කලාවැවේ ඒක දන්තට වෙඩි තබලා...adu kule parayage sakkili weda mewa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_05f68a13e1.jpg



    කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී.

    මින් දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි පහරවල්වලට ලක්ව ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.

    ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම් දීමක් අනුව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළ එම ඒකකයේ නිලධාරීහු පිරිසක් තනිදළයාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලැබූහ.

    ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබේ. ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබේන අතර ඒවා බදින තුවක්කු පත්තු වීමෙන් සිදුවන්නට ඇති බව වනජීවී නිධාරීහු අනුමාන කරති.

    image_3618cd8b93.jpg


    image_5779959427.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ලෝකෙන් වැඩියෙන්ම අලි මරණ රට නේ ලංකාව..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    තුවක්කු අල්ලගන්න බැරි පොලිසිය බොම්බ කාරයෝ අල්ලයිද

    අපිට අලි නැතිවෙනවා 2050-75 වගේ වෙනකොට රතු දත්ත පොතට යනවා . එතකොට නීති ගෙනෙයි වැඩක් නෑ අස්පයා ගිහින්
     
    • Like
    Reactions: eksudda