැදිලා නැතිඅයව පහදවනව.

    අන්න ඒ ගුණ වලින් යුක්ත කෙනා කල්‍යාණ මිත්‍ර සම්පතින් යුක්ත කෙනෙක්. එයාට කල්‍යණ මිත්‍ර සම්පත තියෙනව, ඇසුර තියෙනව. ඇසුර තියෙනවනම් ඒ අවවාද අහනකොට, අනුශාසනා අහනකොට හිත පිනා යනව. එයා කල්‍යාණ මිත්‍රයාගේ ගුණ සිහිකරනව. සිහිකරන්න සිහිකරන්න හිත නැවුම් වෙනව. ලාමක අකුසල් බැහැරවෙනව. ඊළඟට එයා කල්‍යාණ මිත්‍ර ඇසුර නැතිඅය ඉන්නවනම්, ඒ කල්‍යණ මිත්‍ර ඇසුර නැති අයව කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමුකරනව, සමාදන් කරවනව. ඊළඟට කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉන්න අයගේ ගුණ සිහිකරනව, කියනව.

    අන්න ඒ අංග වලින් යුක්තනම් කෙනෙක්, එයා කල්‍යාණ මිත්‍ර ඇසුරට පැමිණි කෙනෙක්. එතකොට අපි ඒ ඇසුර ලබාගෙනද කියල අපිට මේක අපේ ජීවිතයට ගළපල බලන්න පුළුවන්. අන්න එහෙම ඒ ඇසුර ලැබිලනම් එයාගෙ ජීවිතයට අරුණ උදාවෙලා. එයාගෙ ජීවිතයට ඉර පායන එක වළක්වන්ට කාටවත් පුළුවන්කම ලැබෙන්නෙ නෑ.
    එනිසා අපි හදවතින් ම සෙත් පතන්ට කැමතියි, ආශිර්වාද කරන්ට කැමතියි මේ දීර්ඝ සසර පුරාවට හමුනොවුණු එකම දේ, ඔබේ ජීවිතයට අරණාලෝකය බඳූ කල්‍යණ මිත්‍ර ඇසුර, ඒ පරම දුර්ලභ අතිශය දුර්ලභ වූ කල්‍යාණ මිත්‍ර ඇසුර ඔබේ ජීවිතයට මුණගැහීම පිණිස දුර්ලභ වූ භාග්‍යය උදාවේවා!

    SOURCE: From: http://www.dinamina.lk/kalanamit/

     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ ලිපියක් ....ගූගල් සර්ච් එකකදී දැක්කේ ... මමත් මේ දවස් වල යාලුවෝ ගැන ඉගෙන ගනිමින් ඉන්නේ ..... :D REP6+