කවි සංකල්පනා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නොලැබ කිවිඳුන්...
    කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ....


    You cannot give Reputation to the same post twice.
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උබෙ මුද්ද
    පැටලිච්ච
    මහ රෙද්ද
    වහ නැද්ද
    රහ වෙච්ච
    උබෙ වෙච්ච
    මට කන්න
     
    • Like
    Reactions: LazyLizard

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෑ ආවට ඉක්මනටම
    හිත ඇහැරන් එක දිගටම
    අහස පුරා තාමත් හොයන්නෙම
    ඔබ තියල ගියපු ඒ තනිකම
     
    • Like
    Reactions: LazyLizard

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    කුසෙහි නොව හද ගැඹුරු තැන්හි ම
    - හොවා නොම අඩු කොට අගේ...
    දසක් මස් නොව සසර කල්හි ම
    - පෙරුම් පුරමින් හුන් රඟේ...
    හිසෙහි සිට දෙපතුලට සම් මස්
    - මිදුලු දා සුසුමන් දිගේ...
    කැවූ සෙනෙහස ඔබේ රුහිරය
    - කිරට හැරවූවා වගේ..

    කොතත් නුඹ පින් කඳක් වී නිති
    - සෙනෙහෙ මව් කිරි කොට පෙවූ...
    කෙතත් නුඹ බත් උයා රසකොට
    - ආදරේ මුහු කොට කැවූ...
    හිතත් නුඹ මහ මෙරක් උහුලා
    - නැගෙන ගිම් දහසක් නිවූ...
    කතත් නුඹ අන් කතක් නැත මට
    - සසර පින් පුරමින් සෙවූ...

    කලින් දවසක බුදුන් නුඹ හට
    - නියත විවරණ දෙන්නැති...
    උපන් දා මා රහල් කුමරු ව
    - ගිහි බැඳුම් තද වෙන්නැති...
    සදා දුක සැප බැලුව දෑතට
    - පෙරුම් දම් ගිලිහෙන්නැති...
    මගේ ළඟ කල් ගෙවී බුදු බව
    - ගන්ට අමතක වෙන්නැති...

    අම්මා...:love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කුසෙහි නොව හද ගැඹුරු තැන්හි ම
    - හොවා නොම අඩු කොට අගේ...
    දසක් මස් නොව සසර කල්හි ම
    - පෙරුම් පුරමින් හුන් රඟේ...
    හිසෙහි සිට දෙපතුලට සම් මස්
    - මිදුලු දා සුසුමන් දිගේ...
    කැවූ සෙනෙහස ඔබේ රුහිරය
    - කිරට හැරවූවා වගේ..

    කොතත් නුඹ පින් කඳක් වී නිති
    - සෙනෙහෙ මව් කිරි කොට පෙවූ...
    කෙතත් නුඹ බත් උයා රසකොට
    - ආදරේ මුහු කොට කැවූ...
    හිතත් නුඹ මහ මෙරක් උහුලා
    - නැගෙන ගිම් දහසක් නිවූ...
    කතත් නුඹ අන් කතක් නැත මට
    - සසර පින් පුරමින් සෙවූ...

    කලින් දවසක බුදුන් නුඹ හට
    - නියත විවරණ දෙන්නැති...
    උපන් දා මා රහල් කුමරු ව
    - ගිහි බැඳුම් තද වෙන්නැති...
    සදා දුක සැප බැලුව දෑතට
    - පෙරුම් දම් ගිලිහෙන්නැති...
    මගේ ළඟ කල් ගෙවී බුදු බව
    - ගන්ට අමතක වෙන්නැති...

    අම්මා...:love:
    අති විශිෂ්ටයි ..අන්තිම පද පෙල හදවතටම වදිනව...කවිකාරයකුගේ හැබෑ දස්සකම පෙන්වන පබැඳුම් ක්..
    මගේ ළඟ කල් ගෙවී බුදු බව
    - ගන්ට අමතක වෙන්නැති
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    අති විශිෂ්ටයි ..අන්තිම පද පෙල හදවතටම වදිනව...කවිකාරයකුගේ හැබෑ දස්සකම පෙන්වන පබැඳුම් ක්..
    මගේ ළඟ කල් ගෙවී බුදු බව
    - ගන්ට අමතක වෙන්නැති

    කවිකාරයෝ සෑහෙන ඉන්නවනේ එළකිරියේ :)

    බොහොම ස්තූතියි හැමෝටම. අගය කිරීම් දැක්කම ගොඩක් සතුටුයි. අදයි මේ පැත්තට ආවේ. ගොඩක් දක්ෂයෝ ඉන්නවා. මම එච්චර දක්ශයෙක් නෙවෙයි. කවි ලියන්න ආසයි. ඉස්සරහටත් ලියන්නම්.