කල්පිටියේ දැවැන්ත කඩොලාන විනාශයක්..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka
    kalpitiya-kadolana.jpg


    කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ ඉස්සන් වගාව සදහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.
    මෙම වන සංහංරය කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බවට ගම්මුන් චෝදනා කරති.

    අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මොවුන් කාර්යක්ෂම ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.

    අදාල ඉස්සන් පොකුණු ඉදිකරන මුවාවෙන් මොවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ මායිම් කණු පවා වෙනස් කරමින් ඩෝසර් යන්ත්‍ර යොදා දැවැන්ත වන සංහාරයක් සිදුකර ඇති බව එහි ගිය අපට වාර්තාවිය.

    ඉවක් බවක් නොතකමින් සිදුකර ඇති මෙම දැවැන්ත පරිසර සංහාරයත් සමග මොවුන් ජල ජීවි වගා අධිකාරිය, ප්‍රාදේශිය ලේකම්, වන සංරක්ෂණ, වාරි මාර්ග හෝ වන ජීවි යන ආයතන සමූහයේ කිසිදු අවසරයකින් තොරව කලපුවේ සිට දිවෙන ස්භාවික ඇළ මාර්ගයක් බැකෝ යන්ත්‍ර යොදා නැවත අලුත් වැඩියා කිරීම හේතුවෙන් ඇළ දෙපස පිහිටා තිබූ විශාල කඩොලාන පරිසර පද්ධතියක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත් එහි සුන්බුන් කොටස් දක්නට ලැබේ.

    මොවුන් විසින් ඩෝසර් යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ඉදිකරන ලද නව ඉස්සන් පොකුණු තුළ පිහිටා තිබූ දැවැන්ත කඩොලාන ශාක වල අවශේෂවූ කොටස් විශාල ප්‍රමාණයේ ගොඩවල් ගසා ඒ තුළ සගවා තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒවා සොයා ගැනීමට කටයුතු කර තිබුණි.

    මෙම පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ බහුතරයක් ජනතාව සාම්ප්‍රධායික ධීවර කර්මාන්තයේ යෙදෙමින් එදිනෙදා ලැබෙන මුදල ඔවුන්ගේ ප්‍රධාන ආදායම බවට පත්ව ඇත්තේද මෙම ස්භාවික කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිතව මසුන්ගේ මෙන්ම ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන නිසාවෙනි. එසේ අභිජනන ක්‍රියාවලියට මහත් රුකුලක් වූ සංවේදී කඩොලාන පරිසර පද්ධතිය මෙලෙස ඉවක් බවක් නොතකමින් විනාශ කිරීම තුළින් ඔවුන්ගේ ඉස්සන් වගාව පමණක් සාර්ථක වීම සර්ව සාධාරණදැයි ධීවරයෝ ප්‍රශ්ණ කරති.

    පසු ගිය දිනක රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිදුවූ සංහාරය මෙන් තෙගුණයක් විශාල සංහාරයක් මේ තුළ සිදුව තිබියදීත් ග්‍රාම නිළධාරි, ප්‍රාදේශිය ලේකම්, වන සංරක්ෂණ හා වන ජීවි, ජල ජීවි වගා අධිකාරිය වැනි රජයේ වග කිව යුතු ආයතන මුණිවත රකිමිණින් පරසරය වනසන මෙවැනි රිළවුන් හමුවේ තවත් ඉණිමන් තැබීමම පුදුමය දනවන්නක්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී කල්පිටිය කන්දකුලිය සමුද්‍රසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැවේ දියසේන හිමියන් පවසා සිටියේ

    අපි බලය දීලා තියෙන්නෙ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට මේ වගේ අතනෝමතික ක්‍රියාවක් කරන්න නෙවෙයි. මෙයා රාජ්‍ය ආයතන අතකොළු බවට පත් කරගෙන ධනය බලය කියන දෙක අවියක් කරගෙන තනතුර ඔටුන්නක් කරගෙන මේ පරිසර පද්ධතියට සිදුකරලා තියෙන විනාශය සුළුපටු නැහැ අළුතින් ඉස්සන් පොකුණු ඉදිකරලා මේ ධීවරයින් කීයක් හරි හොයා ගන්න ඇළ මාර්ග වෙනස් කරලා ඒවා හාරලා විනාශ කරලා දැවැන්ත පරිසර හානියක් මෙහෙ සිද්ධ කරලා තියෙනවා. මේ ප්‍රදේහය කඩොලාන සංරක්ෂිත ප්‍රදේහයක් විදියට තිබ්බ තැනක් එහෙම තැනක් කොහොමද මේ මනුස්සයා ඩෝසර් කරලා විනාශ කෙරුවෙ කව්ද මෙයාට අවසරය දුන්නේ මේ පිළිබද වහාම පරික්ෂණයක් ක්‍රියාත්මක කල යුතුයි. කියලා අපි අති ගරු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. යනුවෙනි.

    – කේ. ප්‍රියංකර කළුපහන


    https://www.lankahotnews.net/2020/09/blog-post_38.html
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    සිංහල එකෙක් අපෙ එකෙක් කැලෑව කැපුවට කමක් නෑ යකො. කැරි හම්බයෙක් එක වල්ගහක් ඉගිල්ලුවොත් තමයි අපේ ඇගේ මාලු නටන්නේ. ඔව්වා මේකෙ දාන්නේ නැතුව වැඩක් බලාගනින් පරිසරවේදි පකයා. තොපි තමයි රටේ සංවර්ධනයට බාධා කරන්නේ.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕක දැනටම විසදල ඉවරයි කරපු එකාට naduth දාල ඉවරයි .. උබල රචනාව ලියන්ඩ කලින් ප්‍රශ්නෙ විසදල ඉවරයි .

    නඩු දැම්ම ඒක හොඳයි..ඒත් උන් කපපු කඩොලාන පද්ධතිය එතැනින්ම ඉවරයි නේද ?...තොපේ මහා එකාට කියපිය ලංකාවේ පරිසරය වනසන්න කලින් නිසි පියවර ගන්න කියලා..පස්සේ නඩු දාන ඒවා බයිලා.
    කලින් ආණ්ඩුවේ වල් පරයෝත් එකයි මුනුත් එකයි.
    හුස්ම හිර කරලා මරන්න ඕන ඕකුන්ව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නඩු දැම්ම ඒක හොඳයි..ඒත් උන් කපපු කඩොලාන පද්ධතිය එතැනින්ම ඉවරයි නේද ?...තොපේ මහා එකාට කියපිය ලංකාවේ පරිසරය වනසන්න කලින් නිසි පියවර ගන්න කියලා..පස්සේ නඩු දාන ඒවා බයිලා.
    කලින් ආණ්ඩුවේ වල් පරයෝත් එකයි මුනුත් එකයි.
    හුස්ම හිර කරලා මරන්න ඕන ඕකුන්ව
    කඩොලාන පද්දතිය කියන්නෙ මේ අමුතු පද්දතියකට නෙමේ මොකුත් නොකර උන්නම ඉබේම ගස් ආයෙ හැදෙනව..කඩොලාන ගහක් ගහක් ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද බූරුවො කියන්නෙ නිකන් ගොන් ටෝක්ස් ඉශු කරන්ඩ එපා බන්

    කඩොලාන ගස් දෙක තුනක් ගැන දුක් වෙන උබල කොහෙද බන් උන්නෙ අර බදුර්දීන විල්පත්තුව කපද්දි??? ඒ කාලෙ ඇත්තටම උබල කොහෙද බන් උන්නෙ????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    නඩු දැම්ම ඒක හොඳයි..ඒත් උන් කපපු කඩොලාන පද්ධතිය එතැනින්ම ඉවරයි නේද ?...තොපේ මහා එකාට කියපිය ලංකාවේ පරිසරය වනසන්න කලින් නිසි පියවර ගන්න කියලා..පස්සේ නඩු දාන ඒවා බයිලා.
    කලින් ආණ්ඩුවේ වල් පරයෝත් එකයි මුනුත් එකයි.
    හුස්ම හිර කරලා මරන්න ඕන ඕකුන්ව
    කඩොලාන වැවෙනවා බං .ඕවා කලින් ඉස්සන් කොටු තමා ඔය දැන් හොදට කඩොලාන වැවිලා තියෙන්නේ 😀
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    689
    93
    අපි අති ගරු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.