Satjiyata dekata mina AIds da yako
Boru nida hitapan yako
HIV (Human Immunodeficiency Virus)
01. HIV යනු කුමක්ද?
HIV, යනු ලිංගිකව සම්ප්‍රේශණය වන තවත් ප්‍රදාන රොගයකි. HIV වෛරසය ආසාදනය වූ තැනැත්තාගේ ප්‍රතිශක්තිකරණ පද්දතියට (immune system) බලපෑම් ඇතිකර එය ශරීරයට ඇතිවන අසාදන හා රෝග වලට එරෙහිව ප්‍රතික්‍රියා කරීම දුර්වල කරයි. අතීතයේ මෙම රෝගය ඉතා මාරාන්තික රෝගයක් ලස සලකන ලදී. එම නිසා සැම වසරකම දෙසැම්බර් මස පළමු වන දින HIV/AIDS මර්දන දිනය ලෙස නම් කර ඇත. යම් පුද්ගයකුට HIV ආසාදය වුවහොත් එම වෛරසය එම පුද්ගලයාගේ ජිවිත කාලය පුරාවටම ශරීරය තුළ පවතී. දැනට HIV ආසාදිතයකු සුවකිරීමට හෝ ආසාදනය වැලැක්වීම සදහා ප්‍රතිකාර හෝ එන්නත් නොමැත. එසේ නමුත් දැනට පවතින ප්‍රතිකර්ම අනුව HIV වෛරසය හදුනාගෙන වර්දන වේගය අඩුකර (control) සාමාන්‍යය ජිවිතයක් ගතකිරීමට අවශ්‍යය ප්‍රතිකර්ම ආසාදිත මුද්ගලයට ලබාදීමේ හැකියාවක් පවතී. HIV ආසාදනය වූ බොහෝ පුද්ගලයන් තමන්ට HIV ආසාදන වී ඇති බව නොදනී. රව් සදහා නිසි ප්‍රතිකාර නොකළහොත් එය AIDS (Acquired immune deficiency syndrome) දක්වා වර්දනය විය හැක.
02. AIDS යනු කුමක්ද?
AIDS (Acquired immune deficiency syndrome) යනු HIV ආසාදනයේ අවසාන අදියරය සහ උච්චතම අවස්ථාව වේ. මෙම අවස්ථාවේදී විවිද ආසාදන හා රෝග වලට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව සම්පුර්ණයෙනම දුර්වල තත්වයකට පත්වේ. AIDS ආසදිතයකුට pneumonia, thrush, ෆන්ගස් ආසාදන, TB, toxoplasmosis, cytomegalovirus රෝග ආසාදනය වීම හා පිලිකා හා මානසික අබාද ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. යම් කෙනෙක්කුගේ ශරීරයේ සුදු රුධිරානු වල T-helper cells ඝණ මිලි ලීටරයට 200 ට වඩා අඩු වූ විට AIDS වලදී ඇති බවට පිළිගනු ලබයි. (CD4 Count drops bellow 200 cels per cubic millilitre of blood).
03. HIV ව්‍යාප්ථ වන්නේ කෙසේද?
HIV ආසාදනය වන්නේ;
• ලේ (blood)
• ශුක්‍රාණු (sperm and pre cum)
• යෝනි ශ්‍රාව (vaginal fluids)
• ගුද ශ්‍රාව (anal fluids)
• මවු කිරි (brest feeding)
අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් (unprotected sex) (එනම් ගුද සංසර්ගය (anal sex), මුඛ සංසර්ගය (oral sex) හා යෝනි සංසර්ගය (vaginal sex)) තුලින් අසාදිත ලිංගික ශ්‍රාව ශරිරයට ඇතුළු වීම මගින් HIV ස්ම්ප්රේශනය වේ. ගර්බනි කාලයේදී මවට ආසාදනය වුවහොත් ගැබ තුළ සිටින බිලිඳාටද ආසාදනය වේ. මීට අමතරව අසාදිතයකු සමග sex toys share කිරීම, drugs භාවිතා කරණවිට අසදිතයකු සමග needles share කිරීම මගින්ද HIV ආසාදනය වේ.
