කල්පිටි පැත්තේ ගියා........සිංහලුනේ... ♥

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අවුරුදු 2කට විතර පස්සෙ මොටර්සයිකල් එකෙන් ටුවර් එකක් දැම්මා..
    (කොවිඩ් කේස්, ගුටාබය සමය නිසා සැහෙන්න බ්ලොක් උනා )

    මේ පැත්තෙ යන්න උවමනා උනෙ.. වයඹ පලාතට ගිහින්ම නැ..
    මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න ;):yes: ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........
    ---------------

    සම්පූර්ණ දුර 450+ Km ගිහින් ඇවිදලා, ආයෙ එන්න
    බයික් එක CT100 එකක් (ජපන් එකක යන්න ඔනේ පාරවල් :( )
    අපි දෙන්නයි ගියෙ, වයිෆ් සහ මම
    පිටෙ දාගෙන යන එක බෑග් එකක් විතරයි (පැක් ලයිට් always )
    QR එකට දෙන ලීටර් 4යි, IOC එකකින් ඉතුරු ටිකයි ගහලා ෆුල් කරගත්තා.. රු. 3500ක් වගෙ ගියෙ

    ගමන යන්න කලින් එලකිරි සිංහලුන්ගෙ විස්තර අහගත්තා...
    කල්පිටි ව්ස්තර අහගත්ත පොස්ට් එක...

    ගිය සිකුරාදා තමයි යන්න ප්ලැන් කරන් හිටියෙ.
    කලින් දවසෙ බයිකෙට තෙල් ගහලා, ඇදුම් පැක් කරන් රෙඩි කරලා තිබ්බා..

    කොළඹින් උදෙ 6ට වගේ පිටත් උනා. (ට්‍රැෆික් එක නම් අඩුයි ඒ වෙලාවට, කොළඹ ඇතුලට එන්න තමයි සෙනග)
    මීගමුව පහුවෙනකම් ටිකක් පාර බිසී...
    ඊට පස්සෙ කෙලින් පාර....... තනි ඉරට :D
    අලුතෙන් කාපට් කරලා සුපිරි මීගමුවෙන් පස්සෙ (තාම සුදු ඉරවත් ගහලා නෑ)

    මගදි පොඩි ඩයට් එකක් දාගත්තා, හලාවත හරියෙ මතක විදියට
    ඊට පස්සෙ ආයෙ බයික් එකෙ තමයි....

    පලවිය කියන ප්ලෙස් එකෙන් අපි වමට හැරෙන්න ඔනෙ, කල්පිටියට යන්න,
    කෙලින්ම ගියොත් සනත් නිසාන්න්ත මහත්තයගෙ බල ප්‍රදේශය...
    එතන ඉදන් කල්පිටියට 40km වගෙ තියෙනවා...

    සුපිරි පාරවල්, ටෙලෙකොම් කාරයො නැද්ද කොහෙද තාම දැකලා...

    අපි ක්ල්පිටියට එද්දි 11 පහු වෙලා ටිකක් වෙලා ගිහින්..

    එතනින් නවතින ප්ලෙස් එකට යන්න පැයක් වගේ ගියා... Gmap බුල් ගහලා,
    එ පැත්තෙ මැප් එක පොඩ්ඩක් අවුල්... පාරවල් පෙන්වනො, හබැයි වැලි පාරවල් බයික් එක එරෙනවා..
    නැවතුනෙ පොඩි බේසික් ප්ලෙස් එකක් කුඩාව බීච් එකටයි ටවුන් එකට 2km වගෙ තියෙන...

    කන්න ආපහු ආවා ටවුන් එකට,
    යකො, කඩ ඔක්කොම වහලා දාලා.. එපාර අස්සෙ තිබුන කඩෙකින් බනිසක් කාලා ශේප් උනා..
    හොයලා බලද්දි රාමසාන් පටන් ගන්න සිකුරාදා සීන් එක.. නානාලා කඩ වහලා..
    ---------------------------------------------------------------------
    1. කුඩාව බීච් එක නම් සුපිරි....
    සිකුරාදා ගියා හවස, බල්ලෙක් නැ අපි යද්දි... ප්‍රයිවෙට් බීච් වගෙ... මයින්ද මාත්තයා හදපු හුලං පෙති බලං නාන්න පුලුවන්..
    ගැඹුරු නැ.

    2. අහ් ඒදාම ගියා කල්පිටිය කොටුව බලන්න
    පගයලා ඒක වහගෙන, අවසර අරන් එන්න ඔනෙලු archaeology department එකෙන්...

    පහුවෙනිදා සෙනසුරාදා....
    3. Uchchimuni දුපතට යන්න බැලුවා බන්, ඒකට යන්න පුලුවන් 4‍x4 වාහන වලින් විතරයි, වැලි පාරක තියෙන්නෙ
    4. ඩොල්පින් බලන්න දැන් බෝට්ටුවකට 28000ක් ගන්නවා ( මුහුදෙ නාලා, කාවයියෙක් බලලා සේප් උනා :lol: :lol: )
    5. කැප්ම්පින් කරන්න යන දූපත තියෙන්නෙ සිංහලු Baththalangunduwa එකට නම් යන්න ගියෙ නැ බන්, ටයිම් අවුල්...
    6. හැමදාම කැඩෙන නොරොච්චෝලෙ පැත්තෙ ලගින් ගියා..
    7. Kalpitiya Casuarina Beach කියලා පොයින්ට් එකක් තියෙ.. කස ගස් අස්සෙ මුහුද පේනො... හැබැයි කුනු දාලා චොරම කරලා බන් :(
    8. කයිට්ස් එක ට්‍රෙනින් සෙශන් එකක් ඩොලර් 50ක් සිංහලු

    සෙනසුරාදා කඩ ඔක්කොම ඔපෙන්, කන්න බොන්න කිසි අවුලක් නැ...
    වයින් ස්ටොර් එහෙමත් තිබුනා ප්‍රෙන්ස්...

    ටිප්ස් සහ උගත් පාඩම්
    1. සුපිරිම අව්වයි, මහා කලු සිංහලයා වගෙ උනත් ගිහින් එද්දි කරවල වෙනවා, සන් ක්‍රිම් එකක් ගෑවට පාඩු නැ
    2. කයිට්ස් සීසන් එක ඉවරයි අපි යද්දි ( මාර්තු වල්ට කලින් යන්න)
    3. මිනිස්සු පට්ට හොදයි, හෙල්ප්ෆුල්
    4. කෑම නම් ගනන් වෙනසක් නැ රයිස් එකක් 1000~1200 අතරේ (මික්ස් ෆුල්)
    5. ATM නැත කොළඹ වගෙ.. කිලොමීටර් 20ක්ට 30කවත් එකක් නෑ.. ටවුන් එකකටම යන්න වෙනො
    6. පාර තනි ඉරට උනාට පොලිස් මාමිලා ඉන්නවා
    7. gmap වල පොඩි කේස් එකක් තියෙනවා වැලි පාරවල් පෙන්වනවා (A grade/ B Grade පාරවල් නෙවෙයි)
    8. කල්පිටිය ටවුන් එකෙ ඉදන් කුඩාවට යන පාර මැටි වලින් තියෙන්නෙ, (තරංගයක හැඩයක් ගන්න පාරක්)
    9. රස්නෙයි, දුවිල්ලයි (දකුණු පලාතේ මුහුදෙ නාන්න ගියා වගේ නෙවෙයි)
    10. ලොකුවටම බලන්න ප්ලෙස් නැ... තියෙන ඇක්ටිවිට්ස් එහෙමත් පට්ට මිලයි
    11. කොල්ලො සෙට් වෙලා අවුනිං එකකට වගේ නම් මරු... හොටෙල් එහෙමත් ලොකු ඒරියා තියෙනවා
    12. සැහෙන්න ක්‍රිස්තියානි පල්ලි තියෙනවා බන්, වන්දනා නඩ වගෙ එනවා ඒවලට (මට දැනුමක් නෑ එ ගැන)
    13. බූරුවො ඉන්නවා පාරෙ ඔනෙ තරම් :D

    පොටො ටිකකුත් දාන්නම්... (තව තියෙනව ඒවල මම ඉන්නො නෙහ්)

    වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න ;)
    #kalpitiya #srilanka
    oya yanna JAffna
    kasurina beach
    chunnakam valin 9km valin giyaama (KADURUGODA VIHARAYA -) thiyenava rahathanvahaselage dagaba godak
    LTTE karayo vath atha nothiyapu
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Ara inne bappila neda
    :yes:

    Capture5.JPG

    ඒ සුන්දර බැල්ම කොහොමද බාප්පිගෙ :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    ටඋඩු බයික් එකෙන් නුවර ගිහින් මට එපාවුණා. දුර ගමන් බයික් එකෙන් පරිස්සමෙන් පලයල්ල. වෙන මොකුත් නෙමෙයි. නින්ද යනවා. අනික තනියම යන්නත් එපා. ගෑනිව හරි දාන් පලයන්. නැත්තම් හෙන බෝරින්. මම තනියම ගියේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    අඩේ සුපිරි.... අකුරක් නෑර කියෙවුව මේක....

    මෙන්න මේ කෑල්ල මට වැදගත්....
    ඔය පාර හදනව කියල, කියල තිබුණ. ඒ කියන්නෙ දැන් හදල ඉවරයිනෙ. අවුලක් නැතුව යන්න පුලුවන්.... සුදු ඉරි නැතුව රෑට යන එක තමයි ටිකක් අවුල. මේ මාසෙ මැද වෙනකොට ඉරි ගහයි නේ...?
    adi rulak aran yanna misi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ටඋඩු බයික් එකෙන් නුවර ගිහින් මට එපාවුණා. දුර ගමන් බයික් එකෙන් පරිස්සමෙන් පලයල්ල. වෙන මොකුත් නෙමෙයි. නින්ද යනවා. අනික තනියම යන්නත් එපා. ගෑනිව හරි දාන් පලයන්. නැත්තම් හෙන බෝරින්. මම තනියම ගියේ.
    Ct 100 කියන කොටස දැක්ක ගමං හීනියට කොන්දෙ අමාරුවක් එක්ක උරපත් කැක්කුමක් වගේ ආව....
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,922
    2,947
    113
    අඩේ සුපිරි.... අකුරක් නෑර කියෙවුව මේක....

    මෙන්න මේ කෑල්ල මට වැදගත්....
    ඔය පාර හදනව කියල, කියල තිබුණ. ඒ කියන්නෙ දැන් හදල ඉවරයිනෙ. අවුලක් නැතුව යන්න පුලුවන්.... සුදු ඉරි නැතුව රෑට යන එක තමයි ටිකක් අවුල. මේ මාසෙ මැද වෙනකොට ඉරි ගහයි නේ...?
    තාම තැනින් තැන හදනව. කොච්චිකඩේ ඉදල මාරවිල හරියට විතර එනකම් ඉස්සර පාර පටුවට තිබ්බෙ. ඒක තමා ඔය දැන් පලල් කරල කාපට් කරන්නෙ. ඔය පාරෙ යනවට වඩා මරු තෝප්පුව හන්දියෙන් දකුනට දාල නාත්තන්ඩිය - හොරවංගුව හරහා යන එක. මාදම්පේ කිට්ටුවටම වැටෙනව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,932
    113
    super maath yanna inne, eth bus route ekak nane kalpiti yanna
    bus tibba bn
    colombo - kalpiti busdakka
    habay adu ati

    Ko wife ge photo?
    inbox damma :sorry: :sorry:
    ------ Post added on Apr 1, 2023 at 3:16 PM

    අඩේ සුපිරි.... අකුරක් නෑර කියෙවුව මේක....

    මෙන්න මේ කෑල්ල මට වැදගත්....
    ඔය පාර හදනව කියල, කියල තිබුණ. ඒ කියන්නෙ දැන් හදල ඉවරයිනෙ. අවුලක් නැතුව යන්න පුලුවන්.... සුදු ඉරි නැතුව රෑට යන එක තමයි ටිකක් අවුල. මේ මාසෙ මැද වෙනකොට ඉරි ගහයි නේ...?
    90% වගෙ ඉවරයි වගෙ, පොඩි පොඩි කෑලි තිබ්බා පරන කාපට් එක. එ උනාට මැශින් වැඩ ලග ලගම... දැනටමත් ඉවර ඇති ගොඩක් ඒවා....
    ------ Post added on Apr 1, 2023 at 3:17 PM

    මමත් කතරගම පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ ලබන මාසේ අන්තිම වගේ. CT 100එකේ මමයි නෝනයි පුතයි. CT100එකේ ගමන අපහසු නැද්ද බං.
    ct100 සැපක් නම් නැ බන්... (සක්කුවට සැපයි ;) )
    ගල් ගොඩෙ පුක තියන් වගෙ ඉතිං... මට දැන් පුරුදු වෙලා
    ------ Post added on Apr 1, 2023 at 3:18 PM

    Niyamai machan. Math yanna asa beach ekak wediya senaga nethi nisa.

    Drive karannath supiri thani kelin para wediya vahanath ne.

    View attachment 201397

    2015 ekthara dinaka oya pettata yana gaman
    මරු තවමත් ඔය විදියටම වගෙ තියෙනවා... චොර කරලා නැ කානු කපලා
    ------ Post added on Apr 1, 2023 at 3:19 PM

    නයිට ගැහුවෙ කොහෙද?
    අරලිය විලා කියලා පොඩි ප්ලෙස් එකක බන්...
    බේසික්ස් විතරයි තියෙන්නෙ....
    බ්‍රෙක්ෆ්ෆස්ට් තියෙනවා ගන්න පුලුවන්...

    හොටෙල් එකට වෙලා ඉන්න නම් සෙට් වෙන එකක් නැ බන්
    ඇවිදලා ඇවිත් නාලා නිදාගන්න ටයිප් එකට මරු
    ------ Post added on Apr 1, 2023 at 3:22 PM

    ආහ් සැප සැප

    වෙල්ඩන් රැයිඩර්👍
    bow-down-bowing.gif

    ------ Post added on Apr 1, 2023 at 3:23 PM

    පුක නෑ

    පැයකට සැරයක් නවත්ත නවත්ත යන්න.
    yesh...
    ගල් ගොඩෙ පුක තියන් ගියා වගේ...
    ටිකක් කල් පැදලා නම් පුක ගල්.. අනුවර්තනය වෙලා :sorry: :rofl::rofl:
    ------ Post added on Apr 1, 2023 at 3:24 PM

    supiri bn,. wahanayak thiynwada ubata nathnm ganna plan karanwada?
    වාහනයක් නෑ බන්.
    ගන්න අයිඩියා එකක් නැ අපිට තාම...
    ------ Post added on Apr 1, 2023 at 3:25 PM

    oya yanna JAffna
    kasurina beach
    chunnakam valin 9km valin giyaama thiyenava rahathanvahaselage dagaba godak
    LTTE karayo vath atha nothiyapu
    උතුරු මුහුදෙ විතරයි නාලා නැත්තෙ :sorry:
    ඊලග ටාගට් එක එ පැත්ත :D සේව් කරගන්න ඔනෙ මෙව්වා... :love:👌
    ------ Post added on Apr 1, 2023 at 3:27 PM

    ටඋඩු බයික් එකෙන් නුවර ගිහින් මට එපාවුණා. දුර ගමන් බයික් එකෙන් පරිස්සමෙන් පලයල්ල. වෙන මොකුත් නෙමෙයි. නින්ද යනවා. අනික තනියම යන්නත් එපා. ගෑනිව හරි දාන් පලයන්. නැත්තම් හෙන බෝරින්. මම තනියම ගියේ.
    ඔව් බන් පරිස්සමට යන්න ඔනෙ...
    දුර යද්දි නම් අනිවා වයිෆ් එනො ඉතිං...

    මහන්සි නම් පදින්නෙ නැ බන්... රෙඩ්බුල් එකක් හරි ගහලා කික් වෙනක්ම් ඉන්න ඔනෙ...
    ------ Post added on Apr 1, 2023 at 3:28 PM

    Ct 100 කියන කොටස දැක්ක ගමං හීනියට කොන්දෙ අමාරුවක් එක්ක උරපත් කැක්කුමක් වගේ ආව....
    :rofl: :rofl: එහෙම
    පොඩි කේස් එකක් තියෙ....... :sorry::rofl:
    ------ Post added on Apr 1, 2023 at 3:30 PM

    තාම තැනින් තැන හදනව. කොච්චිකඩේ ඉදල මාරවිල හරියට විතර එනකම් ඉස්සර පාර පටුවට තිබ්බෙ. ඒක තමා ඔය දැන් පලල් කරල කාපට් කරන්නෙ. ඔය පාරෙ යනවට වඩා මරු තෝප්පුව හන්දියෙන් දකුනට දාල නාත්තන්ඩිය - හොරවංගුව හරහා යන එක. මාදම්පේ කිට්ටුවටම වැටෙනව
    මැප් එකෙ පෙන්නුවෙ පොඩ්ඩක් ඇතුලෙන් යන එකක් තමයි හැබැයි....
    හරවන කෑලි වැඩි වගෙ නිසා, කෙලින්ම ගියා...
    ------ Post added on Apr 1, 2023 at 3:31 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තාම තැනින් තැන හදනව. කොච්චිකඩේ ඉදල මාරවිල හරියට විතර එනකම් ඉස්සර පාර පටුවට තිබ්බෙ. ඒක තමා ඔය දැන් පලල් කරල කාපට් කරන්නෙ. ඔය පාරෙ යනවට වඩා මරු තෝප්පුව හන්දියෙන් දකුනට දාල නාත්තන්ඩිය - හොරවංගුව හරහා යන එක. මාදම්පේ කිට්ටුවටම වැටෙනව
    තෑන්ක්ස් මචෝ.... ඒ පාරෙ යනකොට සවුත්තු හරිය සේරම මගහැරෙනවද...

    තෝප්පුව හන්දිය කියන්නෙ මෙතනද..?
    කොච්චිකඩේ
    https://maps.app.goo.gl/yaSFwHbx8Aj8Bz2u5
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,525
    113
    කතරගම යන ගමනට රෙඩි වෙන්න ටයර් දෙක අලුතෙන් දාලා තියෙන්නේ. චේන් ස්පොකට් අලුත්, අබ ඇට දාලා කොට්ටයක් වගේ හදලා සීට් 1කඋඩටයි ටැංකිය උඩටයි එන්න දාගන්න ඉන්නේ. එතකොට පුකට ටිකක් සනීපයක් ඒවිනේ තියන සීට් 1කට වඩා. කොල්ලව ඉස්සරහින් තියන් යනවා පුලුවන් දුරත ඒකා මැද යන්න කැමති නෑ. අපේ නැන්දයි මාමායි දෙන්නත් සෙට් වෙන්නම් කීවා ස්කූටර් එකේ. තව මොනවද කරන්න පුලුවන් සැප පහසුව වැඩි කරගන්න. රත්නපුරෙන් ගිහින් ඇල්ල හරහා නුවරඑලියෙන් ආපහු එන්න තමා ඉන්නේ. බයික් එකට ටූල් කිට් 1කක්, අමතර ටියුබ් එකක්, Foot Air Pump එකක්, First Aid කිට් එකක් ඇන් යනවා. බයික් 1ක ලීටර් දහයක් ගහලා Full කරනවා මෙහෙන් මගින් ඕනි උනොත් ගහගන්න තව QR 2-3ක් අරන් යනවා. යන්න දවස් කීපෙකට කලින් ෆුල් සර්විස් 1ක් කරනවා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,922
    2,947
    113

    මැප් එකෙ පෙන්නුවෙ පොඩ්ඩක් ඇතුලෙන් යන එකක් තමයි හැබැයි....
    හරවන කෑලි වැඩි වගෙ නිසා, කෙලින්ම ගියා...
    ------ Post added on Apr 1, 2023 at 3:31 PM
    ඒ පාර සුපිරි. ෆුල් කාපට්. වාහනත් අඩුයි. Colombo - Puttalam පාරෙ වාහන වැඩියි මාරවිල හරියට විතර එනකම්. පාර හැදල ඉවර උනාම නං අවුලක් නැති වෙයි

    තෑන්ක්ස් මචෝ.... ඒ පාරෙ යනකොට සවුත්තු හරිය සේරම මගහැරෙනවද...

    තෝප්පුව හන්දිය කියන්නෙ මෙතනද..?
    කොච්චිකඩේ
    https://maps.app.goo.gl/yaSFwHbx8Aj8Bz2u5
    ඔව් ඔතනින් හැරිල කෙලින්ම යන්න තියෙන්නෙ. නාත්තන්ඩිය හන්දියෙනුත් කෙලින්. Colombo - Puttalam පාරෙ පැයක් යනව නං මේ පාරෙ පැය භාගෙට යන්න පුලුවන්. වාහන & town අඩුයි. (only Dankotuwa as a main town)
    ------ Post added on Apr 1, 2023 at 3:37 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒ පාර සුපිරි. ෆුල් කාපට්. වාහනත් අඩුයි. Colombo - Puttalam පාරෙ වාහන වැඩියි මාරවිල හරියට විතර එනකම්. පාර හැදල ඉවර උනාම නං අවුලක් නැති වෙයි

    ඔව් ඔතනින් හැරිල කෙලින්ම යන්න තියෙන්නෙ. නාත්තන්ඩිය හන්දියෙනුත් කෙලින්. Colombo - Puttalam පාරෙ පැයක් යනව නං මේ පාරෙ පැය භාගෙට යන්න පුලුවන්. වාහන & town අඩුයි. (only Dankotuwa as a main town)
    ------ Post added on Apr 1, 2023 at 3:37 PM
    👍👍
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,932
    113
    කතරගම යන ගමනට රෙඩි වෙන්න ටයර් දෙක අලුතෙන් දාලා තියෙන්නේ. චේන් ස්පොකට් අලුත්, අබ ඇට දාලා කොට්ටයක් වගේ හදලා සීට් 1කඋඩටයි ටැංකිය උඩටයි එන්න දාගන්න ඉන්නේ. එතකොට පුකට ටිකක් සනීපයක් ඒවිනේ තියන සීට් 1කට වඩා. කොල්ලව ඉස්සරහින් තියන් යනවා පුලුවන් දුරත ඒකා මැද යන්න කැමති නෑ. අපේ නැන්දයි මාමායි දෙන්නත් සෙට් වෙන්නම් කීවා ස්කූටර් එකේ. තව මොනවද කරන්න පුලුවන් සැප පහසුව වැඩි කරගන්න. රත්නපුරෙන් ගිහින් ඇල්ල හරහා නුවරඑලියෙන් ආපහු එන්න තමා ඉන්නේ. බයික් එකට ටූල් කිට් 1කක්, අමතර ටියුබ් එකක්, Foot Air Pump එකක්, First Aid කිට් එකක් ඇන් යනවා. බයික් 1ක ලීටර් දහයක් ගහලා Full කරනවා මෙහෙන් මගින් ඕනි උනොත් ගහගන්න තව QR 2-3ක් අරන් යනවා. යන්න දවස් කීපෙකට කලින් ෆුල් සර්විස් 1ක් කරනවා.
    3k දාලා යන එක පට්ට පරිස්සම්ට කරන්න ඔනෙ වැඩ බන්....
    අපි හරියට ගියත්, පරෙ අනිත් උන් හරක් වගෙ යනො....

    සර්විස් එක කරලා ලඟ පැදලා බලන්න මචන් සර්විස් ව්ල උන් භාගෙට වැඩ කරලා මගදි චෙන් පනින්නයි අනන් මනන් මගුල් තියෙනවා...
    CT 100 වාසිය බන් ලංකාවෙ ඕනෙ තුත්තුකුඩියක ඕනෙ බාසෙක් දන්නවා බයික් එක, පාර්ට්ස් තියෙනවා ;) :yes:

    km 50, 100, හො කැමති කෑලි වලින් කඩලා පොඩි බ්‍රෙක් එකක් ගන්න... දොඩම් එකක් එහෙම ගහලා පාර අයිනෙන් :D
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    කල්පිටිය අන්තිමට ගියේ දැනට අවුරුදු 23 වගේ ඉස්සර. ඉස්සර නම් එපා වෙනවා. දවල්ට නානල ඔක්කොම කඩ වහල නිදා ගන්න ගිහින්. හවසට තමයි ආයේ කඩ අරින්නේ. ගොඩක්ම මතක තියෙන්නේ මදුරන්කුලිය හන්දිය. ආසාවේ බෑ ආයේ ඔය දිහා රවුමක් ගහන්න.
     
    • Like
    Reactions: Solo Rider