කලු, සුදු කරන පිරමීඩ මාෆියාව | සරලව...

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    1️⃣ පිරමීඩ තහනම් ලංකාවේ. අපි පිරමීඩ කම්පැනි එකක් නම් අපිට කොහොමද ලියාපදිංචි සහතිකයක් රජයෙන් දීලා තියෙන්නේ?
    ✅ ව්‍යාපාර ලියාපදිංචියක්, Private Limited Certificate එකක් ගන්න දවස් 10යි යන්නේ. තනියම කරගන්නත් පුළුවන් https://eroc.drc.gov.lk/ වෙබ් අඩවිය හරහා. රු.25,000 තියේනම් ඇති. Registration Certificate එකට රැවටෙන්න එපා. සමාගම් මැදුරෙන් අහලා බලන්න ඕනනම්.

    2️⃣ අපිට රජයේ ලියාපදිංචි සහතිකයක් තියේ. මහ බැංකුවේ ලියාපදිංචිය අපිට අවශ්‍ය නැහැ.
    ✅ මිනිස්සු "රජයේ" කියන වචනය පාවිච්චි කරනවා ඔයාලව රවට්ටන්න. මුදල් තැන්පතු ගන්න පුළුවන් මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන වලට විතරයි. දැන් එහෙම මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි වුණ ETI එකේ සල්ලි දාපු අයට මුදල් ලැබුණද නැහැනේ. ඇමෙරිකාවෙන් සහතිකයක් දුන්නත් හොර කරන මනුස්සයා හොර කරනවා.
    හැමෝම ලියාපදිංචි කරන්නේ eCommerce, Advertising Company විදිහට. මොකද දවස් 10න් තනි අධ්‍යක්ෂ වරයෙක්ට පුළුවන් ආයතනයක් ලියාපදිංචි කරගන්න.

    3️⃣ අපි භාණ්ඩ විකුණන ආයතනයක්/ අපි Advertising ආයතනයක් / අපි Plantation එකක්... අපි මුදල් තැන්පතු ගන්නේ නෑ.
    ✅ මුදල් තැන්පතු ගන්න රජයෙන් අවසර නැති නිසා ඒ වෙනුවට ඇඩ් ක්ලික් පැකේජ්, ඉඩම්, භාණ්ඩ, ගස් විකුණනවා. මිනිස්සු ලක්ෂ ගණන් ඒවාට ආයෝජනය කරනවා. රජයේ ඉහළ නිළධාරීන් පවා ආයෝජනය කරනවා.

    4️⃣ අපි කාගෙන්වත් සල්ලි ගන්නේ නෑ. ඇඩ් ක්ලික් පැකේජ් විතරයි අපේ තියෙන්නේ. කැමති ගාණක පැකේජ් එකක් අරන් බැංකුවෙන් දෙනවට වඩා ඉතා විශාල ප්‍රතිලාභ කෙටි කලකින් ලබන්න පුළුවන්.
    ✅ මුදල් තැන්පතු රජයෙන් තහනම් නිසයි ඒ වෙනුවට මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ක්‍රමයක් විදිහට ඇඩ් ක්ලික් පැකේජ් එකක් හදලා තියෙන්නේ.
    ඇඩ් ක්ලික් වලට සල්ලි ලැබෙනවනම් ඒ ආයතන වලට පුළුවන් ඇඩ් හැමෝටම ෆ්‍රී දීලා, ඒකෙන් එන ලාභය ආයතනයට සහ සාමාජිකයින්ට බෙදාගන්න. එහෙම නොකරන්නේ ඇඩ් වලින් එහෙම කියන කෝටි ගණන් හොයන්න බැරි නිසා.
    අනික රු.5000, 20000,50000,1000000 කීයේ පැකේජ් ගත්තත් එකම ඇඩ් ටික දෙනවා. සමහර ලොකු පැකේජ් වල ඇඩ් අඩුවෙනුත් දෙනවා ඔබගේ පහසුවට කියලා. ඕක තමයි ලෝකේ ලොකුම බොරුව...

    5️⃣ අපේ ආයතනය එක්ක තව ආයතන ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි නීතිවිරෝධී නම් ඒ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නෑනේ.
    ✅ ඔය තර්කේ වැඩියෙන්ම ගේන්නේ පිරමීඩ ආයතන සහ ආයෝජන පැකේජ් තියෙන ආයතන එක්ක රීලෝඩ් සේවාව දෙනවනම්. කවදාවත් ඩයලොග්, මොබිටෙල්, SLT, CEB, Insurance Company රීලෝඩ් ඇප්වල වතගොත හොයන්නේ නෑ. එයාලා දෙන API එක ඇප් එකට සම්බන්ධ කලහම Payment එක කරන්න පුළුවන්. එහෙම නැතිව එයාලා හොයලා බලන්නේ නෑ ආයතනය ගැන. AG Office එකෙන් ගත්ත තනි පුද්ගල ව්‍යාපාර සහතිකය ඇති රීලෝඩ් ඇප් එකක් හදන්න. රටේ ලොකුම කම්පැනි අපිත් එක්ක Partner වෙලා ඉන්නේ කියන බොරුවටනම් අහුවෙන්න එපා.

    6️⃣ අපි ලෙවල් වලට ගෙවන්නේ අපේ ආයතනය ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා.
    ✅ ලෙවල් වලට ගෙවීම ගැනනම් මගේ පෞද්ගලික අදහස එය ප්‍රවර්ධනයට හොඳ දෙයක්. Insurance Company එකක වුනත් ඒ ආකාරයේ ගෙවීම් තියෙනවා. හැබැයි ඒවගේ වගකීම මත ලෙවල් වලට ගෙවන්නේ. රෙෆරල් ලින්ක් එක ක්ලික් කිරීම වෙනුවෙන් පමණක් භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමෙන් විශාල මුදලක් විශාල පිරිසක් අතරේ බෙදිලා යනවා, පෞද්ගලිකව මම එයට අකමැතියි. මන්ද එයින් නිකන් ඉන්න මිනිස්සු පිරිසක් හැදෙනවා සහ භාණ්ඩයේ හෝ සේවාවේ මිළ ඉහළ යනවා.

    ඔය වගේ බොරු තර්ක 100 ගාණක් පිරමීඩ ආයතන වලින් ඔයාලට ගේනවා...
    දැනුවත්වෙන්න...!

    (උපුටාගැනීමකි)
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Dan owata ahu wenawa adui godak.
    අනේ මන්දා බ්‍රෝ, මට නම් අඩුවක් පේන්නෙ නෑ.
    onmax dt thread එකෙත් කට්ටිය කියලා තිබුනා ගොඩක් අය තාමත් එක එක ඒවාට සල්ලි දානවා ලක්ෂ ගණන් කියලා.
    fb එකේ වුනත් පිරමීඩ ad වලට හෙන තොගයක් reply කරනවා. අඩුම තරමේ reply කරන අයගෙන් බාගයක්වත් අහුවෙනවා ඇති.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Meke un owata ahu wenne na
    ඔව් මේකේ අය නම් අහුවෙන එකක් නෑ, ඒත් අහුවෙන්න යන එකෙක් දැක්කොත් මේ ටික පැහැදිලි කරලා බේරගන්න හරි පුළුවන්නෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඔව් මේකේ අය නම් අහුවෙන එකක් නෑ, ඒත් අහුවෙන්න යන එකෙක් දැක්කොත් මේ ටික පැහැදිලි කරලා බේරගන්න හරි පුළුවන්නෙ.
    මට ඔයින් තෙලක් ගහන්න ආව එකෙක්. මම කිව්වා ඔයා මට ඉනිශියල් ඉන්වෙස්ට්මන්ට් එක ණයක් වීදීයට දෙන්න. ඔය කියන විදියට ඉන්කම් එක ෂුවර් නම් මම ගත්ත ගාන වගේ දෙගුණයක් ආපහු දෙන්නම් කියලා. ඌ මට බැන බැන යන්න ගියා ... 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    මොළේ කළඳක් නැති, තාර්කිකව හිතන්න බැරි මෝඩ බයියො වැඩි හරියක් ඉන්නකොට ඕවට අහු නොවී ඉඳියිද??

    ඕවට කියල දෙන්න දේවල් නෙවෙයිනෙ පොඩ්ඩක් හිතන්න පුලුවන් බුද්ධියක් තිබුණ නං තේරෙනවා ඕක වෙන විදිය.