කවුද බං මේ නිට්ටැවෝ කියන්නේ

CARMN

Member
Jan 25, 2019
105
8
0
නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක

ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්‍රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සදහන් වෙයි මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙකහිලි කම් හමුවේ වද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්‍රවල දැක්වේ

නිට්ටෑවන්ගේ ස්වරූපය මනව ස්වරූපයට වඩා අර්ධ මානව ස්වරූපයක් ගන්නා ලදබව සදහන් කෙරේ ඇතැම් මූලාශ්‍ර අනුව මොවුන් මානව ස්වරූපයට වඩා වානර ලක්ෂණ පෙන්නුම් කරන අතීත පාෂාණ යුගයට අයත් වානර මානවයන් සිහිගන්වයි ඇතැම් විට මානව ස්වරූපයට වඩා වානර යෙකුද එසේත් නැතිනම් වලස් පවුලට අයත් සත්ව විශේෂයක්ද යන්න පැහැදිළි නැත

කෙසේ වෙතත් පොදුවේ මේ සියල්ල සළකා බැලූ කළ නිට්ටෑවන් ගේ ශාරීරික ලක්ෂණ මෙසේ ගෙනහැර දැක්විය හැක මොවුන් ගේ හිස මානව ස්වරූපයට වඩා අතීත අර්ධ මානවයෙකුග් ස්වරූපය ගත්හ ශරීරය පුරා ඝණව වැඩුණු ලොම් පිහිටියහ මොනුන් මිනිසුන් මෙන් ඍජුකාය විලාසය දැරූ අතර කොන්ද කෙලින් තබාගෙන ඍජුව ගමන් කළහ කණ්ඩායම් වශයෙයන් ගැවසුන අතර සෑම කණ්ඩායමකම නායකයෙකු බැගින් සිට ඇත වැඩිහිටි නිට්ටෑවන් කුඩාවුන් උරයේ හෝ උකුලේ රදවාගෙන ගමන් කළහ මොවුන්ගෙ බස සිංහල දෙමළ හෝ වැදි බසට නොව තෙළිගු බසට සමාන වූහ නිට්ටෑවන් කිසිදු වස්ත්‍ර භාවිතයක් නොදත් අතර සම්පූර්ණයෙන්ම නග්නව විසීය මොවුන් ආයුධ භාවිතයක් හෝ නොදත් අතර තම තියුණු නිය දඩයම් සදහා එකම ආයුධය කර ගත්හ ගල්ගුහා ගස්බෙන ආදිය මොවුන්ගේ වාසස්තාක විය ඇතැම් විට මොවුන් ගස්උඩ මැසි තනා කොල අතුවලින් සෙවිලි කරගත් පැලක විසීය නිට්ටෑවන් අඩි 3ක් පමණ උසය නිත්තෑ ගැහැණුන් පිරිමින්ට වඩා මදක් උසින් අඩුය මීමින්නන් හාවුන් තලගොයින් ඉබ්බන් ආදිය මොවුන් ප්‍රධාන වශයෙන් දඩයම් කළහ මොවුන් වාසය කර ඇති භූමි ප්‍රදේශ ලෙස ලේනම තමන්කඩුව පොම්පරිප්පු තන්තිරිමලේ ආදිය දැක්විය හැකිය

නිට්ටෑවන් පිළිබද ගවේශනය කර අදහස් දක්වූ විද්වතුන් කිහිපයක් වෙයි ඒ අතර බ්‍රිතාන්‍ය ජාතික ගවේශක හියූ නවෙිල් මානව විද්‍යාඥ මහාචාර්‍ය විලියම් චාල්ස් ඕස්මාන් හිල්ස් කපිතාන් ඒ ටී රඹුක්වැල්ල ආචාර්‍ය ආර් එල් ස්පිට්ල් මානව විද්‍යාඥ නන්දදේව විජේසේකර ආදී වියතුන් ප්‍රධානය
බ්‍රිතාන්‍ය ජාතික හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි" ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වයි.
මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස්ට අනුව නිට්ටෑවන් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුනු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවතුනු ප්‍රාග්-ආදි මානව කොටසක් විය යුතුය.
කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල‍ මහතාට අනුව නිට්ටෑවන් ඔස්ට්‍රලෝපිතකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂවූ මානව ගෝත්‍රයකි

නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවුන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් ජීවත්වන, පුරාතන ලංකාවේද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බවයි.

තොරතුරු : විකිපීඩියා
 
  • Like
Reactions: creed1

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    සියතෙ ගියේ රාවනා කතාවේ කියනාවා නිට්ටෑවෝ තාමත් ඉන්නවා කියලා සමනල කන්ද අඩවියේ... ඒකෙ කිව්ව විදිහටනම් උන් මිනී මස් කනවා, අතීතෙ මිනිස්සු මුන්ව ගල් ගුහාවක හිරකරලා ගිනිතිබ්බා කියනවා
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ස්වර්ණවාහිනී නිවුස් නං සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි.

    අනික මේ ගොවි මහතා මේ අයව දැක්කේ රාත්‍රී 12 ට විතරලු. හැබැයි මේ හිටියයි කියන අයගේ කකුලේ ඇගිලි තිබ්බේ නෑ කියලා පවා කියනවා. යකෝ රෑ 12 ට අඩු ආලෝකය යටතේ ඔව්ව නිරීක්ෂණය වෙන්නේ කොහොමද?

    තඩි බොරු කියන්නේ මෙව්වට.

    ඉස්සර ජාතික රුපවාහිනීයේ සක්වල ජීවින් ගැන නාට්ට්යක් ගියා. ඒ කාලේ ලංකාවේ හැම පළාතකින්ම වගේ සක්වළජීවින් දැක්කා කියලා නිවුස් ආව. අර නාට්ට්ය ඉවර උනාම පස්සේ සක්වල ජීවින් දැකපු කතාත් යට ගියා. :lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සියතෙ ගියේ රාවනා කතාවේ කියනාවා නිට්ටෑවෝ තාමත් ඉන්නවා කියලා සමනල කන්ද අඩවියේ... ඒකෙ කිව්ව විදිහටනම් උන් මිනී මස් කනවා, අතීතෙ මිනිස්සු මුන්ව ගල් ගුහාවක හිරකරලා ගිනිතිබ්බා කියනවා

    ඔව් මමත් ඒක අහල තිබේ. ඔක්කොම කොටස් 216ක් නේද.
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ස්වර්ණවාහිනී නිවුස් නං සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි.

    අනික මේ ගොවි මහතා මේ අයව දැක්කේ රාත්‍රී 12 ට විතරලු. හැබැයි මේ හිටියයි කියන අයගේ කකුලේ ඇගිලි තිබ්බේ නෑ කියලා පවා කියනවා. යකෝ රෑ 12 ට අඩු ආලෝකය යටතේ ඔව්ව නිරීක්ෂණය වෙන්නේ කොහොමද?

    තඩි බොරු කියන්නේ මෙව්වට.

    ඉස්සර ජාතික රුපවාහිනීයේ සක්වල ජීවින් ගැන නාට්ට්යක් ගියා. ඒ කාලේ ලංකාවේ හැම පළාතකින්ම වගේ සක්වළජීවින් දැක්කා කියලා නිවුස් ආව. අර නාට්ට්ය ඉවර උනාම පස්සේ සක්වල ජීවින් දැකපු කතාත් යට ගියා. :lol:

    ගොවියා දිහා ටික වෙලාවක් බලන් හිටියා කියනවා. ටෝච් එක ගහලා බැලුවේ කියලත් කියනවා ගොවියා උට.
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    EMINƎM;24178091 said:
    ගොවියා දිහා ටික වෙලාවක් බලන් හිටියා කියනවා. ටෝච් එක ගහලා බැලුවේ කියලත් කියනවා ගොවියා උට.

