කවුඩාගල සුගලාදේවිය සොයා

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    කවුඩාගල සුගලාදේවිය සොයා

    හොදින් පායන කාලයක කුරුණෑගල නගරයේ දහවල් 1 ට පමණ පරිසරයේ අත්විදීමට සිදුවන අධික උෂ්ණාධික තත්වය මා මෙන්ම ඔබත් අත්විද ඇතැයි සිතමි.

    කැළුමාත් මාත් කුරුණෑගල කනත්ත ඉදිරිපස තුරු සෙවණේ රැකවරණය ලබමින් මදකට දැඩි හිරු රෂ්මියෙන් වැලකීමට උත්සාහ දරමින් සිටියෙමු. කැළුමාගේ තුන් සක රියට වී කාලය කා දැමීමට විදියක් සිතමින් සිටි අපට එක්වරම එතැන නවත්වා වෙළදාම් කිරීම ඇරඹූ තැඹිලි පිරවූ රථය මහත් අත්වැසිල්ලක් විය.

    " තැඹිලි ගෙඩියක් වත් බොමුද බං ? " අවසානයේ කැළුමා හඩ අවදි කලේය..


    පිපාසයෙන් සිටි මාද " බොමු " යැයි සන් කොට රියෙන් බැස ඒ දෙසට ඇවිද යන්නට විය.

    බලපන්කෝ කනත්තෙ ඉස්සරහ ඉන්න උනානේ ට්‍ර්ප් ඇවිල්ලා 😂 ඒ කැලුමා ය

    කැලුමා එසේ කියද්දී මට අපේ ඔස්තාද් ඩබල ගැන ඇති වන්නේ මරන්න තරම් කේන්තියකි.

    ගමනක් යන්න ගියොත් සැමදා පරක්කුය. එක් අතකට උන්ට බැනවැදී ද හේතුවක් නැත. ගමනට සියල්ල සූදානම් වූයේ අද උදේය. හදිස්සියේ සූදානම් වූ ගමන් වල ආරම්භය බොහෝවිට පොඩ්ඩක් එහා මෙහා විය හැක. අද්දැකීමෙන්ම අප අය දනිමු.

    තවත් මද වෙලාවක් රැදීසිටි අපට ප්‍රබාගෙන් ලැබූ ඇමතුමෙන් කියවූයේ බුවා සහ අපේ ට්‍රැවලින් ලීඩර් සජ්ජා ඇතුගල්පුරට ලෑන්ඩ් කොට ඇති බවකි.

    මද වෙලාවක් ගත වෙද්දී කැලුමා ගේ නිල් පැහැති ත්‍රීවීල් රථය අපි හතර දෙනාවද කැටුව දඹුලු පාරේ ගමන් කරමින් සිටියේය. හදිසි ගමනක් වූ මේ ගමනේ ගමනාන්තය කවුඩාගල නම් වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කෙලවරෙහි වූ තරමක් විශාල කදු පන්තියක් විය.

    අශේන් එසේත් නැතිනම් අලයා ගේ විමාන යූ ටියුබ් චැනලය ඔස්සේ කවුඩාගල හදුනා ගන්නේ මීට සතියකට පමණ පෙරය. මේ සතියේ හරි හැටි ගමනාන්තයක් නොමැතිව කැරකෙමින් සිටි අපේ සෙට් එකට එම වීඩියෝ එකේ මතකය නිසාම මා විසින් කවුඩාගල යෝජනා කරන්නේ නිකමටය. සියල්ලෝ එක පයින් කැමති වී කැලුමා ත්‍රීවීල් එකද රැගෙන පැමිණීමට කැමැත්ත පලකිරීමෙන් සිදු වූයේ වෙනදා සිදුවන දේමය. එනම් හිතුවක්කාර ගමනක ආරම්භය සිදුවීමයි.

    සෙට් එක හුරු පුරුදුය. අමුතුවෙන් උපදෙස් දීමට අවශ්‍ය නැත. යන තැනට අනුව හැඩගැසී ඒමට සියල්ලෝ ඉවෙන් මෙන් දනිති. කැලුමා ටෙන්ට් එකත් ඇවිත් තිබුනේ අපිට නතරවීමට ඒ වෙනවිටත් තැනක් නොමැති වූ නිසාමය. අනෙක් අතට මෙය තවත් ආකාරයක විශේෂ ගමනකි.ත්‍රීවීල් රථයක අපි මෙපමණ දුරක් ගමන් කරන්නේ පලවෙනි වතාවටය.

    මීට පෙර මාගේ පුද්ගලික වැඩිම ත්‍රීවීල් රථයක දුර හබරණ හංදියේ සිට කන්තලේ නගරයට විය. ඒය ට්‍රිප් එකක් නොවූ අතර බස් නොමැති වීම නිසා මනුස්සකම දත් මිනිසෙකු ගේ උපකාරක අවස්ථාකි. දුර ආසන්නව කිලොමීටර් 40ක් පමණය. මෙවර අපේක්ශාවෙන් පසුවන දුර කිලොමීටර් 500 කට වැඩි මිස අඩු නොවේ..

    සියළු වාර්තා අලුත් කරන්නට අපි දැන් ගමන් කරමින් සිටියෙමු. සජ්ජා ගේ ලොකු ලයින් ද රස කතා ද හොර ගමන් ද රස කර කර කියවූ අපි වරක් දෙවරක් පාර අයිනේ වූ දොඩම් වීදුරුවක් තොල ගෑමටද අමතක නොකලෙමු.

    හලෝ කැප්ටන් කුරුවිට ?? ආ ඔව් ඔව් අපි අද එනවා .. තියෙනවා නේද ? බුක් වෙලා නෑනේ..

    යන ගමන් රෑ නවාතැන් පොලට බුකිමක් දමන්නේ එලෙසිනි. එලියේ කූඩාරම් ගැසීම තරමක් අලි කරදර නිසා අවදානම් වූ බැවින් ඒකමතිකව වාකනේරි යුධ හමුදා නවාතැන් පොල අප වෙනුවෙන් වෙන් කෙරිනී.

    කලෙකට ඉහත දෙවනි ගෙදර වූ දඹුල්ල හබරණ පසු කරමින් මාගේ උපන්ගම වූ පොලොන්නරුව කරා තුන්සක රිය පැමිනෙද්දී පස්වරු 5 පමණ වී තිබුනි.රෑ සහ උදේ කෑම අවශ්‍යතා ෆුඩ්සිටිය ට ගොස් සපුරා ගත් අපි නැවතත් ගමන් ආරම්භ කලෙමු..
    gzLkecS.jpg

    x9bvrTv.jpg

    මනම්පිටිය මඩකළපුව හංදිය වැලිකන්ද පුනානි පසුකරමින් අපගේ නවාතැන වූ වාකනේරියට එන විට පස්වරු 6 40 ට පමණ වන්නට ඇත.

    එදා රෑ එතැන ගතකොට පසුදා උදෑසනම කදු තරණට යෑම අපේ අරමුණ විය. රෑ කෑම ඉතා රසවත්ව අපි සෑදීමට නියම කල පරිද්දෙන් පාලිත අයියා අතින් නිමැවිනි. ඉක්මනින් නින්දට යෑම කාගේත් අරමුණ වූ නිසා කෑමෙන් පසු අපි ඉක්මනින් නින්දට වැටුනෙමු.

    සෑම විටම වාකනේරියේ උදෑසන මනරම්ය . ඈතින් පේන තොප්පිගල කන්දත් ඉදිරියෙන් වූ වැවත් තෙරක් නොපෙනෙන රේල් පාරත් අමුතුම ලස්සනක් මේ පරිසරය ට එකතු කොට තිබුනි.


    පරිසරයේ සුන්දරත්වය ට නොදෙවිනි අයුරින් පාලිත අයියාගේ උදෑසන රොටී සහ ලුණු මිරිස නිමවී තිබුනි.එකටද නන් අයුරින් වගකියු අපි බඩු ටිකත් පටවාගෙන වාකනේරියට සමු දෙන්නේ කවුඩාගල තරණය සාර්ථකව අවසන් කිරීමේ බලාපොරොත්තු පොදි බැදගෙනය.

    මාගේ පාසල් කාලයේ පටන් හිත මිතුරු දේවගල පඤ්ඤාසීහ හිමියන්ගේ භාරකාරත්වය යටතේ පැවති කවුඩාගල ආරන්‍ය සේනාසනය අසලින් මෙම ගමනේ ආරම්භය තිබූ බැවින්ද මෙය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබූ බැවින්ද උන්වහන්සේගේ උදව් උපකාර මේ ගමනේදී මෙහෙවින් වැදගත් වුනි.

    අවාසනාවකට උන්වහන්සේගේ එම දිනයේ විහාරස්ථානයේ වැඩ නොසිටියත් උන්වහන්සේගේ ඉල්ලීම මත තවත් හාමුදුරුවන් වහන්සේ නමක් සහ පැතුම් සහ සම්පත් යන තරුණයින් දෙදෙනාද ගමනට එකතු විය. ඔවුන් නොවන්නට මේ ගමන අසීරු වීමට ඉඩ තිබුනි.

    තවමත් ගොඩනැගෙමින් පවතින කවුඩාගල ආරණ්‍ය සේනාසනය අසලින් වතුර බෝතල් වලට වතුර පුරවාගත් අපි ගමනාරම්භ කලෙමු.

    ආරම්භය පැතලි ගල් තලාවක් ලෙස දිවෙන කවුඩාගල යට හරියේදීම පුරාණ සංඝාවාසයක නටඹුන් දක්නට ලැබේ.. එසේම පුරාණ ස්ථූපයක අත්තිවාරම ලෙස සැලකිය හැකි නටඹුන් ද දක්නට ලැබේ. එසේම ගල් තලාව මත පිහිටි ගිරි ලිපියකින් ද මේ භූමිය සමන්විතය.

    කවුඩාගල ප්‍රධාන ලෙසම දිස් වෙන කදු මුදුන් කීපයකින් සමන්විතය . නැගෙනහිර දිශාවෙන් පර්වතය තරණය තරමක් පහසු වේ. හැකිතාක් උදෑසනින් ගමන් ආරම්භය නුවණට හුරුය.දැඩි අවු රශ්මිය පැමිනෙද්දී තරණය වඩා අසීරු කරයි.

    එපැරණි ගල් කණු කීපයක් නැරඹීමෙන් පසුව ගල් දෙබොකාවක් අතර පිහිටි අතිශයින්ම ගැඹුරු යැයි සැලකෙන දිය නොසිදෙන පොකුණක් අපගේ අවධානය දිනාගත්තේය. කවුඩාගල සුගලා දේවියගේ සැගවුම් ස්ථානයක් සේ භාවිතා කොට ඇති බවද ජනප්‍රවාද පවතින අතර එය සනාථ කරමින් ගල් ගුහාවක ඇති සුගලාදේවිය ගේ යැයි සැලකෙන සිතුවමක් අදටත් දක්නට ලැබේ.

    එතනින් පසුව තරමක් සීග්‍ර නැග්මක් සහිත වූ අතර ඇතැම් තැන් වල අත් පා සතරම භාවිතා කිරීමට තරම් නැග්ම සීග්‍ර විය. කෙසේ නමුත් ස්වාමීන් වහන්සේ කවුඩාගල තරණට කල අයුරු අපූරුය. පුරාවිද්‍යා විශය සම්බන්ධයෙන් උපාධිධාරී උන් වහන්සේ කලකට පෙර අප තරණය කල විජය සොහොන හෙවත් කන්දෙමැදගම කදු පන්තියද නිබන්ධන කටයුතු සදහා තරණය කොට ඇති බව අතරින් පතර කෙරුනු කතාබස් වලින් දැනගැනුනි.


    open


    open


    open


    open


    open


    open


    open


    ඉන්පසුව අපි ගොඩ වැදුනේ අලංකාර ගල් නෙරුමක් නිසා සෑදුන තරමක් කුඩා ගල් ගුහාවක් වෙතටයි . නුවරගල සිහි කරන මෙම ගල් ගුහාව එතරම්ම විශාල නොවුනත් අවට දර්ශනීයත්වය නම් බිදක් හෝ අඩුවක් නැත.

    කවුඩාගල යනු පොකුණු රාශියක් සහ ගල් ගුහා රාශියකට තෝතැන්නක් වූ පර්වතයකි. තවත් ගල් ගුහා කීපයක් නැරඹීමෙන් පසු අප කවුඩාගල මුදුනට පැමිණියෙමු.

    පැතලි කවාකාර මුදුනක් වූ කවුඩාගල මුදුන තරමක් විශාලය. අවට අංශක 360 ක දර්ශනීය පරිසරයක් දැක ගැනීමටත් අවස්ථාව සහිතය. තැනින් තැන කුඩා දිය කඩිති මෙන් දිස් වෙන වැව් රාශියකි.
    open


    open


    මද වේලාවක් ඉහල රැදීසිටි අපි හෙමිහිට පල්ලම් බැස්සේ දැඩි හිරු රශ්මියේ වූ අසීරුතාව අප හෙම්බත් කරමින් පැවති බැවිනි. තවත් පොකුණු කීපයක් ගල්ගුහා කීපයක් අපගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඉන්පසු පැමිණියේ ගමනේ වූ වැදගත්කම අංගය වෙතයි.

    කවුඩාගලට එම නැමීමට හේතු වූ ගල් ගුහාවට අපි පැමිණියෙමු . එය සාපේක්ෂව අනෙකුත් සියළුම ගල්ගුහා වලට වඩා විශාලත්වයෙන් වැඩිය. විශේෂම කාරණය නම් ගුහාවේ එක් බිත්තියක් වසා කවුඩා නැමති පක්ශියාගේ යැයි සැලකෙන චිත්‍රයක් හෝ යම් ආකාරයක සලකුණු කිරීම්ක් දක්නට ලැබීමයි.. එම කවුඩාගේ රූපය නිසාම මෙයට කවුඩාගල යන නාමය ලැබූ බව සැලකෙයි.

    ටික වේලාවක් එතුල ගතකල අපි නැවතත් පල්ලම් බසින්නට වීමු. ගෙන ආ වතුර බෝතල්ද හිස් වී අප හෙම්බත් වී සිටි මොහොතේ ස්වාමින් වහන්සේ ගේ බෑගයේ වූ බීම බෝතලයක් අපිට පිහිට විය.

    open


    open


    open


    open


    නැවතත් පන්සලට ගිය අපි මූණ අතපය සෝදාගෙන ලොකු හාමුදුරුවන් ගේ කුරුම්බා ගෙඩියකටද වගකියා නැවත ගමන් ආරම්භ කලේ සම්පත් සහ පැතුම්ටත් විශේෂයෙන්ම පොඩි හාමුදුරුවන් වහන්සේ ටත් මුව නොසෑහෙන්න ස්තූති කරමිනි.

    ඔවුන් නොවන්නට අපට සියළුම දේ බලාගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුනි.. සම්බන්ධීකරණය හරහා උන් වහන්සේ නොසිටියත් සියළු උපකාර කර දේවගල ලොකු ස්වාමීන් වහන්සේ වද මේ මොහොතේ ස්තූතිපූර්වකව මතක් කල යුතුමය.

    නැවතත් පොලොන්නරුව බලා තුන්සක රිය මෙහෙයවූ කැලුමාස් සහ අපි පරාක්‍රම සමුද්‍රයෙන් හිතේ හැටියට නාගෙන රස කෑම වේලකින් දිවා ආහාරයද සම්පුර්ණ කරගෙන නැවතත් ගම රට බලා පිටත් වීමු..


    open


    open


    open


    open


    open


    open
     
    Last edited:
    • Like
    Reactions: Walter White