කව්ද බන් මේ හයේෂිකා කියන්නේ? මොකක්ද මේ සීන් එක?

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    491563422_2728676380675747_6598477548862178526_n.jpg


    හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක කොලිෆිකේශන්ස් ටික නං මට අනිවාර්යයෙන්ම අදාලයි සහ මම අනිවාර්යයෙන්ම අදාල කරගන්නවා.
    මේ සර්ටිෆිකට් එකේ මට පේන හැටියට හයේෂිකාට තියනවා පහත සුදුසුකම්:
    PhD in UK
    PhD in USA
    MA University of Kelaniya
    BA University of Kelaniya
    මෙන්න මේ සුදුසුකම් ලිස්ට් එක මාව ආකාර දෙකකින් පුදුමයට පත් කරනවා. මුලින්ම කියනවා නම්, අපිට තියන ඩිග්‍රියක් අපි ඔෆිෂියල් පේපර් එකක ලියනකොට ඒ ඩිග්‍රිය ලියන එක්තරා ක්‍රමයක් තියනවා. මේක ලෝකය විසින් සම්මත කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුස්සයෙක්ට ජීව විද්‍යාවෙන් ඩිග්‍රි තුනක් තියනවා කියලා. එතකොට ඒවා ලියවෙන්න ඕනේ මෙහෙමයි.
    PhD in Biology
    MSc. in Biology
    BSc. in Biology
    ඕනේම නම් අගට තමන් ඩිග්‍රිය ගත්තු යුනිවර්සිටිය සහ රට එකතු කරන්න පුලුවන්. හැබැයි මේ සර්ටිෆිකට් එකේ හැටියට හයේෂිකාට තියෙන්නේ UK සහ USA කියන 'විෂයන්' සම්බන්ධයෙන් PhDs දෙකක්!
    අපි හිතමු හයේෂිකා මේ කියන්න උත්සාහ කරන්නේ එයාට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් PhD දෙකක් තියනවා කියන එක කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියමු. හැබැයි එතනදිත් මම ගොඩක් පුදුම වෙනවා. බැචලර් එකක් මාස්ටර් එකක් වගේ නෙමෙයි, PhD එකක් ගත්තු මනුස්සයෙක් තමන්ගේ ටයිට්ල් එක පාවිච්චි කරන්නේ පුදුම පරිස්සමකින්. මේ ටයිටල් එක් ඉතාම නිවැරදිව පාවිච්චි කිරීමේ ලොකු වගකීමක් ආචාර්‍ය පදවියක් දරන කෙනෙක්ට තියනවා. මේ සටහන කියවන ඕනම ඩොක්ටරේට් හෝල්ඩර් කෙනෙක් මං මේ කියන කතාවට සීයට සීයක් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ එක PhD එකක් තියන මනුස්සයෙක්ටත් ටයිටල් එක නිවැරදිව භාවිතා කිරීමේ වගකීම බරින් දැනෙනවා නම්, හයේෂිකා වගේ PhD දෙකක් තියන මනුස්සයෙක්ට ඒ බර කොහොම දැනෙන්න ඕනද!
    *Update: මට පසුව නෝටිස් වෙච්ච තව දෙයක්. හයේෂිකාගේ සර්ටිෆිකට් එකේ තියෙන්නේ 'PHD'. මේ ලෝකේ කොහෙවත් 'PHD' හෝ 'phd' කියලා ටයිට්ල් එකක් නෑ. තියෙන්නේ එක්කෝ එංගලන්ත ක්‍රමයට PhD. නැත්තං ඇමරිකානු ක්‍රමයට Ph.D. රටවල් දෙකෙන්ම PhD තියන හයේෂිකා අඩුම තරමේ තමන්ගේ සෝ කෝල්ඩ් PhD දෙක ඩොකියුමන්ට්ස්වල පාවිච්චි කරන්න ඕන විදිහවත් දන්නෑ. විස්මයජනක නැද්ද මිත්‍රවරුනි?
    අන්න ඒ පලවෙනි පුදුමයත් එක්ක තමයි මට දැනෙන දෙවනි පුදුමය එන්නේ. හයේෂිකා ඔය කියලා තියන සුදුසුකම් ඇත්‍තටම හයේෂිකාට තියනවද? අවංකවම කල්පනා කරලා බැලුවොත් මිත්‍රවරුනි, බැචලර් එකයි, මාස්ටර් එකයි, පීඑච්ඩී දෙකයි උපයගන්න අවම තරමේ හයේෂිකාට අවුරුදු පහළවක්වත් යන්න ඕනේ. මම කියන්නේ නෑ ඒක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි ඒක වෙන්න අමාරු දෙයක්. හයේෂිකා ඇත්තටම ඔය කියන ඩිග්‍රීස් ටික ඇචීව් කරගෙන තියනවා නම් ආයේ තර්කයක් නැතුවම කියතැහැකි "හයේෂිකා ද ලෙජන්ඩ්!" කියලා. හැබැයි හයේෂිකා මේ කියන හපන්කම ඇත්තටම කරලා නැති නම්...
