කවදාවත් ඔබේ සහකරුට පැවසීමට හොඳ නැති නරක දේවල්

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com

    ඔයා විවාහ වෙලා ඉන්නවානම් දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට පුංචි පුංචි රණ් ඩු, මතගැටුම්, එකඟ නොවෙන තැන් එහෙම ඇතිවීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට එක්කෙනෙක් හිතාමතා නොකියන වචනයක් නිසා දෙන්නත් එක්ක රණ් ඩු වුන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි දෙන්නත් එක්ක එකට ජීවත්වෙන කොට කියන සමහර වචන නිසා හිත රිදෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. කල් යනකොට මේ හිත් රිඳීම් හොඳ වුනත් ඒවායේ තුවාල කැලැල් හැමදාම තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් නොකියා ඉන්න. ඉතින් අද අපි මේ ලිපියෙන් අරගෙන ආවේ එහෙම නොකියා ඉන්න ඕන දේවල් 5ක් ගැන ඔයාට කියන්නයි.

    1. "ඔයා නම් කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි"
    ගොඩක් අය හිතන දෙයක් තමයි තව කෙනෙක් ලඟ ඇති කියලා හිතෙන නරක ගතිගුණ කාලයත් එක්ක වෙනස් වෙලා හොඳ කෙනෙක් වේවි කියන එක. සමහර වෙලාවට එහෙම වෙනස් වුනත් එහෙම වෙනස් වෙනවා කියලා හිතන එකම මෝඩකමක්. මොකද බැන්දට පස්සේ ඉන්නෙත් පරණ කෙනාම තමයි. අන්න එතකොට නිතරම පුරුද්දක් විදියට කරන වැරැද්දක් සම්බන්ධයෙන් තමයි මේ වගේ කතාවක් කියවෙන්නේ. හැබැයි මෙහෙම කිව්වට කවදාවත් අනික් කෙනා වැරදි හදාගන්නෙ නම් නෑ.

    2. "කරුණාකරලා කට වහගන්න"
    රණ්ඩුවක් වෙලාවේදී "කට වහගන්න" කියන එකෙන් අදහස් වෙන්නේ අනික් කෙනා කියන දේවල් සහ අනික් කෙනා හිතන දේවල් ඔයාට කිසිම වැඩක් නෑ කියලයි. ඒ වගේම අනික් කෙනාගේ අදහස් වලට හෝ හැඟීම් වලට ඔය දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළේ කිසිම ඉඩක් නෑ කියන එකත් ඒකෙන් අදහස් වෙනවා. රණ්ඩුවක් වෙලාවට අනික් කෙනාගේ කට වහලා දිනන්න හදනවා කියන්නේ ඒ සම්බන්ධතාවයේ කිසිම තේරුමක් නෑ කියන එකයි. ඇත්තටම වෙන්න ඕන දෙන්නගෙන් එක්කෙනෙක් කේන්තියෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ ඉවසිල්ලෙන් කටයුතු කරන එකයි. නැතිව බලහත්කාරය යොදලා ඒකෙන් දිනන්න හදන එක නෙවෙයි.

    3. "ඔයාට පිස්සුද?"
    කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එක අපිට ඒතරම් බරපතල දෙයක් කියලා නොතේරුනාට ඒක කෙනෙක්ගේ මානසික තත්වය අනුව ඒ කෙනාව පහළට ඇඳලා දාන්න පුළුවන් වචනයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ යම් යම් විදියේ මානසික පීඩනයන් හෝ මානසික ආතතීන් එක්ක නිසා වෙන කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එකෙන් අපි ඒ කෙනාට ඉඟි කරන්නේ එයාට මානසික සංකූලතාවයක් තියෙන බවයි. ඒ වගේම ඒ මානසික සංකූලතාවය නිසා අපි එයාව පහත් කරන බවත් එයා හිතන්න පුළුවන්.

    4. "ඔයාගේ පෙනුම තව ටිකක් මෙහෙම වුනා නම් හොඳයි"
    අපේ පෙනුම රූපලාවණ්‍ය පාවිච්චියෙන් හෝ ශාරීරික ව්‍යායාම වලින් යම්තාක් දුරකට වෙනස් කරගන්න පුළුවන්. ඒත් අපේ ඉඳ්‍රියන්ගේ ප්‍රමාණය, සමේ පාට, මුහුණේ හැඩය වගේ දේවල් වෙනස් කරන්න ස්වභාවික ක්‍රම වලින් නම් බැහැ. අපි කෙනෙක්ව කසාද බැඳලා පෙනුම ගැන හෝ ඇඟේ එක එක දේවල් වෙනස් වුනා නම් කියලා හිතන එක හරිම නරකයි. ඒකෙන් වෙන්නේ එයාට තමන්ගේ පෙනුම ගැන දුකක් වගේම කළකිරීමක් ඇතිවෙන එක. ඔතොන් ඒ වගේ දේවල් නොකියා ඒ වෙනුවට තමන්ගේ සහකරු තරබාරුයි නම් ඇඟ ටිකක් කෙට්ටු කරගන්න වගේ ධනාත්මක උනන්දුවක් ලබාදෙන්න පුළුවන්.

    5. "අඬන්න, එච්චරයිනේ කරන්න පුළුවන්"
    සමහර දෙනෙක් පුංචි හිත රිදවීමකට වුනත් අඬනවා. තවත් සමහරු ඉන්නවා කිසිම දේකට අඬන්නෙ නෑ. හැබැයි ඒ මොනවා වුනත් අඬන එකෙන් සිද්ධ වෙන්නේ චිත්ත පීඩනයක් පිට කරන එකයි. හැබැයී ඒ වෙලාවට “තව අඬන්න, එච්චරයිනේ කරන්න පුළුවන්” වගේ දෙයක් කිව්වොත් හිත රිදෙනවාට අමතරව චිත්ත පීඩනය පිට කරන්න තියෙන මාර්ගයත් අහුරනවා. එහෙම වුනාම ඒ චිත්ත පීඩනය තව තව වැඩි වෙලා නොහිතන දේවලුත් වෙන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කවදාවත් වෙන ගෑනුන්ගෙ කෑම රසයි කියන්න යන්න එපා. අඩුම ගානේ තේ එකක්වත්. දවසක් මම එහෙම කිව්වා. අවුරුදු තුනකට විතර පස්සෙ අපි දෙන්න පොඩි වලියක් දාගෙන රණ්ඩු වෙනකොට අර ගෑනිගෙ නම කියලා ඒකිගෙන් ඉල්ලන් කන්න කියල මට බැන්නානෙ බන් කිසිම හේතුවක් නැතුව. වැඩ සේරම පැත්තක දාලා තාත්තව හම්බෙන්න ගියා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    කවදාවත් වෙන ගෑනුන්ගෙ කෑම රසයි කියන්න යන්න එපා. අඩුම ගානේ තේ එකක්වත්. දවසක් මම එහෙම කිව්වා. අවුරුදු තුනකට විතර පස්සෙ අපි දෙන්න පොඩි වලියක් දාගෙන රණ්ඩු වෙනකොට අර ගෑනිගෙ නම කියලා ඒකිගෙන් ඉල්ලන් කන්න කියල මට බැන්නානෙ බන් කිසිම හේතුවක් නැතුව. වැඩ සේරම පැත්තක දාලා තාත්තව හම්බෙන්න ගියා.
    umbata nam ehem yanna taatta kenek innava ape gaanige eewa unge gedara unta kiuwama un ekathu wela mata baninawa ban
    harima sathutui :D :D
     