    යකෝ රෑ 12 ට පැල්රැකපු ගොවි මහත්තයාට ඔච්චර දේවල් නිරීක්ෂණය උනා නං ස්කොට්ලන්ඩ්යාර්ඩ් අරින්න එපැයි මිනිහව. :lol:

    බජාජ 203 ශ්‍රී ත්‍රිවිල් එකේ හෙඩ්ලයිට් එක රෑට ඔන් කරන් වීඩියෝ කරලා ජාතික රුපවාහිනීයේ නිවුස් වලට දුන්නම ඒක සක්වල යානාවක් කියලා නිවුස් ගහපු රටක් යකෝ මේක :lol:

    2000- 2005 කාලේ ආතර් සී ක්ලාක් එකේ වාර්තා බලපන්. සියලුම ඇත්ත ඇති.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    යකෝ රෑ 12 ට පැල්රැකපු ගොවි මහත්තයාට ඔච්චර දේවල් නිරීක්ෂණය උනා නං ස්කොට්ලන්ඩ්යාර්ඩ් අරින්න එපැයි මිනිහව. :lol:

    බජාජ 203 ශ්‍රී ත්‍රිවිල් එකේ හෙඩ්ලයිට් එක රෑට ඔන් කරන් වීඩියෝ කරලා ජාතික රුපවාහිනීයේ නිවුස් වලට දුන්නම ඒක සක්වල යානාවක් කියලා නිවුස් ගහපු රටක් යකෝ මේක :lol:

    2000- 2005 කාලේ ආතර් සී ක්ලාක් එකේ වාර්තා බලපන්. සියලුම ඇත්ත ඇති.

    නෑ බං ඌ ටෝච් එක ගහන්න ඇති කකුලේ ඇගිලි පේන්න නැතුව ඇති. ඉතින් මූ හිතන්න ඇති උට කකුලේ ඇගිලි නෑ කියලා :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලoකාවේ නිට්ටෑවො ගැන මුලින්ම හෙළිකරල තියෙන්නෙ "හියු නෙවිල්" කියනකෙනා..මේ ගැන මුලින්ම වාර්ථා වෙලා තියෙන්නෙ මඩකළපුව ප්‍රදේශයෙන් 1887දි..ඒ ප්‍රදේශයේ ජීවත්වුණ වැදි ජනතාව තමයි මේ ගැන මුලින්ම කියල තියෙන්නෙ..

    ඒ අනුව මේ නිට්ටෑවුන් දුඹුරු පැහැයෙන් යුක්තවන අතර රoචු වශයෙන් ජීවත්වුණ බව තමයි කියවෙන්නෙ..ඔවුන් ඉතා ම්ලෙච්ඡ කොටසක් බවයි ඔවුන් සොයාගෙන තියෙන්නෙ.විශාල හිසක් සතු ඔවුන්ගේ මුහුණේ හැඩය ගවයෙකුගෙ ස්වභාවයක්... “ශරීරය පුරා ලෝම වැවි තිබි ඇත. ඔව්හූ දෙපා වලින් සෘජුව ගමන් කරති. මුළු මුලින්ම නග්නව වාසය කර ඇති මොවුන් රoචු වශයෙන් ජීවත් වී ඇත.හැම රoචුවකටම නායකයෙක් සිටී.වැඩිහිටි නිට්ටෑවෝ තම දරුවන් උරයේ හෝ උකුළේ තබාගෙන ගමන් කරති.ගස් නැගීමේ ඉතා දක්ෂයෝයි.මොවුන්ගේ භාෂාව තෙලිඟු භාෂාවට සමාන බවද වැද්දන් ට තේරුම් ගැනීමට හැකි” බවද හියු නෙවිල් පවසා තිබේ.

    නිට්ටෑවුන් සතුන් වටකොට දඩයම් කරගෙන තිබේ. මොවුන්ගේ ප්‍රධානම ආහාර අතර මී මින්නන්, හාවුන්, තලගොයින්, ඉබ්බන් වැනි සතුනුයි. ආයුධ භාවිතාකිරීමට නොදැන සිටි නිසා ලොකු සතුන් දඩයම් කිරීමට හැකි වී නැහැ.විශේෂයෙන් ඉබිමස් කෑමට ඉතා ප්‍රිය බවත් ඉබ්බෙකු අල්ලාගත්විට ඔවුන්ගේ දිගු වු නියපොතුවලින් කටුව නොපලා ඉබිමස් ආහාරයට ගත් බවත් සඳහන් වෙනව.

    මහලේනම, විල්ලුව, තමන්කඩුව,තන්තිරිමලේ, කුඩුම්බිගල ආදි වනාන්තරවල නිට්ටෑවුන් වාසය කර ඇත.. එමෙන්මහිඹිටිල්ලනෙහෙළ, ගුරු හෙළ, නලිත්ත ආදි ප්‍රදේශවල වැද්දෝ විසූහ.
    අමු මස් මී පැණියෙහිලා ගලෙබෙනවල, රුක් සිදුරු වල බහා මී ඉටි වලින් වසා තැබීමට වැද්දන් පුරුදු වී සිටියහ.

    වැද්දන්ගේ මේ ගබඩා ගැන දැනගත් නිට්ටෑවෝ මේවා කඩාගෙන කන්නට පුරුදුවිය.පසුව මොවුන් වැදි ගැහැණුන් සහ ළමයින් අල්ලා කෑමට පුරුදු වූහ.පසුව වැද්දන් සොය සොයා පහර දීමටත් මී වද කැඩීමට යන වැද්දන්ව ගොදුරු කරගැනීමටත් පුරුදුවූහ.රාත්‍රියේ වැද්දන් නිදාසිටින විට ඔවුන්ට ක්‍රමයෙන් ලoවන නිට්ටෑවො ඔවුන් ඔසවාගෙන දුවන බවත් ඊට පසුව ඔවුන්ව මරා කන බවත් වැද්දන් පවසා ඇත.නිට්ටෑවන්ගෙ මේ ආක්‍රමණශීලී තර්ජනය ඉවසාගත නොහැකි වූ වැද්දෝ සoවිධානයවී නිට්ටෑවුන් සoහාරය කළහ.අවසානයේ ඔවුන්ව කුටුම්බියන්ගල බටහිර බෑවුමේ ගල්ලෙනකට කොටුකරගත් වැද්දෝ පුරාදින3ක් එම ගල්ලෙන ගිනිතැබූ බව සඳහන් කර ඇත.

    එතනින්ද පණ බේරාගෙන දිවූ නිට්ටෑවන්2ක් ඊට යාබදව ඇති "ඕකන්ද කුලු" කඳුමුදුනේ ටිකකලක් වාසය කර ඇති අතර පසු කාලයක ඔවුන් දෙදෙනාද ගැමිපිරිසක් අතින් මැරුම් කෑහ.

    මොවුන් පිළිබඳව ඉතා හොඳින් දැන සිට ඇත්තේ තිසාහාමිගේ පියා ඇතුළු පුරාණ වැදි පරපුරයි. නමුත් අවාසනාවකට අපේ පුරාවිද්‍යා නිලධාරීන් ඔවුන්ගෙන් එම තොරතුරු දැනගැනීමට එතරම් උනන්දුවක් දක්වා හෝ නැතිබවයි පෙනීයන්නෙ.එ නිසා අපිට තොරතුරු රාශියක් අහිමිවෙලා ගිහින්.

    ප්‍රාග් ඓතිහාසික යුගයේ දේ සොයා කැණීම් කරද්දි කුටුම්බිගල ගල් බෙනයක් තිබි හමුවු පාෂාණිභුත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි..


    Source: Dilan Panchana Jayasinghe