    ඊළඟට මට පේනවා හයේෂිකා හරිම ක්‍රියේටිව් ටයිටල් එකක් එයාගේ නම පිටිපස්සෙන් ඈඳාගෙන ඉන්නවා කියලා...
    'Hon Doctor Democratic Socialist Republic of Sri Lanka'
    මං ලෝකේ රටවල් හතක ඇකඩමික් ෆීල්ඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක් විදිහට දිවුරලා කියන්නේ මිත්‍රවරුනි, මේ සම්මජ්ජාතියකට මං මෙහෙම ටයිටල් එකක් මගේ ඇහෙන් දැකලත් නෑ. කනෙන් අහලත් නෑ. හැබැයි ඉතින් හයේෂිකාට ඕන කරලා තියෙන්නේ තමන්ව 'ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය ආචාර්ය පට්ටමක් හිමි තැනැත්තියක්' කියලා හඳුන්වන්න වෙන්න පුලුවන්. අන්න ඒක එහෙම නම් මිත්‍රවරුනි මට හයේෂිකා ගැන හේතු දෙකක් නිසා දුකයි. එක, හයේෂිකාට තියන සුලුපටු නොවෙන හීනමානය ගැන මට දුකයි. දෙක, ඕක ලියන්න ඕනේ 'An Honarary/Honorable Doctor in Democratic Socialist Republic of Sri Lanka' කියලා කියලදෙන්න පුලුවන් කවුරුත් හයේෂිකාට නැති එක ගැනත් දුකයි. හැබැයි හයේෂිකා මේ සර්ටිෆිකට් එකේ හීනමානෙන් හරි මොන මානෙන් හරි ලියලා තියන මේ අපබ්‍රංසේට කිසිම පදනමක් නැත්තම්... තව විදිහකට කියනවා නම්, මේ කියන විදිහේ ආචාර්‍ය පට්ටම් දෙකක් හෝ අඩුම තරමේ එකක්වත් හයේෂිකාට ඇත්තටම නැත්තම්...
    ... මට හයේෂිකාට මෙන්න මේ ටික ඉතාම අවධාරණයෙන් කියන්න ඕනේ.
    Hayeshika Fernando
    ඔයා මේ අපබ්‍රංස ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ගමින් ගමට සංගීත සංදර්ශන තියන්නවත්, ඇකඩමික් ෆෝරම්වල කතා පවත්තන්නවත්, ඡන්දෙ ඉල්ලන්නවත් නෙමෙයි. ඔයා මේ ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ඔයාගේ ක්ලාස්වලට (හෝ බිස්නස් එකට, whatever!) පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න. තව තේරෙන සිංහලෙන් කිව්වොත්, ඔයාගේ මේ ටයිටල්ස් ටික ඩොම්බ පච නම්, ඔයා කරන්නේ මේ රටේ සමස්ත දරු පරපුරක් මහ දවල් රවට්ටන එක. හයේෂිකා ඔයා දන්නවාද දන්නෑ. හැබැයි දරුවොන්ට ලැබෙන්න ඕනේ මේ ලෝකේ හොඳම දේවල් විතරයි. හො-ඳ-ම දේ-ව-ල් වි-ත-ර-යි. මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ඒ බව දන්නවා ඇති කියලා සහ ඔයා ඒ බව බරින් ගන්නවා ඇති කියලා. යම් හෙයකින් ඔයා මේ කරන්නේ හොඳම දේවල් ලැබිය යුතු දරුවොන්ට හොඳම දේ ලබා දෙනවා කියලා අඟවමින් ඒගොල්ලන්ට හොඳම දේ ලබා නොදීම නම්, මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හෘද සාක්ෂිය ඔයාව හැම රෑකම ඇහැරවලා තියන්න ඕනේ කියලා.
    මේ ලෝකයේ ඉවසිය යුතු ගොඩක් දේවල් තියනවා. හැබැයි හයේෂිකා, දරුවොන්ට මොන ආකාරයකින් හෝ ඩැමේජ් කිරීම කියන්නේ ඒවැයින් එකක් නෙමෙයි.
    මීට,
    Dr. Amavi N. Silva
    (PhD in Ocean and Earth Science, University of Southampton, United Kingdom)