    • Haha
    Reactions: NRTG and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    umbata nam ehem yanna taatta kenek innava ape gaanige eewa unge gedara unta kiuwama un ekathu wela mata baninawa ban
    harima sathutui :D :D
    ගෑනුන්ගෙ ප්‍රශ්න තවත් ගෑනු එක්ක කවදාවත් කතා කරල වැඩක් නෑ. තමන්ගෙම අම්මා එක්ක උනත් තේරුමක් නෑ. සමාන අත්දැකීම් තියෙන වැඩිහිටි පිරිමියෙක් ලඟට යන්න ඕනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබ කියන ඒවා උඹට තේරෙන්නෙත් නෑ නේද? ඇත්ත කියපන්. 🤷🏻‍♂️
    therenwa, loku psychological terms nathuwa saralawa gattoth traumatic bond ekak kiynne abuse cycle eheka result ekak widihata athi wena loku emotional badeemak, ethkota kella pattama loyal,caring n super submissive. Drugs walata abbahi wuna wage tmi 🤭
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මේ උට්ටවල් නෙවයි බන්ස්

    පරන ලව් සීන්
    යාලුවන්ගෙ වැරදිි
    වලබහින තැන්

    වගේ දේවල් කියන්න එපා
    එකෙන්ම.
    පරන ලව් ගැන කිව්වොත් නං වසලා හමාරයි.
     
    • Like
    Reactions: NRTG and INCORRECT

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    "තෝ මගෙන් මැරුම් නොකා කට වහගෙන හිටපන්"... වගේ එකක් අවුල්ද 😁
    "ගහනව පයින් හු**ට බෙල්ල ගැලවිලා යන්න" කියන්න හොඳ නැද්ද? 🤔🤔
     
    • Haha
    Reactions: Cypress and NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කවදාවත් වෙන ගෑනුන්ගෙ කෑම රසයි කියන්න යන්න එපා. අඩුම ගානේ තේ එකක්වත්. දවසක් මම එහෙම කිව්වා. අවුරුදු තුනකට විතර පස්සෙ අපි දෙන්න පොඩි වලියක් දාගෙන රණ්ඩු වෙනකොට අර ගෑනිගෙ නම කියලා ඒකිගෙන් ඉල්ලන් කන්න කියල මට බැන්නානෙ බන් කිසිම හේතුවක් නැතුව. වැඩ සේරම පැත්තක දාලා තාත්තව හම්බෙන්න ගියා.
    සහතිකවම, යාලුවෙක් උගේ වයිෆ් එක්ක අපේ ගෙදර ඇවිත් මගේ වයිෆ් උයපු කරියක් රසයි කියලා දෙපාරක් බෙදාගෙන කෑවා. පස්සේ ඌ අපේ ගෙදර ආවා කීප පාරක් රෑ කන වෙලාවට, ආපු ගමන් උගේ ගෑනිගෙන් කෝල් 4-5 ක් එනවා, මු වින්ටර් එක වෙලත් දොර ඇරං එලිය ගිහින් කතාව.. කන්න කියලා ආරාදනා කලත් ඒ එක දවසක් වත් කෑවේ නෑ. ඌ යනකම් අපිට කන්නත් බෑ. පස්සේ මගේ වයිෆ්මයි ඕක පැහැදිලි කලේ.:yes:
     
    • Haha
    Reactions: NRTG and ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    සහතිකවම, යාලුවෙක් උගේ වයිෆ් එක්ක අපේ ගෙදර ඇවිත් මගේ වයිෆ් උයපු කරියක් රසයි කියලා දෙපාරක් බෙදාගෙන කෑවා. පස්සේ ඌ අපේ ගෙදර ආවා කීප පාරක් රෑ කන වෙලාවට, ආපු ගමන් උගේ ගෑනිගෙන් කෝල් 4-5 ක් එනවා, මු වින්ටර් එක වෙලත් දොර ඇරං එලිය ගිහින් කතාව.. කන්න කියලා ආරාදනා කලත් ඒ එක දවසක් වත් කෑවේ නෑ. ඌ යනකම් අපිට කන්නත් බෑ. පස්සේ මගේ වයිෆ්මයි ඕක පැහැදිලි කලේ.:yes:
    මට ඒක experiment එකක් විදියට කරලා බලන්න හිතුනා 👹