කවරයේ කථාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කවරයේ කථාව

    image_1eb1b3ceb3.jpg

    ලෝ ප්‍රකට ‘වෝග්’ සෞදි මුද්‍රණයේ කවරය සැරසූ නිරූපිකාවන් අතර නිළියන් අතරට ඉකුත් දා සෞදි කුමරියෝ ද එක්වූහ.
    අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජුගේ දියණියක වන හයිෆා බින්ට් අබ්දුල්ලා අල් සෞද් කුමරිය ඉකුත් දා ‘වෝග්’ සඟරාවේ මැදපෙරදිග මුද්‍රණය වන ‘වෝග් ඇරබියා’ සඟරාවේ ජූනි කලාපයේ කවරයේ ඡායාරූපයට පෙනි සිටියායි. ඇය කවරයේ ඡායාරූපයට පෙනි සිටීම ගල්ෆ් රාජ්‍යයක් වන සෞදි අරාබියානු රාජධානියේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.
    ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් සෞදියේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවෙමින් පවතී.
    හයිෆා කුමරිය වෘත්තීය කලාශිල්පිනියක වන අතර ඇය කවරයේ ඡායාරූපය සඳහා සෞදි අරාබියේ ජෙඩා හි කාන්තාරයකදී මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ. ඊට අමතරව තවත් ඡායාරූප රැසක් ද ගෙන තිබේ.
    සෞදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට පනවා තිබූ තහනම ඉවත් කළ අතර ලබන මස 24 වැනිදා සිට කාන්තාවන්ට කිසිදු බාධාවකින් තොරව රිය පැදවීමට අවස්ථාව උදා වේ. එය සංකේතවත් කරමින් ඇය මෙලෙස මෝටර් රථයක නැගී ඡායාරූපවලට පෙනී සිට තිබේ.
    image_99a2f9c193.jpg

    ඡායාරූවලට පෙනි සිටීමට අමතරව සෞදි කුමරිය ‘වෝග් ඇරබියා’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වූවාය.
    “අපේ රටේ ඇතැම් සම්ප්‍රදායවාදී පිරිස් වෙනස් වෙන්න බයයි. ඇතැමුන්ට ඔවුන් දන්න එකම දෙය තමයි ඔක්කොම. මං මේ වෙනස්කම්වලට මහත් උද්f්‍යා්ගයකින් යුතුව සහාය දෙනවා. අනෙක් මිනිසුන්ගේ සමාජ ගෙන අදහස් උදහස් දෙන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. එය හරි පහසු දෙයක්. ඒ වගේම තමන්ගේ සමාජය උසස් කියලා කියන්නත් ඕනෑම කෙනෙක්ට පුළුවන්. එසේ වුවත් සෑම රටක්ම විශේෂ බව සෑම රටක්ම ආවේණික බව බටහිර ලෝකය සිහි තබා ගත යුතුයි” කුමරිය කීවාය.

    “අපට විවිධ ශක්තීන් තිබෙනවා. අපේ විවිධ දුර්වලතා තිබෙනවා. එහෙත් අපේ සංස්කෘතිය එයයි. එය විනිශ්චය කිරීමට වඩා එය තේරුම් ගැනීම ඉතා වැදගත්” යැයි ද කුමරිය සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවැසුවාය. සඟරාවේ කවරය සඳහා ඡායාරූප ගන්නා ලද්දේ ‘බූ ජෝර්ජ්’ය.
    හර්ෂණ තුෂාර සිල්වා
    ඬේලිමේල් ඇසුරිනි