අරුම හැඟුම
නින්ද ඇස් අතහැර
ගොසින් බෝදුර ගමනක
ගිලී හුදෙකලාවක
හිත ගිහින් රෝන්දෙක...
තුරුපත් කිති කවාගෙන
කවුලුවෙන් ආ මදනල
ඇතුලුගෙයි ඔබ මොබ
කෙළවරක් නැති දඟයක....
සඳත් ඒ පසුපස
එවයි සිසිලස මුදු ලෙස
දැවටි දැවටී මා අස
කුමක්ද රහස කී බස....
බලා හද ගැඹුර
පිරික්සමි හැම ඉවුර
සඳ දියෙන් ඇස් ඇර
කුමුදු යායක් පිපී එකවර....
අරුම හැඟුමක පැහැය
අරන් ඉපැදුන කවිය
කොඳ මල් පියල්ලක
ලියන්නම් ලොව නිදි සුයාමෙක...
අගෙයි රහයිකුමක්ද රහස කී බස....
කියන පෙලේ කුමක්ද කියන යෙදුම කාව්‍යාත්මක නෑ වගේ දැනෙනව












