කල්පිටිය රෝහල් මුස්ලිම් සේවිකා නිල ඇඳුමට
රටක ඉදිරි පැවැත්මට අවශ්‍ය ජාතීන් අතර විරසකය නොව ජාතීන් අතර සමගියයි. මෑත කාලයේ විවිධ හේතු මත ඇතැම් ජන කණ්ඩායම් හිතාමාතාම ජාතීන් අතර ඇති සමගිය වනසන්නට විවිධ ගැටළු ඇති කරන්නට උත්සාහ දරමින් සිටින බැව් පෙනෙන්නට තිබේ. ඇතැම්විට කිසිම ආකාරයකින් ඉස්මතු කරන්නට අවශ්‍ය නොමැති විවිධ ජාතීන්ගේ ආගමික සංස්කෘතික වැනි අවශ්‍යතා මතභේද ඉස්මතු වන අයුරින් හුවාදක්වමින් ඇතැම් පුද්ගලයන් විවිධ ගැටළු නිර්මාණය කරන්නට උත්සාහ දරනු පෙනේ. මේ ස`දහා මෑතකදීම දක්නට ලැබුණු සිදුවීම වාර්තාවන්නේ කල්පිටිය දිසා රෝහලෙනි. එහි මුස්ලිම් ජාතික සෞඛ්‍ය කාර්ය සහායිකාවන් සහ සුළු සේවිකාවන් තමාට නියමිත රාජකාරී නිල ඇ`දුම පසෙක ලා සිය ආගමික අවශ්‍යතාවයන් ට අනුව ෆර්දාව, කලිසම හා ෂෝල් එක සහිත ඇ`දුමින් සැරසී සේවයේ නිරත වන්නට පටන්ගෙන තිබේ.
මෙය ආයතන සංග්‍රහය මගින් හඳුන්වා දී ඇති රජයේ නිල ඇඳුම් පටිපාටිය සහ සෞඛ්‍ය සේවා රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරන්නකි
රජයේ නිල ඇ`දුම් පටිපාටියට අනුව යම්කිසි සේවයකට නියම කොට ඇති නිල ඇ`දුම හැර වෙනත් ඇ`දුමක් භාවිත කිරීම ආයතනික වශයෙන් විනය විරෝධී කි්රයාවකි. අනෙක සිය රාජකාරියේ දී පෞද්ගලික ආගමික අවශ්‍යතාවයන්ට අදාල ඇ`දුම් භාවිත කිරීම සෞඛ්‍ය සේවයේ විධිමත් බව අමු අමුවේ උල්ලංඝනය කරවීමකි. එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිගත් නිල ඇ`දුම් නොමැති විට යමෙකුට අදාල සේවකයා කුමන තනතුරක් දරන්නේද යන්න සොයා ගැනීමට ද දුෂ්කරතාවයක් මතුවේ. විශේෂයෙන් හෙදියකට පමණක් නීත්‍යානුකූල හිමිකමක් සහිත හිස් පළඳනාවට සමාන නීත්‍යානුකූල සහ සදාචාරාත්මක නොවන හිස් පළඳනා විශේෂයක් මොවුන් රජයේ සෞඛ්‍ය සේවය තුළට පිවිසුවා ඇත්තේ කාගේ බලපුළුවන්කාරකමකට දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. මීට වසර දෙකකට පමණ පෙර ඇරඹුණු මෙම තත්ත්වය මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශවල සෙසු රජයේ රෝහල්වලට ව්යපාත වෙමින් පවතින අතර යම් ලෙසකින් මෙයට කිසියම් ආයතන ප්‍රධානියකුගෙන් නිල නොවන අනුමැතිය ලැබුණහොත් එය අයහපත් පූර්වාදර්ශයක් වනු නිසැකය. එවිට රජයේ වෙනත් සේවයන් ස`දහා වූ නිල ඇ`දුම් ස`දහා ද මෙම පූර්වාදර්ශයම ගනිමින් මෙම අන්තවාදී ආගමික කණ්ඩායම් සිය බලය පෙන්වන්නට උත්සාහ කරනු නිසැකය මෙය තවත හලාල් ගැටළුවක් නොව මහා ව්‍යසනයක ආරම්භය වන්නට ද පුළුවන.
මෙසේ ආගමික අවශ්‍යතාවයක් අනුව රෝහල් කනිටු සේවිකාවන් ආයතනික විනය පටිපාටි පවා උල්ලංඝණය කරමින් මුස්ලිම් ඇ`දුම් ඇ`දීම සාධාරණිකරණය කිරීම ස`දහා වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය ක්‍රීඩා සහ යෞවන අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2011-01-01 කළා යැයි පැවසෙන ලිපියක් ද පසුගිය කාලයේ කල්පිටිය රෝහලේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කොට තිබේ. (එයද මෙහි දක්වා ඇත*
මේ සියල්ල පසුපස සිටින්නේ ජාතීවාදී ගැටළුවක් ඇති කිරීමෙන් බොරදියේ මාළු බාන්නට අර අ`දින අප සිතනවාට වඩා බිහිසුණු කොටස් විය හැක. එබැවින් මෙම ගැටළුව දුරදිග නොයවා නීතිය විනය සහ සදාචාරය සියළු දෙනාටම සමසේ බලාත්මක වන පරිසරයක් කල්පිටිය රෝහල තුළත් පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළත් ඇති කරන ලෙස යුක්තිය සාධාරණත්වය සහ සමාජ සමානාත්මතාවය පතන බොහෝ දෙනෙක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.