    බුකියේ සීන් එකක් හෝ ගාලා නැගලා යනවා. මොකක්ද සීන් එක මේ :eek:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    5 වසරට ටියුෂන් කරන ටීච කෙනෙක්
    අපිත් මේ රටවල් වල ඇවිල්ල ජොබ් කරන එකේ ලංකාවේ teach කරා නම් පට්ට සැපක් ගන්න තිබුනනේ හ්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සම්පුර්ණ තමන්ගේ දෘෂ්ටිය සනාථ කරගෙන ලියපු අමනොන්ය හෑල්ලක්.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    දැන් ඔක්කොම වාගේ ටියුෂන් නේ යන්නේ....
    ස්කෝලෙ යන්නේ නිකන් වාගේ දැන් ළමයි....
    වෙච්ච දෙයක් ස්කොල වලට
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    හොර degree holder කෙනෙක් උනාට ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු dial එකක් වගේ ..
    youtube එකේ video හෙන ගොඩක් තියනවා ..
    ඒ content එකත් හොදයි ..
    හැබැයි doctor (ආචාර්ය ) කෙනෙක් කියලා නම් කියන්න අමාරුයි ..
     
    • Like
    Reactions: DiksonAlex

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    5 වසරට ටියුෂන් කරන ටීච කෙනෙක්
    පහ වසරෙ විතරක් නෙවෙයි OL වලට යනකන් කරනව

    6වසර - හතේෂිකා
    7වසර - අටේශිකා
    8වසර- නමේශිකා
    9වසර- දසේශිකා
    10වසර - එකොලොස්ශිකා
    11වසර- දොලෝශිකා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    පහ වසරෙ විතරක් නෙවෙයි OL වලට යනකන් කරනව

    6වසර - හතේෂිකා
    7වසර - අටේශිකා
    8වසර- නමේශිකා
    9වසර- දසේශිකා
    10වසර - එකොලොස්ශිකා
    11වසර- දොලෝශිකා
    ඒකේශිකා ඉදලම පටන් ගන්න තිබ්බේ 😂
     
    • Like
    Reactions: DiksonAlex

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    පහ වසරෙ විතරක් නෙවෙයි OL වලට යනකන් කරනව

    6වසර - හතේෂිකා
    7වසර - අටේශිකා
    8වසර- නමේශිකා
    9වසර- දසේශිකා
    10වසර - එකොලොස්ශිකා
    11වසර- දොලෝශිකා

    Mama dakapu umbe creative ma comment eka
     
    • Haha
    Reactions: Wadakaru

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    පහ වසරෙ විතරක් නෙවෙයි OL වලට යනකන් කරනව

    6වසර - හතේෂිකා
    7වසර - අටේශිකා
    8වසර- නමේශිකා
    9වසර- දසේශිකා
    10වසර - එකොලොස්ශිකා
    11වසර- දොලෝශිකා
    හිකේෂිකා දැන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරු බන් දැන් ලංකාවෙ වෙන දේවල්
    ජෙප්පො පොලිස් ගාඩ් එකකුත් දීල නේද ෂිකාට
    මිනිහ අනුරගෙ මංත්‍රී සෙට් එක පිරිවරාගෙන ඉන්න කොට පේනවා
     
    • Like
    Reactions: Mr Bones

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    ඉස්සර අපි ශිෂ්‍යත්වේ පාස් උනේ මෙහෙම පන්ති ගිහිල්ලා නෙවෙයි බන්. අපි ඉස්කෝලේ යන කාලේ ඇත්තටම උගන්නපු ගුරුවරුන්ට අදටත් අපි ණය ගැතියි. ඒ දෙවිවරු වගේ ගුරුවරු හින්දා තමයි අද අපි මේ තැන් වල ඉන්නේ. දැන් කාලේ ඉන්න සමහර ගුරුවරු ඉස්කෝලේ උගන්නන්නේ නෑ. බාගෙට උගන්නලා එයාගේ පන්ති එන්න කියනවා.
    සල්ලි නැති දරුවොන්ට දෙවියන්ගේ පිහිට තමයි. පුදුම මාෆියාවක් බන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    I Love you කියන page එකේ video ටිකක් share වෙනවා, ලඟටම කරලා ගත්ත video එකක් බැලුවා, තියන එකම අවුල පට්ට කැතයි :lol: :lol:. වෙනානම් ටිපර් වෙන්න වෙන කිසිම හේතුවක් නෑ, ඕකිගේ ඔය phd කෑල්ල තිබ්බත් නැතත් ඕකී ඔය ගේම ගහනවා...
     
    • Like
    Reactions: DiksonAlex