කවි සංකල්පනා

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    රැයකට ගුලි වෙලා නිදන
    දවසක් නොවේ ප්‍රේමය..
    වෙරළක තුරුලු වී ගෙවෙන
    හවසක් ය ප්‍රේමය..
    ලොවකට සඟවලා රකින
    රහසක් නොවේ ප්‍රේමය..
    අතින්වත් නො අල්ලා දැනෙන
    පහසක් ය ප්‍රේමය..
     
    • Like
    Reactions: chamathkara 295

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිහින ඉරුනා
    අහස වැහුනා
    ඔබත් නැතුවම
    අඳුර ගිලුනා
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    ~ඇහැළේපොළ කුමාරිහාමිගේ විලාපය~

    කඳුල රජ කළ හිතක තවමත්
    නො මළ දුක් සළකුණු තියේ..
    මෙමා ලත් අවනඩුව දැක
    සියොතුන් පවා සැඟවුණි බියේ..
    මගේ දරු තිදෙනාම මගෙ ඇස්
    ඉදිරිපිට ලොව හැර ගියේ..
    ළය පැලී මා සිතින් මැරුණේ
    ගිලී යන්නට පෙර දියේ..

    සිඟිති පැටවුන් නොකළ වරදට
    නොලැබ රජ අණකින් සමා..
    ලොකු පුතුත් පොඩි පුතුත් එකවර
    කඩුව අබියස හිස නමා..
    එකම රුදු දං ගෙඩිය මතදිම
    දිවි දෙකක් වන විට නිමා..
    කඳුළු නොව ඒ කඩා හැලුණේ
    නිමක් නැති දරු දුක තමා..

    ඇඟේ රතු ලේ කිරට හරවා
    සෙනෙහෙ දිය කර කර පොවා..
    අඬන කල පපුතුරෙහි දවටා
    දයාවෙන් සනහා නිවා..
    ආදරෙන් නිදි කෙරුව දෑතෙම
    මෝල් ගහ තද කොට හොවා..
    කොටන්නට මට ලැබුණු අණ දැක
    වැලපුණා ගස් ගල් පවා..

    ජලය බෝගම්බර වැවේ
    කඳුළින් මගේ ගොඩ ලන්නැති..
    රජු නැතත් දිය කඳ පවා
    සසලව දුකින් වැළපෙන්නැති..
    ගලක් ගෙල බැඳ දියට ලූ මා
    දිය රළින් පිළිගන්නැති..
    දැමූ විගසම යටට ගිලුණේ
    හිතේ බරටම වෙන්නැති..


    ..................................................
    -mihir.rc.uom (අවුරුදු 5කට කලින් අද වගේ දවසක ලියපු එකක්.. :yes: )
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ~ඇහැළේපොළ කුමාරිහාමිගේ විලාපය~

    කඳුල රජ කළ හිතක තවමත්
    නො මළ දුක් සළකුණු තියේ..
    මෙමා ලත් අවනඩුව දැක
    සියොතුන් පවා සැඟවුණි බියේ..
    මගේ දරු තිදෙනාම මගෙ ඇස්
    ඉදිරිපිට ලොව හැර ගියේ..
    ළය පැලී මා සිතින් මැරුණේ
    ගිලී යන්නට පෙර දියේ..

    සිඟිති පැටවුන් නොකළ වරදට
    නොලැබ රජ අණකින් සමා..
    ලොකු පුතුත් පොඩි පුතුත් එකවර
    කඩුව අබියස හිස නමා..
    එකම රුදු දං ගෙඩිය මතදිම
    දිවි දෙකක් වන විට නිමා..
    කඳුළු නොව ඒ කඩා හැලුණේ
    නිමක් නැති දරු දුක තමා..

    ඇඟේ රතු ලේ කිරට හරවා
    සෙනෙහෙ දිය කර කර පොවා..
    අඬන කල පපුතුරෙහි දවටා
    දයාවෙන් සනහා නිවා..
    ආදරෙන් නිදි කෙරුව දෑතෙම
    මෝල් ගහ තද කොට හොවා..
    කොටන්නට මට ලැබුණු අණ දැක
    වැලපුණා ගස් ගල් පවා..

    ජලය බෝගම්බර වැවේ
    කඳුළින් මගේ ගොඩ ලන්නැති..
    රජු නැතත් දිය කඳ පවා
    සසලව දුකින් වැළපෙන්නැති..
    ගලක් ගෙල බැඳ දියට ලූ මා
    දිය රළින් පිළිගන්නැති..
    දැමූ විගසම යටට ගිලුණේ
    හිතේ බරටම වෙන්නැති..


    ..................................................
    -mihir.rc.uom (අවුරුදු 5කට කලින් අද වගේ දවසක ලියපු එකක්.. :yes: )
    කවි කම ඇඟේ තියෙන බව පේනව ..පද භාවිතාවෙදි කොයි තරම් පරීක්ෂාකාරීව කරල තියෙනවද කියල පේනව.මිනිස්සුන්ට දැනෙන්න ලියන්න හැමෝටම බෑ..විශිෂ්ට නිර්මාණයක් ..දිගටම ලියන්න..ජය
     
    • Like
    Reactions: mihir.rc.uom

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    කවි කම ඇඟේ තියෙන බව පේනව ..පද භාවිතාවෙදි කොයි තරම් පරීක්ෂාකාරීව කරල තියෙනවද කියල පේනව.මිනිස්සුන්ට දැනෙන්න ලියන්න හැමෝටම බෑ..විශිෂ්ට නිර්මාණයක් ..දිගටම ලියන්න..ජය

    බොහොම ස්තූතියි අයියා. ගොඩක් වටින අදහස් දැක්වීමක් :love::love::love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එහෙම ඇති .....
    බස් එකේ ,ගෑනු පිරිමි අස්සේ
    ඔයත් හිටගෙන ඇති
    මම වගේ ..
    ළඟ උන්ණු ළමයගෙ
    බෑග් එක ගත්තට මම
    ඔයා, හරි බරට පොතු ඉරුණු
    බෑග් එක එල්ලගෙන ඇති
    ඊයෙ රෑ මම ඉම්බ අත් යට ට
    දාඩිය ඇවිත්
    නිල් පාට හැට්ට අත් තෙමිල ඇති
    උසින් අල්ලන් ඉන්න
    අත නිසා මෑත් උන..
    සාරියේ කවුලුවෙන්
    සළෙල ඇස් නැබ දිහා කුස දිහා බලන් ඇති
    උන්ට තරවටු කරන්
    නුඹ ළඟින් සිටගන්න
    රිදෙන දෑතද මුදා
    වාරුවක් අරගන්න
    මම ළඟින් නැති නිසා
    දුක වගෙම තරහකුත් ඇස් කොනට
    ඇවිත් ඇති..
    දුක හිතේ තද කරන්
    බස් දොරෙන් බහින කොට
    ෆින්ගර් ප්‍රින්ට් පෝලිමත්
    ඉවර ඇති
    සුදු මැණිකෙ අදත් දොස් අහන් ඇති.....
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දිවි ඇති තුරා
    පතනෙමි මෙමා
    මුළු සසර පුරා
    නුඹ මගේම වේවා කියා...

    වැටෙනා සුසුමක පවා
    වැටෙනා කඳුලක පවා
    දැවුනේ මෙමා
    ඔබ සිහි වෙලා...

    අද වෙන්වෙලා
    ගියමුත් ඔයා
    තවමත් සිතේ
    ඉන්නේ ඔයා

    -මියැදුන පෙම්වතියට...