අවසන් ගෞරව

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කලාවැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වන අලියකුට ඇතෙකු විසින් පහර දී මරා දමා තිබෙන අතර කලාවැවේ සිටින වන අලි රංචු පිටින් පැමිණ මරා දැමූ රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වූ සංවේගජනක දර්ශනයක් දැක ගැනීමට හැකිවිය.

    කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම අලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

    මෙම ඇතාගේ දැඩි ප්‍රහාරයට ලක්ව අලි රංචුවට නායකත්වය දුන් අලියා ඊයේ (16) පස්වරුවේ මියගොස් තිබිණි.

    මේ සමඟ අවට සිටි වනඅලින් රංචු දෙකක් පැමිණ මියගිය අලියා අසළට වී ඔහුට අවසන් ගෞරව දැක්වීම මෙන්ම ශෝකය ප්‍රකාශ කරන සංවේදී දසුන් එහිදී දැක ගැනීමට ලැබිණි.

    කුඩා අලි පැටවු පවා එහි පැමිණ අලියාගේ මළ සිරුරේ සිය සොඩය ස්පර්ශ කරමින් වේදනාවෙන් යුතුව සිටියහ.

    වනජීවී නිලධාරීන් කියාසිටියේ මෙවැනි අවස්ථා දුර්ලභ බවයි. එසේම රංචුවේ සිටින ප්‍රධානියාට කරදරයක් වූ විට රංචුවේ අනෙකුත් වන අලින් මෙයාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වන අලින්ගේ ස්වභාවය බවයි.

    කෙසේ වෙතත් මියගොස් වැටී සිටි වන අලියාට කැලේ සිටින අනෙකුත් අලි අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවතත් ඇතා පැමිණ අලියාගේ මළ සිරුරට ද සිය දළ වලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.




    image_a046b73baa.jpg

    image_256d89e813.jpg


    image_1925e46d0a.jpg

    1537170637-Elephant_L.jpg
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    වැඩකට ඇති දෙයක් දාපන්. සත්තු මැරෙනවා තමයි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    වැඩකට ඇති දෙයක් දාපන්. සත්තු මැරෙනවා තමයි

    සත්තු විතරක් නෙමේ මිනිස්සුත් මැරෙනවා බන් තොපි වගේ මිනිස්සුන්ට වඩා ඒ සතා වැදගත්​
    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,861
    40,604
    113
    ඕවා ඔහොම තමයි බන්. කැලෑ නීතියෙන් බලය මාරු කරන්නෙ ඔහොමයි. දැන් එතකොට රංචුවෙ නායකයා මහ එකාව මරපු එකාද :dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    සත්තු විතරක් නෙමේ මිනිස්සුත් මැරෙනවා බන් තොපි වගේ මිනිස්සුන්ට වඩා ඒ සතා වැදගත්
    :yes::yes:

    :yes: