කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ &#3482

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ &#3482

    කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ කවිය........


    මාත් බලං උන්නා උඹ වගේම...
    හිරු රැස් දිස්නේ දෙන උදෑසනක,
    පිණි බිඳක් දෙකක් වැටී දිලිසෙන්න.....
    රස්නෙයි නේ හරිම.....
    පිණි තියා ආවේ නෑ මිදුමක්වත්......


    ගොම්මනට හේ බාන නිදිකුම්බ කොළ වගේ,
    ජිවිතේ ආසා මැලවුනාම.....
    හිතාගෙන හිටිය මං උඹ වගේම,
    පහුවෙනිදට එළිවෙනවා නේද....?
    නමුත් ඒ රෑ එලිවුනේ නෑ මගේ....
    නිම නොවෙන එවන් අඳුරු රැයක් ඒ වගේ,
    කොහොම නම් දරාගෙන ඉන්නද...?


    නුඹ වගේ පැත්තකින් කෑව මාවත් දළබුවෙක්...
    මුකුත් නොකියාම උන්නා මං,
    කවද හරි සමනළයෙක් එයි නේද හිතාගෙන....
    නමුත් ආවේ කීඩෑවෙක්......
    මොනවා කරන්නද ඒ මගේ ලැබීම.....


    ප්‍රොමිතියස් ගෙ හදවත වගේ,
    ඉරා ගිලින විට ගිජු ළිහිණියන්,
    හිනා වෙලා උන්න මං,
    මිනිසුන්ට උනේ හොදක් නේද හිතාගෙන........


    කල්ප විනාශය ඇවිදින් තට්ටු කරනකොට,
    යන්න වෙන්නේ අපි දෙන්නටම.....
    නුඹ යන්නේ බලාපොරොත්තු එක්ක....
    මම යන්නේ හදවතක් නැතුව........




    --------~~~එලකිරියෙහි දත් කීඹුලා ~~~-------
    27/11/2019
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවා කියවලා හිනා වෙන්නද අඩන්නද කියලා තමා තේරෙන්නෙ නැත්තෙ අම්මාපල්ලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    chandeta kade gihilla aduna ewa ekatu karanawa nemei neda :P
    ප්‍රතිපත්තියක් ලෙස කවි ලියන්නේ රේප් බලාපොරොත්තුවෙන් නොවේ.....
    හුදෙක් එලකිරියන්ගේ ලයිට් සෑඩ් පිණිසය.......
     
    • Like
    Reactions: s5sage

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඒක හරි අපූරුයි නොවැ. බොරු කතාවක් ඇතුලෙ ඇත්ත කතාවක් වගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හරි අපූරුයි නොවැ. බොරු කතාවක් ඇතුලෙ ඇත්ත කතාවක් වගේ
    "මිනිසුන් වඩාත් වේදනාවට පත්වන විට සත්‍යය සහ කල්පිතය එක මත අතිපිහිතව මැකී යයි......"
    --ජෝන් මිල්ටන්--
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    "මිනිසුන් වඩාත් වේදනාවට පත්වන විට සත්‍යය සහ කල්පිතය එක මත අතිපිහිතව මැකී යයි......"
    --ජෝන් මිල්ටන්--

    දැන් මොකක්ද ඒ වේදනාව
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    වාහ්....වාහ්....යේක නම් මරු තමා මාතියා. ආ..කිඹුලයියා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මොකක්ද ඒ වේදනාව
    මිනිස්සුන්ට මල්ලි එක එක කාලෙට එක එක විදියේ හිත තැවුල්, සිත් රිදවීම්, ශෝක සන්තාප එනවා.....ඒවා එන එක නෙවෙයි, ඒවා විද දරාගෙන ජීවිතේට මුහුණ දීමයි වැදගත් වෙන්නේ....


    එහෙම දුකක්, වේදනාවක් ආවාම ඒ අත්දැකීම කලාකෘතියක් විදියට පෙරලීම තමා මම හිතන විදියට කරන්න තියන හොදම දේ......
    එකෙන් ටිකක් හරි අර දුක අඩු වෙනවා....
    ඒ විතරක් නෙවේ නිමවන කලාක්රිතිය තවත් බොහේ දෙනෙකුට ජීවිතේට මග කියල දෙනවා........
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කියන්නෙ එක පාරක් ලව් කරල බූට් එකක් කාල ඊලඟට යාලු වෙන්න ලැබුණ හැමෝම narcissistic අය. ඒ හින්ද සේරම බලාපොරොත්තු අතෑරල poem එකේ ඉන්න තමන්ගෙයි, තමන් මුලිං ලව් කරපු කෙනාගෙයි දැන් ඉන්න partners ල දෙන්නගෙ මරණය ගැන හිතනව කියලද ? :eek:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    මිනිස්සුන්ට මල්ලි එක එක කාලෙට එක එක විදියේ හිත තැවුල්, සිත් රිදවීම්, ශෝක සන්තාප එනවා.....ඒවා එන එක නෙවෙයි, ඒවා විද දරාගෙන ජීවිතේට මුහුණ දීමයි වැදගත් වෙන්නේ....


    එහෙම දුකක්, වේදනාවක් ආවාම ඒ අත්දැකීම කලාකෘතියක් විදියට පෙරලීම තමා මම හිතන විදියට කරන්න තියන හොදම දේ......
    එකෙන් ටිකක් හරි අර දුක අඩු වෙනවා....
    ඒ විතරක් නෙවේ නිමවන කලාක්රිතිය තවත් බොහේ දෙනෙකුට ජීවිතේට මග කියල දෙනවා........


    දතකට එහා යමක්... :shocked: