කවි සංකල්පනා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවිය කවියෙකු
    කැමති මොහොතක
    කළල වනතුරු
    පිබිදි ලය
    උස් පහත් වෙනසේ
    සොඳුරු පහසක්
    තදින් ලදසේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවියක් කියන්න එහෙනම්


    මේ මං? :shocked:

    හරි එහෙනං :sorry:



    ආදරේ යනු දුකට තව නමක්
    හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
    අමතක කරන්න බෑ දැගලුවත්
    ඔය ඇස් පාඩම් වාගෙ චක්කරේ දෙවරක් :cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ මං? :shocked:

    හරි එහෙනං :sorry:



    ආදරේ යනු දුකට තව නමක්
    හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
    අමතක කරන්න බෑ දැගලුවත්
    ඔය ඇස් පාඩම් වාගෙ චක්කරේ දෙවරක් :cool:

    ඔය තියෙන්නෙ :D:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලකට පෙර ලියු ඒවා.......

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී...........

    ඇහැ අගින් බලා මා දෙස
    නොපිට පෙරළුනු නුඹ සුරත් ලවනත
    පෙනේ මට......
    කුරවි කෙවිල්ලක සේය
    නුඹ ගේ ගමන් ලතාව,
    නැලවෙන උකුලත,
    කියඹුවෙන් වැසි මලවි කරලිය දැක
    සේවිත පැදි සිහි වේය මට....
    “තුණු තන යුග රන් කොකු මගර
    පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“*
    “ගේනව ද මට ලන්ච් පැක් එකක්,
    අර වෙනද ගේන තැනින් ම,
    වැඩියෙන් පපඩමක් දාගෙන ම...“
    සොදුරු ඇණවීමට,
    විගස දිව යමි...
    රස කර බුදිනු දැක,
    සතුටින් ඉපිලෙමි....

    මිහි කත නලවාලා,
    මල මල් ගන්වාලා
    නුඹ යනෙන විට,
    වාසමූල සුවදක් දැනේ නැහැයට....
    “......ජෙරුලෙමේ දූ වරුනි,
    මා ඛේදාර් හි කූඩාරම් මෙන් කළු මුත්,
    සලමොන් ගේ තිර පට මෙන් ශෝභමානවත් ව සිටිමි.
    අවු රශ්මිය මා කළු කර දැමූ බව සැබැයි,
    නමුත් මා දෙස බලා නොසිටිල්ලා...
    මාගේ මවු ගේ සොහොයුරෝ මා හා උරණව
    උන් ගේ මිදි උයන් බලා ගන්නට මට අණ කලෝය....
    මා,
    මගේ මිදි උයන බලා නොගතිමි......“**

    ඔත්පලවු පියා ගේ බෙහෙත් ටික ගන්නට,
    අකුරු කරනා නංගි ගේ පොත් ටික ගෙන දෙන්නට,
    අම්මා ගේ කණකර නොපෑහුණු නිසා උගස් කඩයට,
    උපාධිය පසෙක ලා ආමි කා.කා.ස.යා සේ
    මන්ත්‍රී උතුමා ගේ චිට් කෑල්ලට,
    දිව්‍ය ලෝක සැප ලැබෙන්නට.......

    සද අයිති අහසටය....
    කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?
    මා මට ම කියා ගමි.
    සොච්චම් පඩි පත ට,
    නුඹ ගැන හීන නොගැලපෙන බැවින,
    පරව යන මලක් කොට ගෙන
    සගවා ගනිම් පෙම් සිත.........

    -එළකිරියෙහි දත් කිඹුළා-

    * - සැළළිහිණි සංදේශය
    **-සලමොන් ගේ ගීතිකාව-ශුද්ධ වූ බයිබලය

     
    • Like
    Reactions: Dodo Mahaththaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ..........................................:sorry:
    [FONT=&quot]අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.[/FONT]


    [FONT=&quot]සූ සැට බරණය[/FONT]
    [FONT=&quot]කොමු පිළිය, දුහුල්- සුසුවද[/FONT]
    [FONT=&quot]වාසමූල සුගන්ධයක් හමා ගිය මොහොතක[/FONT]
    [FONT=&quot]නුඹ ඇසීය මගෙන්[/FONT]
    [FONT=&quot] “කොහොම ද වෙඩින් ගන්නෙ අපි[/FONT]
    [FONT=&quot] ටාජ් එකේ ද, හිල්ටන් ද?“[/FONT]
    [FONT=&quot]නුඹේ ලෝකය දනිමි හදුනමි[/FONT]
    [FONT=&quot]ඒ ලොවින් එහා ලොව ද දනිමි හදුනමි.[/FONT]
    [FONT=&quot] “බැරි ද පොඩියට ඕක අරං[/FONT]
    [FONT=&quot] ගෙයක් නැති කෙනෙකුට[/FONT]
    [FONT=&quot]ගෙයක් දොරක් හදල දෙන්න අපි දෙන්නට?“[/FONT]
    [FONT=&quot]දියාරුව ගිය යුරු නුඹේ වත තැවරූ[/FONT]
    [FONT=&quot]පාට වත්සුණු තුවරලා නෙක පෑ[/FONT]
    [FONT=&quot]පෙන්වීය මට[/FONT]
    [FONT=&quot]මෙතෙක් බැද සිටි[/FONT]
    [FONT=&quot]උත්තම මුහුණ[/FONT]
    [FONT=&quot]උඩින් තබා ඇල වූ එකක් බව......[/FONT]
    [FONT=&quot] “ඇයි අනේ කොහොම ද එහෙම කරලා[/FONT]
    [FONT=&quot] ඔෆිස් එකේ අයට කොහොම ද මූණ දෙන්නේ[/FONT]
    [FONT=&quot] හැමෝ ම බලං ඉන්නේ[/FONT]
    [FONT=&quot]එන්න ජයට ම අපේ එකට..................[/FONT]

    [FONT=&quot]ටික කාලෙක ඉදන්[/FONT]
    [FONT=&quot]ඔයා හරිම වෙනස්“[/FONT]
    [FONT=&quot] “ඔයාමනේ කියන්නේ[/FONT]
    [FONT=&quot] අසරණ මිනිස්සුන්ට[/FONT]
    [FONT=&quot] පිහිට වෙන්න ඕන කියලා[/FONT]
    [FONT=&quot] ඇයි දෙයියනේ ඔය ප්‍රොජෙක්ට් කරන්නේ[/FONT]
    [FONT=&quot] මිනිස්සුන්ට වතුර දෙන්න, බෙහෙත් දෙන්න, කණ්ණාඩි දෙන්න[/FONT]
    [FONT=&quot] සල්ලි එකතු කරන්න[/FONT]
    [FONT=&quot] කොෆී ඊවිනිග්-ඩිනර් ඩාන්ස්[/FONT]
    [FONT=&quot]අරක-මේක...........“[/FONT]
    [FONT=&quot]“ඒව වෙනයි.[/FONT]
    [FONT=&quot]මේ ඔයාගෙයි මගෙයි වෙඩින් එක බබී................“[/FONT]
    [FONT=&quot]අහස උසට නැග ගිය[/FONT]
    [FONT=&quot]තුගු විසල් වෘක්ෂය මුල[/FONT]
    [FONT=&quot]බැදුණු හුඹහ දුටිමි.....[/FONT]

    [FONT=&quot]නයි ඉන්න පුළුවන් ඈ....[/FONT]
    [FONT=&quot]පරිස්සමෙන්..............[/FONT]

    [FONT=&quot]නැගිට පිය ඔසවා යමි,[/FONT]
    [FONT=&quot]දිගු දුරු ගමනක් දැන්[/FONT]
    [FONT=&quot]ක්ෂේම වූ බිමක් සොයා.[/FONT]

    [FONT=&quot]මොකට ද,[/FONT]
    [FONT=&quot]අග්ගලා මල්ලට අත දාල[/FONT]
    [FONT=&quot]නයි කවා ගන්නේ........???????????[/FONT]


    ~එළකිරියෙහි දත් කිඹුළා~
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකත්........

    [FONT=&quot]අම්මා.......[/FONT]

    [FONT=&quot]හිරු රසින් රොස් වන කළට දා ගිය හේන[/FONT]
    [FONT=&quot]නිරුදක කතර මැවේ ගේ දොරකඩ[/FONT]
    [FONT=&quot]කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම[/FONT]
    [FONT=&quot]අම්මය හිඳින්නී තට්ට තනියම..........[/FONT]

    [FONT=&quot]බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත[/FONT]
    [FONT=&quot]ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ[/FONT]
    [FONT=&quot]අරෝවට ලැබගෙන නිවාඩුව[/FONT]
    [FONT=&quot]ඉඳ හිටක මම ගමේ යන දින[/FONT]

    [FONT=&quot]දණිස්සට අත ගසා නැඟිටින[/FONT]
    [FONT=&quot]කෙස[/FONT][FONT=&quot][FONT=&quot]ඟ[/FONT] ඇඟිළි විදා කඩුළු හැරළන[/FONT]
    [FONT=&quot]පොත් බර ගන්ට තතනන[/FONT]
    [FONT=&quot]ගම් දොර පුවත් පවසන......[/FONT]

    [FONT=&quot]වක රැළි ගැඹුරු නිම්න සපිරුණ[/FONT]
    [FONT=&quot]ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන[/FONT]
    [FONT=&quot]බත් පත අතට දෙන ස[/FONT][FONT=&quot]ඳ[/FONT]
    [FONT=&quot]ගිනි ගයි පපුව සෙනෙහෙන.......[/FONT]

    [FONT=&quot]ලොව දිනා එතියි නුඹ සිතන[/FONT]
    [FONT=&quot]දිනු දෙයක් අවසන දි නොලබන[/FONT]
    [FONT=&quot]නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන[/FONT]
    [FONT=&quot]ගිල ගනිමි සරසවියෙ තතු මම.....[/FONT]

    [FONT=&quot]වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස[/FONT]
    [FONT=&quot]දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස[/FONT]
    [FONT=&quot]නුඹ දකින ලොව මට නොපෙනෙන[/FONT]
    [FONT=&quot]කරුමය ගැනය මා ලතැවෙන..............[/FONT]


    -එළකිරියෙහි දත් කිඹුළා-


    මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු
    ඍණාත්මක ප්‍රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි.
    නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි.
    කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි.

    මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි!
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කිව්වේ ඉතීම් එකක්.......:dull::dull:

    විහිලුවට අයියා.....කොහොමත් මම නම් ලොකු වෙඩින් වලට ආස නැ..එත් මේ ලගදි ඔක කියලා ත්‍රෙඩ් එකකදි හොද දෙශනයක් අහගත්තා මම "selfish"කෙනෙක් කියලා.:sorry:අපරාදෙ "goldfish"කියලා වත් කිවිවා නම් දුක නැ..:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විහිලුවට අයියා.....කොහොමත් මම නම් ලොකු වෙඩින් වලට ආස නැ..එත් මේ ලගදි ඔක කියලා ත්‍රෙඩ් එකකදි හොද දෙශනයක් අහගත්තා මම "selfish"කෙනෙක් කියලා.:sorry:අපරාදෙ "goldfish"කියලා වත් කිවිවා නම් දුක නැ..:dull::dull::dull:

    අර හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන්නහේ කවිය ගැන නෙවේ කතා කරන්නේ.....:dull::dull:

    ගහප්පයින් :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අර හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන්නහේ කවිය ගැන නෙවේ කතා කරන්නේ.....:dull::dull:

    ගහප්පයින් :angry:

    හරි ඉතින් ඔයා කෙල්ලට සපත්තුවක් දුන්නා කියන්න නේ ඔය දගලන්නෙ.....:rolleyes: