කලිනුත් එහෙමයි
කලිනුත් එහෙමයි
‘හරි වැඩේ තමයි. මං ඔයාට හාද්දක් දෙනවා ඔයාගෙ පුංචි නංගි දැක්ක නෙ. එයා අම්මලට කියයි ද?’ පේ‍්‍රමපාල සුමාලි ගෙන් ඇසුවේ පසුතැවෙමිනි.
‘ඒ ගැන ඔයා බය වෙන්ඩ එපා. නංගිට රුපියල් දහයක් දුන්නම හරි. මීට කලිනුත් එහෙම දුන්නම එයා කටක් හොල්ලන්නෙ නෑ.’ සුමාලි තම පෙම්වතා සනසමින් කීවාය.

හාදු විකිණීම

විවාහයෙන් හරියටම මාසයකට පසු ෂෙල්ටන් රැකියාවක් සඳහා විදෙස් ගත විය. තවත් මාසයකට පසු ඔහු තම බිරිඳට ලිපියක් එවීය. තම සේවා ස්ථානය ගැන කෙටි විස්තරයක් අඩංගු වූ එහි අවසානයේ මෙසේ ලියා තිබුණි.
‘මෙහේ වැටුප් ලැබීම ටිකක් පරක්කුයි. වැටුප් ලද වහාම ඔයාට මා මුදල් එවනවා. එතෙක් මගේ දහසක් හාදු ඔබට පිරිනමමි.’
සතියකට පමණ පසු ඔහුගේ බිරිය ඔහුට මෙසේ ලියා යැව්වාය.
‘ඔයාගෙ හාදු දහස ලැබුණා. ගේ අයිතිකාරයා ඒවා භාර ගැනීමට කැමැති බවක් පෙනුණේ නැහැ. ඒත් බඩු ණයට ගත්ත කඩේ මුදලාලිට ඒවා විකිණීමට පුළුවන් වුණා. මීට ආදරණීය බිරිඳ.’

ඉතින් මොකෝ!

පාර අයිනේ බෝක්කුවක් උඩ වාඩිවී ගලා යන ඇළ පාරට දෙකකුල් දමාගෙන සල්ලාපයේ යෙදී සිටි රොෂාන් සහ චමිල තමන් පසුකර යන්නට ආ සුරූපී තරුණියක් දෙස බලා සෝපහාසයෙන් මෙසේ කීවෝය. ‘මේ කොල්ලො දෙන්නට එක කෙල්ලයි’
‘ඉතින් මොකෝ!’ හිස ගස්සා ඔවුන් දෙස නොබැලු තරුණිය මෙසේ ද කීවාය.
‘මගෙ කකුල් වල සෙරෙප්පු දෙකක්ම තියෙන්නෙ.’

ඉල්ලුම

දුමින්ද විවාහයෙන් පසු තම බිරිඳ සහ මව සමඟ සතියක උඩරට සංචාරයක නිරත විය. ඔවුන් මුලින්ම ගියේ ප්‍රසිද්ධ දිය ඇල්ලක් බැලීමට ය.
‘පුතේ බැරි වෙලාවත් මෙතනින් මාවයි, චමිලාවයි වතුරට වැටුණොත් එහෙම, උඹ කාවද පැනලා බේරා ගන්නෙ?’ හදිසියේම මව ඇසු විට දුමින්ද අසීරු තත්ත්වයකට පත්ව, ඉතා අසරණ බැල්මක් චමිලා වෙත හෙළීය.
‘නෑ... නෑ... ඔයා මාව බේරා ගන්ඩ ඕනෙ නෑ. ඔයා පැනලා අම්මව බේර ගන්න.’ චමිලා සැණෙකින් කීවාය.
‘ඇයි දුව එහෙම කිව්වෙ?’ රාණි පුදුමයට පත්ව ලේලියගෙන් විමසුවාය.
‘නෑ අම්මේ, මාව බේරාගන්ඩ ඕන තරම් මිනිස්සු පනීවි.’ චමිලා සිනාසෙමින් කීවාය.

රෝගයේ වටිනාකම

තම පුත් සනත් විශේෂඥ වෛද්‍යවරයකු වනු දැකීම වෛද්‍ය අමරසේකර ගේ අභිලාෂය විය. ඒ වෙනුවෙන් ඔහු කළ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස තරුණ සනත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුව ඉගෙන, වෛද්‍යවරයෙක් විය. විශේෂඥ වෛද්‍යවරයකු වීම සඳහා ඉගෙන ගන්නා අතරතුර හේ තම පියාගේ ඩිස්පැන්සරියේ වෙදකම් කිරීම ඇරැඹීය.
චිත්‍රපටියක්, නාට්‍යයක් නැරැඹීම වැනි කටයුත්තකට පවා නිවාඩුවක් නොගෙන එක දිගට වසර ගණනාවක් වෙදකම් කළ වෛද්‍ය අමරසේකර තම ඩිස්පැන්සරිය පුතාට භාර දී විදේශ සංචාරයක් සඳහා ගියේය.
මාසයකට පසු ආපසු පැමිණි වෛද්‍යවරයා තම පුතු අමතා මෙසේ ඇසීය.
‘කොහොමද පුතා ඩිස්පැන්සරියේ කටයුතු? හොඳට කරගෙන යනව ද?’
‘ඔව් තාත්තෙ. ආ... තාත්තට මතකද අර ජෙරමියස් මුදලාලි. එයාගෙ බඩේ අමාරුවක් තිබුණා මතක ද? මම ඒක, එක බේත් වේලෙන් සනීප කළා. තාත්තා අවුරුදු පහක් බේත් කරලත් ඒක නිට්ටාවට සනීප කරන්න බැරි වුණා කියල මුදලාලි ස්තුති කරලා ගියා.’ සනත් කීවේ තරමක ආඩම්බරයකිනි.
‘ඇත්ත ද?’ දිග සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත් වෛද්‍ය අමරසේකර මෙසේ කීය.
‘උඹව මෙඩිකල් කොලේජ් යවලා අවුරුදු 5 ක් ඉගැන්නුවේ ජෙරමියස් මුදලාලිගෙ ඒ බඩේ අමාරුව තමයි.’

source: හිනා කතා