බහු ලිංගික සහකරුවන් සිටින පුද්ගලයන්, ලිංගික සහකරුවන්ට වෙනත් ලිංගික සහකරුවන් සටීම, අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදෙන පුද්ගලයන්, ලිංගිකව සම්ප්‍රේශණය වූ රෝග තිබෙන පුද්ගලයන් හට HIV ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
• මුඛ සංසර්ගයේ යෙදීම
• මුඛයේ හෝ උගුරේ ආසාදන, තුවාල, වණ, සිරීම් හෝ හොද නොවූ piercing තුවාල මුඛයේ තිබීම
• මුඛය තුළ ලිංගික ශ්‍රාව පිටකිරීම (ejaculating ඉන් the mouth)
• ඔසප් කාලයේ සිටින කාන්තාවකට oral sex කිරීම
මෙම ක්‍රියාකාරකම් වලින්ද HIV සම්ප්‍රේශණය විය හැක.
****කෙසේ වුවත් අසාදිත පුද්ගලයකු සමග ඇඳුම්, වැසිකිළිය හෝ නාන කාමරය share කිරීම, පිහිනුම් තටාක බවිත කිරීම, සිප ගැනීම හා වලදගැනීම මගින් HIVඅසාදන නොවේ. එසේම දහඩිය, මුත්‍රා මගින්, කැස්ස, සතුන්ගෙන් (උදා: මදුරුවන්ගෙන්) කිවිසුම් මගින්, කෝප්ප පිගන් share කිරීමෙන් හෝ සුළගෙන් HIV සම්ප්‍රේෂණය නොවේ. ****
HIV වෛරසයට ශරීරයෙන් බැහැරව ජිවත් විය නොහැක. (cannot survive outside the body too long)
04. ලංකාව තුළ HIV ආසාදිතයන් කොපමණ සිටීද?
2016 තුන්වන කාර්තුව අවසාන වනවිට ආසාදිතයන් 2502 වාර්තා වී ඇත. එම කාලයේදී පමණක් නව රෝගීන් 66 වාර්තා වී ඇත. HIV ආසාදිතයන්ගෙන් බහුතරයක් පිරිමින් වේ.ඒ අතරින් AIDS ආසාදිතයන් 647 වාර්තා වී ඇත. 2016 වසර තුලදී තුන්වන කාර්තුව අවසාන වනවිට AIDS ආසාදිත රෝගීන් 34 මියගොස් ඇත.
2015 වසර අවසානයේදී වයස,
• අවුරුදු 0 – 19 අතර HIV ආසාදිත ළමුන් 93ක් ද
• අවුරුදු 20 – 29 අතර HIV ආසාදිතයන් 490ක් ද
• අවුරුදු 30 – 39 අතර HIV ආසාදිතයන් 839ක් ද
• අවුරුදු 40 – 49 අතර HIV ආසාදිතයන් 579 ක් හා
• අවුරුදු 50 ට වැඩි HIV ආසාදිතයන් 242 සිටින බවට වාර්තාගතව ඇත
මේ අතරින්
• 1313ක් hetero sexual
• 373 ක් homo/bi sexual(පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් )
• 13 ක් drugs භාවිතා කරන්න්නන්ගෙන්ව
• 78 ක් මවගෙන් ළඳරුවාට
• 4 රුධිර පරිවිලනයෙන් (blood transfusion) සම්ප්‍රේෂණය වී ඇත.
05. HIV රෝග ලක්ෂණ මොනවාද?
HIV වෛරසය ශරීරයට ඇතුළු වී සති 2ත් 6 ත් අටහර කාලයකදී උණ සදුන විට දැනෙන රෝග ලක්ෂණ වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක එය seroconverion illness ලෙස හදුන්වනු ලැබේ. බොහෝවිට එම කාලයෙන් පසු අවුරුදු ගණනාවක් යනතුරු වෙනත් රෝග ලක්ෂණ ඇති නොවේ.
seroconverion illness ඇති HIV ආසදිතයන්ගෙන් 80% පමණ පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවිය හැක.
• උණ
• උගුරේ ආසාදන (sore throat)
• කුෂ්ඨ/වණ (body rash)
• මහන්සි ගතිය
• සන්දිපත් රුදාව
• මස්පිදු රුදාව
• වාසා ගැටිති ඉදිමීම
ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය යම් වෛරසයකට එරෙහිව ප්‍රතික්‍රිය කරන විට ඉහත රෝග ලක්ෂණ ඇතිවේ. බොහෝ විට මෙම රෝග ලක්ෂණ සතියක් දෙකක් හෝ ඊට වඩා කාලයක් වුවද පැවතිය හැක. මෙම රෝග ලක්ෂ ඇති වූ පමණින ඔබට HIV ආසාදනය වී ඇති බව තහවුරු කල නොහැක. මන්ද උණ හෝ වෙනත් වෛරස් ආසාදන ඇතිවූ විටද මෙම රෝග ලක්ෂණ ඇතිවන බැවිනි.
**ඔබ අනාරක්ෂිත ලිගික සංසර්ගයේ නියැලීමෙන් පසු මෙම රෝග ලක්ෂණ ඇතිවුයේ නම් HIV සදහා වන පරීක්ෂණ කරගැනීම යෝග්‍යය වේ.
මුලික රෝග ලක්ෂ වලින් පසුව එළබෙන කාලය asymptomatic ලෙස හදුන්වයි. එම කාලයේදී බාහිර රෝග ලක්ෂණ ඇති නොවුනත් ශරීර අභ්‍යන්තරයේ HIV වෛරසය සක්‍රීයව ක්රියාත්මකවෙමින් ප්‍රතිශක්තිකරණ පද්දතියට හානි පමුණුවයි. මෙලෙස අවුරුදු 10ක් වුවද කිසිදු රෝග ලක්ෂණයක් හෝ කිසිදු අබාධයකින් තොරව ඔබට සිටිය හැක.
ප්‍රතිශක්තිකරණ පද්දතිය බොහෝ ලෙස හානි (severely damaged) වූ පසු
• බර අඩුවීම
• කල් පවතින පාචනය (chronic diarrhoea)
• night sweats-රාත්‍රියේ දහදිය දැමීම
• හමේ රෝග
• නිතර නිතර ඇතිවන අසාත්මිකතා
• මාරාන්තික රෝග වලදීම
වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
06. HIV හඳුනාගන්නේ (diagnosed) කෙසේද?
ඕනෑම STI ආසාදනයක් සදහා ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීමෙන් සංකීර්ණත මගහරවා ගත හැක. ඔබ හෝ ඔබේ හසකරුවාට HIV රෝග ලක්ෂණ තිබේනම් හෝ නව සහකරුවෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුනේනම් හෝ සංසර්ගය අතරතුරදී condom එක පලුදු වූවානම් හෝ ඔබ හෝ ඔබේ සහකාර වෙනත් පුද්ගලයන් සමග සංසර්ගයේ යෙදුනේන්ම් හෝ යෙදී ඇත්නම් හෝ ඔබට STI ඇති බවට සැක සිතේනම් හෝ ඔබේ සහකරුවා එසේ සිතයිනම් හෝ ගැබ් ගෙන හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තුවන්නේ නම් HIV හා අනෙකුත් STI සදහා පරීක්ෂණ කිරීම වඩා යෝග්‍යය වේ.
විශේෂයෙන්ම පිරිමි සමලිංගිකයන් (homosexual/gay) හා විෂම ලිංගිකයන් (bisexual)වසරකට වරක් හෝ නව ලිංගික සහකරුවකු සමග සංසර්ගයේ යෙදීමෙන් මස තුනකට පසුව HIVපරීක්ෂණ කිරීම වඩාත්ම යෝග්‍යය වේ.
Full blood test (FBC) EIA/ELISA යන පරීක්ෂණ මගින් හෝ
Point of Care (Rapid Test) : මෙහිදී කෙළ සාම්පලයක් හා අගිලෙන් ලබාගන්නා ලේ බින්දුවක අදාරයෙන් පරීක්ෂණය සිදු කරයි.
Western Blot test එක මගින් (ඉහත සදහන් පරීක්ෂණ වලින positive results ලැබුණු විට සිදිකරනු ලැබේ)
07. HIV සදහා ප්‍රතිකර්ම තිබේද? ඒවා මොනවද?
HIV ආසාදනය වූ අයෙකු නිට්ටාවට සුවකළ නොහැක. එහෙත් වේලාසනින් ප්‍රතිකර්ම වලට යොමුවිමෙව්න් HIV වෛරසය පාලනය කර සුවපත් හා දිගුකාලින ජිවිතයක් ගතකිරීමේ හැකියාව පවතයි.
HIV සදහා හදිසි ප්‍රතිකාර
HIV ආසාදිතයකු ඉඅමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පැය 72ක් ඇතුලත මෙම මෙම ප්රතිකර්මය ලබා ඇත හැක. එය Post-exposure prophylaxix (PEP/PrEP) ලස හදුන්වයි. මෙම ප්රතිකර්මය සංසර්ගයෙන් දින 3ක් ඉක්මවීමට පෙර හෝ ක්ෂණිකව ලබාගැනීමෙන් HIV ආසාදනය වීමෙන් වැලකි සිටිය හැක.
HIV පරීක්ෂණය positive නම් ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර නිතර නිතර පරීක්ෂණ සිදු කරණු ලබයි. එම පරීක්ෂණ වලදී රුධිරයේ CD 4 ප්‍රමාණය ගණනය කිරීමෙන් ප්‍රතිශක්ති කරණ පද්දතියට සිදුව ඇති හානිය නිර්ණය කරණු ලබයි. CD 4 අගය 350 හෝ ඊට අඩු වූ විගස ප්‍රතිකාර ආරම්භ කරණු ලැබේ. (people who have other medical condition might start these treatments at higher CD4 levels) මෙම ප්‍රතිකර්ම antiretroviral treatment (combination therapy) ලෙස හදුන්වයි. මෙහි අරමුණ වන්නේ රුධිරයේ අඩංගු HIV වෛරසය අවම කර ප්‍රතිශක්තිකරණ පද්දතියට ප්‍රකෘතිමත් වීමට ඉඩ සලසා දීමයි.
ප්‍රතිකාර ගක්නිමින් රුධිරයේ අඩංගු HIV අගය ඉතා පහල මට්ටමකට පාලනය කරගත හැකිවුවහොත් තව කෙනෙකුට HIV සම්ප්‍රේශණය වීමේ හැකියාව ඉතාමත් අඩු අගයක පවතී.
If the patient is diagnosed with hepatitis B or C then it is recommended to start treatment when CD 4 count falls bello 500. Treatments for Patients with tuberculosis (TB), HIV related nephropathy (kidney disease), HIV related neurocognitive (brain) illnesses and who are undertaking radiotherapy or chemotherapy can be started at any CD4 levels
මෙම ප්‍රතිකාර ගැබිණි මුවරුන් සදහාද යෝග්‍යය බව සලකන්න. එසේම ප්‍රතිකාර ලබාගන්න විට එය අතපසු නොකර ලබාගත යුත් වේ.
සැ.යු.:- ප්‍රතිකාර ලබාගැනීමේදී වෛද්‍ය උපදෙස් මත සිදුකල යුතු වන අතර හිතුමතේ pharmacy එකෙන් බෙහෙත් ගැනීමෙන සම්පුර්න්යෙන්ම වැලකී සිටින්න. අසාදිත පුද්ගලයා සමග සම්බන්දතා පැවැත්වූ සැම පුද්ගලයෙක්ම ප්‍රතිකාර ගත යුතු වේ.
08. HIV සම්ප්‍රේෂණය හා HIV වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
HIV ස්ම්ප්රේෂණයෙන් ආරක්ෂා වීමටනම් ;
• ලිංගික සංසර්ගයේ යෙදෙන සැම අවස්ථාවකදීම් condom භාවිතා කරන්න.
• lubricant භාවිතා කරන්න.
• drugs භාවිතාකිරීමේදී ඒ සදහා භාවිතාකරණ උපකරණ හා sex toys share කිරීමෙන් වලකින්න
• Razors හා tooth brush භාවිතාකිරීමේදී share කිරීමෙන් වලකින්න.
• HIV අසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් හෝ අසාදනය වී ඇති බව දැනගත් වහාම සියළුම ආකාරයේ ශරීරික සම්බන්දතා නවත්වා ඒ සදහා පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර ආරම්භ කරන්න.
• වෛද්‍යය උපදෙස් පිළිපදින්න.
• ඔබ සමග සම්බන්දතා පැවැත්වූ සියළුම දෙනා අය දැනුවත් කර ඔවුන්වද පරීක්ෂණ හා ප්‍රතිකාර සදහා යොමු කරන්න.
• HIV සහ අනෙකුත් STI වලින් ආරක්ෂාවීමට නම් සංසර්ගයේ යෙදෙන සහකරුවන් ගණන අවම කරන්න.
• වසරකට වරක්වත් sex කලා හෝ නොකලා STI සදහා පරික්ෂා කරගන්න. ඔබ 25 ට වඩා අඩු නම්, sexually active නම් වසරකට වරක් අනිවාර්යෙන්ම HIV පරීක්ෂණය සිදු කරන්න.
STI වලින් තොර නිවැරදි හා නිරෝගි ලිංගික ඇසුරක් පවත්වන්න!!!!
උපුටා ගත්තේ
https://m.facebook.com/permalink.php?story_fbid=928677517262894&id=868466936617286&substory_index=0